Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වියට්නාම් සටන් හි සුවිශේෂී ඡායාරූප

වියට්නාමය යනු ඈත අතීතයේ මෙන්ම මෑත ඉතිහාසයේත් විදේශීය රටවල් කිහිපයකම ආක්‍රමණයට නතු වූ රටක් ලෙසත්, දක්ෂ ගරිල්ලා සටන් උපක්‍රම භාවිතා කරමින් තමන් යටත් කරගත් ප්‍රබල රටවල් යුධමය අතින් පරාජය කළ රටක් බවත් අපි හොඳින් දන්නවා.

චීනය විසින් දෙවතාවක් වියට්නාමය ආක්‍රමණය කරන අතර වසර 1000කට ආසන්න කාලයක් චීනයේ යටත් විජිතයක් ලෙසත්, පසුව ප්‍රංශයේ හා ජපානයේ යටත් විජිතයක් ලෙසත් පැවතුණා. එකී වියට්නාමය ලෝක අවධානය දිනාගනු ලබන්නේ වියට් මින් හමුදාව විසින් 1954 වසරේ දී ඩියෙන් බියෙන් ෆූ (Dien Bien Phu) සටනින් ප්‍රංශය පරාජය කිරීමත්, පුරා වසර 20ක් තිස්සේ පැවති දරුණු ඇමරිකානු ආක්‍රමණය උතුරු වියට්නාම් හමුදාව හා වියට් කොන්ග් ගරිල්ලන් එක් වී සාර්ථකව මැඩ පැවැත්වීමත් තුළින්.

ජපන් අධිරාජයා විසින් වියට්නාමය පාලනය කරන සමයේත්, වියට් මින් ගරිල්ලන් හා ප්‍රංශ හමුදා අතර ඇති වූ සටන්වලත්, ඇමෙරිකානු හමුදාව හා වියට් කොං ගරිල්ලන් සමග එකතු වූ උතුරු වියට්නාම් හමුදාවත් හා ඇති වූ සටන්වලත් ඉතා සුවිශේෂී පින්තූර කිහිපයක් මේ ඔස්සේ ඉදිරිපත් කෙරෙනවා.

හැනෝයි හි බා ඩින් චතුරස්‍රයේ හෝ චි මින්

නිදහස් වියට්නාමය අමතන හෝ චි මින් (nhandan.org)

1945 වසරේ ජපානයේ හිරෝෂිමා හා නාගසාකි නගරවලට ඇමරිකානු ගුවන් හමුදාව විසින් පරමාණු බෝම්බ හෙළීමෙන් අනතුරුව 1945 වසරේ සැප්තැම්බර් මාසයේ දී ජපන් අධිරාජයා කොන්දේසි විරහිතව මිත්‍ර පාර්ශවයට යටත් වීම සිදුවෙනවා. ඒ අනුව එරට නිදහස් සටන මෙහෙය වූ “වියට්නාම් නිදහස් ලීගය” හෙවත් වියට් මින් සංවිධානයේ නායක හෝ චි මින් 1945 වසරේ සැප්තැම්බර් 2 වන දා හැනෝයි හි බා ඩින් (Hanaoi’s Ba Dinh) චතුරස්‍රයේ දී වියට්නාම් ජනතාව අමතා නිදහස් වියට්නාමය පිහිටවනු ලබනවා.

ප්‍රංශ හමුදා වියට්නාමයේ දී ලැබූ දරුණු පරාජය- ඩියෙන් බියෙන් ෆූ

යටත් වූ ප්‍රංශ සොල්දාදුවන් (CJK)

ඉතා කෙටි කාලයකින් ප්‍රජාතන්ත්‍රවාදී වියට්නාම් ජනරජයට එරෙහිව ප්‍රංශය නැවතත් යුධ ප්‍රකාශ කරන අතර, 1946 දී නැවතත් ප්‍රංශය විසින් වියට්නාමය ආක්‍රමණය කරනවා. 1946 සිට 1954 දක්වා දෙපාර්ශවය අතර දරුණු ලෙස යුද්ධය පවතිනවා. අවසානයේ දී ඩියෙන් බියෙන් ෆූ සටනනින් පසු ප්‍රංශයට අන්ත පරාජයක් අත්කර දෙමින් යුද්ධය නිම වෙනවා. මෙම සටනින් පසුව ප්‍රංශ රජය වියට්නාමය අත්හැරීමට තීරණය කරනවා. ඉහත පින්තූරයේ දැක්වෙන්නේ යටත් වූ ප්‍රංශ සොල්දාදුවන් වියට් මින්වරුන් විසින් රැගෙන යන අන්දම යි.

යුද්ධය නිමා වීමෙන් පසුව වියට්නාමය උතුර හා දකුණ ලෙස කොටස් දෙකකට බෙදා වෙන් කරන අතර, පසුව ජනමත විචාරණයකින් රටවල් දෙකට එක් විය හැකි බවත් ප්‍රකාශ කර සිටිනවා. පසුව දකුණු වියට්නාමයේ බටහිර හිතවාදී පාලනයක් නිර්මාණය වෙන අතර, උතුරු වියට්නාමය හෝ චි මිංගේ නායකත්වය යටතේ කොමියුනිස්ට් පාලනයක් නිර්මාණය වෙනවා.

ප්‍රංශ ආක්‍රමණය එසේ නිම වූවත්, 1955 නොවැම්බර් මාසයේ දී නැවතත් උතුරු හා දකුණු වියට්නාමය අතර යුද්ධය ආරම්භ වෙනවා. මෙහි දී ඇමරිකානු සහාය ඔවුන්ට හිතවත් දකුණු වියට්නාමයට හිමි වූ අතර, වසර 20ක් පැවතෙන මෙම යුද්ධය අවසන් වන්නේ ඇමරිකානු හා දකුණු වියට්නාම හමුදාවලට දරුණු පරාජයක් අත්කර දෙමින්. යුද්ධය ජයග්‍රහණය කරන්නේ වියට් කොං ගරිල්ලන් හා ඔවුන් සමග එකතු වී කටයුතු කළ උතුරු වියට්නාම් හමුදාව යි.

වියට්නාමයෙන් නිදහස ලැබූ ඇමෙරිකානු සිරකරුවන් 

1973 වසරේ ජනවාරි 27 වන දා ඇමරිකානු ජනාධිපතිවරයා වියට්නාම් යුද්ධයෙන් ඇමරිකාව ඉවත් වී සාමකාමී වියට්නාමයක් ගොඩනැගීම සඳහා වූ පැරිස් ගිවිසුමට (Paris Peace Accords) අත්සන් තබනවා.

මෙම ගිවිසුම උතුරු වියට්නාමය විසින් පිළිගත් අතර, ඔවුන් විසින් තම භාරයේ පසු වූ ඇමරිකානු යුධ සිරකරුවන් බොහෝ ප්‍රමාණයක් නිදහස් කිරීම මෙහි දී සිදුවෙනවා. පහත පින්තූරයෙන් දැක්වෙන්නේ නිදහස ලබා නැවත ඇමරිකාවට යන ඇමරිකානු යුධ සිරකරුවන් ප්‍රීතියෙන් පිනා යන අවස්ථාවක්. 

ගුවන් යානයෙන් ඇමෙරිකාව බලා යන සිරකරුවන් (ABS)

වියට්නාම් කොමියුනිස්ට් හමුදාව විසින් දකුණු වියට්නාමයේ සයිගොන් නගරය අල්ලා ගැනීමේ දිනට ප්‍රථම දින, එනම් අප්‍රේල් 29 වන දා Operation Frequent Wind නමින් දකුණු වියට්නාමයේ තානාපති කාර්යාලයේ සේවය කළ සිවිල් වැසියන්, පරිපාලන උපදේශකයන් හා යුධ උපදේශක නිලධාරීන් ඇතුළු ඇමරිකානුවන් හා වියට් කොං ගරිල්ලන්ගෙන් ජීවිත හානි වෙතැ යි සැලකෙන දකුණු වියට්නාම් පුද්ගලයන් ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරනවා.

29 වන දා උදෑසන මෙම මෙහෙයුම ආරම්භ වන අතර, සයිගොන් නගරයට පැමිණෙන ඇමරිකානු හෙලිකොප්ටර් මඟින් ඇමරිකානුවන් 1000කට අධික පිරිසක් හා 7000කට අධික වියට්නාම් සිවිල් වැසියන් පිරිසක් රැගෙන යනවා. එවැනි එක් අවස්ථාවක් පහත පින්තූරයෙන් නිරූපිත යි.

තෙරපෙමින් ගුවන් යානයට නැගීමට උත්සාහ දැරීම (ABS)

කවරයේ පින්තූරය- wp

Related Articles