Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අතීතයේ දී කාන්තාවන් ලස්සන වීමට කළ අමුතු උපක්‍රම

කවුද අකමැති ලස්සනට ඉන්න. ඒ අතරින් කාන්තාවන් තමන්ගේ බාහිර පෙනුම ලස්සන කරගන්න පිරිමි පාර්ෂවයට සාපේක්ෂ ව වැඩි කැමැත්තක් හා වෙහෙසක් දරයි. මෙය අද ඊයෙ පටන් සිදු වූ දෙයක් නොවේ. ඈත අතීතයේ පටන් කාන්තාවන් තමන්ව ලස්සන කර ගැනීමට විවිධ උපක්‍රම භාවිතා කළා. මේ පවසන්නට යන්නේ විද්‍යාව එතරම් නොදියුණු අතීතයේ දී කාන්තාවන් තමන්ගේ බාහිර පෙනුම ලස්සන කර ගැනීමට යොදාගත් අමුතු උපක්‍රම කිහිපයක් පිළිබඳව යි.

සත්ත්ව මලද්‍රව්‍ය ශරීරයේ තැවරීම

පුරාණ ග්‍රීක හා රෝම වැසියන් සත්ත්වයින්ගේ මලද්‍රව්‍ය ශරීර අලංකරණය සදහා භාවිතා කළේ ය. ඒ අතින් ඔවුන් විශ්වාස කළේ උරගයින්ගෙන් පිටවන මලද්‍රව්‍යවලට ශරීරය තරුණ කිරීමට හැකි බලයක් තිබෙන බව යි. එම නිසා ග්‍රීක හා රෝම කාන්තාවන් මඩ හා උරග මලද්‍රව්‍ය මිශ්‍රණයක් තම ශරීරයේ තවරාගෙන තම ශරීරය අද්භූත බලයකින් තරුණ වනතෙක් පැය ගණන් මෙම සත්කාරය සිදුකරගෙන තිබේ. මෙම උරග මලද්‍රව්‍ය සදහා කිඹුලන්ගේ මලද්‍රව්‍ය බොහෝ අවස්ථාවල දී යොදාගෙන තිබේ. ඉතිහාසයේ ඇති පිළිකුල් ම අලංකරණවලින් මෙය එකක් වන අතර මෙම සත්කාරයෙන් කිසිවෙකුට හානියක් වූ බව සඳහන් නොවේ.

සත්ත්ව මලද්‍රව්‍ය ශරීරයේ තවරා ගැනීම (unbelievable-facts.com)

කකුල් බැඳීමේ චාරිත්‍රය

කකුල් බැඳීමේ චාරිත්‍රය 20වන සියවස වන තෙක් ම චීනයේ පැවති අලංකරණය සඳහා වූ චාරිත්‍රයකි. මෙහි දී කාන්තාවන්ගේ කකුල්වල ඇටකටු කුඩා කල දී බිඳ වෙළුම් පටිවලින් ඔතා දමයි. මෙය සිදුකරන්නේ වයස අවුරුදු 4ත් 9ත් අතර කාලයේ දී ය. මන්ද, එම කාලයේ දී කකුලේ අස්ථි තරුණ වියට පත් වන්නට ප්‍රථම වඩා පහසුවෙන් බිඳිය හැකි නිසාවෙනි. මෙය චීනය තුළ ප්‍රකට වූයේ 10වැනි සියවසේ දී චීන අධිරාජ්‍යයාට නර්තන ඉදිරිපත් කළ යාඕ නියැන්ග් නම් කාන්තාවගෙන් ය. ඇය තම කකුළ වෙළුම් පටිවලින් බැඳ ඇඟිලි තුඩුවලින් චීන අධිරාජ්‍යයා ඉදිරියේ නර්තනයේ නිරත ව සිට ඇත. මෙය දුටු අනෙක් කාන්තාවන් ඇයව අනුකරණයට කරන්නට ගත්තෙන්, මෙය එකල පටන් චීනයේ ජනප්‍රිය වන්නට ගත්තේ ය.

මෙම චාරිත්‍රය එකල පටන් අලංකරණය සම්බන්ධයෙන් චීන සංකේතයක් විය. අලංකරණයට අමතර ව මෙම චීන චාරිත්‍රයේ වෙනත් පැතිකඩක් ද තිබෙන බව කිව යුතු ය. මෙම කකුල් බැඳීම නිසා කාන්තාවට දිගුකාලීන ආබාධ ඇති වන අතර තනිවම ඇවිද යාමට හා තනිවම වැඩක්පළක් කරගැනීමට අපහසු යි. එම නිසා ඔවුන්ට මෙහෙකාරයන්ගේ අවශ්‍යතාව තිබුණි. මෙහෙකාරයන් සිටින්නේ තරමක් පොහොසත් පවුල් වලට ය. එම නිසා කකුල් බැඳීමේ චාරිත්‍රය තම වත් පොහොසත් කම් ප්‍රදර්ශනය කිරීම සදහා ද යොදාගනියි.

කකුල් බැඳීම (pinterest.com)

රේඩියම් අඩංගු ආලේපන

මාරි කියුරි හා පියරේ කියුරි 1898 දී රේඩියම් සොයාගන්නා ලදී. මෙය විද්‍යාත්මක අංශයෙන් ලැබූ විශාල ජයග්‍රහණයක් ද වෙනවා. (මාරි කියුරි නොබෙල් ත්‍යාගය දෙවතාවක ම හිමි වූ ප්‍රථම හා එකම කාන්තාව ද වීම විශේෂත්වයක්) සැවොම දන්නා පරිදි රේඩියම් යනු විකිරණශීලී මූලද්‍රව්‍යයක්. එමෙන්ම මෙයින් නිකුත් වන විකිරණවලට නිරාවරණය වීම ශරීරයට අහිතකර යි. නමුත් සෞඛ්‍යයට අහිතකර බව සොයාගත්තේ මෙම මූලද්‍රව්‍යය සොයාගැනීමෙන් ටික කලකට පසුව යි. මෙම සොයාගැනීමත් සමග විවිධාකාර අංශවලට රේඩියම් යොදාගත්තේ ය. ඒ අතර රූපලාවණ්‍ය කටයුතු සදහා ද රේඩියම් යොදාගත්තේ ය.

රූපලාවණ්‍ය ආයතන තම නිෂ්පාදන කටයුතු සදහා මෙය යොදාගෙන ප්‍රචාරණ කටයුතු සිදුකළේ ‘රේඩියන්ට් සමක්’ ලබාදීමට පොරොන්දු වීමෙනුයි. 1933 දී වෛද්‍යවේදී ඇලෙක්සිස් මොසාලි, හා වෛද්‍ය ඇල්ෆ්‍රඩ් කියුරි එක්ව ප්‍රංශ විකිරණශීලී රූපලාවණ්‍ය නිෂ්පාදන නිපදවීමට පටන් ගත්තේ ය. මෙම නිෂ්පාදන ‘Tho – Radia’ නමින් හැදින්වූ අතර සම් ආලේපන, තොල් ආලේපන, දත් බෙහෙත් හා පවුඩර් වැනි දෑ රේඩියම් යොදා නිෂ්පාදනය කළේ ය. ඔවුන් එකල කීවේ මෙය විද්‍යාත්මක ව සිරුර අලංකාර කරන ආකාරය ලෙස යි.

Tho Radia (pinterest.com)

දත් සුදු කිරීමට පෘතුගීසි මුත්‍රා

සෞඛ්‍යය පුරුද්දක් ලෙස දත් බෙහෙත් පළමුව භාවිතා කර ඇත්තේ පුරාණ ඊජිප්තු වැසියන් ය. ඔවුන් භාවිතා කරන ලද දත් බෙහෙත් අද වන් ඒවා නොවේ. ඒවායේ සමන්විත ව තිබුණේ pumice, ගිනිකඳුවල පාෂාණයන්හි කුඩා කොටස් හා විනාකිරි ය. ඉන්පසු ව සෞඛ්‍යාරක්ෂිත ව දත් තබාගැනීමට උත්සාහ කර ඇත්තේ පුරාණ රෝමානු වැසියන් ය. ඔවුන් ඒ සදහා භාවිතා කළේ මිනිස් මුත්‍රා ය. ඔවුන් සිතා සිටියේ රෝමානු වැසියන්ගේ මුත්‍රාවලට වඩා පෘතුගීසීන්ගේ මුත්‍රාවලට දත් සුදු කිරීමට වැඩි ශක්තියක් ඇති බව යි. එහෙයින් ඔවුන් එම රට සිට නැව් මඟින් පෘතුගීසීන්ගේ මුත්‍රා රෝමයට ප්‍රවාහනය කර තිබේ.

රෝමය කඩා වැටීමෙන් අනතුරුව ඔවුන්ගේ මෙම දත් සුදු කරගැනීමේ ක්‍රමයත් අභාවයට ගියේ ය. පැරණි රෝමවරුන් කළ මෙම ක්‍රියාව දෙස බලන විට එහි යම් විද්‍යාත්මක පසුබිමක් ද තිබේ. පිරිසිදු කිරීමට ඉතා හොඳ සංයෝගයක් වන ඇමෝනියා මුත්‍රාවල අඩංගු වේ. වර්තමානය වන විට ද නිපදවන දත් බෙහෙත්වල, දත් සුදු කිරීම සඳහා ඇමෝනියා අඩංගු කර තිබේ.

විෂ සහිත කුරුමිණියන්ගෙන් තොල් ආලේපන

තොල් යනු කාන්තා ශරීරයේ ඇති සංවේදී ම ස්ථානවලින් එකකි. මිනිසුන් අතර තොල් ආලේප කර ඇති කාන්තාවක් ඇති විට ඇය දෙස ඇස යැවීම නොදැනුවත්ව ම පාහේ සිදුවන දෙයක්. තොල් ආලේප කිරීමේ ප්‍රමුඛයන් ලෙස ගෞරවය හිමිවන්නේ සුමේරියානු ශිෂ්ටාචාරයට යි. ඔවුන් මැණික් ගල් කුඩු කර මී පැණි සමග මිශ්‍ර කර තොල් ආලේපන නිපදවා තිබේ.

pinterest.com

ඉන්පසු තොල් ආලේපන අපට හමුවන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරය තුළිනි. ඔවුන් ප්‍රථම වතාවට මුහුදු පැළෑටි, බ්‍රෝමීන් සහ අයඩීන් මිශ්‍ර කර අනර්ඝ විවිධ වූ වර්ණවල තොල් සායම් නිපදවා තිබේ. ඉන්පසු ඊජිප්තු ශිෂ්ටාචාරය තුළ ම තොල් සායම්වල විශේෂ අවස්ථාවක් හිමිවන්නේ ක්ලියෝපැට්රාගේ පාලන කාලය තුළ යි. එකල ඇයට ම ආවේණික වර්ණයකින් යුත් තොල් සායම් නිපදවා ඇත්තේ විෂ සහිත කුරුමිණියන් පොඩි කර උන්ගෙන් ලබාගන්නා යුෂවලිනි. මේවා නිපදවා ගැනීම එතරම් ලේසි පහසු කටයුත්තක් වී නැහැ. මෙම විශේෂ ආවේණික වර්ණයකින් යුත් තොල් සායමෙන් රාත්තලක් නිපදවා ගැනීමට එම විෂ සහිත කුරුමිණියන් 70,000කට අධික ප්‍රමාණයක් වුවමනා වී තිබේ.

කවරයේ පින්තූරය -Tho Radia නිෂ්පාදන (pinterest.com)

මූලාශ්‍රයයන්:

1)unbelievable-facts.com

2)ancient.au

3)history.com

4)annmariegianni.com

Related Articles