Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කාටූන් ලොව රජ වූ මීයා : මිකී මවුස්

කුඩා දරුවන් අතර කාටුන් චරිත වලට හිමි වෙන්නේ විශේෂ ස්ථානයක්. එහෙත් සමහර කාටූන් චරිත ලොකු පොඩි සැමගේ සිත් එක ලෙසම දිනා ගන්නට සමත් වෙනවා. අද අපි ඔබ වෙත ගෙන එන චරිතයත් එහෙම කෙනෙක්. මිකී මවුස් කිව්වම නොදන්න කෙනෙක් මේ ලෝකේ නැහැ කිව්වොත් එය සත්‍යයක් වන්නේ මේ අපුරු චරිතය ලොව වටා බාල,තරුණ ,මහලු සියලු දෙනාගේම සිත් එක ලෙස පැහැරගෙන ඇති නිසා.

රතු පැහැති කොට කලිසමක් ඇඳ, කහ පැහැති විශාල සපත්තු දෙකක් සහ සුදු පැහැති අත්වැසුම් දෙකක් පැළඳ සිටින මේ අපූරු මීයා කාටූන් ලෝකයේ පුරාවෘත්තයක් බඳු චරිතයක්.1928 වසරේදී පළමුව කරලියට පැමිණි මිකී මවුස් ගැන අදහස මුලින්ම පිළිසිඳුනේ සුප්‍රකට ඩිස්නි සමාගමේ නිර්මාතෘවරයා වුනු වෝල්ට් ඩිස්නි ගේ සිතෙයි. ඒ පිටුපස ඇත්තෙත් අපූරු කතාවක්.

https://ae01.alicdn.com

එවකට ජනප්‍රිය කාටුන් චරිතයක් වූ Oswald the lucky rabbit  වෙනුවට වෙනත් අලුත්ම කාටුන් චරිතයක් හඳුන්වා දීමට වෝල්ට් ඩිස්නිට සිදුවුයේ Oswald the lucky rabbit  වැඩසටහන සම්බන්ධයෙන් එහි නිෂ්පාදකයා වූ චාර්ල්ස් මින්ට්ස් සමග වූ ගැටුමක් හේතුවෙනුයි. Oswald the lucky rabbit  වැඩසටහනේ අයිතිය මෙන්ම එම චරිතයේ අයිතියද ඒ වන විට යුනිවර්සල් ස්ටුඩියෝ ආයතනය වෙත හිමිව තිබූ නිසා එම ගැටුමේ ප්‍රතිපලය වුනේ ඩිස්නි ඉන් ඉවත්ව වෙනම වෝල්ට් ඩිස්නි චිත්‍රාගාරයක් ආරම්භ කිරීමට තීරණය කිරීමයි.

එම ගමනේදී ඩිස්නි සතු විශාලතම ශක්තිය වුනේ අති දක්ෂ කාටුන් චිත්‍ර ශිල්පියකු වූ උබ් ඉවර්ක්ස් ඔහු සමග සිටීමයි. ඩිස්නි සහ උබ් එක් වී Oswald the lucky rabbit  ට වඩා ජනප්‍රිය කාටුන් චරිතයක් නිර්මාණය කිරීමට තීරණය කළ අතර එය කාටුනයක් බවට පරිවර්තනය කිරීමේ වගකීම හිමි වුනේ උබ් හටයි. ඒ චරිතය වෙනස්ම ආකාරයේ සත්ව චරිතයක් විය යුතු බව ඩිස්නි තීරණය කර තිබුනේ යුනිවර්සල් ස්ටුඩියෝ සමග ගැටුම ඇති වූ දිනයෙමයි.

http://waltdisney.org

උබ් ඒ වෙනුවෙන් බල්ලන් සහ බළලුන් ගේ චරිත ඇතුළුව කාටූන් චරිත ගණනාවක් නිර්මාණය කළ නමුත් ඒ එකක්වත් ඩිස්නිගේ අඳුරු වූ මුහුණට සිනහවක් ගෙන දීමට සමත් වුනේ නැහැ. එළදෙනක් මෙන්ම අශ්වයකුද ඩිස්නි වෙතින් ප්‍රතික්ෂේප වුනේ අමුතුම ගෙම්බෙක්ද සමගයි. කෙසේ වෙතත් එම චරිත පසු කාලයේදී වෙන්ට් කාටූන් චරිත ලෙස ප්‍රේක්ෂකයන් හමුවට පැමිණුනා.

අලුත් කාටුන් චරිතය ගැන ඔලුව වෙහෙසවමින් අවමානය සහ නිර්මාණය ගැන සිතමින් සිය කාර්යාල කාමරයේ කල්පනාවේ ගැලී සිටි ඩිස්නිගේ දෑස් දීප්තිමත් වුනේ කාමරයේ තිබූ ගුලකින් පිටත ට පැමිණි කුඩා මි පැටවෙක්. ඊට මොහොතකට පසු උබ් සහ ඩිස්නි අතර වූ සාකච්ඡාව නිමා වුනේ ඔවුන්ගේ අලුත්ම නිර්මාණය ගැන එකඟතා කිහිපයක්ද සමගින්.

https://animationfascination.files.wordpress.com/

ඩිස්නිගේ කටු සටහන් කිහිපයක් කාටුන් බවට පත් කළේ උබ් බැවින් ඔහුටද මිකී මවුස් නිර්මාණයේ සම අයිතිය හිමිවෙනවා. මේ අලුත්ම කාටූන් චරිතය මුලින්ම ඔවුන් විසින් නම් කළේ මොටිමර් මවුස් යන නමෙන්. එහෙත් ඒ නම පැවතුනේ ඩිස්නිගේ බිරිඳගේ කනට යනතුරු පමණයි. ලිලියන් ඩිස්නිගේ අදහස අනුව අලුත්ම මී චරිතයේ නම වහාම වෙනස් වුනේ මිකී මවුස් බවටයි. මොටිමර් මවුස් මිකී මවුස් වීමට හේතු වූ මිකී කොටස පැමිණියේ එවකට ඩිස්නි පවුලේ සමීප හිතවතෙකු මෙන්ම ජනප්‍රිය නළුවකුද වූ මිකී රූනි වෙතිනුයි. පසු අවස්ථාවක රූනි එය තහවුරු කර තිබුනේ වරක් ඩිස්නි විසින් ඔහුට ඒ බව කියා තිබූ බවද පවසමින්.

පළමු මිකී මවුස් වර්තමානයේ අපි දකින මිකී මවුස් ට වඩා වෙනස් වූ අතර වර්තමාන චරිතය බවට පත්වීමට පෙර එය කාටුන් ශිල්පීන් ගණනාවකගේ මේස පසුකර තිබෙනවා. මිකී සතු ප්‍රධානතම අනන්‍යතාවය වන විශාල කන් යුවල වන අතර ඔහුගේ අතක ඇත්තේ ඇඟිලි හතරක් වීමත් විශේෂත්වයක්. මිකී මවුස් චරිතය නිර්මාණාත්මක එහෙත් සරල එකක් බවට පත් කිරීමට ඩිස්නිට අවශ්‍ය වූ අතර එය මිකී මවුස් සජිවිකරනයේදී ද පහසුවක් වී තිබෙනවා.

මිකී මවුස් පළමුව ලොව හමුවට පැමිණියේ 1928 වසරේදී නිර්මාණය කෙරුණු ‘ස්ටීම්බෝට් විලී’ නම් කෙටි චිත්‍රපටයෙන්. එය කාටුන් ලොවට හඬ පටය පැමිණි පසු නිර්මාණය කෙරුණු පුරෝගාමී නිර්මාණයක් ලෙසටද ඉතිහාසයට එක්ව තිබෙනවා. ඉන්පසු මිකී මවුස් අතිශයින්ම ජනප්‍රිය වූ අතර කෙටි කලකින්ම එම චරිතය අඩංගු සිනමාපට ගණනක් නිර්මාණය කෙරුණා. මේ වන විට නිර්මාණය කෙරී ඇති මිකී මවුස් සිනමාපට ගණන එකසිය තිහ ඉක්මවන බවත් පැවසෙනවා.

http://timothykurek.com

මිකී මවුස් චරිතය සඳහා හඬ ලබා දුන් ශිල්පින් ගණනක්ද සිටින අතර මුල් කාලයේදී මිකී වෙනුවෙන් හඬ කවා ඇත්තේ වෝල්ට් ඩිස්නි විසින්ම වීම විශේෂත්වයක්. එදා මෙදාතුර ප්‍රධාන හඬ ශිල්පින් අට දෙනෙකු ඒ වෙනුවෙන් දායක වී ඇති අතර වර්තමානයේදී මිකී මවුස් වෙනුවෙන් හඬ කවන්නේ ක්‍රිස් ඩයමන්තෝපොලස් විසිනුයි.

එදා මෙදා තිරගත වුණු මිකී මවුස් සිනමාපට අතුරෙන් දහයක්ම ඇකඩමි සම්මාන උළෙලේ හොඳම සජීවිකරණ සිනමාපටය ලෙසට නාම යෝජනා ලබා ඇති අතර 1942 දී  ‘lend a paw’ නම් මිකී මවුස් සිනමාපටය හොඳම සජීවිකරණ සිනමාපටයට හිමි ඇකඩමි සම්මානයෙන් පිදුම් ලැබුවා.

මිකී චරිතයට පසුකාලීනව මිනී මවුස් නම් පෙම්වතියක් සහ ප්ලූටෝ නම් බලු සුරතලෙක්ද එක් වුනා. එමෙන්ම ඩොනල් ඩක් සහ ගූෆි යන කාටුන් චරිතද පසු කාලයේදී සිනමාපට තුල මිකී මවුස්ගේ මිතුරන් බවට පත් වුනේ මිකී මවුස් චරිතය රසිකයන් අතර සදාදරණිය මතකයක් බවට පත් කරමින්.

Cover- http://www.qygjxz.com

පාදක

http://waltdisney.org

Related Articles