Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ෆැන්ටසි ලෝකවල ජනප්‍රිය වුණු සුපිරි දුෂ්ට චරිත පහක්!

ලෝකයේ විවිධ කතුවරුන්, සිනමාවේදීන් හා කොමික් නිර්මාණයකරුවන් නිර්මාණය කළ ඉතා ජනප්‍රියත්වයට පත් වූ  කෘති, සිනමා නිර්මාණ හා රූපවාහිනී මාලා නාට්‍ය මෙන් ම කොමික් නිර්මාණ ගැන ද අප තොරතුරු අසා දැක තිබෙනවා. මේවාගෙන් ඇතැම් ඒවා  සත්‍ය සිදුවීම්  පාදක කර ගත් ඒවායි. තවත් ඒවා නිර්මාණකරුවන් නිර්මාණය කළ ප්‍රබන්ධයි. 

නිර්මාණය ඉහත කවර ගණයට අයත් වුවත්  කිසියම් සිනමා හෝ රූපවාහිනී නිර්මාණයක ජනප්‍රිය ම චරිත වන එහි ප්‍රධාන චරිත ද ඉක්මවා ගිය ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකියාව ලබා ගත් ෆැන්ටසි ලෝකවල සුපිරි දුෂ්ට චරිත පහක් ගැන තොරතුරුයි මේ.

05. Lord Voldemort 

 

harry potter කෘති මාලාවේ මෙන් ම චිත්‍රපටවල ද ප්‍රධාන දුෂ්ටයා ලෙසයි වොල්ඩමෝට් සැලකෙන්නේ – wallpaperflare.com 

J. K. Rowling රචනා කළ, ලොව පුරා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ Harry Potter කෘති මාලාවේ මෙන් ම චිත්‍රපටවල ද ප්‍රධාන දුෂ්ටයා ලෙසයි වොල්ඩමෝට් සැලකෙන්නේ. 2001 වසරේ නිර්මාණය වූ Harry Potter and the Philosopher Stone චිත්‍රපටයේ වොල්ඩමෝට් චරිතයේ කොටසක් දකින්නට ලැබෙනවා. වොල්ඩමෝට් චරිතය Harry Potter චිත්‍රපට මාලාවේ දී  අපට පැහැදිලි ව මුණගැසෙන්නේ 2005 වසරේ නිකුත් වු Harry Potter and the Goblet of Fire චිත්‍රපටයෙන්.

වොල්ඩමෝට් භෞතික ශරීරයක් ලබා ගන්නේ එහිදී යි. එතැන් පටන් 2007 වසරේ නිකුත් වූ Harry Potter and the Order of the Phoenix, 2009 දී වසරේ නිකුත් වූ Harry Potter and the Half Blood Prince, 2010 හා 2011 වසරවල නිකුත් වූ Harry Potter and Deathly Hallows part 1, part 2 හි වොල්ඩමෝට්  චරිතය පැහැදිලි ව දක්නට ලැබෙනවා.  Harry Potter කෘතිවල සඳහන් ආකාරයට හොග්වෝට්ස් මායා පාසලේ අධ්‍යාපනය හැදෑරූ Tom Riddle වොල්ඩමෝට් චරිතයේ ආරම්‍භයයි.

Harry Potter  චිත්‍රපට මාලාවේ වොල්ඩමෝට් චරිතයේ  මූලික අරමුණ ලෙස දක්වන්නේ මායා ලෝකයේ ආධිපත්‍යය තමා යටතට ගැනීම හා මරණයේ ශුද්ධ වු වස්තුන් තමා අතට ලබා ගැනීමයි. මෙම චරිතයට පණ පොවන්නේ හොලිවුඩ් නළු Ralph Fiennes.

04. The night king 

White Walkers ලෙස හැඳින්වෙන මළවුන්ගේ හමුදාවේ නායකයායි Night King – images.hdqwalls.com 

 

2011 වසරේ දී HBO නාළිකාව හරහා ම නිකුත් වූ Game of Thrones කතා මාලාව ගැන ඔබ අසා ඇති බවට සැකයක් නෑ. ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් අතර ද ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ Game of Thrones කතා මාලාව විකාශය 2011 වසරේ දී අවසන් වුණා. එම කතා මාලාවේ ප්‍රධාන දුෂ්ට චරිතයක් නිශ්චිත ව නම් කළ නොහැකි  බව කතා මාලාව නැරඹුවා නම් ඔබට හිතේවි.

Night King  යනු මෙම කතාමාලාවේ ජනප්‍රිය ම දුෂ්ට චරිතය ලෙස ප්‍රේක්ෂකයන් අතරට ගිය අයෙක්. George R. Martin රචනා කළ A song of  Ice and Fire කෘති මාලාවෙන් මෙම චරිතය  නිර්මාණය වී තිබෙනවා. Night King  චරිතයේ ආරම්‍භය සලකා බලන විට කතා මාලාවේ එන Westeros හි මුල් පදිංචිකරුවන් ලෙස සැලකෙන Children නම් ජන කොට්ටාශය නිර්මාණය කරන White Walkers ලෙස හැඳින්වෙන මළවුන්ගේ හමුදාවේ නායකයා ලෙසයි Night King හැඳින්වෙන්නේ.

Westeros මුළුමනින් ම  තමා යටතට ගැනීම අරමුණ කරගත් මෙම චරිතය  game of thrones කතා මාලාවේ හතරවන කතා සමයේ දී පළමු ව දැකිය හැකියි. 

03. Thanos

Marvel  සිනමා විශ්වයේ සුපිරි දුෂ්ටයකු ලෙසයි thanos සැලකෙන්නේ – wallpaperflare.com 

Marvel  සිනමා විශ්වයේ සුපිරි දුෂ්ටයකු ලෙසයි thanos සැලකෙන්නේ. 2012 වසරේ නිකුත් වූ The Avengers චිත්‍රපටයේ  Thanos චරිතය මුලින් ම දකින්නට ලැබුණා. එතැන් පටන් 2014 වසරේ නිකුත් වූ  the Guardian of the Galaxy, 2015 වසරේ නිකුත් වූ Avengers : Age of Ultron, 2018 වසරේ නිකුත් වූ Avengers: Infinite War සහ 2019  වසරේ නිකුත් වූ Avengers : Endgame චිත්‍රපටවල මෙම චරිතය දැකගන්නට පුළුවන්. 

Marvel Phase 3 හි ප්‍රධාන දුෂ්ට චරිතය ලෙස ගෙන දැක්වූයේ Thanos. Marvel  කොමික් නිර්මාණවලට අනුව විශ්වයේ පැවැත්ම පාලනය වන අනන්ත පාෂාණ හයේ බලය තහවුරු කිරීම මූලික අරමුණ කර ගත්  Thanos  එමඟින් විශ්වයේ සමස්ත ජීවින්ගෙන්  අඩක්  විශ්වය තුළින් අතුගා දැමීමට උත්සාහ දරන අයෙක්. Guardians of the Galaxy චිත්‍රපටයේ එන චරිත දෙකක් වන Gamora සහ Nebula Thanos  ගෙ දියණියන් දෙදෙනකු ලෙස ගෙන හැර දක්වා තිබෙනවා. 

1973 දී නිකුත් වූ The Invisible Iron Man කොමික් කතාමාලාවෙන් Thanos පළමුව Marvel කොමික් විශ්වයට මුදා හරිනවා. Titan නම් ග්‍රහලෝකයෙන් පැමිණි අයකු වන Thanos තම ග්‍රහලෝකයේ සිදු වන පරිහානියට පළිගැනීමක් ලෙස විශ්වීය යුද්ධය ආරම්‍භය කරනවා. මෙම ප්‍රබල චරිතයට පණ පොවන්නේ හොලිවුඩ් නළු Josh Brolin. 2019  වසරේ නිකුත් වූ Avengers Endgame චිත්‍රපටයේ Thanos ගේ අවසානය ප්‍රේක්ෂකයා වෙත ලබා දෙනවා.

02. Darkseid

කොමික් විශ්වයේ සිටින ප්‍රධාන දුෂ්ටයකු වන  Darkseid කියන්නෙත් හුඟක් අමාරුකාරයෙක් – wallpaperflare.com 

 

Marvel කොමික් විශ්වයේ ප්‍රධාන තරගකරුවා වන DC කොමික් නිර්මාණ කියන්නේ සුපිරි  දුෂ්ටයන් රැසක් පිරුණු කොමික් ලෝකයක්. මේ කොමික් විශ්වයේ සිටින ප්‍රධාන දුෂ්ටයකු වන  Darkseid කියන්නෙත් හුඟක් අමාරුකාරයෙක්.  1970  නිකුත් වූ  Superman’s Pal Jimmy Olsen කොමික් කෘතිය තුළ darkseid අපට පළමු ව දකින්නට ලැබෙනවා.

Darkseid  ගෙ ආරම්‍භය සලකා බලද්දි Apokolips කියන ග්‍රහලෝකයේ Heggra and Yuga Khan තමයි Darkseid ගෙ මාපියන් ලෙස හැඳින්වෙන්නෙ. DC  කොමික්වල කියන විදියට මේ Darkseid කියන චරිතයට වුවමනා විශ්වයේ සියලු ජීවින්ගේ ස්වයං වරය එහෙම නැත්නම්  Free Will එක නැතිකරල darkseid ට අවශ්‍ය අනාගතය නිර්මාණය කරන්න. ඇනිමේෂන් චිත්‍රපටවල දී අපට Darkseid දැකගන්න පුළුවන් වුණත් අපට සජීවී ක්‍රියාදාම චිත්‍රපටවලින් පළමු වරට Darkseid හමු වෙන්නේ මේ වසරේ තිරගත වූ  Justice League චිත්‍රපටයේ.

Zack Snyder නිර්මාණය කළ මෙම චිත්‍රපටය 2021 වසරේ දී ප්‍රේක්ෂකයන් දකින්නට මඟ බලා සිටි නිර්මාණයක් වුණා. Darkseid චරිතය  DC සිනමා විශ්වයේ ඉදිරියේ දී ද අපට දැකගන්නට හැකි බව ඉන් තහවුරු වුණා. Justice league චිත්‍රපටයේ Ray Porter නම් නළුවා  Darkseid චරිතයට පණ  පෙවූවා. Michael Ironside, Tony Todd හා Frank Welker ‍‍‍යන ශිල්පීන් Darkseid චරිතයට හඬ කවා  තිබෙනවා. 

01. The Joker

සුපිරි වීර චරිතයකත් වඩා ජනප්‍රියත්වයක් හිමි කර ගත් අයකු තමයි  Joker – wallpaperflare.com 

 

DC විශ්වයේ  එන ජනප්‍රිය ම  දුෂ්ටයකු ලෙස Joker හඳුන්වන්නට පුළුවන්. කොටින් ම කියනවානම් සුපිරි වීර චරිතයකත් වඩා ජනප්‍රියත්වයක් හිමි කර ගත් අයකු තමයි  Joker කියන්නෙ. Joker චරිතයේ ආරම්‍භය ගැන සලකා බලද්දි 1940 වසරේ නිකුත් වූ Batman කොමික් නිර්මාණය එයට දායක වූ බවයි සැලකෙන්නේ. ඉන්පසු DC Comic හරහා නිකුත් වූ කොමික් ගනනාවකම Joker  චරිතය අපට දැකගන්නට ලැබෙනවා.

අප හොඳින් දන්නා විදියට Joker  තම ප්‍රධාන සතුරා ලෙස හඳුන්වන්නෙ Batman. කුඩා කල තම මව ගෙන් සිදු වූ  අතවර හේතුවෙන් වූ මානසික ව්‍යාකූලතාව Joker  ගේ අසාමාන්‍ය කුරිරු බවට හේතු වූ බව 2019 වසරේ නිකුත් වූ Joker චිත්‍රපටයෙන් පෙන්වා දෙනවා. ඔහුට සැබෑ අනන්‍යතාවක් නිශ්චිතව ම දැක්විය නොහැකි අතර Joker චිත්‍රපටයේ එන පරිදි ඔහු Arthur Fleck ලෙස හැඳින්වෙනවා. ඉහත බොහෝ දුෂ්ට චරිතවලට නිශ්චිත අරමුණක් තිබුණත් Jokerට එවන් අරමුණක් නැති අතර ලෝකය අපරාධකරුවන්ගෙන් පිරුණු ව්‍යාකූලත්වයට පත් තැනක් කිරීම ඔහුගේ අභිප්‍රාය බව Dark Knight චිත්‍රපටයේ දී Joker පවසනවා.

2009 වසරේ නිකුත් වූ  The Dark Knight චිත්‍රපටයේ  Heath Ledger  පණ පෙවූ  Joker චරිතය අති විශිෂ්ට රංගනයක් පෙන්වමින්, IMDB  දර්ශකයේ 9/10 තරම් ඉහළ අගයකට The Dark Knight ගෙන එන්නට සමත් වුණා. ඉන් පසු 2019 වසරේ නිකුත් වූ Joker චිත්‍රපටයෙන් Joaquin Phoenix හොඳ ම නළුවා ලෙස ඔස්කාර් සම්මානය දිනා ගත්තේ Joker චරිතය  දුෂ්ට චරිත අතර දැවැන්ත  මට්ටමකට ඔසවා තබමින්.

මේ වන විට Jared LetoIs ශිල්පියා Joker චරිතය රඟ දක්වනවා. අවසාන වතාවට  Joker චරිතය ප්‍රේක්ෂකයාට හමුවූයේ Zack Snyder Justice League චිත්‍රපටයෙන්. Joker  ගේ අවසානය  සිනමාවේ දක්වා නැති නිසා ඉදිරියට අපට  Joker චරිතය  DC නිර්මාණ හරහා  දැක ගන්නට පුළුවන් වේවි.

තවත් මෙවන් ලිපි කියවන්න  

කවරයේ ඡායාරූපය - ෆැන්ටසි ලෝකවල සුපිරි දුෂ්ට චරිත - weirdwonderfulworlds.blogspot.com   

මූලාශ්‍ර:

dccomics.com

wizardingworld.com

wallpaperflare.com 

weirdwonderfulworlds.blogspot.com

Related Articles