Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොපෙනෙන ලෝකය සමග ගනුදෙනු කරන සොහොයුරන්ගේ කතාව; “Supernatural”

TV Series, එහෙමත් නැත්නම් ටෙලි නාට්‍ය කතා මාලා නරඹන්න අපි කවුරුත් කැමතියි. විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා (online) ඒවා නැරඹීමට වගේම ඒවා බාගත කරගෙන නරඹන්නත් අපි බොහෝමයක් දෙනා පුරුදුව ඉන්නවා. විවිධ ආකාරයේ තේමාවන්, එහෙමත් නැත්නම් Genres ඔස්සේ නිර්මාණය වෙන මෙම කතා මාලා කතාංග (Seasons) කිහිපයකින් සමන්විත වෙනවා. ලංකාවේ ටෙලි නාට්‍ය කලාවට නම් තවමත් ආගන්තුක සංකල්පයක් වුණු TV Series (කතා මාලා) හොලිවුඩ් පුරවරයේ වගේම කොරියාවේත් ඉතාමත් සාර්ථක කර්මාන්තයන් ලෙස හඳුනා ගන්නටත් පුළුවන්.

සෑම් සහ ඩීන් දෙසොහොයුරෝ (www.warnerbros.co.uk)

ත්‍රාසජනක කතා, ආදර කතා, සුපිරි වීරයින්ගේ කතා, සුරංගනා කතා සහ ඉතිහාස කතා විතරක් නෙවෙයි, අපරාධ විසඳුම්, සුරංගනා කතා ආදී එකී මෙකී නොකී තේමාවන් රැසක් ඔස්සේ මෙම කතා මාලා නිෂ්පාදනය වෙන්නේ ලොව පුරා විසිරී ඉන්න රසික රසිකාවියන්ගේ නොමද ඉල්ලීම් මතයි.

හොල්මන්, අද්භූත බලවේග, මායාකාරියන් පමණක් නෙවෙයි, යක්ෂයින් වගේම සුර දූතයින් වෙසෙන අපට නොපෙනෙන ලෝකය පිළිබඳව නිමැවුණු කතා මාලාවන් නරඹන්න ප්‍රිය කරන අය වෙනුවෙන්ම නිමැවුණු කතා මාලාවක් ගැනයි මේ කියන්නට සූදානම. ඒ Horror, Dark fantasy, Action, Mystery සහ Drama යන තෙමාවන් පහම රැගත් ස්වභාවික ලෝකයෙන් ඔබ්බට ගිය ලෝකයත් එක්ක ගනුදෙනු කරන කඩවසම් වින්චෙස්ටර් සහෝදරයින්ගේ කතාව වන ටෙලි මාලාවයි.

සෑම් සහ ඩීන් ගේ අද්භූත චාරිකාවට හේතු වූ සිදුවීම

සෑම් සහ ඩීන් වින්චෙස්ටර් කියන්නේ ඇමරිකාවේ කැන්සාස් ප්‍රාන්තයේ සිය දෙමව්පියන් සමග ජීවත් වුණු සහෝදරයින් යුවලක්. එක් දිනක රාත්‍රියේ අනපේක්ෂිත අයුරින් ඔවුන්ගේ මව මිය යනවා. ඒ සිදුවීම සෑම්ගේ සිතේ රැඳෙන්නේ ඔහුව ජීවිත කාලය පුරාවටම පීඩනයට ලක් කරන මතකයක් විදියටයි. ඔවුන්ගේ පියා ඉන් අනතුරුව සිය බිරිඳගේ ඝාතකයා සොයන්නට මෙන්ම, අද්භූත ජනක හා සැක සහිත ආත්මයන් දඩයම් කරන්නටත් ඔවුන්ට හුරු කරවනවා.

නවතම කතාංගයේ දසුනක් (www.thefandom.net)

ඒ ජීවිතයෙන් මිදෙන්න ඇති අවශ්‍යතාවය නිසාම සෑම් කැන්සාස් අතහැර යනවා. සිය මවගේ මරණයෙන් වසර 22කට පසුව ස්ටැන්ෆර්ඩ් සරසවියේ ඉගෙනුම ලබමින් සිටින සෑම් සොයා ඩීන් නැවත පැමිණෙන්නේ තම පියා හදිසියේම අතුරුදහන් වූ බව සැළ කරන්නයි. ඔවුන්ගේ පියා වන ජෝන් වින්චෙස්ටර් යනු අද්භූත බලවේගයන් හඹා යමින් සිය බිරිඳගේ ඝාතනයට වග කිව යුතු යක්ෂාත්මයක කෙනෙක්. ඒ අතරතුරදී අතුරුදහන් වන තම පියා සොයමින්, නොපෙනන බලවේග සමග සටන් වදිමින් රට පුරා සැරිසරන මේ සහෝදරයින් යක්ෂයින්, භූතාත්ම පමණක් නොවෙයි, විවිධ ආත්මයන් සමග ගනුදෙනු කරනවා. ඔවුන් දෙදෙනාගේ ඒ අපූර්වතම චාරිකාව වගේම, ඔවුන් ඒ අතරතුරදී මුහුණ දෙන විවිධ අභියෝග ගැනත් ඔබට සුපර්නැචුරල් කතා මාලාව තුලින් දැකගන්නට පුළුවන්.  

Supernatural නිර්මාතෲ වන බැරී ක්‍රිප්කි

මේ කතා මාලාවේ නිර්මාතෲ වන බැරී ක්‍රිප්කි කියන්නේ කුඩා කාලයේ පටන්ම විවිධ නගර වල ප්‍රසිද්ධව තිබෙන පුරාණ හොල්මන් කතා ( මේවා Urban Legends නමින් හැඳින්වෙනවා ) ගැන සොයා බලන්නට උනන්දු වුණු කෙනෙක්. මේ ආශාවත් හිතේ ඇතිව ටෙලි මාලාවක් නිර්මාණය කරන්නට හීන දකින ක්‍රිප්කිගේ හීනය සැබෑ වෙන්නේ ඊටත් වසර දහයකට පමණ පසුවයි. ඇමරිකාව පුරා විසිරී තිබෙන කුඩා නගර හරහා සැරිසරමින් මේ අද්භූත බලවේග සමග සටන් වදින සහෝදරයින්ගේ කතා මාලාව එළි දකින්නේ ඉන් අනතුරුවයි. 2005 වසරේ සැප්තැම්බර් මස 13 වනදා විකාශනය වීම ආරම්භ වුණු සුපර්නැචුරල් කතා මාලාව මේ වන විට කතාංග 12ක් සම්පූර්ණ කර අවසන්. මේ වන විට විකාශනය වන්නේ එහි 13 වන කතාංගයයි.

සුපර්නැචුරල් කතාවේ නිර්මාතෘ එරික් ක්‍රිප්කි (winchesterbros.com)

ප්‍රේක්ෂක ප්‍රතිචාර

මේ වන විට IMDB දර්ශකයේ 8.5ක අගයක් මේ වන විට හිමි කරගෙන සිටින සුපර්නැචුරල් කතා මාලාව Rotten TOmatoes දර්ශකයේ 92%ක ප්‍රතිශතයකුත්, TV.com දර්ශකයේ 9.1ක අගයකුත් හිමි කරගෙන තියෙන්නේ වින්චෙස්ටර් සහෝදරයන්ගේ කතාව හා සබැඳි ප්‍රේක්ෂක ප්‍රතිචාර නොමදව දක්වමිනුයි. ඉතා සුළු කාලයකින් ඉමහත් ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනූ මේ කතා මාලාවේ සෑම් වින්චෙස්ටර්ගේ චරිතයට පණ පොවන්නේ ජෙරාඩ් පැඩ්ලෙකී විසින්. ජෙන්සන් ඇක්ල්ස් විසින් ඩීන්ගේ චරිතයට පණ දෙනු ලබනවා. පුරා වසර දොළහක් පමණ විකාශනය වන මේ කතා මාලාව එමී සම්මාන ඇතුළු සම්මාන 76කට නිර්දේශ වී ඇති අතර, ඉන් සම්මාන 19කට හිමිකම් කියන්නට සමත් වී තිබෙනවා. එපමණක් නොවෙයි, මේ වන විට වැඩිම වසර ගණනාවක් විකාශනය කෙරුණු තේමාවේ ටෙලි කතා මාලාව ලෙසත් සුපර්නැචුරල් විරුදාවලි ලබා හමාරයි.

අද්භූත සහ ත්‍රාසජනක වීර චාරිකා නරඹන්නට ප්‍රිය කරන ඔබටත් මේ කතා මාලාව අන්තර්ජාලය ඔස්සේ හෝ බාගත කරගෙන නරඹන්නට පුළුවන්. සුපර්නැචුරල් කතා මාලාවේ පූර්ව ප්‍රචාරක පටය මෙතැනින්-

කවරයේ ඡායාරූපය – alfonzowords.blogspot.com

තොරතුරු උපුටා ගැනීම – www.imdb.com , www.tv.com සහ www.theaunews.com වෙබ් අඩවි ඇසුරිණි.

Related Articles