Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හෙළ rap සීන් එකේ ප්‍රාධන චරිත පහක්

මේ දවස්වල ලංකාවේ නැගල යන ට්‍රෙන්ඩ් එකක් තමයි rap කියන්නේ. දැන් “ට්‍රෙන්ඩ්” එකක් වුනත් (සමහරු joke එකකට ගත්තත්) ලංකාවේ හිප් හොප් කලාවට හොඳ ඉතිහාසයක් තියෙන බව බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක්. Rude Boy Republic හා Brown Boogie Nation යනාදී කණ්ඩායම් විසින් 90 දශකයේ මැද භාගයේ ආරම්භ කර 2000 – 2010 දශකයේදී භාතිය සන්තුෂ් (එක්තරා මට්ටමකට) හා ඉරාජ් යනාදීන් විසින් ප්‍රගුණ කර වර්ථමානයේ #selfierap උන්මාදය දක්වා ව්‍යාප්ත වී ඇති ලාංකික rap  සංගීතය අද වන විට මෙරට ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රමුක ස්ථානයක් ලබා ඇති කලාංගයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. එදා සිට අද දක්වා ලාංකික hip hop ක්ෂේත්‍රයේ ප්‍රගමණයට අඩු වැඩි වශයෙන් දායක වූ කලා කරුවන් හා අද rap ලොව රජ කරන artistලා කිහිප දෙනෙක් ගැන අපි විමසල බලමු.

Rude Boy Republic හා Brown Boogie Nation

මේ තමා ලංකාවේ hip  hop සංගීතයේ මුල. Beat හදන්න පුළුවන් producer කෙනෙක් බේතකටවත් හොයා ගන්න බැරි කාලයක rap හා reggae මිශ්‍ර කර rudeboi ආරයේ අලුත්ම සංගීත ශෛලීයක් මෙරටට හඳුන්වා දුන් Rude Boy Republic හි රුකී, අසිෆ් අන්සාර් හා ශිරාස් මුලින්ම කරලියට එන්නේ අනූ ගණන් වල මැද. ඒ එවකට කොළඹ නගරයේ ඉඳ හිට පැවැති බටහිර සංගීත ප්‍රසංගවල ජොලියට සින්දු කියල. ඊට සමගාමීව ඉදිරියට ආ Brown Boogie Nation කණ්ඩායම එකල ඇමරිකාවේ ජනප්‍රිය G funk beats භාවිතා කරමින් gangsta rap ආරය මෙරටට මුලින්ම හඳුන්වා දෙනු ලැබුවා. මෙම කණ්ඩායමේ මුල් පෙලේ සාමාජිකයෙක් වූ රන්ධීර් විතාන අදටත් ජනප්‍රිය rapper කෙනෙක් (හා ගායකයෙක්). භාතිය හා සන්තුෂ් සමග ඔහු කළ නිර්මාණ වලට ඔබ ඕනෑ තරම් සවන්දී ඇති. Rude Boy Republic හා Brown Boogie Nation යන කණ්ඩායම් ද්විත්වයේ ගීත වලට සවන් දීමට මෙතන click කරන්න.

අපේ තේරීම

ඉරාජ්

ලංකාවේ හිප් හොප් කලාවට ඉරාජ් වීරරත්නගෙන් ලැබුණු දායකත්වය ගැන වෙනම ලිපියක් ලියන්න පුළුවන්. ඇත්තටම ඔහුව ලංකාවේ Dr. Dre ලෙස හැඳින් වීම අතිශෝක්තියක් නෙමෙයි. ඔහු විසින් මෙරටට හඳුන්වා දුන් artist ලා ගණන කියල නිම කරන්න බැරි තරම්. Killer Bee, Krishan, Bone Killer යනාදී rappers ලා බොහෝ දෙනෙක්ගේ ආරම්භය තමයි ඉරාජ්. සමිතා මුදුන්කොටුව වැනි ප්‍රවීන ගායක ගායිකාවන් සමග වැඩ කිරිමීට ඔහු තුළ තිබූ කැමැත්ත හා නම්‍යශීලී භාවය ලංකාවේ rap සංගීතය ජනප්‍රිය වීමට බෙහවින් දායක වූ බව අප කවුරුත් දන්නා දෙයක්. Rapper කෙනෙක් ලෙස විශිෂ්ටයයි කියා ඔහුව හැඳින්විය නොහැකි වුවත් (ඇමරිකාවේ Dr. Dre පවා තම verses ලියා ගත්තේ Jay-Z වැනි අය ලවා බව ප්‍රසිද්ධ රහසක්), ඉරාජ් produce කරපු track එකකට ගහන්න එකක් නැති බව ක්ෂේත්‍රයේ ඉන්න ඕන ජගතෙක් අදටත් නොපැකිලිව පිළිගන්න දෙයක්. තම පළමු සංයුක්ත තැටිය නිකුත් කර දැනට වසර 11ක් ගත වී ඇතත් අදත් ලංකාවේ අංක එකේ hip hop producer ඉරාජ් බව අවිවාදයෙන්ම පිලි ගත යුත්තකි.

අපේ තේරීම

Drill Team

ආයේ lyrics වලින් නං ඉතින් Drill Team තමයි උඩින්ම. හෙළ rap භාෂාවෙන්ම කියනවා නම් සුපිරි ජාති කොල්ලෝ සෙට් එකක්. මොවුන්ගේ “100%ක් ලාංකික රැප් අරක්කු” එක සැරයක් ගහල බලන්න, වදිනවා ආයේ බොක්කටම. ලංකාවේ Wu-Tang Clan එක කියල මේ ගොල්ලන්ව හැඳින්වුවොත් අපි හිතන්නේ නෑ එකේ වැරද්දක් තියෙනවා කියල. ඒ තරමටම වචන හරඹයට දක්ෂ කණ්ඩායමක්. Westනාහිර run කරන මේ සෙට් එක වෙනස් දෙයක් කරන්න පටන් ගත්තේ ඔවුන්ගේ මුල්ම cypher එකත් සමග. පසුගිය වසරේ එලි දැක්වූ Drill Team කණ්ඩායමේ දෙවියන්ගෙ බාරේ ගීතයේ විනාඩි 8ක් දිග uncut (edit නොකරපු) රූප රචනයට දෙරණ Music Video Awards හිදී සම්මානයක්ද ලැබුණා. Hip hop වූ කලී හුදෙක් නාහෙට අහන්නැති කොල්ලන්ගේ “මෝඩ ආතල්” එකක් නොව ඉහළ ගනයේ රසාස්වාදයක් සැපයිය හැකි serious art එකක් බව දුප්පත්කම, අනන්‍යතාවය හා ජාතිවාදය වැනි ගැඹුරු මාර්තෘකා ගැන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘සුද්ද සිංහලෙන්’ rap කරන Drill Team හි  Born Lord Manasick, Chrish ViX, Kalu Malli, D Rex යන සාමාජිකයන්ගේ අග්‍ර ගන්යය verses වලට එක වරක් සවන් දීමෙන් මොනවට පැහැදිලි වේ.

අපේ තේරීම

Fill T

Rapper කෙනෙකු ලෙස මහු සතු හැකියාව පිළිබඳව විවධ අයට විවිධ අදහස් අැති. පෞද්ගලිකව ඔබ ඔහු ගැන කුමන අාකල්පයක් දැරුවත් ලංකාව් hip hop ව්‍යාප්තියට Fill T ගෙන් ලැබුනු දායකත්වය නොසලකා සිටියහොත් අැත්තටම එය ඔහුට කරන ලොකු අසාධාරණයක් බවයි අපට හැඟෙන්නේ. ඔහු විසින් ප්‍රචලිත කරන ලද දැනට මුහුණුපොතේ අතිශය ජනප්‍රිය රැල්ලක් බවට පත්ව අැති #selfierap කලාව හේතුවෙන් දක්ශයින් බොහෝ පිරිසක් අද කරලයිට අැවිත් තිබෙන බව ඉතාමත් පැහැදිලියි. එපමණක් නොව Fill T විසින් පුද්ගලිකව මෙම නැගී එන නව පරපුරේ රැප් ගායකියින්ට තැනක් දීමට කර අැති මෙහෙවර සංගීතයට අාදරය කනර අප සියළු දෙනා ගරු කර යුතුයි. ඒ හේතුව නිසාම ලංකාවේ hip hop ගැන ලිපියකට Fill T ගේ නම අනිවාර්යයෙන් අැතුළත් විය යුතුය යන්න අමුතුවෙන් කිව යුතු නැත.

අපේ තේරීම

44 කල්ලිය

පද රචනය අතින් Drill Team වලට නොදෙවෙනි ඒ හා සමානම ‘street’ගනයේ  කණ්ඩායමක් ලෙස සැලකිය හැකි 44 කල්ලිය අද ලංකාවේ rap groups අතර ඉදිරියෙන්ම ඉන්න පිරිසක්. YK හා Smokio ගේ තාක්ෂණික අතින් පරිපූර්ණ වූ වාග් ප්‍රහාර Drill Team හි flow and technique වලට නොදෙවෙනියි. විශේෂන්යම Smokio ට rapper කෙනෙකු ලෙස හොඳ අනාගතයක් තියෙන බව ඔහුගේ rapid fire පද්‍ය රචනාවන් අද්‍යනය කිරීමේදී පැහැදිලිව පෙනෙනවා.

අපේ තේරීම

මේ කෙටි ලැයිස්තුවේ ඉන්න පස් දෙනාට අමතරව ශ්‍රී ලංකාවේ hip hop සංගීතයේ උන්නතියට උර දුන් කලා කරුවන් තවත් බොහෝ පිරිසක් සිටින බව අමුතුවෙන් කිව  යුතු නැහැ. එවැන්නන් ගැන ඔබ දන්නා දේ comments මගින් අපට කියන්න.

Related Articles