Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීනයේ දේශපාලනයට අභියෝග කළ සිත්තරා: අයි වෙයිවෙයි

ලොව වටා විවිධාකාර කලා නිර්මාණ කරන අන්තර්ජාතික කලාකරුවන් රැසක් ගැන තොරතුරු පහුගිය දවස් වල අප ඔබ වෙත ගෙන ආවා. ඉතින් මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ තවත් කලාකරුවෙක් ගැන යි. අපට ඔහුව හමු වෙන්නේ චීනයෙන්. මොහු විශේෂ වන්නේ මොහුගේ වැඩ ටිකක් දඩබ්බර නිසා. ඔහුගේ සමහරක් නිර්මාණ නිසා ඔහුට චීනයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නටත් සිදු වුණා.

කලාකාමී පවුලක උපත ලැබීම

1957 අගෝස්තු 28 මොහු චීනයේ, බීජිං නුවර උපත ලැබුවා. ඔහු උපතින්ම කලාවට බද්ධ වුණු අයෙක්. ඔහුගේ මව ගෝ යින්ග්, රචකයෙක්. ඒ වගේම ඔහුගේ පියා අයි ක්යින්ග් කවි රචකයෙක්. ඒමෙන්ම ඔහුගේ මව චීනය තුළ ඉතාමත් ජනප්‍රිය චරිතයක් වී සිටියා.

නමුත් රටේ පැවති දේශපාලනයට අභියෝග කිරීම මත අයිට වසරක් පිරෙන තැන ඔහුගේ පවුල මාඕ සේතුං විසින් චීනයෙන් පිටුවහල් කරනු ලැබුවා. එමෙන්ම මෙම දේශපාලන පවුල් පසුබිම පසුව අයිගේ නිර්මාණ වලට විශාල බලපෑමක් කරනු ලැබුවා.

කුඩා අයි විවි – (www.dw.com)

මෙම පිටුවහල් කිරීමත් සමඟම ඔහුගේ පවුල උතුරු කොරියානු දේශ සීමාවේ, ඉතා කුඩා ගමක වාසය කරනු ලැබුවා. ඔහුගේ පියාට ඉතා වෙහෙස වී වැඩ කිරීමට සිදුව තිබූ අතර පොදු වැසිකිලි පිරිසිදු කිරීමත් ඒ අතර වුණා. එම කාලය තුළ අයි විසින් බොහෝ දේ තනිව ඉගෙන ගනු ලැබුවා. පසුව ඒවා ඔහුගේ කලා නිර්මාණ වලටද ඇතුළත් වුණා. ඒ අතර ගෘහ භාණ්ඩ නිර්මාණය හා ගඩොල් නිර්මාණය ප්‍රමුඛ වුණා.

මාඕගේ මරණයෙන් පසු නැවත චීනයට

1976 දී මාඕ සේතුන්ගේ මරණයෙන් පසුව ඔහුගේ පියා සිය පවුල සමඟ නැවත චීනයට පැමිණුනා. ඒ කාලයේ අවුරුදු 19 ක් පමණ වූ අයි බීජිං සිනමා ඇකඩමියට සම්බන්ධ වෙන්නේ සජීවිකරණය ඉගෙන ගැනීමටයි. වසර කිහිපයකට පසුව චීනයේ බිජිං හී විකල්ප කලාකරුවන් සමඟ ඔහු සම්බන්ධ වෙනවා. මේ හේතුව නිසාම ඔහු ප්‍රසිද්ධ වෙනවා. එමෙන්ම ස්වයං ප්‍රකාශනය කලා සාම්ප්‍රදායක් චීනය තුළ ස්ථාපිත කිරීමට ඔහුට උවමනා වෙනවා. එමෙන්ම චීනයේ ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂපාතී රැලි වලටද එකල සහය දැක්වූවා.

අයි විවිගේ මාඕ (www.phaidon.com)

ඔහු 1981 දී එක්සත් ජනපදයට යනවා. ඒ වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහායි. ඒ වගේම ඔහු ඒ සමඟ තමන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුමත් වර්ධනය කර ගන්නවා. ඔහු අවසානයේදී එනම් 1982 වසරේදී නිව්යෝක් නුවරට ළඟා වෙනවා. එහිදී පාර්සන්ස් නම් නිර්මාණ පාසලේදී සීන් ස්කුලි නම් කලාකරුවා යටතේ ඔහු ඉගෙනුම ලබනවා. නමුත් මාස 6කට පසුව ඔහුව පාසලෙන් නෙරපන අතර පසුව ඔහු විදී සිත්තරෙකු ලෙස හා විවිධ රැකියාවල නියුතු වෙමින් වැඩ කටයුතු කරනු ලබනවා.

නිව් යෝක් නුවර වසර 11ක් කාලයක් තුළ නූතන කලා කෘතීන් අධ්‍යනය හා නිව් යෝක් නුවර ඡායාරූප ගත කරමින් ඔහු කාලය ගත කර තිබෙනවා. පසුව ඔහු විසින් ඔහුගේ ඡායාරූප එකතු කරමින් “New York Photographs” නම් ප්‍රදර්ශනයක් ද පවත්වනු ලැබුවා.

එමෙන්ම ඔහු එක්සත් ජනපදයේ ගමන් කරමින් සිටින අතරතුර කාලයේ blackjack නම් සුදූ ක්‍රීඩාවට අති දක්ෂයෙකු වුණා. ඔහුව එක්සත් ජනපදයේ blackjack ක්‍රීඩකයන් අතර කලාකරුවෙකු ලෙසට වඩා වෘත්තිමය සූදු කෙළින්නකු ලෙස ඔහු ජනප්‍රිය වුණා.

අයි විවිගේ “New York Photographs” ප්‍රදර්ශනයෙන් – ( nyt.com)

“Old Shoes, Safe Sex” නමින් ඔහුගේ පළමු ඒක පුද්ගල ප්‍රදර්ශනය 1988 වසරේදී නිව් යෝක් නුවර ආර්ට් වෙව්ස් කලාගාරයෙදී පැවැත්වුණා. එමෙන්ම චීන ක්‍රියාකාරිකයෙකු ලෙස ද මොහුව සලකනු ලබනවා.

දඩබ්බරයෙකුගේ නිර්මාණ

මෙහිදී ඔහුව දඩබ්බරයකු ලෙස හැඳින්වීමට හේතුව වන්නේ තමන්ගේ ස්ව ප්‍රකාශන ඔහු විසින් කිසිදු බියකින් තොරව ඉදිරිපත් කළ නිසයි. අපි ඔහුගේ එවැනි නිර්මාණ කිහිපයක් කෙටියෙන් බලමු.

අයි විවි – (sbcltr.in)

හන් රාජවංශයට අයත් පූනාවක් බිඳීම

wp.com

මොහු මෙසේ බිඳිනු ලබන්නේ ක්‍රි.පු. 206 තරම් පමණ ඈත වූ ඉතා වටිනා පූනාවක්. ඔහු මේ හරහා සංස්කෘතිය යනු පෙර නිර්මිත දෙයක් බවත් අනාගතයට යන විට පැරණි දේ බිඳීම තුළින් පමණක් නව ලොවක් නිර්මාණය කළ හැකි බවත් පැවසීමට උත්සාහ ගෙන තිබුණා. එම අදහස වර්ෂ 1966 – 1976 දක්වා කාලය තුළ චීනයේ සිදු වූ සංස්කෘතික විප්ලවයේ හරයට ඉතා සමාන වුණා. ඒ අනුව නව සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් පැරණි චාරිත්‍ර, පුරුදු, සංස්කෘතිය හා අදහස් යන දෑ හතර විනාශ කළ යුතු බවත් ඔහු මෙම කෘතියෙන් පෙන්වා තිබුණා.

සූර්යකාන්ත බීජ – 2010

kinja-img.com

මෙම කලා කෘතිය ඔහු විසින් නිර්මාණය කරනු ලබන්නේ වර්ෂ 2010 දියි. ඔහු මෙම නිර්මාණයට දෑතින්, පෝසිලෙන් මාධ්‍ය ලෙස යොදාගෙන නිර්මාණය කරන ලද සූර්යකාන්ත ඇට ලක්ෂ 1000ක් යොදා ගන්නවා. මෙම ඇට නිර්මාණය වුණේ බීජිං නුවරට කිලෝමීටර් 1000ක් පමණ එපිට ගම්මානයකයි. එම ගම්මානය පෝසිලෙන් නිර්මාණ අතීත තාක්ෂණයෙන් නිර්මාණය කරන ගමක්. ඔහු එම නිර්මාණය වෙනුවෙන් වසර 5-6ක් පමණ කාලයක් වැයකර තිබුණා. එයට එකතු වූ සේවකයන් ගණන 1600ක්. ඔහු මේ හරහා අතීත තාක්ෂණයක් නූතන නිර්මාණ වලට යොදා ගත්තා. නමුත් ඔහුගේ ප්‍රධාන අභිප්‍රාය වී තිබුණේ “Made In China” යන ප්‍රසිද්ධ වාක්‍යයට අභියෝග කිරීමයි. එමෙන්ම මේ හරහා චීන ජාතිකයන්ගේ එකමුතු බවද ඔහු ප්‍රකාශ කර තිබුණා.

Coca Cola බඳුන

armadillocentral.com

අයි විසින් ගෝලීයකරණය, ප්‍රතිමාභංගය (iconoclasm) හා චීනයේ සංස්කෘතික වෙනස් වීම නිරූපණය කිරීම වෙනුවෙන් මෙම බඳුන නිර්මාණය කර තිබුණා. වසර දෙදහසක් පමණ පැරණි බඳුනක, තද පහන් කොකාකෝලා ලාංඡනය ඔහු මෙහි පින්තාරු කර තිබුණා. ඇමරිකානු ධනවාදය චීනය සරසන අයුරු දේශපාලනිකව පැවසීමට ද ඔහු මෙය උපයෝගී කර ගෙන තිබුණා.

තවත් ලෝක ප්‍රසිද්ධ වූ චීන ක්‍රීඩාංගනයක කලා උපදේශකවරයාද වන්නේ මොහුයි. ඒ 2008 චීනයේ ඔලිම්පික් උළෙල හා 2022 චීනයේ ශිත ඔලිම්පික් උළෙල පැවැත්වීම වෙනුවෙන් භාවිතයට ගැනෙන බීජිං ජාතික ක්‍රීඩාංගනයයි. කුරුළු කූඩුවේ ක්‍රීඩාංගනය ලෙස මෙය ඉතාමත් ප්‍රසිද්ධ වුණා. ඒම ක්‍රීඩාංගනය තැනීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 428ක් වියදම් වී තිබුණා. එහි ප්‍රධාන ගෘහනිර්මාණ ශිල්පින් සමඟ එක්ව ඔහු විසින් තම කාලාත්මක දැනුම මෙයට එකතු කර තිබුණා.

බීජිං ජාතික ක්‍රීඩාංගනය (wikimedia.org)

නීතිය ඉදිරියට ගෙන යාම

අයි වීවී සැළකෙන්නේ චීන කොමියුනිස්ට් දේශපාලනයට ඇණයක් වූ අයෙක් ලෙසයි. ඔහු දිගින් දිගටම එය අභියෝගයට ලක් කළා. එමෙන්ම ඔහුව වරක් චීනයේ සියලුම සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි වල තනමකට ලක් වූ අතර එයට ගූගල් සමාගමද අයත් වුණා. නමුත් පසුව ඔහු විසින් තමන්ගේ පෞද්ගලික බ්ලොග් අඩවියක් හරහා තමාගේ අදහස් ඉදිරිපත් කිරීමට ආරම්භ කරනු ලැබුවා. එයට එවක දිනකට පැමිණි පරිශීලකයන් ගණන ලක්ෂයක් පමණ වූ අතර, පසුව එයත් තහනම් කරනු ලැබුවා.

තමන්ගේ සිරගත වීම අයි විවි නිරූපණය කිරීම – (bbc.com)

2009 වසරේදී ඔහුව මුලින්ම අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුව නැවත 2011 වසරේදී චීන පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඔහුව සිරගත කරනු ලබන්නේ වර්ග අඩි 280ක පමණ කාමරයක වූ අතර දින 81ක් ඔහුව එසේ සිරගත කරනු ලැබුවා. එය ආලෝකය රහිත කුටියක් වූ අතර  පැය 24ම විදුලි පහන් වලින් ආලෝකමත් කර තිබුණා. එමෙන්ම ඔහු පළමු මාසයම ගත කරනු ලැබුවේ මාංචු සහිතවයි. එම කාලය තුළ ඔහුට ඇඳුම් මාරු කිරීමට හෝ අවස්තාව ලබා දී තිබුණේ නෑ. එමෙන්ම ඔහුගේ සිර කුටිය තුළ හමුදා සෙබළුන් දෙදෙනෙකුද රඳවා තිබුණා. නමුත් මේ කිසිවකට අයිව නතර කළ නොහැකි වූ අතර ඔහු පසුව තමාගේ අත්අඩංගුවට ගැනීමද නිර්මාණාත්මකව ඉදිරිපත් කළා.

ඔහු විසින් කරන ලද “A Study of Perspective” ඡායාරූප පෙළ ලොව තුළ ඉතාමත් කතා බහට හා දේශපාලනිකව විශාල පණිවිඩයක් රැගෙන ගිය නිර්මාණ පෙළක් වුණා. දැනට ඒවා නූතන ඡායාරූපකරණ කෞතුකාගාරයේ දකින්නට පුළුවන්.

Image 10 –  “A Study of Perspective” – (chicagonow.com)

කවරය – news.artnet.com

මූලාශ්‍ර

www.artnet.com

www.cbsnews.com

www.theartstory.org

www.pinterest.com

www.bbc.com

Related Articles