Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොංගෝවේ නිදහස වෙනුවෙන් දිවි පිදූ නායකයා – ලුමුම්බා

ලෝකයේ පොදු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිවි පිදූ නායකයින් සිටින්නේ අතළොස්සක් පමණි. අප්‍රිකාවේ වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් එලෙස දිවි පිදූ නායකයෙක් ලෙස පැට්‍රිස් ලුමුම්බා දැක්විය හැක. කොන්ගෝව 1960 වසරේදී බෙල්ජියමෙන් නිදහස ලබා ගැනීමෙන් පසු එහි පළමු අගමැති වරයා බවට පත් වන්නේ ලුමුම්බා ය. මොහු කොන්ගෝව බෙල්ජියමෙන් නිදහස් වීම සඳහා ගෙන ගිය සටනේ පෙරටුගාමියෙක් විය. මොහු සක්‍රීය දේශපාලන ජීවිතයකට ඇතුළත් වීමට පෙර රචකයෙක් හා ප්‍රජා සංවිධායකයෙක් විය. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ ලුමුම්බා පිළිබඳ කරුණු ඔබ වෙත ගෙන ඒමටයි.

ළමා කාලය

africanexponent.com

1925 වසරේ ජුලි මස 02 වන දින කොංගෝවේ katakokombe ප්‍රදේශයේ උපත ලද මොහු කොංගෝවේ ගොවි පවුලකට අයත් පුද්ගලයෙකු විය. මොහු Batetela ජන කණ්ඩායමට අයත් විය. ලුලුම්බාගේ පියා Francois Tolenga වූ අතර මව Julienne Wamato නම් විය. මොහුට සහෝදරයින් 3ක් හා එක් අඩ සොහොයුරෙකු සිටියේය. ලුමුම්බා ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇත්තේ කතෝලික මිෂනාරි පසලකයි. මොහු පාසල් කාලයේ සිටම සඟරා සඳහා ලිපි සැපයීම නිසා දේශපාලනය සඳහා උනන්දුව ගොඩ නැගී තිබුණි. පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු මොහු තැපැල් ලිපිකරුවෙකු ලෙස සේවය කළේය. පසුව බියර් වෙළෙන්දෙකු ලෙසද සේවය කළ මොහුට දේශපාලනය සඳහා උනන්දුවක් ඇති වී බෙල්ජියමේ නිදහස් පක්ෂයට බැඳෙන ලදි. මුලින්ම ඔහු එහි පක්ෂ ඉතිහාසය බෙදා හරින්නෙකු ලෙස කටයුතු කරන ලදි.

සක්‍රීය දේශපාලනය

en.rfi.fr

ලුමුම්බා තුළ තිබූ දැඩි දේශපාලන කැපවීම හා පෞරුෂත්වය හේතුවෙන් ඔහු පක්ෂය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත් විය. මොහු විවධ වෘත්තීය සංගම් රාශියක් සංවිධානය කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ අතර 1958 වසරේදී කොන්ගොලියානු ජාතික ව්‍යාපාරය නමැති පක්ෂය (MNC) පිහිටුවීමට දැක්වූයේය. ලුමුම්බාගේ කැපී පෙනෙන චරිත ලක්ෂණ නිසා මෙම පක්ෂය තුළ වැඩිකලක් යාමට පෙර ඔහු කැපී පෙනෙන්ට විය. මොහු මුළු රටේම ජනයා ඒකාබද්ධ කොට විවිධ ජන කොට්ඨාස වලට එකමුතු වී කටයුතු කිරීමට ආරාධනා කළේය. මොහු යටත්විජිත වාදී ධනවතුන්ගෙන් රට නිදහස් කර ගැනීම තම ප්‍රධාන අරමුණ කරගෙන කටයුතු කිරීමට ජනතාව දිරිමත් කරන ලදි.

ලුලුම්බාගේ රැඩිකල් වාදී අදහස් හා දිනෙන් දින වර්ධනය වන කීර්තිය නිසා MNC පක්ෂයේ ඇතැමුන් ඔහුට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. මේ හේතුවෙන් 1959 වසරේදී පක්ෂය කොටස් වලට කැඩී ගියේය. පක්ෂයේ ආරම්භක සාමාජිකයින් බොහෝ දෙනෙක් Albert Kalonji නමැති පුද්ගලයා ඔවුන්ගේ නියෝජිතයා විය යුතු බවට පවසා ඔහුට සහයෝගය ලබා දුන් අතර අනෙක් පිරිස ලුමුම්බාට සහයෝගය ලබා දෙන ලදි.  1959 වසරේ නොවැම්බර් මාසයේ ලුමුම්බාව සිර ගත කරන ලදි. මොහුට විරුද්ධව පැවති චෝදනාව වුයේ Stanleyville ප්‍රදේශයේ පැවති කැරලි කෝලාහල පැතිරවීමට අනුබල ලබා දීමයි. නමුත් බෙල්ජියමේ Brussels වල පැවති වට සාකච්ඡාව සඳහා සහභාගී වීමට මොහුට අවස්ථාව සලසා දෙන ලදි. මෙහිදී ඔහු ඉදිරිපත් කළ අදහස් වලින් ස්වාධීන කොන්ගෝ රාජ්‍යක් පිහිටුවීමට ඔහු තුළ තිබූ අධිෂ්ඨානය හොඳින් ප්‍රකට විය.

අගමැති බවට පත් වීම

africatopsuccess.com

1960 වසරේ ජුනි 30 වන දින ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජය බෙල්ජියමෙන් නිදහස ලබා ගත්තේය. නිදහසෙන් පසු මෙරට පළමු අගමැති බවට පත් වන්නේ ලුමුම්බා ය. අගමැති බවට පත් වන විට ඔහුගේ වයස අවුරුදු 35කි. මොහු අගමැති බවට පත් වීමත් සමඟ ඒ සඳහා තරඟ කළ අනෙකුත් ඉල්ලුම් කරුවන් අතර අවුල් සහගත තත්වයක් ඇති විය.

ලුමුම්බාට තම අගමැති ධූරයේ කටයුතු කිරීමට හැකි වූයේ ඉතා කුඩා කාල සීමාවක් පමණි. අගමැති බවට පත් වූ ලුමුම්බාට රටේ ඇති වූ හදිසි අවස්ථා කීපයකටම මුහුණ දීමට සිදු විය. මින් කීපයක් වන්නේ යුද හමුදාව විසින් සිදු කළ කැරැල්ල හා Katanga හා Southern Kasai යන ප්‍රාන්ත කොන්ගොවෙන්  ඉවත් වීමයි. ලුමුම්බා මෙම තත්ත්ව මැඩ පැවැත්වීමට සහය ලබා ගන්නා ලද්දේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙනි. නමුත් මෙම තත්වය පාලනය කිරීම සඳහා බලය භාවිතා කිරීම එක්සත් ජාතීන් විසින් ප්‍රතික්ෂේප කරන ලදි. මෙයින් බලාපොරොත්තු සුන් වූ ලුලුම්බා Katanga හා Southern Kasai ප්‍රාන්ත වලට විරුද්ධව හමුදාමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සෝවියට් සමූහාණ්ඩුවෙන් උපකාර ඉල්ලන ලදි. නමුත් මොහුගේ මෙම උත්සාහය අසාර්ථක වූයේ Kasavubu ජනාධිපතිවරයා විසින් 1960 දී ඔහුව ධුරයෙන් ඉවත් කිරීම නිසයි.

theconversation.com

නමුත් ජාතික සභාව විසින් ඔහුව නැවත අගමැති ධූරයේ පිහිටුවන ලදි. පසුව Colonel Mobutu විසින් මෙහෙයවන ලද කුඩා හමුදා කණ්ඩායමක් විසින් රාජ්‍ය පාලනය අතට ගන්නා ලදී. මොවුන් ලුමුම්බාව නිල නොලත් නිවසක අත්අඩංගුවේ තබා ගත්තේය.  තාවකාලිකව මෙයින් පැන යාමට ලුමුම්බාට හැකි විය. නමුත් 1960 වසරේ දෙසැම්බර් මස 1 වන දින ඔහුව නැවත අල්ලා ගන්නා ලදි.

මරණය

කෙසේ හෝ සෝවියට් සමූහාණ්ඩුව ලුමුම්බාව කඩිනමින් නිදහස් කරන ලෙස ඉල්ලමක් කළ අතර ඔවුන් මේ සඳහා මැදිහත් වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයටද ඉල්ලීමක් ඉදිරිපත් කළේය. නමුත් මේ උත්සහය සාර්ථක වුයේ නැත. පසුව ලුලුම්බාව Katanga ප්‍රදේශයට ගෙන ගියේය. 1961 වසරේ ජනවාරි 17 වන දින ලුලුම්බා සහ Maurice Mpolo හා joseph Okito යන තිදෙනා නීතියට පටහැනි ආකාරයෙන් මරණයට පත් කරන ලදි. මේ නිසා ලුමුම්බාගේ මරණය ජාත්‍යන්තර මත බේදයකට පවා තුඩු දුන්නේය.

කවරයේ පින්තුරය – youtube.com

Related Articles