Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව ප්‍රථම අගමැතිනිය – සිරිමාවෝ බණ්ඩාරනායක

වර්තමානයේ රටේ සියලුම ක්ෂේත්‍රවල පාහේ කාන්තා නියෝජනයන් දැකිය හැක. එය කම්කරු සේවයේ සිට නීතිඥ, වෛද්‍ය, ඉංජිනේරු වැනි වෘත්තීන් දක්වා පුළුල් පරාසයක පැතිර පවතී. අතීතයේදී දේශපාලන ක්ෂේත්‍රය තුළ කාන්තාවන් දැකිය හැකි වූයේ ඉතාමත්ම සුළු පිරිසකි. නමුත් වර්තමානය වන විට ව්‍යවස්ථාපිත නීති රීති මඟින්ම කාන්තාවන්ට දේශපාලනයට පිවිසීම සඳහා අවකාශය සලසා දී ඇත. ඒ අතරින් ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බිහි වන්නේ ලංකාව වැනි කුඩා රටකිනි. ඇය නමින් සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියයි. මෙම ලිපිය තුළින් අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ලාංකීය කාන්තාවක ලෙස ලොව ගෞරවාදරයට පාත්‍ර වූ සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය පිලිබඳවයි.

ළමා කාලය

thefamouspeople.com

සිරිමා රත්වත්තේ නමින් වර්ෂ 1916 අප්‍රේල් මස 16 වන දින උඩරට රදළ පවුලක උපත ලැබූ ඇය  ඉගනුම ලබා ඇත්තේ කොළඹ පිහිටි රෝමානු කතෝලික පාසලක වේ. මැයගේ පියා Barnes ratwatte වූ අතර මව රොසලින් කුමාරිහාමි නම් විය. මැයට බාල සහෝදරියෙක් හා සහෝදරයන් හතර දෙනෙකි. දේශපාලනයට පිවිසීම සඳහා වටපිටාව ඇගේ පවුලෙන්ම නිර්මාණය වී තිබුණි. ඊට හේතුව වූයේ සිරිමාවෝ මහත්මියගේ පියා සෙනට් සභාවේ හා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකු වීමයි.

සිරිමාවෝ මහත්මිය දේශපාලනයට පිවිසීම

S.W.R.D බණ්ඩාරනායක මහතා සමඟ විවාහ දිවියට එළඹුන සිරිමාවෝ මහත්මිය 1940 පමණ සිට සමාජ සුබසාධන කටයුතු වල නිරත වීම ආරම්භ කළාය. සිරිමාවෝ මහත්මියගේ සැමියා 1956 වසරේදී ශ්‍රී ලංකාවේ අගමැති බවට පත් වුවත් 1959 වසරේදී පිරිසක් සිදු කළ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස ඔහුව මරා දමන ලදි. මිය යන විට ඔහු සේවය කළ දේශපාලන පක්ෂය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි(SLFP). මෙම මරණයත් සමඟ පක්ෂ සාමාජිකයින් විසින් තම පක්ෂයේ නායකත්වයට පැමිණෙන ලෙස සිරිමාවෝ මහත්මියට ආරාධනා කරන ලදි. පසුව 1960 වසරේ පැවැත්වූ ඡන්දයෙන් තීරණාත්මක ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිනිය බවට පත් වූවාය.

දේශපාලනය ජීවිතය

dailynews.lk- (ශ්‍රී ලංකාවේ පළමු ආණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මැතිතුමා සමඟ)

තම ස්වාමියා ආරම්භ කර තිබූ සමාජීය ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති, ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමේදී අපක්ෂපාතිත්වය, බෞද්ධ ආගම නගා සිටුවීමේ ප්‍රතිපත්ති, සිංහල භාෂාව හා සංස්කෘතිය නගා සිටුවීමේ ප්‍රතිපත්ති සිරිමාවෝ මහත්මිය එලෙසම ක්‍රියාත්මක කරගෙන යනු ලැබුවාය. මැයගේ ආණ්ඩුව විසින් විවිධ වෙළඳ ව්‍යාපාර රජයට පවරා ගැනීම සිදු කරන ලදි. මීට අමතරව ලංකාවේ රාජ්‍ය භාෂාව ලෙස සිංහල භාෂාව නම් කිරීම සිදු විය.

1964 වසරේ පැමිණි ආර්ථික අර්බුදය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකා සමසමාජ පක්ෂය සමඟ ඒකාබද්ධ වීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා තිබූ ජනතා සහයෝගයේ අඩුවීමක් දක්නට ලැබුණි. මෙලෙස ඒකාබද්ධ වී නිර්මාණය කරගත් පක්ෂය වූයේ ඒකාබද්ධ පෙරමුණයි(united front). මේ හේතුවෙන් 1965 වසරේ පැවති මහා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජයට පත් විය. කෙසේ හෝ 1970 වසරේ පැවතී ඡන්දයෙන් නැවත ඒකාබද්ධ පෙරමුණ බලයට පත් විය. මින් පසු සිරිමාවෝ මහත්මිය රැඩිකල්වාදී තීරණ බොහොමයක් ගත්තාය. මොවුන් ස්ථාපනය කරන ලද ආර්ථික ප්‍රතිපත්ති අනුව සියලුම ව්‍යාපාර සඳහා රාජ්‍ය අය කිරීමක් ලබා ගත් අතර ඉඩම් ප්‍රතිසංස්කරණ ක්‍රියාවන් හා පුද්ගලික ව්‍යාපාර රජයට පවරා ගැනීම තව දුරටත් සිදු කරන ලදි. මෙම ආණ්ඩුව සිදු කළ වැදගත්ම කාර්යය වන්නේ පැවති සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීමයි. මේ නිසා ශ්‍රී ලංකාව ස්වෛරී, ස්වාධීන සමූහාණ්ඩුවක් බවට පත් විය.

gettyimages.ae (සිරිමාවෝ මැතිනියගේ මිතුරියක වූ ඉන්දියාවේ අගමැතිනියව සිටි ඉන්දිරා ගාන්ධි සමඟ)

සිරිමාවෝ මහත්මිය ප්‍රමුඛ ආණ්ඩුව සමාජයේ පැවති විෂමතාවයන් ඉවත් කිරීමට කටයුතු කරන ලදි. සිංහල බෞද්ධ ජනයාගේ සුබසිද්ධිය උදෙසාද විශාල සේවාවක් සිදු කළේය. මොවුන් අනෙකුත් ජාතින් කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදැක්වීම හා දැඩි ආර්ථික නීති පැනවීම නිසා 1977 වසරේ පැවති  ඡන්දයෙන් මොවුන්ට ලබා ගත හැකි වූයේ ආසන 8ක් පමණි.

දරුවන්ගේ දේශපාලන සම්ප්‍රාප්තිය

සිරිමාවෝ මහත්මියගේ දරුවන් පසුකාලීන දේශපාලනය තුළ වැදගත් චරිත බවට පත් විය. ඇයගේ පුතා වන අනුර බණ්ඩාරණායක මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ 1977 වසරේදී ය. ඇයගේ දියණියක් වන චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මිය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා දේශපාලනයට පිවිසුණාය. 1978 වසරේදී ලංකාවේ ප්‍රසිද්ධ චිත්‍රපට නළුවෙකු වූ විජය කුමාරතුංග සමග මැය විවාහ වූ අතර 1988 වසරේදී විජය කුමාරතුංගගේ මරණයත් සමඟ කුමාරතුංග මහත්මිය නැවත තම මවගේ පක්ෂයට එකතු වූවාය.

scmp.com (බණ්ඩාරනායක පවුල)

චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මිය තම මවගේ පක්ෂයට එක් වීමෙන් පසු පැවති 1994 ඡන්දයෙන් එම පක්ෂය ජයග්‍රහණය කරන ලදි. එහිදී ලංකාවේ අගමැතිනිය බවට පත් වූයේ චන්ද්‍රිකා මහත්මියයි. එම වසරේම නොවැම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකාවේ ජනාධිපතිනිය බවට පත් වූවාය. චන්ද්‍රිකා මහත්මිය තමාගේ ආණ්ඩුවේ අගමැතිනිය බවට සිරිමාවෝ මහත්මිය පත් කළාය.  සිරිමාවෝ මහත්මියගේ වැඩිමහල් දියණිය වන සුනේත්‍රා බණ්ඩාරණායක මහත්මිය සමාජ සේවය සඳහා කැප වී කටයුතු කරන්නීය. ඇය බොහෝ විට තම කාලය වෙන් කලේ ආබාධිත දරුවන් සමග කටයුතු කිරීමටයි.

සිරිමාවෝ බණ්ඩාරණායක මහත්මියගේ අගය කළ යුතු ගති ලක්ෂණ

සිරිමාවෝ මහත්මියගේ අගය කළ යුතු නායකත්ව ගති ලක්ෂණ බොහොමයක් දැකිය හැක. 1977 වසරේ ඡන්දය පරාද වීමත් සමග ඇය අභියෝග රාශියකට මුහුණ දුන්නාය. සිරිමාවෝ මහත්මිය ප්‍රජාතන්ත්‍රවාදය දැඩි ලෙස අගය කළ කාන්තාවකි. ඒ බව 1962 වසරේ ඉහළ හමුදා නිලධාරීන් විසින් සිදු කළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය හා 1971 උද්ගත වූ තරුණ අසහනය මැඩ පැවැත්වීමට සිරිමාවෝ මහත්මිය ක්‍රියා කළ ආකාරයෙන් අවබෝධ වේ. ලංකාවේ දේශපාලන පක්ෂ ඒකාබද්ධ කිරීමේ හැකියාව පෙන්වා දුන් මැය ඒකාබද්ධ දේශපාලනයක් සඳහා ද මාර්ගය සකස් කරනු ලැබුවාය. මානුෂීය ගතිගුණ වලින් ඉහළ තැනක සිටි සිරිමාවෝ මහත්මිය 2000 වසරේ ඔක්තෝම්බර් මස 10 වන දින මෙලොවින් සමු ගත්තාය.

කවරයේ පින්තුරය – the8percent.com

Related Articles