Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොබෙල් සම්මාන ලත් ඇමරිකානු ජනපති – තියඩෝර් රූස්වෙල්ට්

ලෝකයේ බලවතා ලෙස සැලකෙන ඇමරිකාවේ රාජ්‍ය නායකයා බවට පත්වීම එතරම් ලෙහෙසි කාර්යයක් නොවේ. ලෝක බලවතාගේ ජනපති බවට පත් වූ පුද්ගලයින් අතරින් සුවිශේෂී පුද්ගලයෙක් ලෙස තියඩෝර් රූස්වෙල්ට් මහතා දැක්විය හැක. පාරිසරික ක්‍රියාකාරිකයෙකු, යුද හමුදා නායකයෙකු, අග්‍ර ආණ්ඩුකාරවරයෙකු හා ඇමරිකානු ජනපති ලෙස ක්‍රියා කල මොහු ලෝකයේ වැඩිපුරම ප්‍රසිද්ධියට පත් වුයේ ඔහු විදේශිකයන් කෙරේ අනුගමනය කළ විදේශ ප්‍රතිපත්ති, වාණිජමය ප්‍රතිසංස්කරණ, හා පාරිසරික ආරක්ෂණ වැඩපිළිවෙළ වල් හේතුවෙනි. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ තියඩෝර් රූස්වෙල්ට් මහතා පිළිබඳ කරුණු ඔබ වෙත ගෙන ඒමටයි.

ළමා කාලය

Image Credit: mashable.com

තියඩෝර් රූස්වෙල්ට් මහතා ඉපදී ඇත්තේ 1858 වසරේ ඔක්තෝම්බර් මස 27 වන දින නිව්යෝර්ක් නගරයේදීය. මොහු දරුවන් හතර දෙනෙකු සිටින පවුලේ දෙවන දරුවා විය. ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු  වූ මොහුගේ පියා මහජන හිතකාමී පුද්ගලයෙක් විය. ඔහුගේ මව වහලුන් උරුම ධනවත් වතු හිමි පවුලකින් පැවත ආ තැනැත්තියක් විය. තියඩෝර් රූස්වෙල්ට් මහතාට අධ්‍යාපනය ලබා දෙන ලද්දේ පෞද්ගලික ගුරුවරුන් විසිනි. ළමා කාලයේදී රූස්වෙල්ට් මහතා දරුණු ලෙස ඇදුම රෝගයෙන් පීඩා විඳින ලදී. මොහුගේ දුර්වල ඇස පෙනීම නිසාද මොහු ජීවිත කාලය පුරාම පීඩාවට පත් විය.  කුඩා කල සිටම ඉතා දක්ෂ සිසුවෙකු වූ මොහු තම උපාධිය ලබා ගන්නා ලද්දේ හාර්වඩ් විශ්ව විද්‍යාලයෙනි. පසුව columbia විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනයට යොමු වුවත් කෙටි කලකින් එය අතහැර තම දේශපාලන ජීවිතය ආරම්භ කරන ලදි.

දේශපාලන ජීවිතය

Image Credit: loa.org

දේශපාලන දිවියට පිවිසීමත් සමඟ තියඩෝර් රූස්වෙල්ට් මහතා නිව්යෝර්ක් නගරයේ මන්ත්‍රණ සභාවට වසර තුනක කාල සීමාවක් තේරී පත් වන ලදි. 1884 වර්ෂයේ මොහුගේ අසනීප තත්වයන් හා බිරිඳගේ මරණය නිසා රූස්වෙල්ට් මහතා කෙටි කාලයක් තම දේශපාලන ජීවිතයෙන් ඈත්ව සිටියේය. මොහුට badland ප්‍රදේශයේ තම පියාගෙන් විශාල ගව ගොවිපළක් උරුම වූ අතර බොහෝ කාලයක් එම ප්‍රදේශයේ ජීවත් වීමට අදහස් කර ඇත. නමුත් 1886 වසරේදී මොහු නැවතත් නිව්යෝර්ක් බලා පැමිණියේය. එහිදී තම දෙවන විවාහය කර ගත් මොහු නැවත දේශපාලන දිවියට අවතීර්ණ විය.

1889 වසරේ ඡන්දයෙන් පසු හැරිසන් ජනපති විසින් රූස්වෙල්ට් මහතාව සිවිල් සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස නම් කෙරිණ. පසුව ඔහු මෙම කොමිෂන් සභාවේ සභාපතිවරයා බවට පත් විය. මොහු 1897 වසරේදී ඔහු Mckinley ජනපතිගේ ආණ්ඩුව යටතේ නාවික හමුදාවේ සහකාර ලේකම්වරයෙකු ලෙස වැඩ භාර ගන්නා ලදි. මෙම ධුර කාලය තුළදී කියුබානු යුද්ධය සඳහා අවශ්‍ය පියවර ගැනීමට මොහු සක්‍රියව දායකත්වය දැක්වූයේය. 1898 වසරේ යුද්ධය ආරම්භ වීමත් සමඟ මොහු කියුබාවට ගියේ රෙජිමේන්තු ප්‍රධානියෙකුගේ කර්නල්වරයෙකු වශයෙන් කටයුතු කිරීමටයි.

Image Credit: history.com

1898 වසරේදී මොහු නිව්යෝර්ක් ප්‍රාන්තයේ අග්‍රාණ්ඩුකාර වරයා ලෙස තේරී පත් විය. ඔහුගේ ධුර කාලය තුළදී ප්‍රබල ව්‍යාපාරික හිතකාමී ගති ලක්ෂණ පෙන්නුම් කළ මොහු 1900 වසරේදී නැවත තේරී පත් වෙතැයි අපේක්ෂා කරන ලද්දේ ඔහු ආරම්භ කළ වැඩවලින් බොහොමයක් අර්ධ වශයෙන් නිම කර ඇති නිසාවෙනි. කෙසේ හෝ 1904 වසරේදී රූස්වෙල්ට් මහතා ඇමරිකානු ජනපති බවට තේරී පත් විය.

ඇමරිකානු ජනපති වීම

ඇමරිකානු ජනපති බවට පත් වූ රූස්වෙල්ට් මහතා තම රට වෙනුවෙන් කළ ක්‍රියාවන් අතරින් “square deal” කැපී පෙනේ. මෙමගින් ඇමරිකානු සමාජයේ විවධ අංශ ප්‍රතිසංස්කරණය කරන ලදි. එලෙස ප්‍රතිසංස්කරණයට ලක් කළ අංශ ලෙස ඇමරිකානු සේවා ස්ථාන, කර්මාන්ත හා පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ රජයේ රෙගුලාසි ආදිය දැක්විය හැක. මෙම ප්‍රතිසංස්කරණ වල අරමුණ වුයේ සියලුම සමාජ පන්ති වල මිනිසුන් හට උපකාර කිරීමයි. මීට අමතරව රූස්වෙල්ට් මහතා මහජන සම්බන්ධතා ගොඩනැගීමේ විශාල කාර්යයක නිරත වන ලදි. මීට අමතරව මොහු ඇමරිකානු නාවික හමුදාව ඒකරාශී කර නාවික බල ඇණියක් සකස් කර ඇත. එය හඳුන්වන ලද්දේ “ Great White Fleet” ලෙසයි.

Image Credit: youtube.com

ඔහු කළ තවත් කාර්යයක් වන්නේ පැනමා ඇල නිර්මාණය සඳහා අවශ්‍ය අරමුදල් සපයමින් එහි වැඩ නිම කිරීම කඩිනම් කිරීමයි. 1906 වසරේදී මොහුට සාම නොබෙල් ත්‍යාගය ලබා දෙන ලදි. ඒ Russo-Japanese යුද්ධය වෙනුවෙන් සමථ කිරීමේ කාර්යයේ නිරත වීම හේතුවෙනි.

අන්තර්ජාතික මැදිහත් වීම් කෙරෙහිද රූස්වෙල්ට් මහතා අවධානය යොමු කර ඇත. එහි ප්‍රතිපලයක් ලෙස ඔහු ස්ථාපනය කළ “Monroe Doctrine” දැක්විය හැක. මේ මගින් ලතින් ඇමරිකානු හෝ වෙනත් රාජ්‍යයක් විසින් සිදු කරන වැරදි ක්‍රියාවක් සඳහා මැදිහත් වීමට ඇමරිකාවට අවස්ථාව ලබා දේ. ඇතැම් විවේචකයින්ගේ මතය වන්නේ මේ තුළින් ඇමරිකාව බටහිර ලෝකයේ පොලීසිය බවට පත් වන බවයි. මොහු වර්ණබේද වාදය නැති කිරීමට හා කාන්තාවන්ට ඡන්ද අයිතීන් ලබා ගැනීමට සහයෝගය දැක්වූයේය. දකුණු ඇමරිකාවේදී තැපැල් මහතෙකු වශයෙන් සේවයේ නිරත වන අතරතුර වර්ණභේද වාදයෙන් දැඩි පීඩාවට පත් Minnie Cox නමැති පුද්ගලයා ආරක්ෂා කිරීමට පවා රූස්වෙල්ට් මහතා කටයුතු කළේය. මීට අමතරව ධවල මන්දිරය සඳහා මුල්ම වරට අප්‍රිකානු ඇමරිකානුවෙක් වන Booker T Washinton මහතා ගෙන එන ලද්දේ මොහු විසිනි.

හැඳින්වූ අන්වර්ථ නාමයන්

Image Credit: thoughtco.com

තියෝඩර් රූස්වෙල්ට් මහතාව විවධ නාමයන්ගෙන් හඳුන්වන ලදී. ඒවායින් කීපයක් නම්

  • සතුටු යුද භටයා ( the happy warrior)
  • විශ්වාසදායි මිනිසා ( the trust buster)
  • ගොරෝසු අශ්වාරෝහකයා ( the rough rider)
  • පැරණි සිංහයා ( the old lion)
  • Teddy
  • The great white chief
  • The man on horseback.

ජීවිතයේ අවසාන කාලය

රූස්වෙල්ට් මහතා කුඩා කාලයේදී ඔහුට ඇත්තේ දුර්වල හදවතක් බව වෛද්‍යවරුන් සොයා ගෙන තිබුණි. ඒ හේතුවෙන් මොහුට වෙහෙස මහන්සි වී වැඩ නොකරන ලෙසට අවවාද කර තිබුණත් ඔහු ක්‍රියාශීලි ජිවිතයක් ගත කළේය. කෙසේ හෝ මොහු 1919 වසරේ ජනවාරි මස 6 වන දින නින්දේදීම මරණයට පත් විය. මිය යන විට වයස අවුරුදු 60 පසුවූ මොහුගේ දේහය වල දමන ලද්දේ youngs memorial සුසාන භුමිය තුළයි.

කවරයේ පින්තුරය – biography.com

Related Articles