Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සනී ලියෝන්ගේ ජීවිතයේ නොදුටු පැත්ත

සනී ලියොන් හැඳින්වෙන්නේ ඉන්දියානු සිනමාවේ ගිනි සිළුව ලෙසටයි. සරාගී චරිත නිරූපණයට ප්‍රකටව සිටින ඇය බොලිවුඩ් සිනමාව වෙනත්ම තලයකට රැගෙන ගිය නිළියක් වශයෙන් සැලකෙනවා. සනී සම්බන්ධයෙන් පසුගියදා අලුත්ම පුවතක් වාර්තා වුණා. ඒ ඇය නිවුන් දරු  දෙදෙනකුගේ මවක් වූ බවයි.

wallpaper.wik

සනීගේ සාර්ථක විවාහය

මේ වන විට 36 වැනි වියේ පසුවන සනී ලියොන් විවාහ වී සිටින්නේ 39 හැවිරිදි  ඩැනියෙල් වෙබර් සමගයි. සනී ගේ සැමියා මෙන්ම ව්‍යාපාරික සහකරුද වන ඩැනියෙල් ඇගේ කළමනාකරු ලෙස සැලකෙනවා. සනී ලියොන් ජනප්‍රිය නිල් සිනමා නිළියක් වන අතර ඇගේ සැමියා වන ඩැනියෙල් ද නිල් සිනමාපට නළුවකු මෙන්ම අධ්‍යක්ෂකවරයකු ලෙස ක්‍රියා කර තිබෙනවා. ඔවුන් දෙදෙනා විවාහ වී ඇත්තේ 2011 වසරේදීයි.

ඩැනියෙල් යනු සිය සාර්ථකත්වයේ රහස බව සනී මාධ්‍ය ඉදිරියේ පවසා ඇත්තේ වරක් දෙවරක් නොවේ. සනී ට ලැබෙන සියලුම රංගන ආරාධනා ඩැනියෙල් වෙත යොමු කෙරෙන අතර සනී එම සිනමාපට සඳහා එකඟතාවය ප්‍රකාශ කරන්නේ ඩැනියෙල් එහි තිර රචනය අනුමත කළ පසු බවත් පැවසෙනවා. ඩැනියෙල් සහ සනී අතර ඇති අන්‍යොන්‍ය අවබෝධය නිසා ඇයට සිය සරාගී රංගන ජීවිතය ගැටුමකින් තොරව  පවත්වාගෙන යාමට හැකි වී ඇති බවත් සත්‍යයක්.

indiatoday.in

දුගී දැරියකගේ මවක වීම

සනී මේ මස මුලදී  බිහිකළ නිවුන් දරු දෙදෙනා නම්කර ඇත්තේ අෂර් සිං වෙබර් සහ නෝවා සිං වෙබර් යන නමෙනුයි. මීට පෙර සනී සහ ඩැනියෙල් විසින් වෙනත් දුගී පවුලක කුඩා දැරියක වෙනුවෙන් මවක සහ පියෙකු වීමට තීරණය කළ බවත් ප්‍රකට කරුණක්. මේ වනවිට වෙබර් පවුලේ වැඩිමහලු දියණිය ලෙස සැලකෙන ඇය නම් කර ඇත්තේ නිශා කවුර් වෙබර් යන නමෙන්. නිශා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ලටුර් නම් ගමක දුගී පවුලක දැරියක් වීම විශේෂත්වයක්.

දක්ෂතම හොකී ක්‍රීඩිකාව

පන්ජාබ් සම්භවයකින් පැවත එන සනී උපත ලබා ඇත්තේ කැනඩාවේ දියි. ඇගේ පළමු නාමය කරන්ජිත් කවුර් වොහ්රා බවත් පැවසෙනවා. පාසල් සමයේ දක්ෂ මලල ක්‍රීඩිකාවක් වූ ඇය පසු කලෙක බේකරියක මෙන්ම ආදායම් බදු දෙපාර්තමේන්තුවකද කෙටි කාලීන රැකියා වල නිරතව තිබෙනවා. එවකට ඇගේ මිතුරන් සියල්ලම පාහේ පිරිමි ළමුන් වූ අතර ඔවුන්ගේ කල්ලියේ දක්ෂතම හොකී ක්‍රීඩිකාව ලෙස සැලකුණේ ද ඇයයි.

pjnewslive.com

හෙදියක වීමට සිතූ සනීගේ නිල චිත්‍රපට සම්ප්‍රාප්තිය

හෙදියක වීමේ අරමුණෙන් වැඩිදුර අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටි ඇගේ ජීවිතයේ තීරණාත්මක සන්ධිස්ථානය බවට පත් වුණේ ප්‍රකට ඡායාරූප ශිල්පී ජේ. ඇලන් හඳුනා ගැනීමයි.

ඉතාම ඉක්මනින් කැනඩාවේ සඟරා ගණනක කවරවල සනී ගේ රුව පළවූ අතර කෙමෙන් ඒවායේ  ඇඳුම් ප්‍රමාණය අඩු වූයේ ඇගේ නම ඉදිරියේ සරාගී ලේබලයක් ද අලවමිනුයි. 2001 වසරේදී Penthouse Pet සම්මානය සමග හිමිවූ ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදල සනීට සිය අනාගතය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම පහසු කළ අතර ඉන්පසු එළඹුණේ සනීගේ දිවියේ නිල් සිනමා පට අවධියයි.

‘මැක්සිම්’ යන අන්වර්ථ නාමයෙන්ද නිල් සිනමා ලෝකයේ ජනප්‍රිය වූ සනී 2010  වසරේදී ලොව වැඩිම ආදායමක් ලැබූ නිල් සිනමා නිළියන් අතරටද තේරුණා. එවකට ඇගේ පෙම්වතා මැට් එරික්සන් නම් ජනප්‍රිය නිල් සිනමාපට නළුවා වූ අතර සනීගේ දිවිය වඩාත් සාර්ථක වුණේ ඩැනියෙල් වෙබර් ඇගේ පෙම්වතා බවට පත්වූ පසුවයි.

indiatoday.in

නිල් සිනමාපට සමාගම

ඔවුන් දෙදෙනා එක්ව Sunlust Pictures නම් නිල් සිනමාපට සමාගම ඇරඹු අතර එමගින් නිර්මාණය කෙරුණු සිනමාපට බොහොමයක තිර රචනය සහ අධ්‍යක්ෂණය සිදු කෙරුණේ ද සනී සහ ඩැනියෙල් අතිනුයි. වැඩිහිටියන්ට පමණක් සීමාවූ සිනමාපට සඳහා සම්මාන පිදෙන AVN සම්මාන උළෙලේදී වාර ගණනාවක් සනී රඟපෑ නිර්මාණ ඇගයීමට ලක් වීමත් විශේෂත්වයක්.

බොලිවුඩයේ ලද ජනප්‍රියත්වය

සනී පළමු වරට බොලිවුඩ් සිනමාවට පිවිසුනේ පුජා භාත් අධ්‍යක්ෂණය කළ jism 2 සිනමා පටයෙන්. එහෙත් ඊට පෙර ඇය ගැන ඉන්දියානු මාධ්‍ය වල වැඩි අවධානයක් යොමු වුණේ 2011 වසරේදී ඇය සුප්‍රකට BIG BOSS වැඩසටහනට සහභාගි වීම හේතුවෙනුයි. ඉන්පසු සනී බොලිවුඩයට නැතිවම බැරි නිළියක් බවට පත්වූ අතර Jackpot (2013), Ragini MMS 2 (2014) and Ek Paheli Leela (2015) ආදී සිනමාපට වලින්ද ඇයට විශාල ජනප්‍රියතාවයක් හිමිවුණා. මේ වන විට ඇය ඉන්දියානු සිනමාපට විසි පහකට වැඩි ගණනක චරිත නිරූපණය කර තිබීමත් විශේෂත්වයක්. ඒ අතරට කන්නඩ,දමිල සහ තෙලිඟු සිනමාපටද අයත්. එසේම බංගලාදේශ සිනමාපටයක මෙන්ම උතුරු ඇමෙරිකානු සිනමාපට ගණනාවකටද ඇය රංගනයෙන් දායක වී තිබෙනවා.

moviesongs.com

සනීගේ ලේඛන හැකියාව

රංගනයට අමතරව ලේඛනයටද විශේෂ දක්ෂතාවයක් දක්වන සනී 2016 වසරේදී Sweet Dreams යන නමින් අන්තර්ජාල නවකතාවක්ද පල කළ අතර එය විචාරකයන්ගේ සහ මාධ්‍යවල විශේෂ ඇගයීමට ලක් වුණා.

සනීගේ ඉටි පිළිරුවක් සුප්‍රකට මැඩම් තුසෝඩ්ස්  කෞතුකාගාරයේ ද දක්නට ලැබෙන අතර අන්තර්ජාලයේ වැඩිම දෙනෙක් විසින් සොයනු ලැබූ  ඉන්දියානු නිළිය ලෙසත් ඇය සැලකෙනවා.

සමාජ සත්කාරවලට ලැදියාව

සරාගී පෙනුමකින් යුතු වුවත් සනී ලියොන් යනු ඉතාම සංවේදී හදවතක් සහ පුළුල් අවබෝධයක් සහිත කාන්තාවක් බව ඇගේ සමීපතම මිතුරියක් මෙන්ම ජනප්‍රිය නිළියක්ද වන  ශෙර්ලින් චොප්රා පවසනවා. සමාජ සේවා සඳහා නොමසුරුව ආධාර කරන සනී ඒ වෙනුවෙන් දැඩි කැමැත්තක් දක්වන්නියක් බවද ප්‍රකට කරුණක්. මේ වන විට මුම්බායේ කුඩා පාසලක් සඳහා අනුග්‍රහය දක්වන ඇය,අසරණ වයස්ගත යුවළ කිහිපයකටද මාස්පතා මුදලින් ආධාර කරන්නියක්.

එසේම ඇය  ඉතා හොද බිරිඳක බවත් ඇගේ සමීපතමයන් පවසනවා. ඇය ඩැනියෙල් සමග  දිවි ගෙවීම අරඹා මේ වන විට වසර දහයක් වන නමුත් ඒ කාලය තුළ වෙනත් කිසිදු ආදර සම්බන්ධයක් පවත්වා නැහැ.’නිල් සිනමාපට රංගනය මගේ වෘත්තීය තමයි, ඒත් සදාකාලයටම මගේ ආදරය හිමි ඩැනියෙල්ට විතරයි’ යනුවෙන් ඇය පවසනවා.

topcount.co

ඇය සිය ජීවිත කතාව ඇසුරෙන් සිනමාපටයක් නිර්මාණය කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවත් මෑතකදී වාර්තා වුණා. කරන්ජිත් ලෙස නම් කර ඇති එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙත් ඇය විසිනුයි.

cover- dnaindia.com

මූලාශ්‍ර

economictimes.indiatimes.com/
torontosun.com
canoe.com
indiatoday.in
topcount.co

Related Articles