Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දිවි ගමන නිමා කළ පාපන්දු පුරාවතක මතක සටහන්

එඩ්සන් අරන්ටෙස් ඩෝ නසිමෙන්ටෝ හෙවත් සුවහසක් පාපන්දු ලෝකය පුරාවට ම ‘පේලේ’ යන අන්වර්ථ නාමයෙන් ජනප්‍රිය වූ සුවිශේෂී ක්‍රීඩකයා අද (30) අලුයම තම ජීවන ගමන නිමා කළා. මිය යන විට 82වැනි වියේ පසු වූ ඔහු වසර කිහිපයක් වකුගඩු සහ උදරය ආශ්‍රිත රෝග සමඟින් කලෙක පටන් සටන් කළ ඔහු අවසානයේ දී බ්‍රසීලයේ සාඕ පාලෝ හි රෝහලක දී අවසන් හුස්ම හෙළුවා. දින ගණනාවක පටන් ම පේලේ ගේ රෝගී තත්ත්වය උත්සන්න වෙමින් තිබූ නිසා පාපන්දු ප්‍රේක්ෂකයන් රැසක් ම ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින් සිටියා.

වයස අවුරුදු 17 දී පාපන්දු ලෝක කුසලාන තරගාවලියට

බ්‍රසීලයේ දී 1940 ඔක්තෝබර් මස 23 වැනි දා උපත ලැබූ ඔහු 1958 වර්ෂයේ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී ම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබුවා. එවිට පේලේ ගේ වයස අවුරුදු 17 ක් තරම් වීම ද විශේෂත්වයක්. එවර ලෝක කුසලානයේදී ප්‍රබල ප්‍රංශයට එරෙහි ව ගෝල ත්‍රිත්වයක් සහ අවසන් තරගයේ දී ස්වීඩනයට එරෙහි ව ගෝල දෙකක් ලබා ගනිමින් ඔහු විශිෂ්ට දස්කම් දැක්වූවා.

පේලේ – www.japantimes.com

අදටත් පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයක ගෝලයක් ලබා ගත් ළා බාලත ම ක්‍රීඩකයා යන වාර්තාව ද පේලේ සතු යි. 1958 දී මංගල පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලය වෙනුවෙන් දිනා දුන් පේලේ 1962 සහ 1970 පාපන්දු ලෝක කුසලානය දිනා ගත් බ්‍රසීල කණ්ඩායම් ද නියෝජනය කළා. පාපන්දු ලෝක කුසලාන ත්‍රිත්වයක් ජයග්‍රහණය කළ ඉතිහාසයේ එක ම ක්‍රීඩකයා වන්නේ ද පේලේ යි.

පාපන්දු දිවියේ සමස්ත ගෝල 1279 ක්

තම පාපන්දු දිවියේ සමස්ත ගෝල 786 ක් සහ සුහද තරග ද ඇතුළත් වූ පසු ගෝල 1279 ක් ඔහු වාර්තා කළා. ඇතැම් තැන්වල මෙය ගෝල 1281 ක් සහ 1283 ක් වශයෙන් ද සටහන් වෙනවා. බ්‍රසීලය වෙනුවෙන් තරග 92ක දී පේලේ ලබා ගත් ගෝල සංඛ්‍යාව 77 ක්. පසුගිය ලෝක කුසලානයේ දී නෙයිමාර් මෙම වාර්තාව සම කළ අතර ම තවමත් එය නෙයිමාර් සහ පේලේ අතරේ බ්‍රසීලය වෙනුවෙන් වැඩි ම ජාත්‍යන්තර ගෝල සම වාර්තාව ලෙස පවතිනවා.

ඔහු දැක්වූ එකී දස්කම් ගොන්න නිසා ම ජාත්‍යන්තර පාපන්දු ෆෙඩරේෂණය හෙවත් FIFA පේලේ 20 වන සියවසේ විශිෂ්ටත ම පාපන්දු ක්‍රීඩකයා ලෙසින් නම් කළා. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව 20 වන සියවසේ ක්‍රීඩකයා බවට පේලේ නම් කරද්දී 20 වන සියවසේ ලොව බිහිවූ විශිෂ්ටත ම මිනිසුන් 100 දෙනාගේ ලැයිස්තුවට ඔහු ඇතුළත් කිරීමට ටයිම් සඟරාව කටයුතු කළා.

20 වන සියවසේ විශිෂ්ටත ම පාපන්දු ක්‍රීඩකයා

මේ ආකාරයෙන් ලෝකයේ ම ගෞරවයට සහ ආදරයට පාත්‍ර වූ, වාර්තා රැසක හිමිකරුවෙක් වූ පෙලේ හෙවත් බ්‍රසීල කළු දියමන්තියේ ජීවිතයේ සුවිශේෂී අවස්ථා කිහිපයක් ඡායාරූප මඟින් විස්තර කිරීමට අප සිතුවා.

1958 වර්ෂයේදී 17 හැවිරිදි ළා බාල ක්‍රීඩකයෙක් ලෙසින් ක්‍රීඩා කරන පේලේ – www.gettyimages.com

ඔහු 1958 වර්ෂයේ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී ම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලැබුවා. එවිට පේලේ ගේ වයස අවුරුදු 17 ක් තරම් වීම ද විශේෂත්වයක්


1958 ලෝක කුසලානයේ බ්‍රසීලය සහ වේල්සය අතර පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේ එකම සහ ජයග්‍රාහී ගෝලය පේලේ වාර්තා කළා – www.gettyimages.com

1958 ලෝක කුසලානයේ බ්‍රසීලය සහ වේල්සය අතර පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේ එක ම සහ ජයග්‍රාහී ගෝලය පේලේ වාර්තා කළා. එම ගෝලය රැස් කිරීමෙන් අනතුරුව පේලේ වටා එක්ව සිටිනා කණ්ඩායම් සාමාජිකයන් මෙම ඡායාරූපයෙන් දැක්වෙනවා.

1958 ලෝක කුසලාන අවසන් තරගයේදී පේලේ තම පළමු ගෝලය වාර්තා කළ අවස්ථාව (මෙය බ්‍රසීලයේ තෙවන ගෝලය ද වූවා. අදටත් පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයක ගෝලයක් ලැබූ ළාබාලත ම ක්‍රීඩකයා යන වාර්තාව මෙම ගෝලයට හිමියි.)


1958 පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලය ජයග්‍රහණය කිරීමෙන් අනතුරු ව පේලේ වටකරගෙන සිටින බ්‍රසීල ප්‍රේක්ෂකයෝ – www.gettyimages.com

1958 ලෝක කුසලානය බ්‍රසීලය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පේලේ වටකරගෙන සිටින බ්‍රසීල ප්‍රේක්ෂකයෝ. (මෙම තරගයේ දී සත්කාරක ස්වීඩනය පරාජයට පත් කිරීම උදෙසා පේලේ ගෝල 2ක් වාර්තා කළා.)


1962 දී සැන්ටෝස් සමඟ ක්‍රීඩා කරමින් ලෝක ක්‍රීඩා සමාජ ශූරතාවය ජයග්‍රහණය කිරීමට පේලේ සමත් වුණා – www.gettyimages.com

1962 දී සැන්ටෝස් සමඟ ක්‍රීඩා කරමින් ලෝක ක්‍රීඩා සමාජ ශූරතාව ජයග්‍රහණය කිරීමට පේලේ සමත් වුණා. ඉතාලියේ ඒ.සී.මිලාන් ගෝල 1-0 කින් පරාජයට පත් කර ජයග්‍රහණය සමරන පේලේ ඇතුළු සැන්ටොස් ක්‍රීඩකයෝ.


1962 පාපන්දු ලෝක කුසලානයේදී චෙකොස්ලෝවැකියාව හා තරගයට ක්‍රීඩා කරන පේලේ – – www.gettyimages.com

1962 පාපන්දු ලෝක කුසලානයේ දී චෙකොස්ලෝවැකියාව සමඟ තරගයට ක්‍රීඩා කරන පේලේ. ඔහු මෙම පහර එල්ල කිරීමෙන් අනතුරුව මස්පිඬු ආබාධකයට ගොදුරු වුණා. පේලේ 1962 ලෝක කුසලානයේ කිසිදු තරගයකට නැවත ක්‍රීඩා කළේ නෑ.


1966 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ බල්ගේරියාව සමඟ තරග කරන පේලේ – – www.gettyimages.com

1966 පාපන්දු ලෝක කුසලානයේ බල්ගේරියාව සමඟ තරගයට ක්‍රීඩා කරන පේලේ. 1962 ලෝක කුසලානයේදී මූලික වටයේදී ම පේලේ ආබාධයකට ගොදුරු වුණා.එවර බ්‍රසීලය ලෝක කුසලානය ජයග්‍රහණය කළා.

1966 තරගාවලියේ දී බල්ගේරියා තරගය බ්‍රසීලය ජයග්‍රහණය කළත් හංගේරියාව සහ පෘතුගාලය සමඟ පැවති තරග ද්විත්වය ම ඔවුන් පරාජයට පත් වුණා. මේ නිසා පිට පිට ම තෙවන වතාවට ලෝක ශූරයන් වීමේ අවස්ථාව බ්‍රසීලයට අහිමි වී ගියා. ඔවුන් 1966 දී මූලික වටයෙන් ම ලෝක කුසලානයෙන් ඉවත් වීම ද විශේෂත්වයක්.


පේලේ මෙම අලංකාර පහර එල්ල කරන්නේ බ්‍රසීලය සහ බෙල්ජියම අතර 1965 දී පැවති සුහද තරගයක් අතරතුරදී යි – www.gettyimages.com

පේලේ මෙම අලංකාර පහර එල්ල කරන්නේ බ්‍රසීලය සහ බෙල්ජියම අතර 1965 දී පැවති සුහද තරගයක් අතරතුරදී යි. ඔහුගේ මේ අලංකාර ක්‍රීඩා රටාව බොහෝ ප්‍රේක්ෂකයන් අමන්දානන්දට පත් කළා.


1970 පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කළ බ්‍රසීල කණ්ඩායම – www.gettyimages.com

1970 පාපන්දු ලෝක කුසලානයට ක්‍රීඩා කළ බ්‍රසීල කණ්ඩායම, එතෙක් මෙතෙක් පාපන්දු ඉතිහාසයේ ලෝක කුසලානයක් ක්‍රීඩා කිරීමට පැමිණි විශිෂ්ටත ම පාපන්දු කණ්ඩායම 1970 බ්‍රසීලය බවට අදටත් බොහෝ විචාරකයන් මෙන් ම ප්‍රේක්ෂකයන් ද කියා සිටිනවා.


1970 පාපන්දු ලෝක කුසලානයේ එංගලන්ත – බ්‍රසීල තරගයේ දී පේලේ නැවැත්වීමට උත්සාහ දරන එංගලන්ත ආරක්ෂක ක්‍රීඩකයෝ – www.gettyimages.com

1970 පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයේ පළමු ගෝලය ම පේලේ වාර්තා කළා. එය සටහන් වූයේ ඔහු ලෝක කුසලාන අවසන් තරගයක වාර්තා කළ තෙවන ගෝලය ලෙසට යි.

1970 පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කරමින් තම තෙවන ලෝක කුසලානය සමරන පේලේ – www.gettyimages.com

පසුගිය දා පැවති 2022 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ කිලියන් ම්බාප්පේ මේ වන විට ලෝක කුසලාන අවසන් මහා තරග වල ගෝල 4ක් ලබා සිටිනවා.


පේලේ 1970 ජයග්‍රහණය කළ ලෝක කුසලානය සමඟ – www.gettyimages.com

එතෙක් ගෝල 3 බැගින් ලබාගෙන වාවා, ජෙෆ් හර්ස්ට්, පේලේ සහ සිනේඩියන් සිඩෑන් මෙම වාර්තාව දැරුවා.


තම පාපන්දු දිවියේ 1000 වන ගෝලය සටහන් කළ පසු පේලේ වෙනුවෙන් නිර්මාණය වූ සමරුවක් – www.gettyimages.com

පේලේ 1975 දී සැන්ටොස් ක්‍රීඩා සමාජයෙන් නික්ම ගොස් අමෙරිකාවේ නිව් යෝර්ක් කොස්මස් පාපන්දු ක්‍රීඩා සමාජය හා එකතු වුණා. එහිදී 1977 සොකර් බෝල් (Soccer Bowl) ශූරතාව ජයග්‍රහණය කොට එය සමරන ආකාරය මෙම ඡායාරූපයෙන් දැක්වෙනවා.

පේලේ 1975 දී සැන්ටොස් ක්‍රීඩා සමාජයෙන් නික්ම ගොස් අමරිකාවේ නිව් යෝර්ක් කොස්මස් පාපන්දු ක්‍රීඩා සමාජය හා එක්ව සොකර් බෝල් (Soccer Bowl) ශූරතාවය ජයග්‍රහණය කොට එය සමරන ආකාරය – www.gettyimages.com

ධවල මන්දිරයේ දී කුඩා ළමයින් සමඟ පාපන්දු වැඩසටහනකට 1982 දී එක් ව සිටිනා පේලේ. ඔහු සමඟ අනෙක් පස එවක අමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් ද සිටින ආකාරය දැක ගත හැකි යි.

1982 ධවල මන්දිරයේ දී කුඩා ළමයින් සමඟ පාපන්දු වැඩසටහනකට එක්ව සිටිනා පේලේ – www.gettyimages.com

දකුණු අප්‍රිකා හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලා වෙනුවෙන් පැවති ’90 minutes for Mandela’ නම් ප්‍රදර්ශනාත්මක පාපන්දු තරගයේ සුවිශේෂී ආරාධිතයෙක් වශයෙන් පේලේ සහභාගී වුණා.

දකුණු අප්‍රිකා හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලා සමඟ පේලේ – www.gettyimages.com

පේලේ පාපන්දු ක්‍රීඩාවට ඉටු කළ මෙහෙය නිසා ඔහු වෙනුවෙන් සිනමාපටයක් ද නිර්මාණය වුණා. පේලේ එම සිනමාපටය සම්බන්ධයෙන් පැවති වැඩසටහනකට සහභාගී වෙමින්.

පේලේ පාපන්දු ක්‍රීඩාවට ඉටු කළ මෙහෙය නිසා ඔහු වෙනුවෙන් සිනමාපටයක් ද නිර්මාණය වුණා – www.gettyimages.com

Pelé: Birth of a Legend චිත්‍රපටයේ ප්‍රචාරක පටය – www.youtube.com/@IFCFilmsUnlimited

විශිෂ්ටයන් දෙපළකගේ හමුවීම – බ්‍රසීලය වෙනුවෙන් ලෝක කුසලාන ත්‍රිත්වයක් ජයග්‍රහණය කළ පේලේ සහ ආජන්ටිනාව වෙනුවෙන් 1986 ලෝක ශූරතාවය දිනූ දියේගෝ මැරඩෝනා 2018 පාපන්දු ලෝක කුසලානය අතරතුරදී මෙලෙස මුණ ගැසුණා. 20 වන සියවසයේ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් නොමැකෙන සේවයක් ඉටු කළ මේ දෙදෙනා ම අද වන විට ජීවතුන් අතර නෑ.

බ්‍රසීලය වෙනුවෙන් ලෝක කුසලාන ත්‍රිත්වයක් ජයග්‍රහණය කළ පේලේ සහ ආජන්ටිනාව වෙනුවෙන් 1986 ලෝක ශූරතාවය දිනූ දියේගෝ මැරඩෝනා – www.gettyimages.com

මැරඩෝනා 2020 දී ජීවන ගමන නිමා කළා. තම මිතුරාගේ මරණයෙන් කම්පාවට පත් වූ පේලේ, “දවසක ඔබත් සමඟින් දිව්‍ය ලෝකයේ පාපන්දු ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වනවා” යනුවෙන් සටහනක් තැබුවා.


ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බ්‍රසීල ක්‍රීඩකයෝ සහ ප්‍රේක්ෂකයෝ – www.gettyimages.com

2022 පාපන්දු ලෝක කුසලානය අතරතුරදී පේලේ රෝගාතුර ව සිටින බව දැනගෙන ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බ්‍රසීල ක්‍රීඩකයෝ සහ ප්‍රේක්ෂකයෝ.

2022 පාපන්දු ලෝක කුසලානය අතරතුර දී පේලේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බ්‍රසීල ක්‍රීඩකයෝ සහ ප්‍රේක්ෂකයෝ – www.gettyimages.com

පෙලේ ගේ අහිමි වීමෙන් කම්පාවට පත් වූ පාපන්දු ලෝකය ම මේ වන විටත් තරග ආරම්භ කිරීමට මත්තෙන් ඔහු වෙනුවෙන් තම ගෞරවය සහ ආදරය පිරිනැමීමට කටයුතු කරමින් සිටිනවා.

පෙලේ ගේ අහිමි වීමෙන් කම්පාවට පත් වූ පාපන්දු ලෝකය ම මේ වන විටත් තරග ආරම්භ කිරීමට මත්තෙන් ඔහු වෙනුවෙන් තම ගෞරවය සහ ආදරය පිරිනැමීමට කටයුතු කරනවා – www.gettyimages.com

පාපන්දු ලෝක කුසලානය අතැතිව සිටින පේලේ – www.cnn.com

කවරයේ ඡායාරූපය - පේලේ - www.gettyimages.com
මූලාශ්‍ර :
www.cnn.com
www.apnews.com
www.planetsports.com
www.gettyimages.com

Related Articles