Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීන ජාතිකවාදී කඳවුරට අඩ සියවසක් නායකත්වය දුන් චියැන්ග් කායි-ශෙක්

චියැන්ග් කායි-ශෙක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ, චීන දේශපාලන නායකයෙකු මෙන්ම, වර්ෂ 1927 සිට 1949 දක්වා කාලය තුළ චීන ජාතිකවාදී කඳවුරේ ප්‍රධානම නායකයා යි. එමෙන් ම ඔහු තායිවානයේ ආරම්භක නායකයා ද වුණා​.

ළමා කාලය

චියැන්ග්, වර්ෂ 1887 ඔක්තෝබර් මස 31 වන දින චින්ග් (Qing) රාජ වංශය යටතේ වූ චීනයේ ෆෙන්ග්හුවා නමැති ස්ථානයේ උපත ලබා තිබෙනවා. පියා Jiang Zhaocong නම් වන අතර, මවගේ නම වූයේ  Wang Caiyu ය. මොවුන් ලුණු වෙළෙන්දන් වූ අතර තරමක් සමෘද්ධිමත් පවුල් වලින් පැවත ගෙන එන්නන් ය. චියැන්ග්හට වයස අවුරුදු 8 ක් පමණ වයස වන විටදී සිය පියා මරණයට පත් වෙනවා. එමෙන්ම මොහු හැදෙන වැඩෙන වකවානුවේ චීනයේ හමුදා නායකයන් අතර සිවිල් යුධ තත්ත්වයන් පැවතුණා.

අධ්‍යාපනය

තරුණ අවධියේ දී (library.concordiashanghai.org)

චියැන්ග් කායි-ශෙක් චීන කොන්ෆියුසියස් තුමාගේ ධර්මය පදනම් වූ සම්ප්‍රදායික අධ්‍යාපනය ලබා ගනු ලැබුවා. අනතුරුව චියන්ග් වෘත්තීය වශයෙන් හමුදාවට බැඳීමට තීරණය කරනු ලැබුවා. ඒ අනුව වර්ෂ 1906 උතුරු චීනයේ Baoding Military Academy හි ලියාපදිංචි වීම සිදු කරනු ලැබුවා. අනතුරුව 1907 දී ටෝකියෝ ශින්බු ගැක්කෝ හි චීන සිසුන් සඳහා වෙන් වූ ජපන් අධිරාජ්‍යයීය හමුදා ඇකඩමියට​ වෙත යනු ලැබුවා.

ජපානයේ දී ස්වදේශිකයන් බොහෝමයක් හමු වූ අතර, ඔවුන්ගේ විප්ලවවාදී අදහස් වලින් මොහු බලපෑම් ලැබුවා. මව් රට තුළ චින්ග් රාජවංශය බිඳ හෙළා චීන ජනරජයක් ස්ථාපිත කිරීමට, එනම් විප්ලවවාදී ව්‍යාපාරයට සහයෝගය පළ කිරීමට මොහුව පොළඹවනු ලැබුවා.

එමෙන්ම වර්ෂ 1909 සිට 1911 දක්වා චියන්ග් ජපාන අධිරාජ්‍ය හමුදාවට සේවය කරනු ලැබුවා.

නැවතත් චීනයට​

qz.com

Chiang Chieh-shih, Chiang Chung-cheng, Jiang Jie-shi, Jiang Jieshi නාමයන්ගෙන්ද මොහුව හඳුන්වනු ලබනවා. වර්ෂ 1911 දි නැවත චීනයට පැමිණි මොහු චින්ග් රාජවංශය පරාජය කොට චීන ජනරජය ස්ථාපිත කිරීමේ කැරැල්ලට සහභාගී වුණා.

පසුව 1913 -1916 අතර වකවානු වල චීනයේ නව ජනාධිපති යුවාන් ශිකායිට එරෙහිව ගෙනගිය අරගල සඳහා සම්බන්ධ වුණා. අනතුරුව සන් යත් සෙන් විසින් ස්ථාපිත කරන ලද චීන ජාතිකවාදී  පක්ෂය හා සම්බන්ධ වූ අතරම, එම පක්ෂය ගුවෝමින්ඩාං (Kuomintang) හෙවත්  KMT ලෙස හඳුන්වනු ලබනවා. එහි දී ඔහු හමුදාවක් නිර්මාණය කිරීමේ කටයුත්තේ නියැලුණා. 1925 සන් යත් සෙන්ගේ මරණයෙන් පසු ඔහුගේ දේශපාලන පක්ෂයේ නායකයා බවට පත් වුණා.

1925 සිට විප්ලවාදී හමුදාවේ අණදෙන නිළධාරියා වශයෙන් උතුරෙහි වූ හමුදා නායකයන්ට එරෙහිව දේශාභිමානී ව්‍යාපාර දියත් කරනු ලැබුවා. KMT පක්ෂය යටතේ නව මධ්‍යම ආණ්ඩුව නැන්ජින් හිදී ස්ථාපිත කරනු ලැබුවා. එම ආණ්ඩුවේ නායකයා වූයේ චියන්ග් ය. වර්ෂ 1930 ඔක්තෝබර් මොහු කිතුනු බැතිමතෙකු බවට පත් වුණා. ඒ මොහුගේ දෙවන විවාහයත් සමඟයි. නව රජයේ ප්‍රධානියා වශයෙන් සමාජ ප්‍රතිසංස්කරණ රාශියක් සිදු කිරීමට අදහස් කළ අතර, එයින් බොහෝමයක් යෝජනා ලෙසින්ම පැවතුණා.

කෙසේ නමුත් පළාත්බද හමුදා නායකයන් හා කොමියුනිස්ට්වාදීන් මොහුගේ පාලනයට තර්ජන එල්ල කරමින් සිටියා. 1927 සිට 1937 පමණ වන තුරු චියැන්ග් ප්‍රබලව ම සටන් වැදුණේ කොමියුනිස්ට්වාදීන් සමඟ යි. නමුත් 1931 දී ජපානය විසින් මැන්චූරියාව අල්ලාගත් පසු ජපන් තර්ජනය ද දිනෙන් දින උත්සන්න වුණා.

යුධමය තත්ත්වයන්

දෙවන චීන​-ජපන් යුද්ධයෙදී ජපන් හමුදා වූහාන් වෙත ළඟා වෙමින් (Getty Images)

1937 සිට 1945 දක්වා දෙවන චීන​-ජපන් යුද්ධය පැවතුණා. චියන්ග් ශැන්ග්හයි වල ආරක්ෂාවට ඉතාමත් හොඳින් පුහුණු කරන ලද සොල්දාදුවන් 600,000 පමණ යවනු ලැබුවා. කෙසේ නමුත් චීනයට සොල්දාදුවන් 200,000 ට වඩා අහිමි වුණා. අවුරුදු ගණනාවක් මෙම යුධමය තත්ත්වය පැවති අතර වර්ෂ 1941 දී එක්සත් ජනපදය ජපානයට එරෙහිව යුද්ධයට පැමිණියා. අවසානයේ  1945 දී ජපානය එක්සත් ජනපදයට යටත් වුණා. මෙම කාළය තුළ චියැන්ග් විසින් නායකත්වය දුන් ජාතිකවාදීන් ජපානයට එරෙහිව දිගටම අරගලයක යෙදුණා. මාඕ සේතුංගේ නායකත්වය යටතේ කොමියුනිස්ට්වාදීන් ද ජපනුන්ට එරෙහිව සටන් කළා.

1946 දී KMT පක්ෂය හා කොමියුනිස්ට්වාදීන් අතර යුද්ධය ආරම්භ වුණා. අවුරුදු තුනක පමණ යුද්ධයෙන් පසු කොමියුනිස්ට් වාදීන් ජයග්‍රහණය කළ අතර 1949 චීනයේ මහජන ජනරජය ස්ථාපිත කරනු ලැබුවා. දක්ෂ හමුදා නායකත්වයක් සිය ජාතිකවාදී සේනාවන්ට ලබා දුන් නමුත් චියැන්ග් සිය පාලනය යටතේ දූෂණ සහ අක්‍රමිකතා මැඩ ලන්නට අපොහොසත් වුණා. මෙය ඔහුගේ පාලනයේ පරිහානියට හේතු වුණා.

තායිවානයට යාම

තායිවානයේ පිහිටි චියන්ග්-කයි-ෂෙක්ගේ ප්‍රතිමාවක් (Wikimedia Commons)

පක්ෂයේ ඉතුරු වූ සාමාජිකයින් ද සමඟ චියන්ග් චීන ප්‍රධාන​ භූමිය අතහැර තායිවානයට යනු ලැබුවා. අනතුරුව 1950 මාර්තු 1 වන දින සිට චීන ජනරජයේ ජනාධිපති ලෙස නැවත කටයුතු ආරම්භ කරනු ලැබුවා. 1954, 1960, 1966, සහ 1972 යන වර්ෂ වලද මොහු ජනාධිපති ලෙස නැවත පත්වුණා. 1971 වනතුරු එක්සත් ජාතීන් විසින් සිය නිල චීන නියෝජිතයා ලෙස පිළිගත්තේ තායිවානයේ පිහිටුවන ලද චීන ජනරජ ආණ්ඩුවයි. නමුත් 1971 දී එම පිළිගැනීම මහජන චීනය වෙත ලබා දෙනු ලැබුණා.

සම්මාන

චීන ජනරජය මඟින් පිරිනමනු ලබන ඉහළම හමුදා සම්මානය වන Order of National Glory ලබා ගැනීමට චියන්ග්-කයි-ෂෙක් හට වාසනාව උදා වුණා.

විදේශ ආක්‍රමණ යටතේ ජාතික ආරක්ෂාවට දක්වන ලද විශිෂ්ට මෙහෙවර උදෙසා ද ගෞරව හිමි කර ගනු ලැබුවා.

පෞද්ගලික ජීවිතය

සිව් වන බිරිඳ සමඟ (Wikimedia Commons)

මොහු අවස්ථා හතරකදී විවාහ දිවියට එළඹ තිබෙන අතර, පළමු භාර්යාව Mao Fumei නම් වූ අතර ඇය දෙවන චීන-ජපන් යුධ සමයේ දී ජිවිතක්ෂයට පත් වුණා. මොවුනට එක් පුතෙකු සිටින අතර ඔහු Chiang Ching-kuo යි. දෙවන, තෙවන භාර්යාවන් වන්නේ,  Yao Yecheng සහ Chen Jieru ය​. සිව් වන බිරිඳ චීන ජනරජයේ දේශපාලනයේ සුවිශේෂී කාර්යභාර්යක් ඉටු කරන ලද Soong Mei-ling ය.

අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ මොහු වර්ෂ 1975 අප්‍රේල් මස 05 වන දින 87 වන වියේදී මරණයට පත් වුණා.

Cover Images: history.com

Related Articles