Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමරිකාවේ 40 වන ජනපති රොනල්ඩ් රේගන්

ඇමරිකා එක්සත් ජනපදයේ 40 වන ජනාධිපතිවරයා වූ රොනල්ඩ් රේගන් දේශපාලනයට පැමිණීමට පෙර ගුවන් විදුලි නිවේදකයකු සහ චිත්‍රපට නළුවකු ලෙස කටයුතු කළා. නිරවි යුධ සමයේ අමතක නොවන ජනාධිපතිවරයකු ලෙස රේගන් හඳුන්වා දිය හැකියි.

ළමා කාලය සහ අධ්‍යාපනය

රේගන් තරුණ අවධියේ (redbubble.com)

වර්ෂ 1911 පෙබරවාරි මස 06 වන දින රොනල්ඩ් විල්සන් රේගන් ඉලිනෝයි හි ටැම්පිකෝ වල උපත ලබා තිබෙනවා. ජෝන් එඩ්වඩ් ජැක් රේගන් නම් වූ පාවහන් අලෙවිකරු සහ නෙලී විල්සන් රේගන් යන යුවළ මොහුගේ දෙමව්පියන් වනවා. මොහුගේ පියා වන ජැක්  මොහුව ආමන්ත්‍රණය කරනු ලැබුවේ ‘Dutch’ (ලන්දේසි) යන අන්වර්ථ නාමයෙනි. මෙයට හේතුව ලෙස සඳහන් වන්නේ රොනල්ඩ් රේගන් සතු වූ පෙනුම සහ කොන්ඩේ කැපීම හේතුවෙනි. මොහුගේ ළමා කාලයේ නගර කිහිපයකම මෙම පවුල වාසය කළ අතර, අවසානයේදී වර්ෂ 1920 දී සිය පියා පාවහන් වෙළඳසැලක් ආරම්භ කළ ඉලිනෝයි හි ඩික්සන් වල පදිංචි වුණා.

වර්ෂ 1928 දී රේගන් ඩික්සන් හි උසස් පාසලෙන් උපාධිය ලබා ගත් අතර ග්‍රීෂ්ම සෘතුවේ නිවාඩු කාලයේ ආරක්ෂකයෙකු ලෙස සේවය කර තිබෙනවා.  අනතුරුව ආර්ථිකය සහ සමාජ විද්‍යාව හැදෑරීම සඳහා යුරේකා විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලබා ගත් අතර එහි දී පාපන්දු ක්‍රීඩාවේ නියැලුණා. ඊට අමතරව පිහිනුම් කමිටුවේ නායකයා ලෙසත්, ශිෂ්‍ය සභාවේ සභාපති ලෙසත්, පාසල් ඉදිරිපත් කිරීම්වල රංගයෙන් දායකත්වය දැක්වීමත් සිදු කර තිබෙනවා. වර්ෂ 1932 දී උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව මොහු ලෝවා හි ගුවන් විදුලි ක්‍රීඩා නිවේදකයෙකු ලෙස සේවය කර තිබෙනවා.

මුල් කාලීන රැකියා සහ මුල් විවාහය

Dark Victory සිනමා පටයේ රොනල්ඩ් රේගන් බෙට්ල් ඩේවිස් සමඟ (carlanthonyonline.com)

අනතුරුව WHO නම් ගුවන් විදුලි සේවය විසින් විසින් මොහුව නිවේදකයකු ලෙස සේවයට බඳවා ගත්තා. වර්ෂ 1937 වෝර්නර් සහෝදරයන් සමඟ සිදු කළ තිර පරික්ෂාව එම සමාගම සමඟ ගිවිසුම් අත්සන් කිරීමට හේතු වුණා.  දශක තුනකට ආසන්න​ දීර්ඝ කාලීන හොලිවුඩ් වෘත්තියේ දී සිනමා පට 50 කට අධික ප්‍රමාණයක රංගනයෙන් දායක වී තිබෙනවා.

වර්ෂ 1940 රේගන්, ජේන් වයිමන් සමඟ විවාහ වූ නමුත් මොවුන් 1948 දී දික්කසාද වනවා. දෙවන ලෝක යුද්ධය අතරවාරයේ මොහුගේ දුර්වල දෘෂ්ටිය හේතුවෙන් යුධ රාජකාරි කිරීමට අපහසු වනවා. ඒ අනුව ඔහුව විදේශයන් හි සේවයට යැවෙන්නේ නැහැ. වර්ෂ 1947 සිට 1952 දක්වා සහ 1959 දී Screen Actors Guild (චිත්‍රපට රංගන ශිල්පී සංසදය​) හි සභාපති ලෙස සේවය කරනු ලැබුවා. 1954 දී The General Electric Theater නම් වූ රූපවාහිනී සහ ගුවන් විදුලි වැඩසටහන් මාලාව ඉදිරිපත් කළා.

දේශපාලනයට පිවිසීම සහ​ ආණ්ඩුකාර ධුරය​

කැලිෆෝනියා හි ආණ්ඩුකාරවරයා ලෙස (sfgate.com)

මෙම වකවානුව අතරවාරයේ මොහුගේ දේශපාලන මතවාද ලිබරල් මතවාදවල සිට කොන්සර්වේටිව් මතවාදවලට වෙනස් වීමක් සිදු වුණා. ඒ අනුව රිපබ්ලිකන් පක්ෂයට එකතු වූ ඔහු කැලිෆෝර්නියාවේ ආණ් ඩුකාර ධුරයට 1966 දී තරග කළා. එයින් ඔහු ජයගත් අතර 1970 දී ද එම ධුරයට යළි තරග කර ජයගත්තා. වර්ෂ 1974 දක්වා ඔහු එම ධුරයේ සේවය කරනු ලැබුවා.

40 වන ජනාධිපති

ජනාධිපතිවරයා ලෙස (Flickr)

රේගන් වර්ෂ 1980 දී පැවැත්වූ ජනාධිපතිවරණයට තරඟ කළ අතර, ඩිමොක්‍රටික් ජනාධිපති ජිමී කාටර් පහසුවෙන් පරාජය කරමින් ජයග්‍රහණය කරනු ලැබුවා.

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස වර්ෂ 1981 ජනවාරි මස 20 වන දින දිව්රුම් දෙනු ලැබුවා. රේගන්ගේ සේවා කාලය තුළදී හමුදා අයවැය, ආහාර මුද්‍රා, සන්ධීය අධ්‍යාපන වැඩසටහන් සහ ව්‍යාපාර පාලන රීති සහ සීමා ඉවත් කොට තිබීම ආදී වියදම් අවම කරන ලද විශේෂ සමාජ වැඩසටහන් සම්බන්ධයෙන් අවධාරණය කරනු ලැබුවා. ගෘහස්ථ තෙල් සම්බන්ධ මිල පාලන කිරීම් රැගෙන එය අවසානයට පත් කරනු ලැබුවා.

ආයෝජන වැඩි කිරීමට, ආර්ථික වර්ධනය වැඩි කිරීමට, උසස් රැකියා සහ වැටුප් ආදී ඇමරිකානු ආර්ථිකය නැවත ප්‍රාණවත් කිරීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කරනු ලැබුවා. විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී මොහුගේ පළමු සේවා කාලය තුළදී ඇති වූ ඉතාමත් හදිසි ගැටළුව වූයේ සීතල යුද්ධය​ යි. සෝවියට් තර්ජනයෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහා ආයුධ සහ හේවා භටයන් ඇති කිරීමට නියෝග කරනු ලැබුවා. ඊට අමතරව අප්‍රිකාවේ, ආසියාවේ සහ ලතින් ඇමරිකාවේ කොමියුනිස්ට් විරෝධී ව්‍යපාර වලට ආධාර කිරීමට Reagan Doctrine’ (රේගන් ධර්මය​) හඳුන්වා දීමක් සිදු කරනු ලැබුවා.

වර්ෂ 1984 පැවැත්වූ ජනාධිපතිවරණයේදී නැවත වතාවක් වෝල්ටර් මොන්ඩේල් ට එරෙහිව ජයග්‍රහණය කරනු ලබනවා. ධූරය දරන දෙවන වකවානුවේ මත්ද්‍රව්‍ය වලට එරෙහිව මෙන්ම මත්ද්‍රව්‍යවලින් තොර පාසල් සහ වැඩ කරන ස්ථාන ඇති කිරීමට පොරොන්දු වූ අතර ඊට අමතරව මත්ද්‍රව්‍ය වලට  එරෙහිව ශක්තිමත් නීති බලාත්මක කිරීම් හඳුන්වා දුන්නා. එමෙන්ම විශාල මහජන දැනුවත් කිරීම්ද සිදු කරනු ලැබුවා.

ජනාධිපති ලෙස දෙවතාවක් අඛණ්ඩව සේවය කිරීමෙන් අනතුරුව 1989 ජනවාරි මස ධවල මන්දිරයෙන් ඉවත්ව ලොස් ඇන්ජලීස් හි සිය නිවස වෙත ගිය අතර 1991 දී කැලිෆෝනියාවේ සිමි නිම්නයේ රොනල්ඩ් රේගන් ජනාධිපතිවරණ පුස්තකාලය සහ කෞතුකාගාරය විවෘත කරනු ලැබුවා.

පෞද්ගලික ජීවිතය සහ දිවියේ අවසන් වකවානුව

රොනල්ඩ් රේගන් සිය දෙවන භාර්යාව නැන්සි ඩේවිස් සමඟ (slate.com)

රොනල්ඩ් රේගන් ලොව පුරා නොයෙක් ආකාරයේ සම්මාන වලින් ගෞරවයට පාත්‍ර වුණා. 2005 වසරේදී මොහු අනුස්මරණය කෙරෙන තැපැල් මුද්දරයක්ද එක්සත් රාජධානියේ තැපැල් සේවය නිකුත් කරනු ලැබුවා.

සිය පළමු විවාහයෙන් දික්කසාද වූ රේගන් නැන්සි ඩේවිස් සමඟ 1952 දී විවාහ වනවා. පැට්ටි සහ රොන් යනුවෙන් දරුවන් දෙදෙනෙක්ද මොවුන් ලැබුවා. 1994 නොවැම්බර් මස හෙළි වුයේ රේගන් අල්සයිමර් (Alzheimer) රෝගයෙන් පෙළෙන බවයි. මීට දශකයකට පමණ පසුව 2004 ජූනි මස 05 වන දින වයස අවුරුදු 93 දී මොහු ලොස් ඇන්ජලීස් හි සිය නිවසේ දී ජීවිතක්ෂයට පත් වනවා.

Cover Image: Wikimedia Commons

Related Articles