Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නූතන අරාබියේ වීරයා ලෙස සැලකෙන ගමාල් අබ්දුල් නසාර්

වර්තමාන අරාබිකරයේ වීරයා ලෙස හඳුන්වනු ලබන්නේ ගමාල් අබ්දුල් නසාර් ය. මොහු ඊජීප්තුවේ හමුදා නිළධාරියෙකු ලෙස සේවය කළ අතරම අනතුරුව වර්ෂ 1954 සිට 1956 කාලය දක්වා අගමැති ලෙසත්, 1956 සිට 1970 දක්වා ඊජිප්තුවේ ජනපති ලෙසත් සේවය කරනු ලැබුවා. මෑත කාලීන ඊජිප්තු ඉතිහාසයේ  වැදගත් දේශපාලන චරිතයක් ලෙස මොහුව හැඳින්වීමට හැකි වනවා.

උපත හා පවුල

ගමාල් අබ්දුල් නසාර් උපත ලබන්නේ, 1918 ජනවාරි මස 15 වන දින දීය. ෆාහිමා හා අබ්දුල් නසාර් හුසෙයින් යන දෙදෙනාගේ පළමු පුත්‍රයා ලෙස උපත ලැබූ ගමාල් හැදී වැඩුණේ ඇලෙක්සැන්ඩ්‍රියාවේදී යි. මොහුගේ පියා තැපැල් සේවකයෙකු වූ අතරම, ඔහුගේ බාල සොයුරන් ඉස් අල්-අරාබ් සහ අල්-ලෙයිති නම් වුණා.

පාසල් අවධිය (Image Credit: looklex.com)

අබ්දුල් නසාර් මූලික අධ්‍යාපනය හදාරනු ලැබූවේ කැරියෝ හි Nahhasin මූලික​ පාසලෙනි. වර්ෂ 1926 දී මෙතුමාගේ මව මිය ගිය අතරම එය ඉතාමත් තදින්ම මොහුට බලපානු ලැබුවා.

අනතුරුව සිය පියාත් සමඟ ඇලෙක්සැන්ඩ්‍රියාවට​ ගිය නසාර් එහි දී ද්වීතික අධ්‍යාපනය හදාරනු ලබනවා. ඒ  Ras el-Tin හිදීය. මෙම වකවානුවේදී කිසිඳු අයෙකුගේ බලපෑමකින් තොරව දේශපාලන ක්‍රියාකාරකම් වලට මැදිහත් වනු ලැබුවා.

එමෙන්ම මෙම වකවානුවේ දී දේශපාලනය සම්බන්ධයෙන් ඔහුගේ ලුහු බැඳ යාම සැලකිය යුතු විරෝධී ආකාරයෙන් වර්ධනය වුණා. මොහු නොයෙකුත් බ්‍රිතාන්‍ය විරෝධී සංවිධාන සඳහා සංවිධානය වීම වගේම සහභාගී වීමද සිදු කරනු ලැබුවා. වර්ෂ 1936 ඇන්ග්ලෝ- ඊජිප්තු ගිවිසුමට එරෙහිව හඬ නගනු ලැබුවා.

අධ්‍යාපනය හැදෑරීමෙන් පසු

අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරුව ඔහු වර්ෂ 1938 දී රාජකීය මිලිටරි ඇකඩමියෙන් උපාධියක් ලබා ගනු ලැබුවා. ඒ අනුව මොහුගේ පළමු පත්වීම වූයේ මන්කබාද් නගරයටයි. ඊජිප්තු හමුදාව වෙත නිළධාරීවරයෙකු ලෙස මෙන්ම උපදේශකයකු ලෙස සේවය ලබා දුන් අතර, පළමු යුද්ධ භූමි අත්දැකීම ලැබුණේ වර්ෂ 1948 දීය. එනම් පලස්තීනයේ අරාබි- ඊශ්‍රයල යුද්ධයේ දීය.

දෙවන ලෝක යුද්ධය අතරතුර නසාර් තරුණ හමුදා නිළධාරීන්ගෙන් යුත් කණ්ඩායමක් සාදනු ලැබුවා. එනම් විප්ලවයට සහයෝගය දැක්වීම සඳහායි. මොහුගේ පළමු යුධ අත්දැකීමෙන් අනතුරුව අලුතින් සාමාජිකයන් බඳවා ගැනීම ආදී කටයුතු වල නිරත වුණා. වර්ෂ 1949 න් පසු “ නිදහස් නිළධාරීන්’’ (free officers) යනුවෙන් නම් කෙරුණු අතර මොවුන් ‘නිදහස හා රටේ ගරුත්වය ප්‍රතිෂ්ඨාපනය’ ගැන සාකච්ඡා කරනු ලැබුවා.

විප්ලවය

විප්ලවයෙන් පසු (Image Credit: pinterest.com)

වර්ෂ 1952 පමණ වන විට ඊජිප්තුව විප්ලවය සඳහා පරිණත භාවයට පත්ව සිටියා. නසාර් ඇතුළු නිළධාරීන් 1952 ජූලි මස 23 වන දින කුමන්ත්‍රණයක් දියත් කරනු ලැබුවා. එනම් ඔහුගේ මෙම නිළධාරීන් කයිරෝ හි ආණ්ඩුවට අයත් ගොඩනැගිලි, ගුවන් විදුලි මධ්‍යස්ථාන, පොලිස් ස්ථාන හා හමුදා ප්‍රධාන කාර්යාලවල බලතල නතු කර ගනු ලැබුවා.

කෙසේ නමුත්, පසුව නසාර් හා ඔහුගේ නිළධාරීන් ඊජිප්තුවේ පරිපාලන කටයුතු සිදු කිරීමට කැමැත්තක් දැක්වූයේ නැහැ. මේ හේතුවෙන් හිටපු අගමැති අලි මහර් යටතේ සිවිල් පුද්ගලයන්ගෙන් සමන්විත රජයක් පිහිටුවනු ලැබුණා. අනතුරුව මෙම නිදහස් නිළධාරීන් ඊජිප්තුවේ නියම බලය සංස්ථාපනය කරන ලද  Egyptian Revolutionary Command Council නිර්මාණය කරනු ලැබුවා. මෙහි දී ජෙනරල් මොහොමඩ් නගීබ් සභාපති ලෙසත් ගමාල් අබ්දුල් නසාර් උප සභාපති ලෙසත් කටයුතු කරනු ලැබුවා.

වර්ෂ 1952 සැප්තැම්බර් මස 7 වන දින මහර් වෙත ඉල්ලා අස් වීමට බලකරනු ලැබුවා. එයට හේතුව ලෙස දැක්වෙන්නේ, කවුන්සිලය මඟින් යෝජනා කළ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ නීති වලට සහයෝගය දැක්වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. මෙයින් පසු නගීබ් අගමැති ලෙස සම්පූර්ණ නායකත්වය ආකාරයෙන් සලකනු ලැබුවා.

කෙසේ නමුත් ජනරජයක් ලෙස ස්ථාපිත කිරීමෙන් අනතුරුව නගීබ් හා නසාර් යන දෙදෙනා අතර ගැටළුකාරී තත්ත්වයන් ඇති වුණා. එනම් එක් අවස්ථාවක Revolutionary Command Council මඟින් නගීබ් නිවාස අඩස්සියේ රඳවා තබා ගත් බවක් දැක්වෙනවා. අනතුරුව නසාර් නායකත්වය උදෙසා කටයුතු කිරීම සිදු කරනු ලැබුවා.

නායකත්වයට පත් වීම

ජනපති ලෙස (Image Credit: dailytelegraph.com.au)

අවසානයේදී 1954 ඔක්තෝබර් මස නගීබ් බලයෙන් පහ කොට ඊජිප්තුවේ නායකයා ලෙස නසාර් පත් වුණා. මොහු වසර 15 කට අධික කාලයක් බලයේ සිටිනු ලබන අතරම ඔහුගේ බලයට අභියෝග කිසිවක් නොමැති වුණා. අගමැති ලෙස 1954 සිට 1956 දක්වා කාලය තුළ කටයුතු කළ අතර ජනධිපති ලෙස 1956 සිට 1970 දක්වා සේවය කරනු ලැබුවා.

අස්වාන් වේල්ලේ කටයුතු අතරතුර (Image Credit: cairoscene.com)

නයිල් ගඟ හරස් කොට ඊජිප්තුවේදී බැඳ තිබෙන අස්වාන් වේල්ල ඉදිකිරීමට පුරෝගාමිත්වය දක්වන ලද්දේ ගමාල් අබ්දුල් නසාර් ජනාධිපති තුමායි. මෙම වේල්ල බැඳීම පහසු කටයුත්තක් නොවුණ අතර, ඒ සඳහා විවිධ බාධක පැමිණියා. මෙය යථාර්තයක් කර ගැනීමට හැකි වන්නේ 1952 ඊජිප්තු විප්ලවයෙන් අනතුරුවයි. ජනපතිගේ මූලිකත්වය මත ඉදිකරන ලද මෙම වේල්ල මඟින් ගංවතුර වැලැක්වීම, ජල විදුලිය උත්පාදනය, ගොවිතැන් කටයුතු වලට ජල සැපයුම ආදී විවිධ කටයුතු සිදු කරනවා.

සූවස් අර්බුදයද මොහුගේ දේශපාලන තත්ත්වය උසස් කරනු ලැබුවා. නමුත් 1967 සය දින යුද්ධය පරාජය වීම ඔහුට දැඩි කම්පනයක් ඇති කළා.

එමෙන්ම ආර්ථිකමය වශයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන හා කර්මාන්ත සඳහා ආයෝජනය වර්ධනය කරනු ලැබුවා. ලෝක සෞඛ්‍ය, කාන්තා අයිතීන්, පවුල් සැලසුම් වැඩසටහන්, සූවස් ඇළ පළල් කිරීම ආදිය ගැන අවධානය යොමු කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා ජාතික ප්‍රඥප්තියක් හඳුන්වා දෙනු ලැබුවා.

විවාහය හා දිවියේ අවසන් සමය

සිය පවුල සමඟ (Image Credit: quora.com)

තහියා කාසිම් සමඟ 1944 වසරේදී විවාහ දිවියට එළඹී අතර මෙම යුවළ හට දරුවන් පස් දෙනෙක් පමණ ලැබුණා.

කෙසේ නමුත් වර්ෂ 1970 සැප්තැම්බර් මස 28 වන දින මිය මෙතුමා යනු ලැබුවේ හෘද ආබාධයකිනි. මෙම මරණය විශාල පිරිසක් හට ශෝකාන්තයක් වුණා. අති විශාල ජනකායක් ඔහුගේ අවමඟුල් උළෙලට පැමිණියා.

නසර්ගේ අදහස් අරාබි නායකයින් වෙත විශාල බලපෑමක් ඇති කළා. අදටත් ඔහුගේ අදහස් පිළිගන්නා දේශපාලන පක්ෂ අරාබියේ තිබෙන අතර බොහෝ අරාබි නායකයන් ඔහු අනුගමනය කිරීමට උත්සාහ කළ බව ප්‍රකට කරුණක් වනවා.

කවරයේ පින්තූරය: moc.gov.eg

Related Articles