විශ්ව සාහිත්‍යයට අනුපමේය සේවයක් කළ සුප්‍රකට ජෝර්ජ් බර්නාඩ් ෂෝ

ජෝර්ජ් බර්නාඩ් ෂෝ විශ්ව සාහිත්‍යයේ උන්නතිය උදෙසා කරන ලද සේවය අති මහත්ය. ඔහු පළමු වරට නිර්මාණය කරන ලද නවකතාව ප්‍රකාශයට පත් කිරීමට ලන්ඩනයේ සිටි සෑම පොත් ප්‍රකාශයෙකුම පාහේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. නමුත් ඔහු සිය උත්සාහය හා අපරිමිත ධෛර්ය එයින් අත හැරියේ නැහැ. ඒ සඳහා වන හොඳම නිදර්ශනය වන්නේ 1925 වසරේදී සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් ත්‍යාගය බර්නාඩ් ෂෝ හට හිමි වීමයි. නිදහස් චින්තකයෙකු, රචකයෙකු හා දක්ෂ නාට්‍ය කරුවෙකු ලෙස බර්නාඩ් ෂෝගේ චරිතය සම්බන්ධයෙන් විවරණයක් සිදු කිරීම මෙම ලිපියේ අරමුණයි.

ළමා විය

ජෝර්ජ් කාර් ෂෝ හා ලුසින්ඩා එලිසබෙත් ෂෝ යන යුවලගේ තෙවැනි හා ලාබාලතම පුත්‍රයා වූයේ ජෝර්ජ් බර්නාඩ් ෂෝ යි. 1856 ජූලි මස 26 වන දින අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදී උපත ලද මොහුගේ පියා බිමත්කමට ඇබ්බැහිව සිටි අසාර්ථක තිරිඟු ව්‍යාපාරිකයෙකු වූ අතරම මව වෘත්තීයමය වශයෙන් ගායිකාවක වූවා. බර්නාඩ් ෂෝ හැදී වැඩුණේ දිළිඳු බවින් යුත් වාතාවරණයක් තුළයි. එමෙන්ම මූලිකවම ඔහු පාසල ප්‍රතික්ෂේප කළ අතරම වයස අවුරුදු 16 දී පමණ ඔහු ඉඩම් නියෝජිතයාගේ කාර්යාලයේ සේවය කළා.

ඔහුගේ මවගේ අභාෂයෙන් සංගීතය, කලා හා සාහිත්‍ය පිලිබඳ වූ පුළුල් දැනුමක් වර්ධනය වුණා. එමෙන්ම බර්නාඩ් අයර්ලන්තයේ ජාතික ගැලරියේ සංචාරය කිරීම්ද සිදු කරනු ලැබුවා. 1872 වසරේදී මව, පියා හා බර්නාඩ් හැර දමා සහෝදරියන්ද සමඟ ලන්ඩනයට යනු ලැබුවේ ජෝර්ජ් ජෝන් වැන්ඩේලර් ලී නමැති ගුරුවරයා අනුගමනය කරමිනි. 1876 වසරේදී ෂෝ ලේඛයෙක් වීමට තීරණය කොට ලන්ඩනයේ සිටි මව හා වැඩිමහල් සොහොයුරිය සමඟ එක් වූවා.

තරුණ අවධිය

තරුණ අවධියේදී බර්නාඩ් ෂෝ (telegraph.co.uk)

වයස අවුරුදු 20 දී පමණ ෂෝ දැඩි දරිද්‍රතාවයකින් පෙළුණා. නමුත් මෙහිදී  ඔහුගේ මව ඔහුට අවශ්‍ය කරන උපකාර ලබා දීම නිරන්තරයෙන්ම සිදු කරනු ලැබුවා. බර්නාඩ්ගේ දහවල් කාලය ගත කෙරුණේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ කියවීම් ශාලාව තුළයි. මෙහි දී පාසලෙන් මගහැරුණ දේවල් කියවීම් මෙන්ම නවකතා ලිවීම් ආදී කටයුතු සිදු කරණු ලැබුවා. සවස් කාලයේදී දේශන හා විවාදයන් සඳහා අතිරේක ස්වයං අධ්‍යන කටයුතු ඔහු විසින් කරනු ලැබුණා.

බර්නාඩ් ෂෝගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය

ෆේබියන් සමාජය​ හා එක්ව සිටින බර්නාඩ් ෂෝ (pinterest.com)

බර්නාඩ් ෂෝ ලිවිම සඳහා කාලය යෙද වූ අතරම, ඔහුගේ නවකතා සඳහා එතරම් ප්‍රතිචාර ලැබීමක් සිදු වුණේ නැහැ. පළමු නවකතාව වූ Immaturity (1879) ප්‍රකාශයට පත් පත් කිරීමට ලන්ඩනයේ සියලුම ප්‍රකාශකවරුන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. අනතුරුව ෂෝ සිය අවධානය දේශපාලනය වෙත යොමු කළ අතරම 1884 දී ෆේබියන් සමාජය​ (Fabian Society) නම් දේශපාලන සංවිධානයට එකතු වුණා. මධ්‍යම පාන්තික සමාජවාදී කණ්ඩායමක් වූ මොවුන්ගේ අරමුණ වූයේ බ්‍රිතාන්‍ය සමාජවාදී රාජ්‍යක් ස්ථාපිත කිරීමයි. එමෙන්ම ඔවුන්ගේ මතවාදය වූයේ විප්ලවයකින් තොරව ප්‍රගතිශීලී ව්‍යවස්ථාමය වෙනසක් මඟින් මෙය කල යුතු බවයි. බර්නාඩ් අතින් ප්‍රගතිශීලී කලාව සම්බධයෙන් පත්‍රිකා ලිවීමද සිදු වුණා.

චාලට් පේන්-ටවුන්ස් හෙන්ඩ් නම් කාන්තාව සමඟ ඔහු 1898 දී වුවාහ වුණා. ඔවුනට දරුවන් සිටියේ නැහැ. නමැති අයිරිෂ් ජාතික කාන්තාව සමඟ විවාහයටද එළඹුණා.

බර්නාඩ් පුවත්පත් කෙරෙහි දැක් වුයේ දැඩි කැමැත්තකි. මේ හේතුවෙන් ඔහු ‘ස්ටාර්’ (The Star) නමැති පුවත්පත් ආයතනයට බඳුන අතරම, මෙහි ස්‌වය කරන වකවානුවේ දීම “වර්ල්ඩ්”(The world) නමැති පුවත්පතට ලිපි සම්පාදනය කිරීම සිදු කරනු ලැබුවා. මෙම යුගයේ දී බර්නාඩ් ජනප්‍රිය චරිතයක් බවට පත් වූ වූවා. නමුත් ඔහුගේ සාහිත්‍ය ගමනේ හැරවුම් ලක්ෂය බවට පත් වන්නේ The Saturday Review නමැති පුවත් පතේ නාට්‍ය විචාරකයෙකු ලෙස කටයුතු කිරීමයි. මොහුගේ චරිතය තුළින් නිදහස් චින්තකයෙකු, ලේඛකයෙකු මෙන්ම ඇති දක්ෂ නාට්‍ය කරුවෙක්ද යන ත්‍රිත්ව චරිතයන් මනාව නිරූපණය වනවා. මොහුගේ කතා ශෛලිය ප්‍රේක්ෂක සිත් ඇඳ බැඳ තබා ගැනීමේ හැකියාවකින් හා රසයකින් යුක්ත එකක් වූවා. නිදහස් චින්තකයෙකු ලෙස විවේචනය කල යුතු ස්ථානයන්හි නොභියව සමාජයේ උස් මිටි තැන් විවේචනය කිරීමට බර්නාඩ් එඩිතර වූවා.

බර්නාඩ් ෂෝ විසින් පළමු වරට සිදු කරන ලද්දේ ප්‍රබන්ධ රචනා ලිවීමයි. එමෙන්ම ඔහු විසින් රචිත නවකතා සංඛ්‍යාව නාට්‍ය තරම් නොවූවද ඉන් කිහිපයක් පාඨකයන් මෙන්ම විචාරයින් විසින් දැඩිව අවධානයට යොමු වුණා. ඉන් කිහිපයක් ලෙස සාම්ප්‍රදායික විවාහයන් හා එහි චාරිත්‍ර සම්බන්ධයෙන් ලියන ලද The Irrational Knot නමැති කෘතියත්, දකුණු අප්‍රිකානු සංචාරයක් පාදක කර ගනිමින් ලියන ලද The Adventures of the Black Girl in her search for God නමැති කෘතියත් විශේෂ වනවා.

බර්නාඩ් ෂෝගේ නාට්‍ය

සීසර් හා ක්ලියෝපැට්‍රා හි දර්ශනයක් (pinterest.com)

ප්‍රබන්ධ කතා පරයා යමින් බර්නාඩ් විසින් රචිත නාට්‍ය පිටපත් කාගේත් අවධානයට යොමු වුණා. ඒ සඳහා මූලිකවම බලපාන ලද්දේ එවකට යුරෝපීයයන් විසින් ගත කරන ලද ජන ජිවිතයේ යථාර්තය ඔහුගේ නාට්‍ය පිටපත් තුළින් විද්‍යමාන වීමයි. ඒ අනුව බර්නාඩ් ෂෝ විසින් වේදිකාගත කරන ලද මුල්ම නාට්‍ය වන්නේ  Widowers’ Houses නාට්‍යයයි යි. අනතුරුව Caesar and Cleopatra, Major Barbara (1905), The Doctor’s Dilemma (1906), Pygmalion (1912), Androcles and the Lion (1912) and Saint Joan (1923), Androcles and the Lion, “Don Juan in Hell”, Man and Superman ආදී නාට්‍ය​ බොහෝමයක් ඔහු අතින් ලියවුණා.

1914 වර්ෂයේදී පළමු ලෝක යුද්ධය ඇරඹුණ අතර​, යුද්ධය හේතුවෙන් අකාලයේ මිය යන ජීවිත සම්බන්ධයෙන් ෂෝ කම්පාවට පත් වුණා. මේ හේතුවෙන් Common Sense About the war යනුවෙන් පුවත් පත් ලිපි ප්‍රකාශයට පත් කළ අතරම මේ සම්බන්ධයෙන් ඔහුව විවේචනයට භාජනය වීමක්ද සිදු වුණා.

නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීම හා ජීවිතයේ අවසන් සමය

නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමි බර්නාඩ් ෂෝ (pinterest.com)

1925 වසරේදී ෂෝ හට නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමි වුවද, ඔහු එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. නමුත් 1926 වසරේදී එය ලබා ගැනීම සිදු කරා. ප්‍රතිපත්ති ගරුක දිවියක් ගත කළ ෂෝ දුම්පානය මෙන්ම මත්පැන් පානය ද සිදු නොකළ නිර්මාංශ ආහාරයට ගත් අයෙකු විය. 1950 වසරේ නොවැම්බර් මස 02 වන දින ෂෝ මියගිය අතර ඒ ආසන්න කාළය වනතුරු සිය ලේඛන කටයුතුවල නිරත වුණා.

Cover Image: rte.ie

Related Articles