Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උපරිමයට හැදුනු ලෙඩක් වෙනුවෙන්, විශ්ව විද්‍යාල ජීවිතයට සමුදුන් ජයෝමි ලොකුලියන

ලෙඩ හැදෙන එක කාර්යයබහුල ජීවන රටාව එක්ක අද වෙද්දී බොහොම සුලබ දෙයක් බවට පත්වෙලා. දිගටම එකම තැන වාඩි වෙලා ඉඳලා ඉස්සරහට ආපු බඩත් හරිම ලෙඩක් තමයි. කෑවා ම, ‘මොහොතක් දෙතොලේ – ජීවිත කාලෙම උකුලේ’ කියන්න වගේ මහත වැඩිවෙලා, දියවැඩියාව, කොලෙස්ටරෝල්, බ්ලඩ් ප්‍රෙෂර් හැම එකම එන්නේ පෝලිමට.

ඒත් උනන්දුව යි කැපවීම යි නිසා හැදෙන ලෙඩ කවදාවත් නරක වෙන්නෙ නැහැ, කතාවට වගේ අපි ඒවට කියන්නෙ හොඳ ලෙඩ කියලා. තමන්ගෙ හිතට ආපු අදහසක්, ආශාවක්, එහෙමත් නැත්නම් හීනයක් පස්සේ ගිහින් ඒක සැබෑ කරගන්න තරම් හිතට එන ජවය කියන්නේ හරිම අපූරු දෙයක්. පොත් කියවන්න හිතෙන ලෙඩේ, ඇවිදින්න යන්න, ජිම් යන්න, සමාජ සේවය කරන්න වගේ හැදෙන මේ හොඳ ලෙඩ අතරේ, වෛද්‍ය වෘත්තියට කැපුණු පාරත් අතෑරලා තමන්ගෙ ම IT සම්බන්ධ ආයතනයක් පටන් ගන්න හොඳ ලෙඩක් හදාගත් දිරිය යුවතියක් ගැන යි මේ කතාව.

හොඳ ලෙඩක් හැදුණු ‘ජයෝමි ලොකුලියන’ – digit.lk

ඇය, ජයෝමි ලොකුලියන. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජංගම දුරකථන හරහා අලෙවිකරණ විසඳුම් ගෙන ආ මෘදුකාංග නිපැයූ zMessenger ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනිය ඇය යි. මෙරට රැල්ලක් බවට පත් ව තිබෙන රියැලිටි වැඩසටහන් සඳහා SMS මඟින් මනාප පළ කිරීම සඳහා එ් ආයතනයෙන් සේවා සපයනවා. ඒ වගේ ම SMS හරහා අපිට ලැබෙන දැන්වීම් ප්‍රචාරණ, ක්‍රිකට් ප්‍රවෘත්ති ආදිය කලමනාකරණයට, සහ වෙළඳ දත්ත විශ්ලේෂණයටත් zMessenger ආයතනය නම් දරනවා.

ජයෝමිගේ කතාව ඇරඹෙන්නේ හරිම අමුතු විදියකට. සාමාන්‍යයෙන් හැමෝම බලාගෙන ඉන්නේ ලොකු වුණා ම වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය තෝරගන්නනේ. පවුලේ ඥාතීන් ලෙස වෛද්‍යවරුන් සිටීමේ පසුබිමත් එක්ක කුඩා කාලයේ පටන් ම ඇයටත් තිබුණේ වෛද්‍යවරියක් වීමේ ආශාවක්. ඇගේ මවගේ සොහොයුරියක් පශු වෛද්‍යවරියක ව සිටියා. ඉතින් එයා එක්ක විවිධ ගොවිපොළවල්වලට යමින් සතුන්ට ප්‍රතිකාර කරන්න ජයෝමිටත් කුඩා කාලයේ දී ම අවස්ථාව ලැබුණා. සත්තුන්ට දැක්වූ ආදරය නිසා ම ඇගේ ආසාව වුණෙත් කවදාහරි පශු වෛද්‍යවරියක වෙන්න යි. ඒ අනුව උසස් පෙළට ජීව විද්‍යාව තෝරාගත්තා.

හීන සැබෑ කරගන්න නම් හීන හඹා යා යුතු යි – echelon.lk

ඇයට ඒ කාලේ ඉඳලා ම තිබුණු ඉලක්ක ජය ගැනීමේ හැකියාව කොතරම් ද කියනවා නම්, උසස් පෙළ සමත් වෙලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයයෙන් පශු වෛද්‍යවරියක බවට පත්වෙන්න පාර කපාගත්තා. ඉගෙන ගන්න ගිහින් මාසයක් විතර යද්දී ම අනාගත වෛද්‍යවරියක වෙන්න හිටිය ජයෝමිට තේරුණා තමාට අවශ්‍ය කළේ මේ දේ නොවන බව. තමන්ගේ කැමැත්ත ව්‍යාපාර ක්ෂේත්‍රයට බව ඇය ගෙදරට කියන්න බිය වුණා. මේ බව දැනගත් යාළුවන්ගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබුණේ නැහැ. පළවෙනි වාර විභාගයෙන් පස්සෙ ජයෝමි ගෙදර ආවේ අනාගතය ගැන ගෙදරින් ආපු ඇනුම් බැණුම් සේරම විඳ දරාගෙන යි.

නිශ්ශබ්ද, එතරම් ප්‍රසිද්ධ නොවූ චරිතයක් වුණු ඇය ඊට පස්සේ අලෙවිකරණය සම්බන්ධ පාඨමාලාවක් හැදෑරුවා. එහි කියා දුන්න දේවල්, පාරිභෝගික අවශ්‍යතාවන් හඳුනාගැනීම, ඔවුන් සමග කටයුතු කරන ආකාරය ආදිය ඇගේ හදවතට කතා කළා. එවිට ඇයට තේරුම් ගියා මේ තමයි අවශ්‍ය වුණු හොඳම දේ කියලා. විෂයයෙහි ඉහළ දස්කම් පෑ ජයෝමි අලෙවිකරණය සම්බන්ධ රැකියාවක් තෝරාගත්තා. එහි අවුරුදු දෙකක් විතර ගතවෙද්දී තමන්ට මීටත් වඩා දෙයක් කරන්නට පුළුවන් බව ඇයට හැඟුණා. ඒත් ඒ කාර්යාලයේ ප්‍රධානියාගෙන් ඊට ඉඩක් ලැබුණේ නැති නිසා ම තමන්ගේ හිතේ දළුලාපු, දුරකථනය හරහා SMS අලෙවිකරණ කටයුතු කිරීමේ අදහස මුල්කොටගත් ස්වයං ව්‍යවසායෙක් වීමේ හොඳ ලෙඩේ වෙනුවෙන් ඇය කැපවුණා.

හොඳ ලෙඩ ඇතිවෙන්නෙ අධිෂ්ඨානය හා කැපවීම මත යි – lankabusinessnews.com

ඒ, 2003 වර්ෂය යි. තමන්ට තිබුණු දැනුම, අත්දැකීම් එක්ක ඒ කාලයේ එතරම් ජනප්‍රිය කාරණාවක් නොවුණු SMSවලින් අනාගතය ජයගන්නට හැකි බව තේරුම් ගන්නට තරම් ඉදිරි දැක්මක් ජයෝමි සතු ව තිබුණා. ව්‍යාපාරයක් පටන් ගන්නට නම් ප්‍රාග්ධනය අත්‍යවශ්‍ය යි. එය සොයාගන්නට ඇයට බැංකුවල පිහිට පතන්නට සිදුවුණත් ඒ බොහොමයකින් ඇගේ අදහස ප්‍රතික්ෂේප කළේ ඕක හරියන වැඩක් නෙවෙයි කියමින්. අඩු තරමේ ඇය එම ආයතනයේ ප්‍රධානියා ලෙසවත් ඇතැම් ආයතන පිළිඅරගෙන තිබුණේ නැහැ. එක් බැංකුවක නිලධාරියෙක් කිව්වේ මේක කවදාවත් හරියන්නේ නැති නිසා සුපර්මාර්කට් එකක් පටන් ගන්න කියලා යි. ලංකාවේ මිනිස්සුන්ට ඉංග්‍රීසි දැනුම අඩු බව, SMS ජනප්‍රිය වී නොතිබීම වැනි හේතුන් නිසා මෙය දවල් හීනයක් ලෙස යි සමාජය දැක තිබුණේ.

අලුතින් දෙයක් කරද්දි බාධාවන් එන එක සාමාන්‍ය දෙයක්. අපි ඉදිරිය ගැන අලුතින් හිතද්දි, සමාජය අතීතයේ සහ වර්තමානයේ හිරවෙලා හණමිටි අදහස්වලින් අපිට බැට කන්න වෙනවා. මේ කිසිම දෙයකින් ජයෝමිට හැදුණු හොඳ ලෙඩේ කරා හඹායන එක නතර කරන්න කාටවත් හැකිවුණේ නැහැ. ඇයට ඒ වන විටත් විවාහයෙන් දරුවෙකු ලැබෙන්න හිටියා. නමුත් ජයෝමි තමාගේ පවුල, තමාගේ ස්වාමියා, තමාට තියෙන පවුල හා සම්බන්ධ වගකීම් යන කිසිනක් ආශීර්වාදයක් මිස බාධාවක් විධියට දැක්කේ නැහැ. අපිට දෙයක් ඕන නම් හිත හිත ඍණ ආකල්ප එක්ක පසුබට වෙන්නේ නැතිව, දැඩි අධිෂ්ඨානයෙන් අරමුණට පිය නඟන්න ඕන බව ඇගේ හිත කිව්වා. ඒ අනුව යි අද වන විට කොළඹ, ටෝකියෝව, ජකර්තාව යන ලොව ප්‍රධාන නගර තුනක ස්ථාපිත වුණු ව්‍යාපාරයකට හිමිකම් කියන්නට ජයෝමි ලොකුලියනට හැකියාව ලැබුණේ.

zMessenger ආයතනය Festival of Media APAC Awards 2018 හි සම්මාන ලැබූ ප්‍ර‍ථම ලාංකික ආයතනය වූවා (techtoday.lk)

හොඳ ලෙඩක් හදාගන්න එක හොඳ දෙයක්. ඇගේ හොඳ ලෙඩේ නිසා කාන්තාවක් වශයෙන් ඉදිරියට යන්න, අභියෝගවලට මුහුණ දෙන්න, පවුලේ වගකීම් ද එක්ක ම හීන ජයගන්න ඇයට හැකිවුණා. සමාජ ජාලවල කතාවෙන් වැඩ පෙන්වන අය අතරේ ප්‍රායෝගික ව ඉදිරියට ගිය ඇය සමාජයට මහත් ආදර්ශයක්. එයා තමන්ගෙ හොඳ ලෙඩේ හඹා ගිහින් එයින් ලබන සතුට සහ පරිපූර්ණත්වය කියා නිම කළ නොහැකි තරම්ය.

අපි හැමෝටම ජීවිතය උපරිමයටම ජීවත් වෙන්න උපකාරී වන විවිධ හොඳ ලොඩ තියෙනවා. අප ඒවා හඳුනාගෙන, අධිෂ්ඨානයෙන් එය පසුපස හඹා යා යුතුයි. එය අතර වෙන ලෙඩක් හැදුණොත් Softlogic Life ඔබ ළඟින්ම ඔබව රැකබලාගන්න සිටින බව අමතක කරන්න එපා. ඒ හින්දා තමයි Softlogic Life කියන්නේ, ඕනෙ ලෙඩක් හදාගන්න, වෙන ලෙඩ හැදුණොත් Softlogic Life ඉන්නවා බලාගන්න.Softlogic Life, ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණාවරණය යි.

 

කවරයේ පින්තූරය: echelon.lk

Related Articles