Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැඩිහිටි සිනමාවේ රජු හෙවත් ජෝන් හොල්ම්ස්

අසභ්‍ය සිනමාපට (PORN) එහෙමත් නැත්නම් වැඩිහිටි හෙවත් නිල් සිනමාපට කියන්නේ බොහෝ බටහිර රටවල නිත්‍යානුකූල ව්‍යාපාරයක්. එවන් සිනමාපට සඳහා AVN යන නමෙන් සිනමා සම්මාන උලෙළක්ද ඇමරිකාවේ පැවැත්වෙන බව ප්‍රකට කරුණක්. මේ වැඩිහිටි සිනමාව ලොව ජනප්‍රිය කළ වැඩිහිටි සිනමාවේ රජු ලෙස හඳුන්වන ජෝන් හොල්ම්ස් ගැන තොරතුරුයි. (PORN යන වචනය සඳහා වැඩිහිටි සිනමාපට යන නම  මෙම ලිපියේ භාවිත කරන බව සලකන්න)

wonderland1981.files.wordpress.com

වැඩිහිටි සිනමාවේ රජු

ජෝන් කර්ටිස් හොල්ම්ස් හෙවත් ජෝන් හොල්ම්ස් ලෝක ප්‍රකට වුයේ ඔහුගේ විශාල ලිංගේන්ද්‍රිය නිසා පමණක් නොවේ. ඔහු රඟපෑ සිනමාපට සහ ඔහුගේ අසම්මත ජීවන රටාව ජෝන් සාර්ථකත්වය කරා ගෙන ගොස් ඔහුව විනාශ කළේ කාමයේ රස මෙන්ම විෂ ද මනාව ලොවට හෙළි කරමිනුයි. සිය ජීවිතයම නුරාව සහ සුරාව සමග ගෙවූ ජෝන් අවසානයේ දී ඒඩ්ස් රෝගයෙන් මියැදුණේ අනිත්‍යයේ සැබෑ සත්‍ය ලොවට පසක් කරමිනුයි.

වැඩිහිටි සිනමාපට 2000 කට වඩා රඟපෑ, කාන්තාවන් 12000 වැඩි ගණනක් සමග සම්භෝගයේ යෙදුණු ජෝන් ලොව බිහිවූ වෙනස්ම ආකාරයේ චරිතයක් ලෙස සැලකෙනවා. ඔහු සම්බන්ධයෙන් පොත් පවා පල වී ඇති අතර සුප්‍රකට රෝලින් ස්ටෝන් සඟරාව ඇතුළු ජාත්‍යන්තර සඟරා ගණනක් වාර කිහිපයකදීම ජෝන් සම්බන්ධයෙන් ලිපි පළකර තිබෙනවා. ජෝන් සම්බන්ධයෙන් වාර්තා සිනමාපට දෙකක් නිර්මාණය කෙරී ඇති අතර, Boogie Night සහ Wonderland යන හොලිවුඩ් සිනමාපට වලට පදනම් වූයේද ඔහුගේ කතා පුවතයි.

www.rogerebert.com

1944 වසරේ අගෝස්තු 8 වැනිදා ජෝන් උපත ලැබූවේ ඇමෙරිකාවේ ඈශ්විලීහි දී යි. වැඩිහිටි සිනමාවේ නළුවකු වීමට පෙර ඔහු විවිධ ආකාරයේ රැකියා රැසක නිරත වී ඇති අතර, රියදුරෙකු ලෙස, සපත්තු වෙළෙන්දකු ලෙස, ලී බඩු වෙළෙන්දකු ලෙස ආදී ඒ සියලු රැකියා වලදී ඔහු අසාර්ථක වී තිබෙනවා.

නොයෙක් රැකියා වලින් හෙම්බත් වී සිටි ජෝන්ගේ ජීවිතය වෙනස් වන්නේ කාලිෆ් හි පිහිටි පෝකර් ක්‍රීඩා ශාලාවක සේවය කරමින් සිටියදී, එහි වැසිකිළියකදී හඳුනාගත් වැඩිහිටියන්ට පමණක් වෙන් වූ ඡායාරූප ගන්නා ඡායාරූප ශිල්පියකු හේතුවෙනුයි. ඉන්පසු වැඩිහිටියන්ට වෙන් වූ සඟරාවල ඡායාරූපවලට පෙනී සිටි ජෝන් සෙමෙන් මුදල් වල රසය වටහා ගත් අතර සිය බිරිඳගේ ද අකමැත්ත සහිතව වැඩිහිටි සිනමාවට එළඹීමට තීරණය කළ බව පැවසෙනවා. ‘මට වඩුවෙකුවත් වෙළෙන්දෙකුවත් වෙන්න ඕන නෑ. දෙවියන් දුන් යමක් ඇත්නම් ඉන් ප්‍රයෝජන ගත යුතුයි’ යනුවෙන් ඔහුගේ තීරණයට අකමැති වූ ශරෝන් නම් බිරියට ඔහු පැවසූ බවත් සඳහන්. ශරෝන් සහ ජෝන් අතර ඔහුගේ නව රැකියාව සම්බන්ධයෙන් ඊළඟ වසර 15 දිගටම ගැටුම් පැවතුන නමුත් ශරෝන් ඔහු හැරදා නොයාමත් විශේෂත්වයක්.

allthatsinteresting.com/john-holmes

ජොනී වඩ් නමින් ජනප්‍රිය වීම

තමාට වඩාත්ම හොඳින් කළ හැකි සහ තමා සාර්ථකත්වය වෙත ගෙන යා හැකි ප්‍රධානම දෙය වැඩිහිටි සිනමාව බව තීරණය කළ ජෝන් පළමුවරට වැඩිහිටි සිනමාපට සඳහා රංගනයෙන් එක් වුණේ 1971 දි යි. එවකට වැඩිහිටි සිනමාව මුල් අවධියේ පැවතුණු අතර ජෝන් මුල් කාලයේ ජනප්‍රිය වූයේ ජොනී වොඩ් යන නමෙනුයි.1978 වසර වන විට ජෝන් වැඩිහිටී සිනමාවේ සාර්ථකම රංගන ශිල්පියකු වූ අතර ඔහුගේ දිනක වැටුප ඩොලර් 3000 පමණ වූ බවත් පැවසෙනවා. වැඩිහිටි සිනමාවේ රජු ලෙස සැලකුණු ජෝන් වැඩිහිටි සිනමාපට 2000 පමණ රංගනයෙන් එක්ව ඇති අතර වරක් ඔහු විසින් තමා 13,895 දෙනෙකු සමග ලිංගික සම්බන්ධතා පවත්වා තිබෙන බවත් තහවුරු කර තිබෙනවා.

ගැටුම් මධ්‍යයේ වුවත් ශරෝන් ගෘහණියක ලෙස නිවසේ වගකීම් ඉටු කළ අතර කලාකාමියකු වූ ජෝන් ද ඔවුන්ගේ නිවස අලංකාර කිරීම සඳහා විවිධ කලා නිර්මාණ රැගෙන පැමිණ තිබෙනවා. නිවසේදී ජෝන් හොල්ම්ස් වූ ඔහු කැමරාව ඉදිරියේ ජොනී වොඩ් නම් රහස් පරීක්ෂකයා ලෙස ගත කළේ අධික කාමභෝගී ජීවිතයක්.1976 වන විට ඔහුගේ පෙම්වතිය බවට 15 හැවිරිදි ඩවුන් ශිලර් පත් වූ අතර ඔවුන් දෙදෙනාගේ අදහස් සමාන වීම එම සම්බන්ධය ස්ථාවර වීමට හේතු වී තිබුණා.

allthatsinteresting.com/john-holmes

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම

නිරන්තර වැඩිහිටි සිනමාවේ යෙදීම පුද්ගලික සම්බන්ධතාවල ගැටුම් සහ වෙනත් මානසික පීඩන හේතුවෙන් ජෝන් ඉක්මනින්ම මත්ද්‍රව්‍ය වල ගොදුරක් වූ අතර කෙටි කලකින්ම ඔහුට දිනපතා මත්ද්‍රව්‍ය ගැනීම අත්‍යවශ්‍ය වුණේ අනෙකුත් වැඩිහිටි නළු නිළියන්ට වූ ලෙසින් එම රැකියාවේ විවිධ අතුරු ආබාධ ද සමගිනු යි. ජෝන් මත්ද්‍රව්‍ය වෙනුවෙන් සිය ළාබාල පෙම්වතිය ගණිකා වෘත්තියේ යෙදවූ අතර ඇයද ඔහුට තිබූ ආදරය හේතුවෙන් ඒ සියල්ල විඳ දරාගෙන තිබෙනවා.

1981 වසරේදී ඔහුගේ මිතුරු මත්ද්‍රව්‍ය වෙළෙන්දකු ගේ නිවසක සිදු වූ සිවු පුද්ගල මිනීමැරුමට සැකපිට ජෝන් අත්අඩංගුවට පත් වූ අතර එම සිදුවීම හේතුවෙන් ඔහුගේ බිරිඳ සහ පෙම්වතියද ඔහු හැරයාම ජෝන් තවත් මානසික පීඩනයට පත් කරනු ලැබුවා. එම සිදුවීම වොන්ඩර්ලන්ඩ් ම්නිමරුම ලෙස හැඳින්වුණු අතර මත්ද්‍රව්‍ය විකිණීමක් සම්බන්ධ ගැටුමක් හේතුවෙන් ජෝන් විසින් එම මිනීමැරුම සිදු කරන්නට ඇති බවට සැක කෙරුණත් සාක්ෂි නොමැති වීම නිසා පසුව ඔහු එම නඩුවෙන් නිදහස් කෙරුණා.

allthatsinteresting.com/john-holmes

ඒඩ්ස් රෝගය ශරීරගත වූ ජෝන්

පසුව ජෝන් තවදුරටත් ඊට පෙර සිටි වැඩිහිටි තරුව නොවූ අතර 1986 වසරේදී ඔහුට hiv වෛරසය අසාදනය වූ බව තහවුරු වුණේ වැඩිහිටි සිනමාවේ රජුගේ මුළු දිවියම ඔහුගේ දෙපා මුල බිඳ දමමිනුයි. උපත්පාලන කොපු භාවිතා නොකිරීම මෙන්ම මත්ද්‍රව්‍ය සිරුරට ඇතුළු කර ගැනීමේ අනාරක්ෂිත ක්‍රම යන ක්‍රම දෙකෙන් එකකින් ඔහුට එම වෛරසය ශරීරගත වන්නට ඇති බව පැවසෙනවා.

එවකට ඔහු ලවුරි හොල්ම්ස් සමග විවාහ වී සිටි අතර අවසාන කාලයේදී ඔහු සිය බිරිඳගෙන් සිදුකළ අවසාන ඉල්ලීම වූයේ ඔහුගේ සිරුරේ සියලු අවයව යථා පරිදි තිබෙන බව සහතික කර පවසන ලෙසට යි. මාස හයක් පමණ රෝහල් ගතව සිටි ජෝන් 1988 වසරේ මාර්තු 13 වැනිදා මියයන විට පසු වූයේ 43 වැනි වියේ යි. ජෝන් ගේ අවසාන ඉල්ලීම පරිදි ඔහුගේ බිරිඳ සහ මව එක්ව ඔහුගේ අළු මුහුදට එක්කර තිබෙනවා. වැඩිහිටි සිනමාවේ එල්විස් ප්‍රෙස්ලි ලෙසටද ඇතැමුන් හඳුන්වන ජෝන් හොල්ම්ස්ගේ ජිවිත කතාව Porn King: Autobiography of John C. Holmes ලෙස ප්‍රකාශයට පත් වී තිබෙනවා.

Cover: tgcom24.mediaset

මූලාශ්‍ර

http://allthatsinteresting.com

www.tgcom24.mediaset

Related Articles