ගුරුත්ව තරංග සොයාගැනීමට දායක වූ ශ්‍රී ලාංකික විද්‍යාඥයා හඳුනාගන්න

මෙයට හරියටම වසර සියයකට පෙර  ලෝකපර්‍කට භොතික විද්‍යාඥ අැල්බර්ට් අයින්ස්ටයින් ඉදිරිපත් කළ සපෙක්ෂතවාදය සාක්ෂි සහිතව ඔප්පු වුයේ මීට සති කහිපයකට පෙර  සිදුවූ ගුරුත්ව තරංග සොයාගැනීමත් සමගය. මෙම සොයාගැනීම සිදුකරන ලද්දේ ලේසර් නිරෝධනමාන ගුරුත්ව – තරංග නිරීක්ෂණාගාරය හෙවත් LIGO (ලිගෝ) සම්බන්ධ වූ ලොව විශිෂ්ඨතම විද්‍යාඥයින් කණ්ඩායමක් විසිනි.

සමහර විට ඔබ මේ දැවැන්ත සොයැගැනීම පිළිබඳ දැනිටමත් කියවා අැත. නමුත් මෙම කණ්ඩායමේ ලාංකීය විද්‍යාඥයකුද සිටි බව ඔබ දැන සිටියාද? ආචාර්ය  නිපුනි  පල්ලියගුරු යනු LIGO කණ්ඩායමේ සාමාජිකාවක් වන අතර ඇය ඊට අමතරව තාරකා විද්යාඥයකුද, Lubbock (ලුබොක්) ටෙක්සාස් (Texas) හි විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි පර්යේෂකයකුද ලෙසද කටයුතු කරයි. Roar හි අප ඇයව හමුවුයේ මෙම සොයාගැනීමට ඇය සම්බන්ධ වූ ආකාරය අසා දැන ගැනීමටය.

ආචාර්ය නිපුනි පල්ලියගුරු LIGO කණ්ඩායමේ සාමාජිකාවකි.

ආචාර්ය නිපුනි පල්ලියගුරු LIGO කණ්ඩායමේ සාමාජිකාවකි.

මිට මාස හයකට පමණ පෙර පශ්චාත් උපාධි පර්යේෂණ කටයුතු සඳහා LIGO කණ්ඩායමට එකතුවූ පල්ලියගුරු මෙනෙවියට ගුරුත්ව තරංග සෙවීමේ ඒකාබද්ධ ක්‍රියාවලියකට සහභාගී වීමේ අවස්ථාවක් ලැබුනි. “මෙම ක්‍රියාවලියට ලොව වටා විද්‍යාඥයින් සම්බන්ධ වන අතර ඔවුන් විසින් මෙහි විවිධ අංශ භාර අරගෙන කටයුතු කරයි. මට සම්බන්ධ වීමට ලැබුනේ LIGO හි විද්‍යුත් චුම්භක පිලිබඳ පසු විපරම් කණ්ඩායමටයි,” ඇය පැවසිය

මෙම පරීක්ෂණ කරන ආකාරය ඇගේ වචන වලින්ම පැවසුවහොත් “එක කණ්ඩායමක් විසින් මෙම තරංගයක් හඳුනාගත්විට ඔවුන් විසින් ලොව වටා ඇති අපගේ සහකාර දුරේක්ෂ වලට ඒ පිළිබඳව පණිවිඩයක් යවනු ලබයි. මෙයට ප්‍රධානතම හේතුව වනුයේ අභ්‍යාවකාශයේ ගැනිය නොහැකි තරම් මන්දාකිනි සංඛ්‍යාවක් තිබිමත් එම නිසා LIGO හි නිරීක්ෂණ පද්ධතියට එකවර එම තරංගය නිකුත්වන ස්ථානය ස්ථාපනය කරගත නොහැකි වීමත් නිසාය”.

“විද්‍යුත් චුම්භක ආශ්‍රිතව කරන පසු විපරම වැදගත් වන්නේ මෙම තරංග වල මුලාශ්‍රය සොයාගැනීමේදී සහ එම තරංග පිළිබඳව තවත් අමතර විස්තර සෙවීමේදියි” ඇය තවදුරටත් පැවසිය.

මෙම සිදුවීම්  වල අනපේක්ෂිත භාවය නිසාම කණ්ඩායමේ සාමාජිකයින් මාරුවෙන් මාරුවට නිරීක්ෂණ කටයුතු කිරීමට භාරගෙන ඇති අතර එහිදී ඔවුන් සංඥාවක් ලැබුනු විගස  එය  දැඩිලෙස විමර්ශනයට ලක් කර එහි වලංගු භාවය සනාත කර ගනියි.

“මම තාරකා විද්‍යාව ආශ්‍රිතව කටයුත කරන නිසා  නිසා මගේ වාරයේදී  සංඥාවක් ලැබුනහොත්  මට ඒ ආශ්‍රිතව සිදුකරන පසු විපරම් කටයතු වලට  සහභාගී වීමට සිදු වෙනවා. ඒ තමයි මගේ ප්‍රියතම කොටස. මෙවලම් වල සහ දත්ත වල තත්වය ප්‍රවේශමෙන් නිරීක්ෂණය කිරීම මෙහිදී අනිවාර්යයි, නොඑසේ නම් වැරදි දත්ත මත වැරදි තීරණ වලට එළඹීමේ අවදානමක්ද පවතිනවා” ඇය තවදුරටත් පැවසිය.

ජනප්‍රිය විද්‍යා සඟරා හා රූපවාහිනී වැඩසටහන් හරහා  LIGO හි සොයාගැනීම පිළිබඳව බොහෝ දේ කියා තිබුනත්, සාමාන්‍යයෙන් සිදුවන පරිදිම ඔවුන් විසින්   එයට වැරදි අර්ථකතනයක්  සපයා අැත. මිට හොඳම උදාහරණයක් ලෙස ලංකාවේ රුපවාහිනී සේවාවක් මගින්  මෙම සොයාගැනීම ‘ගුරුත්ව බලයේ තරංග ස්වභාවය (නිව්ටෝනියානු අර්ථදැක්වීක් ලෙස)’ ඔප්පු කර අැතැයි පවසා තිබුනි. ’. මේ පිළිබඳව ආචාර්ය පල්ලියගුරුගේ අදහසයි මේ.

අවකාශ-කාල සන්තානය තුල ගුරුත්ව තරංග හැසිරෙන ආකාරය. (extremetech.com)

අවකාශ-කාල සන්තානය තුල ගුරුත්ව තරංග හැසිරෙන ආකාරය. (extremetech.com)

“ගුරුත්ව තරංග එලෙසින් නම්කිරීමට හේතුව නම් ඒවා භෞතික විද්‍යාවේ තරංග ආශ්‍රිතව යොදාගන්නා සමීකරණ වල දක්වන ආකාරයට හැසිරීමයි.” තරංග වල ගුණාංග විස්තර කරමින් ඇය පැවසිය. “පොකුණකට ගලක් දැමුවිට පොකුණේ ඇතිවන තරංග ඔබට පොකුණ මතුපිට දැකගත හැකි සේම  ගුරුත්ව තරංග අභ්‍යවකාශයේ හැසිරෙන්නේද මේ ආකාරයටයි- එහිදී ගුරුත්ව තරංග මගින් අවකාශය යම්තාක් දුරට විකෘති කරන අතර ඒ හේතුවෙන් එම අවකාශය තුල/හරහා ගමන් ගන්නා ආලෝක කිරණ වල වේගයද සාමාන්‍ය වේගයට වඩා වෙනස් වේ.”

ආලෝකය, නොඑසේ නම් විද්‍යුත් චුම්භක තරංග ඇතිවන්නේ ඉලෙක්ට්‍රෝන (electrons) ත්වරණයක් සහිතව ගමන්කිරිමෙදිය. මෙලෙසින්ම ගුරුත්ව විකිරණ ඇතිවනුයේ ත්වරණය වන ස්කන්ධයක් නිසාය.

“ඔබ අත වැනීමෙන් වුවද මෙම ගුරුත්ව තරංග ඇතිවීම සිදුවේ. නමුත් සැලකිය යුතු තරම් බලයක් සහිත ගුරුත්ව තරංග අතිවිමට නම් ඇති විශාල වස්තුන් අවශ්‍ය වන  අතර එවැන්නක් නිරික්ෂනය කිරීමට සුදුසුතම ස්ථානය වනුයේ ආකාශයයි” ඇය පැවසිය.

ඇමෙරිකාවේ Virginia විශ්ව විද්‍යාලයේදී PTA (Pulsar Timing Arrays) භාවිතයෙන් ගුරුත්වතරංග සෙවීම පිළිබඳව පැවැත්වූ ඉතා අගනා දේශනයකට සවන් දීමෙන් පසුව, තම ජිවිත කාලයම මෙම විෂය ආශ්‍රයෙන් ගතකල යුතු බව තමාට වැටහුනු බව පල්ලියගුරු මෙනෙවිය පවසයි..

“උපාධිය හැදෑරීමේ කටයුතු සඳහා වසර පහක පමණ කාලයක් මම PTA ආශ්‍රිතව වැඩ කළා. ඉන් පසුව පශ්චාත් උපාධි කටයුතු සඳහා LIGO විද්‍යාව සමග කටයුතු කිරීමට අවස්ථාවක් Texas  Tech Group ( ටෙක්සාස්හි තාක්ෂණ කණ්ඩායමක්) හරහා ලැබුනා.නවීන වර්ගයේ ඇති සුක්ෂම යන්ත්‍ර සමග ක්‍රියා කිරීමට ලැබීම මම විශාල භාග්‍යයක් ලෙස සලකනවා” යැයි ඇය තවදුරටත් පැවසිය.

මේ 21 වන සියවස වුවද විද්‍යාව ආශ්‍රිත ක්ෂේත්‍රයක නියැලී සිටින කාන්තාවක් වීම තවමත් තරමක් දුෂ්කර වූ කාර්යයකි. ආචාර්ය පල්ලියගුරු පවසන ආකාරයට නම් තත්වය පෙරට වඩා බොහෝලෙස ධනාත්මකව වෙනස් වී  ඇතත් මෙම ලිපියේ දක්වා ඇති ආකාරයට STEM ක්ෂේත්‍රයේ (විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිතමය) කාන්තාවන් ට හා පුරුෂයින්ට සලකන ආකාරය වෙනස්ය..

“මට හැඟෙන පරිදි  නම් මෙබඳු ක්ෂේත්‍රයක ඉහලට යාමට කාන්තාවක් පුරුෂයෙකුට වඩා බොහෝ සේ උත්සාහ දැරිය යුතුය. ගැහැණු වුවත් පිරිමි වුවත් STEM ක්ෂේත්‍රයක රැඳී  සිටීමට නම් ඔබට බොහෝසේ වැඩ කලයුතු වන අතර කාන්තාවන්ට මෙය දුෂ්කර යයි සැලකීමෙන් ඔවුන් එවැනි ක්ෂේත්‍ර වලට යාමට අධෛර්යමත් වීමක්ද දක්නට ලැබෙනවා”

“වර්තමානයේ මෙය වෙනස් වෙමින් පවතින බවයි මට හැඟෙන්නේ. ජනතාවට කාන්තාවන් විසින් මුහුණදෙනු ලබන මෙවන් ගැටළු ගැන දැන් හොඳ අවබෝධයක් තියෙනවා මෙන්ම වාසනාවට මෙන් මම වැඩ කරන ස්ථානයේ පිරිමි අයද සුහද සහ මිත්‍රශීලි නිසා මටනම් මෙය එතරම් ගැටළුවක් වුනේ නැහැ” ඇය තවදුරටත් පැවසිය.

ලංකාවේ අධ්‍යාපනය ලද ආචාර්ය පල්ලියගුරු ඇගේ අතීතය මතක් කලේ මෙලෙසයි.“මම අධ්‍යාපනය ඇරඹුවේ කොළඹ කාන්තා විද්‍යාලයේ, ඉන් අනතුරුව මම කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව හැදෑරුවා” ඇය පැවසුවේ මුල සිටම ඉතා හොඳ ගුරුවරුන් හමුවීමේ භාග්‍යයද ඇයට ලැබුණු බව මතක් කරමිනි.

“මම ඉන්නේ මගේ වෘත්තියේ ඉතාම තරුණ අවධියක, එනිසා මට කීමට එතරම් දෙයක් නොමැති වුවත් මම විර්යය සහ චිත්ත ශක්තිය යන දේවල් ගැන දැඩි විශ්වාසයක් තියෙනවා. විශේෂයෙන් කියන්න යමක් නැති වුනත් ඔබට ඉදිරියට යාමට හමුවන කිසිදු අවස්ථාවක් අත් හරින්න එපා, නරක දේවල් සිදු වේවි, එතකොට දවසක් අඬන්න, ඊළඟ දවසේ වැඩ නැවැත්වූ තැනින්ම ආපසු පටන්ගන්න” ආචාර්ය පල්ලියගුරු පැවසුවේ මෙවන් වෘත්තියක් හඹා යාමට පෙරුම් පුරන සියලුදෙනහටය.

Related Articles