Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අධිෂ්ඨානය චිත්ත ශක්තිය ලොවට කියාපාමින් ප්‍රංශ දේශපාලන කරළියට පැමිණි නව මුහුණුවර – “නජාට් බෙලාකෙම්”

මොරොක්කෝවේ ග්‍රාමීය ප්‍රදේශයක උපත ලද නජාට් බෙලාකෙම් ලෝකයේ ඉතාමත් ප්‍රසිද්ධ කාන්තා චරිතයක් බවට පත් වී තිබෙනවා. ස්ව උත්සාහය, අරමුණු කරා ළඟා වීම, නොපසුබස්නා උත්සාහය ආදී ගුණාංග රැසක් මෙම චරිතය තුළින් නිරූපණය වනවා. එමෙන්ම ප්‍රංශ දේශපාලන ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබීමට නජාට් සමත් වනවා. ඒ අනුව මෙම ලිපිය මඟින් ඇයගේ පවුල් පසුබිම, එළුවන් බලා ගැනීමේ වගකීම හිමි වූ නජාට්, ප්‍රංශයට සංක්‍රමණය වීම, උසස් අධ්‍යාපනය හැදෑරීම, සමාජවාදී පක්ෂයට සම්බන්ධ වීම හා දේශපාලන දිවිය මෙන්ම අධ්‍යාපන ඇමතිනිය ලෙස පත් වීම ආදිය සම්බන්ධයෙන් මෙම ලිපිය මඟින් දැනුවත් වීමට හැකි වනවා.

නජාට්ගේ පවුල් පසුබිම

storypick.com(කුඩා අවධියේ නජාට්)

නජාට් වොලේඩ් බෙලාකෙම් 1977 වසරේදී උතුරු මොරොක්කෝවේ රයිෆ් කලාපයේ එනම් ග්‍රාමීය ප්‍රදේශයක් වූ බෙනි චිකර්හි උපත ලබා තිබෙනවා.  හත් දෙනෙක්ගෙන් යුක්ත පවුලේ නජාට් දෙවැන්නා වනවා. ඇයගේ ගේ චරිතය මෙතරම් ප්‍රසිද්ධ වීමට ඇගේ ළමා කාලය ද හේතුවක් වනවා. වර්ෂ 1982 දී බෙලාකෙම් පවුලේ උදවියද සමඟ ඇමියන් නමැති තදාසන්න ප්‍රදේශයකට පිටත් වෙනවා. මේ හේතුවෙන් ඇයට එළුවන් බලා ගැනීමට, ඔවුන්ට ආහාර සැපයීම, බීමට ජලය සැපයීම ආදී කටයුතු සිදු කිරීමට භාර වූවා.

මැයගේ සහෝදරිය ෆයිතා පැරිස් හි නීතිඥවරියක් වනවා. එමෙන්ම පියා අහමඩ් බෙලාකෙම් වන අතර වෘත්තීයෙන්  පෙදරේරුවෙක් වනවා. පියා විසින් මෙම දියණියන්ට දැඩි නීති රීති පනවනු ලැබුවා. වයස අවුරුදු 18ක් පමණ වන තෙක්, රාත්‍රී සමාජ ශාලා වෙත යාමට හා පිරිමි ළමයින් ඇසුර ද තහනම් කර තිබුණා. මේ හේතුවෙන් මොවුන් සම්පුර්ණයෙන්ම අධ්‍යාපනයට යොමු වීමක් සිදු වුණා.  

ප්‍රංශයට සංක්‍රමණය වීම හා උසස් අධ්‍යාපනය හැදෑරීම

telestar.fr( නජාට් බෙලාකෙම් හා බොරිස් වොලේඩ්)

නජාට් ඇයගේ පවුලේ සමඟ ප්‍රංශයට සංක්‍රමණය වනු ලබනවා. මෙලෙස ප්‍රංශයට පැමිණීම නජාට්ගේ දිවියේ හැරවුම් ලක්ෂයක් ලෙස දැක්විය හැකි වනවා. ප්‍රංශයට පැමිණ කෙටි කාලයකින් නජාට් හට ප්‍රංශ භාෂාව චතුර ලෙස හැසිරවීමට හැකි වුණා. නජාට් ගේ ළමා කාලය ගත වුණේ ප්‍රංශයේ දීයි. වයස අවුරුදු 18 වන විට ප්‍රංශ ජාතිකත්වය ලබා ගැනීමට මැයට හැකි වනවා. එමෙන්ම ප්‍රංශයට පැමිණීමෙන් පසු ඇය ඉතාමත් මහන්සි වී ඉගෙනීම් කටයුතු සිදු කර තිබෙනවා. ඒ අනුව 2002 වසරේදී පැරිස් දේශපාලන අධ්‍යන ආයතනයෙන් ඇයගේ උපාධිය ලබා ගනු ලබනවා. රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් පශ්චාත් උපාධිය හදාරන වකවාණුවල දී නජාට් රැකියාවන් දෙකක පමණ නියුතු වුණේ දෙමව්පියන්ට තිබූ මුල්‍යමය බරින් නිදහස් කිරීමට යි. මේ වකවාණුවේ දී ඇයට බොරිස් වොලේඩ් නමැති පුද්ගලයා හමු වන අතරම, 2005 වසරේදී  මොවුන්ගේ විවාහ සිදු වනවා.

සමාජවාදී පක්ෂයට සම්බන්ධ වීම හා නජාට්ගේ දේශපාලන දිවිය

thenational.ae (ප්‍රංශයේ හිටපු අධ්‍යාපන ඇමතිනි නජාට් බෙලාකෙම් ශිෂ්‍යයින් සමඟ සිටින අවස්ථාවක්)

දේශපාලන චරිතයක් ලෙසින් ඉමහත් ප්‍රසිද්ධියකට පත්ව සිටින නජාට්ගේ දේශපාලන දිවිය ආරම්භය සිදු වූයේ සමාජවාදී පක්ෂයට සම්බන්ධ වීමත් සමඟයි. ලයන් නමැති නගරාධිපතිගේ උපදේශකයෙකු ලෙසයි මැය මුලින්ම කටයුතු කරන්නේ. පසුව ක්‍රියාකාරී දේශපාලනය වෙනුවෙන් නජාට් බෙලාකෙම් සිය කැපවීම හා දායකත්වය ලබා දෙනු ලබනවා. වෘත්තීයමය අයිතීන්, නිවාස අයිතීන්, වෙනස්කම් වලට විරුද්ධව  හා මානව අයිතීන් උදෙසා ජනතාව දැනුවත් කිරීම, නැගී සිටුවීම සිදු කරනවා. ඒ වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කිරීමට බෙලාකෙම් සමත් වීම විශේෂ වනවා. 2005 වසරේදී ප්‍රංශයේ සංස්කෘතික නමැති කොමිසමේ මුලසුනට පත් වීමට මැයට හැකි වනවා. නමුත් 2008 වසරේදී ඇය සිය ඉල්ලා අස් වීම සනිටුහන් කරනවා. පසුව මැතිවරණ සඳහා තරඟ වදින අතර මන්ත්‍රී සභා ධුරයට පත් පත් වනවා. ඒ අනුව නජාට්ව 2012 වසරේදී කාන්තා කටයුතු ඇමතිනිය වශයෙන් එවකට සමාජවාදී ජනාධිපති වූ හොලන්ඩේ (François Hollande)විසින් පත් කරනු ලැබුවා. 2014 වර්ෂයේ අගෝස්තු මස 02 වන දින ඇය නාගරික කටයුතු, යෞවන කටයුතු හා ක්‍රීඩා ඇමතිනිය ලෙස ද නම් කෙරුණා.

ප්‍රථම අධ්‍යාපනික හා පර්යේෂණ අමාත්‍ය වරිය ලෙස තේරී පත් වීම

readerchoices.com

අවසානයේදී  2014 වර්ෂයේ අගෝස්තු මස 26 වන දින ප්‍රථම අධ්‍යාපනික හා පර්යේෂණ අමාත්‍යවරිය ලෙස තේරී පත් වනවා. මෙසේ පත් වන විට වයස අවුරුදු 37ක් පමණ වූ අතර ජාත්‍යන්තර මාධ්‍යවේදීන් විසින් මැයට “ප්‍රංශයේ නව මුහුණුවර” යනුවෙන් ඉමහත් දේශපාලන ජනප්‍රියතාවයක් ලබා දෙනු ලැබුවා. එමෙන්ම ඇය වෙනස් වන හා විවිධාංගීකරණයෙන් යුත්  රටක සංකේතයක් ලෙස ද සළකනු ලැබුවා.

නජාට් ප්‍රංශ අධ්‍යාපන පද්ධතියට සිය කෘතඥතාව පල කර සිටිනවා. එමෙන්ම ඇය ප්‍රකාශ කර සිටින්නේ,

“ මාගේ පුද්ගලික ගමනේ නිරන්තරයෙන්ම පාසල ප්‍රධාන ස්ථානයක්  වුණා. එය මට ලෝකයට විවෘත වීමට මෙන්ම සමාජීය හැසිරීමට ද (social mobility) ඉඩ ලබා දෙනු ලැබුවා. එමෙන්ම පාසල මට  කියවීමට, ඉගනීමට, අවබෝධ කර ගැනීමටද ඉඩ ලබා දුන්නා” යනුවෙනි.

මෙලෙස නජාට් බෙලාකෙම් අද වන විටත් එනම් වර්තමානයේ අධ්‍යාපන ඇමති නොවූවත්, ඉමහත් ප්‍රසිද්ධියකට පත් වීමට හා ලෝකය මෙතරම් ඇය සම්බන්ධයෙන් කතා කිරීමට හේතුවක් වන්නේ, බලගතු ප්‍රංශයේ අධ්‍යාපන අමාත්‍ය ධූරයක් හෙබ වූ පළමු කාන්තාව, පළමු මුස්ලිම් තැනැත්තිය හා ලාබාලම පුද්ගලයා  මොරොක්කෝවේ උපන් නජාට් බෙලාකෙම් වීමයි. විශේෂතා රැසක් සමඟ මෙම වටිනා මෙන්ම ඓතිහාසික අවස්ථාව ලබා ගනු ලැබුවේ එළුවන් බලා ගනිමින් ගමක ජීවත් වූ මුස්ලිම් සංක්‍රමණික කාන්තාවක විසිනි.

සුන්දරව ආරම්භ නොවූ නමුත් අධිෂ්ඨානය, නොපසුබස්නා උත්සාහය තුළින් අරමුණු කරා ළඟා වූ චරිතයක් ලෙස සරලව නජාට් චරිතය හැඳින්විය හැකි වනවා. ඒ අනුව නජාට් වොලේඩ් බෙලාකෙම් වන මැයගේ චරිතය අප හැමගේම ජිවිතයට ඉතාමත් වටිනා ආදර්ශයන් රැසක් සපයනු ලබනවා.

කවරයේ පින්තූරය:   thelogicalindian.com

Related Articles