Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සායිෆ් රඟපෑවේ වැරදි චරිතයක්ද?

සායිෆ් අලි ඛාන් කියන්නේ බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නළුවෙක්. බොලිවුඩයේ සුපිරි ඛාන් ත්‍රිත්වයට ඇතුලත් වෙන්න බැරි වුනත් සායිෆ් ගේ ජනප්‍රියත්වය දශක තුනකට අසන්න කාලයක් තිස්සේ එක ලෙසම පවතිනවා. වර්තමානයේ 47 වැනි වියේ පසුවන මේ කඩවසම් නළුවා සිනමාවට පිවිසුනේ 1993 වසරේ තිරගත වුනු, යාෂ් චොප්රා අධ්‍යක්ෂණය කල ‘පරම්පරා’ සිනමාපටයෙන්.

‘හම් තුම්’ සිනමාපටයෙන් පසු බොලිවුඩයේ ස්ථාවර වුනු සායිෆ් ඉන් පසු රඟපෑ සිනමාපට ගණනාවක් අති සාර්ථක වුනා.’කුර්බාන්’,’රේස්’,’ලව් ආජ් කල්’,සහ ‘කොක්ටේල්’ ඒ අතරින් කිහිපයක්. ඔහු රඟපෑ නවතම සිනමාපටය වන ‘කාලකන්ඩි’ 2018 වසරේදී තිරගත වීමට නියමිතයි. සම්මානනීය නළුවකුද වන සායිෆ් ‘හම් තුම්’ සිනමාපටයේ සිදු කළ රංගනය සඳහා ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබුවෙක්.

http://coolexample.in

තිරයෙන් පිටත රැඩිකල් පුවත් මැවූ සායිෆ්

සායිෆ් තිරයෙන් පිටතදීත් රැඩිකල් පුවත් මවන්නෙක්. ඔහු වඩාත් ජනප්‍රිය වුනේ ඔහුගේ විවාහයන් දෙක හේතුවෙනුයි. සායිෆ් පළමුව විවාහ වී සිටි අම්රිතා සිං ඔහුට වඩා වසර 12 කින් වැඩිමහලු වීම මෙන්ම, ඔහු මේ වන විට විවාහ වී සිටින කරීනා කපුර් ඔහුට වඩා වසර 10 කින් ලාබාල වීමත් එයට හේතුවක්. කෙසේ වෙතත්, සායිෆ් සිනමා නළුවකු නොවූයේ නම් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වනු ඇති බව ඔහු පිළිබඳව දන්නා බොහෝ දෙනකු නොදන්නා කරුණක්. සායිෆ් සිනමාවට පැමිණීමට හේතු වූ ප්‍රකට කරුණ වන  ඔහුගේ මව වන ශර්මිලා තාගෝර් කලකට පෙර ඉන්දීය සිනමාවේ අතිශයින්ම ජනප්‍රිය නිළියක්. හොඳම නිළිය වෙනුවෙන් ඉන්දීය ජාතික සිනමා සම්මානය දෙවරක් දිනූ ඇය හොඳම නිළිය ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මානයද දෙවරක් දිනා තිබෙනවා.

(මව, ශර්මිලා තාගෝර්) -https://i.pinimg.com

මවගෙන් සහ පියාගෙන් ලැබුණු දක්ෂතාවය

ලෝක පුජිත සිනමාකරු සත්‍යජිත් රායි ගේ අපූ ත්‍රිත්වයට අයත් ‘අපූර් සංසාර්’ සිනමාපටයේ  අපර්නාගේ චරිතය ඇගේ සිනමා ගමනේ ආරම්භය බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණක්. ඇය ඉන්දීය සිවිල් පුරවැසියකුට ලැබිය හැකි තෙවැනි ඉහළතම සම්මානය වන පද්ම භුෂන් සම්මානයෙන්ද පිදුම් ලැබූ තැනැත්තියක්. සායිෆ්ගේ රංගන කුසලතාවයට හේතුව මව නම් ඔහුගේ ක්‍රිකට් කුසලතාවයට හේතුව ඔහුගේ පියා සහ සීයායි. 2011 වසරේදී මෙලොව හැර ගිය නවාබ්  මන්සුර් අලි ඛාන් පතවුධි ඔහුගේ පියායි. ඉන්දියාවෙන් බිහි වූ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයකු වන ඔහු ඇතැමුන්ගේ මතය අනුව ඉන්දියාව බිහි කළ හොඳම ක්‍රිකට් නායකයායි. ක්‍රිකට් ක්‍රීඩාවේ දී ඔහු දැක් වූ  ක්‍රීඩාශීලිත්වය හේතුවෙන් ටයිගර් නවාබ් ලෙස හැදින්වුණු ඔහු එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වුණේ වයස අවුරුදු 21 දී වීම විශේෂත්වය යි.

(පියා, නවාබ් පතවුධි)- https://media.indiatimes.in

නවාබ් දශක දෙකකට අසන්න කාලයක් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ අතර නවසීලන්තයට එරෙහිව ඉන්දියාව ලැබූ පළමු ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයට කණ්ඩායම මෙහෙය වූයේද ඔහු විසිනුයි. ටෙස්ට් තරඟ 46ක් වෙනුවෙන් ඉන්දියාව නියෝජනය කළ නවාබ් ශතක හයක් සහ අර්ධ ශතක 17ක් රැස් කරගෙන තිබෙනවා. ඉනිමක ඔහු රැස් කළ වැඩිම ලකුණු ගණන 203 ක්.1962 වසරේ ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයා වූ ඔහු 1968 වසරේ විස්ඩන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයද හිමිකර ගැනීමට සමත් වුණා.

සායිෆ් ක්‍රිකට් පරපුරකින් පැවත එන බව පැවසීමට හේතුව ගේ පියා පමණක් නොව ඔහුගේ පියාගේ පියා ද දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වීමයි. නවාබ් ඉෆ්ටිකාර් අලි ඛාන් නම් වූ ඔහු ද ඉන්දියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර තිබෙනවා.1946 එංගලන්තයේ සංචාරය කළ ඉන්දීය කණ්ඩායම මෙහෙය වූ ඉෆ්ටිකාර් ඉන්දියාව සහ එංගලන්තය යන රටවල් දෙකම වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ එකම ක්‍රීඩකයා ලෙසටද ඉතිහාසයට එක්ව සිටිනවා.

(ඉෆ්ටිකාර්) – https://s.yimg.com

ප්‍රභූ පෙළපතක් වූ පතවුධි පවුල

නවාබ් පතවුධි පවුල ඉන්දියාව තුළ සැලකෙන්නේ ප්‍රභූ පෙළපතක පවුලක් ලෙසටයි. එම පෙළපත දේශපාලනය හැරුණුවිට වඩාත්ම බැඳී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සමගයි.කෙසේ වෙතත් එම පරපුරේ වත්මන් පුරුක වන තමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් මිදී රංගනයට පැමිණීම විශේෂත්වයක් බව සායිෆ් වාර කිහිපයකදී පිළිගෙන තිබෙනවා.

සායිෆ් කුඩා කල ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රිය කළ දරුවකු වූ අතරම ඔහුගේ සමීපතමයන් සිතා ඇත්තේ ඔහුද සිය පියා සහ සීයා ලෙසටම ක්‍රිකට් ක්‍රීඩාවේ හිනි පෙත්තටම නගිනු ඇති බවයි.‘ක්‍රිකට් මගේ ලේ වල තිබුණු ක්‍රීඩාවක්. මට මතකයි මම කුඩා කාලයේ තාත්තා එක්ක ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ඒ වගේම නවාබ් පතවුධි ගේ පුත්‍රයා  වීමම ඒ කාලේ මට ලොකු ගෞරවයක් වුණා. හැමෝම හිතුවේ මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යයි කියල. ඒත් මගේ මව එක්ක රූගත කිරීම් වලට සහභාගී වෙනකොට, කලාකාරයන් අපේ නිවසට එනකොට මට හිතුනා මගේ අනාගතේ තියෙන්නේ ක්‍රිකට් පිටියේ නෙවෙයි සිනමා කැමරාව ඉදිරියේයි කියල.

http://st1.bollywoodlife.com

මේ වෙනකොට ඉන්දියාවේ ක්‍රිකට් වගේම සිනමාවත් දේවත්වයෙන් අදහන නිසා රංගන ශිල්පියෙක් විදියට මම ජනප්‍රියයි.ඒත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස ඉන්දීය කණ්ඩායම නියෝජනය කිරීමට නොලැබීම ගැන පුංචි වේදනාවක් මගේ හිතේ නැතුවාම නොවෙයි. ජීවිතය කියන්නේ ඒක තමයි. සමහර වෙලාවට ඔබට තෝර ගන්න වෙනවා, හොඳම දෙකක් අතරින් එකක්.’ සායිෆ් එසේ පවසනවා.

සිය පියා සහ සියා මෙන් දිගින් දිගටම ක්‍රිකට් ක්‍රීඩා කළේ නම් සායිෆ් සව්රව් ගංගුලි, අනිල් කුම්බ්ලේ, සචින් තෙන්ඩුල්කාර්, සන්ජේ මංජේකාර් යන සමකාලීනයන් සමඟ ඉන්දීය කණ්ඩායම නියෝජනය කරනු ඇති. එසේ වූයේ නම් සායිෆ්ගේ දස්කම් කුමන ආකාරයේ වෙයිදැයි අනුමාන කිරීම රසවත් වනු ඇති බවට සැකයක් නැහැ.

කෙසේ වෙත්ත සායිෆ් ගේ පළමු විවාහයේ පුත්‍රයා වන ඉබ්‍රහිම් ඛාන්ද මේ වන විට දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වන බවට ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා. ඔහු මේ වන විට මුම්බායි පාසල් ක්‍රිකට් තරගාවලියේ පාසල් අතර දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස දස්කම් දක්වමින් සිටින්නේ සිය පිය පරපුරේ උරුමය වූ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාමේ අරමුණෙන් යුතුවයි.

(සායිෆ්ගේ පුත්‍රයා)http://media3.bollywoodhungama.in

cover photo- in.bookmyshow.com

මුලාශ්‍ර

http://indianexpress.com

http://indiatoday.intoday.in

Related Articles