Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දර්ශනවාදියෙකු වූ ඉන්දියාවේ දෙවන ජනපති සර්වපල්ලි රාධා ක්‍රිෂ්ණන්

වර්ෂ 1888 සැප්තැම්බර් මස 5 වන දින උපත ලැබූ ආචාර්ය සර්වපල්ලි රාධා ක්‍රිෂ්ණන් මහතා ඉන්දියාවට මහත් සේවයක් කළ පුද්ගලයෙකු ලෙස දැක්විය හැක. ශාස්ත්‍රඥයකු, දර්ශනය පිළිබඳ මහාචාර්යවරයකු, andhra විශ්වවිද්‍යායේ උපකුලපති වරයකු, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ නැගෙනහිර ආගම් පිළිබඳ මහාචාර්යවරයකු, benares හින්දු විශ්ව විද්‍යාලයේ උපකුලපති වරයකු, delhi විශ්ව විද්‍යාලයේ කුලපතිවරයකු වශයෙන් තම ජීවිත කාලය තුළ දී ඉන්දියාවේ වැදගත් තනතුරු රාශියක් මෙහෙයවීමට මොහු සමත් වී ඇත. මොහු ඉන්දියාවේ දෙවන ජනපති ලෙසද කටයුතු කර ඇති අතර මෙතුමාගේ උපන්දිනය ගුරු දිනය වශයෙන් ඉන්දියාව පුරා සැමරීම සිදු කරයි. ඉන්දීය අධ්‍යාපනය වෙනුවෙන් විශාල සේවාවක් සිදු කළ ආචාර්ය රාධා ක්‍රිෂ්ණන් මහතා පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ඒමට මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වෙනවා.

ළමා කාලය

freepressjournal.in

තෙළිඟු බ්‍රාහ්මණ පවුලක උපත ලැබූ රාධා ක්‍රිෂ්ණන් මහතාගේ පියා සර්වපල්ලි විරස්ස්වාමි වූ අතර මව සිතම්මා නම් විය. මොහුගේ පියා උපකාරක අදායම් බදු නිලධාරියකු ලෙස සේවය කර ඇත. ක්‍රිෂ්ණන් මහතාගේ පියාට කිසිදු දිනක තමාගේ පුතා ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීමට යොමු කිරීමේ අවශ්‍යතාවයක් පැවතුණේ නැත. ඔහුගේ මතයට අනුව ක්‍රිෂ්ණන් මහතා පූජකයකු විය යුතු විය. ක්‍රිෂ්ණන් මහතා මුල් අධ්‍යාපනය ලැබුවේ thiruttani ප්‍රදේශයේ පිහිටි K.V උසස් පාසලේ ය. පසුව 1896 වසරේ දී tirupati වල තිබූ පාසලකට මොහු ඇතුළත් කරන ලදි. තම ශිෂ්‍ය ජීවිතය තුළ පාසල් සිසිවෙකු ලෙස විවිධ ශිෂ්‍යත්ව රාශියක් දිනා ගැනීමට මොහුට හැකි වූයේ ඔහු සතු වූ සහජ කුසලතාවයන් නිසාවෙනි. මොහු වයස අවුරුදු 17 දී madras christian විද්‍යාලයට ඇතුළත් විය. දර්ශනය පිළිබඳ තම වැඩිදුර අධ්‍යාපනය හැදෑරු මොහු 1906 වසරේදී තම උපාධිය සම්පූර්ණ කරන ලදි.

දේශපාලන ජීවිතය

youtube.com

1952 වසරේ උප ජනාධිපති ධූරය හැසිරවීමට පෙර ක්‍රිෂ්ණන් මහතා UNESCO සඳහා තානාපතිවරයා ලෙස කළේය. ඒ 1946 වසරේදී ය. පසුව මොහු සෝවියට් සමූහාණ්ඩුව සඳහාද තානාපතිවරයකු ලෙස කටයුතු කරන ලදි. 1962 වසරේදී ක්‍රිෂ්ණන් මහතා ඉන්දියානු ජනපති ධූරයට පත්වීම පිළිබඳ බ්‍රිතාන්‍ය දර්ශන වාදියෙකු වූ Bertrand Russel පවසා ඇත්තේ “ ආචාර්ය රාධා ක්‍රිෂ්ණන් මහතා ඉන්දියාවේ ජනපති ලෙස තේරී පත්වීම දර්ශනය සඳහා ගෞරවයකි. දර්ශනවාදියෙකු ලෙස පෞද්ගලිකව මා ඒ පිළිබඳ සතුටට පත් වෙමි.’’

ක්‍රිෂ්ණන් මහතා ජනපති ලෙස පත් වූ පසු ක්‍රිෂ්ණන් මහතාගේ උපන්දිනය සැමරීමට අවසර ලබා දෙන ලෙස ඔහුගේ සිසුන් කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් ක්‍රිෂ්ණන් මහතා ප්‍රකාශ කර ඇත්තේ තමාගේ උපන්දිනය සැමරීම වෙනුවට එය ගුරු දිනයක් ලෙස නම් කිරීම තමාට කරන ගෞරවයක් ලෙසයි. මොහුගේ ධූර කාලය තුළ තරමක කලබලකාරී වාතාවරණයක් පැවතිණි. ඊට හේතුව වූයේ මේ කාලය තුළ දී ඉන්දියාව යුද්ධ දෙකක් සඳහා මැදිහත් වීමයි. ඉන් එකක් චීනයට විරුද්ධව සිදු කළ අතර අනෙක පාකිස්තානයට විරුද්ධව සිදු කරන ලදි.

financialexpress.com

මොහු බ්‍රිතාන්‍ය නීතිරීති වලට එරෙහිව සටන් කළ පුද්ගලයෙකු ලෙස දැක්විය හැක. ඔහු සෑම විටම බටහිර සංස්කෘතිය හමුවේ ඉන්දියානු සංස්කෘතිය ආරාක්ෂා කිරීමට කටයුතු කළේය. ඉන්දියාවේ පැවති සංස්කෘතිය පිළිබඳ කතා කිරීම ඔහුට මහත් ආඩම්බරයට කරුණක් විය. ඉන්දියාව ජාතික රාජ්‍යයක් ලෙස ගොඩනැගීමට මොහුගේ අදහස් බලවත් රුකුලක් විය. මොහු ජනපති ලෙස තීරණයක් ගැනීමේදී නිතරම ප්‍රජාතන්ත්‍රවාදය, ඉවසීම, බුද්ධිය යන සියල්ලක්ම භාවිතා කරන ලදි. මොහු පුරුද්දක් ලෙස ජීවිතයේ සෑම අවස්ථාවකදීම “තමාට හැකි උපරිමයෙන් කරන්න” යන ප්‍රතිපත්තිය අනුගමනය කළේය. මොහු ඉන්දියාවේ පැවතී දිළිඳු බව තුරන් කිරීම, සාක්ෂරතාවය නගා සිටුවීම, හා ශ්‍රම සූරා කෑම වැළැක්වීමට බොහෝ සේ උත්සහ දරන ලදි.

ඔහුගේ රචනාවන් කීපයක්

azabgazab.com

1918 වසරේදී ක්‍රිෂ්ණන් මහතාව mysore විශ්වවිද්‍යාලය මඟින් දර්ශනය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස තෝරා පත් කරගත් අතර එකල මොහු සඟරා වල ලිපි ගණනාවක් පල කළේය. ඔහුගේ මුල්ම පොත වූයේ “The philosophy of Rabindranath tagore” ය. ඔහු තාගෝර් තුමාගේ දර්ශනය ගැඹුරින් අධ්‍යයනය කළ  අතර එය ඉන්දියාවේ ආත්මය ලෙස සැලකුවේය. ක්‍රිෂ්ණන් මහතාගේ දෙවන පොත වූයේ “ the reign of religion in contemporary philosophy” ය. මෙය මුද්‍රණය කර පල කරන ලද්දේ 1920 වසරේදී ය.

මොහු රචනා කළ පොත් හා ලිපි කල්කටා විශ්වවිද්‍යාලයේ උපකුලපති වරයා වන ashutosh mookerjee මහතාගේ අවධානයට ලක් විය. මේ හේතුවෙන් ක්‍රිෂ්ණන් මහතාව කල්කටා විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ මහාචාර්ය තනතුරට යෝජනා කරන ලදි. මහාචාර්ය ධූරයේ කටයුතු කරන කාලයේ මෙතුමා පොත් හා ලිපි කීපයක් රචනා කළේය. 1923 වසරේදී ක්‍රිෂ්ණන් මහතා “indian philosophy” නමැති ග්‍රන්ථය රචනා කළ අතර එම පොත ඔහු රචනා කර ඇත්තේ මහාචාර්ය J.H Muirhead විසින්  ඉන්දියානු දර්ශනය පිළිබඳ පොතක් රචනා කරන මෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙසයි.

පිදුම් ලැබූ සම්මාන

ක්‍රිෂ්ණන් මහතා සම්මාන ගණනාවකින් පිදුම් ලබා ඇත. 1954 වසරේදී ඉන්දියානු පුරවැසියෙකුට ලබා දෙන ඉහළම සම්මානය වන භාරත් රත්න සම්මානයෙන් පිදුම් ලැබූ මෙතුමාට german book trade මඟින් පිරිනමන සාම ත්‍යාගය 1961 වසරේදී හිමි විය. 1975 වසරේදී templeton ත්‍යාගයෙන් පිදුම් ලැබූ මෙතුමා 1975 වසරේ අප්‍රේල් මස මෙලොවින් සමු ගත්තේය.

කවරයේ පින්තුරය – youtube.com

Related Articles