Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශාරුක්ගේ ඉරණම පෙරළුණු හැටි

ශාරුක් ඛාන් හෙවත් කිං ඛාන් සැළකෙන්නේ ඉන්දියානු සිනමාවේ ආදරණීය ප්‍රේමවන්තයා ලෙසටයි. අඩි 5 අඟල් 8ක් උසැති 52 හැවිරිදි ශාරුක් මේ වන විට සැළකෙන්නේ ලොව දෙවැනි ධනවත්ම රංගන ශිල්පියා ලෙසටයි. සුප්‍රකට forbes වෙබ් අඩවියට අනුව ඔහුගේ වත්කම සඳහන් වන්නේ ඩොලර් මිලියන  800ක් ලෙසිනුයි. වර්තමානයේ ඉන්දියාවේ සාර්ථකම නළුවා වුවත් ඔහු එතනට පැමිණි ගමන නම් කිසිසේත්ම පහසු වූවක් නොවේ. මේ ශාරුක් ගැන රසවත් තොරතුරු කිහිපයක්.

අධ්‍යාපනය

ශාරුක් පාසල් සමයේ පටන් රංගනයට දැඩි කැමැත්තක් දැක්‌වූවකු වන අතර එවකට ඔහුගේ වීරයන් වූයේ අමිතාබ් භච්චන්, දිලිප් කුමාර් සහ මුම්ටාස් තිදෙනා යි. පසුකලෙක අමිතාබ් සමග ඔහු පිය පුතුන් ලෙස ‘කබි කුෂි කබි ගම්’ සිනමාපටයේ රඟපෑ අතර එය ඔහුගේ සිනමා දිවියේ නොමැකෙන සටහනක් ලෙස ශාරුක් සලකනවා.

පාසල් වේදිකාවේ ශාරුක් කැපී පෙනෙන නළුවෙක් වෙද්දී ඔහුගේ සහායිකාව ලෙස රඟපෑවේ අම්රිතා සිං නම්  යෞවනියයි. අම්රිතා පසුව සිනමාවට ද පැමිණි අතර පසුව සයිෆ් අලි ඛාන් ගේ බිරිඳ බවටද පත්වුණා. ශාරුක් සිය පාසලේ දක්ෂතම සිසුවාට හිමි sword of honor සම්මානයෙන්ද පිදුම් ලැබුවෙක්. එමෙන්ම ඔහු ආර්ථික විද්‍යාව පිලිබඳ උපාධි ධාරියෙක්. ඔහු ජන සන්නිවේදනය පිලිබඳ ශාස්ත්‍රපති උපාධිය සඳහා අධ්‍යයන කටයුතුවල නිරත වුවත් පසුව එය අතහැර දමනු ලැබුවේ රංගනයෙන් සාර්ථක වීමේ අරමුණ හේතුවෙනුයි. ඔහු රංගනය පිළිබඳව විධිමත්ව හදාරා ඇත්තේ ඉන්දියානු ජාතික රංගන පාසලේදියි.

indusladies.com

පියාගේ අභාවය

මධ්‍යම පාන්තික දිවියකට උරුම කීවත් ශාරුක්ගේ ජීවිතය තරුණ වියේදිම අර්බුදයට ලක්වුණේ ඔහුගේ පියා පිළිකාවකින් මියයාම හේතුවෙනු යි. පසුව ඔහුගේ මව දියවැඩියා රෝගය හේතුවෙන් මියගිය අතර ඒ වන විට ශාරුක් පසුවුනේ 25 වැනි වියෙයි. ශාරුක්ගේ සොයුරිය මානසික දුර්වලතාවකින් පෙලෙන්නියක් වන අතර වර්තමානයේදීත් ශාරුක් ඇයව සිය නිවසේ තබාගෙන රැකබලා ගන්නේ ඔහු ඇයට දැඩි ලෙස ආදරය කරන බැවිනුයි. ශාරුක්ගේ සොයුරියගේ ලාලාරුක් නමින් හඳුන්වයි.

ශාරුක්ට ඔහුගේ මිත්තනිය තැබූ  මුල් නාමය අබ්දුල් රෙහෙමාන් වූ අතර එය ශාරුක් ඛාන් ලෙස වෙනස් කරනු ලැබුවේ ඔහුගේ පියා විසිනුයි. ‘එහි තේරුම රජකු ගේ මුහුණ’ වන අතර පසුව ශාරුක් සිය නම ලියන ආකාරය Shah Rukh ලෙස වෙනස්කරනු ලැබුවේ එය ඔහුට වාසනාව ගෙන දෙන බව සිතමිනුයි. රංගන ශිල්පියකු වීමේ අරමුණෙන් මුම්බායට පැමිණි ශාරුක් ට නැවතීමට නවාතැනක් නොතිබුණු බැවින් ඔහු රාත්‍රිය ගතකර ඇත්තේ මුම්බායේ පිහිටි තරු පහේ හෝටලයක් අසල උද්‍යානයක බව පැවසෙනවා. එසේම ඔහු කලක් අවන්හල් සේවකයකු ලෙස කටයුතු කර ඇති අතර එවකට ඔහුට දිනකට ලැබී ඇත්තේ රුපියල් පනහක් පමණයි.

successstory.com/

‘දීවානා’ සිනමාපටය

ශාරුක් මුල් කාලයේ වැඩි කැමැත්තක් දැක්වුවේ රූපවාහිනී නාට්‍ය සඳහායි. Fauji  ඔහු රඟපෑ පළමු ටෙලි නාට්‍ය වූ අතර ඉන්පසු ඔහු වෙත ලැබුණු සිනමා රංගන ආරාධනා ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ඒ සඳහා තමා තවමත් සුදුසු නොවන බව පවසමින්. රෝගීව සිටින සිය මව සමීපයේ සිටීම තම මූලික වගකීම ලෙස වටහා ගත් ශාරුක් පසුව මවගේ ඉල්ලීම පිට සිනමා නිර්මාණ කිහිපයකට පමණක් දායක වී නැවත ගමට යාමට තීරණය කර මුම්බායට පැමිණි නමුත් ‘දීවානා’ සිනමාපටය ඔහුගේ ඉරණම වෙනස් කළේ එවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නැගී එන රංගන ශිල්පියා බවටද පත් කරමින්.

දීවානා සිනමා පටයේ ශාරුක් රංගනයේ යෙදුනු චරිතයට තෝරාගෙන තිබුණේ අර්මාන් කෝලි නම් රංගන ශිල්පියා වන අතර ඔහු සිනමාපටයෙන් ඉවත්වීම හේතුවෙන් ශාරුක්ට එම අවස්ථාව හිමි වී තිබෙනවා.

www.cinestaan.com

හොඳම දුෂ්ට රංගනය

යාෂ් චොප්රා අධ්‍යක්ෂණය කල Darr ශාරුක්ගේ සිනමා දිවියේ තවත් සංධිස්ථානයක් වන අතර එහි ඔහු රඟපෑ රාහුල් ගේ චරිතය එවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම දුෂ්ට රංගනයට නාම යෝජනා හිමි කරගත්තා. එම චරිතය මුලින් සන්ජේ දත් රඟපෑමට නියමිතව සිටි නමුත් එය සිදු නොවූයේ සන්ජේ සිරගත වීම නිසයි. පසුව අජේ දේව්ගන්, අමීර් ඛාන් ආදීන් එම චරිතය ප්‍රතික්ෂේප කළ අතර ශාරුක් අවසානයේදී එය භාර ගත්තේ එම දුෂ්ට චරිතයේ තිබූ රංගන අවස්තාව ඔහු මනාව වටහා ගත් බැවිනුයි.

ඉන් පසුව තිරගත වූ ‘බාසිගර්’ සිනමාපටයේ ප්‍රධාන චරිතය ශාරුක් බාර ගනු ලැබුවේත් අර්මාන් කෝලි සහ සල්මන් ඛාන් දෙදෙනා විසින්ම එම චරිතය රඟපෑම ප්‍රතික්ෂේප කළ පසුබිමකයි. එවරද ශාරුක්ගේ තේරීම නිවැරදි වුනේ ඔහුට සිය දිවියේ පළමු වරට හොඳම නළුවා සඳහා වන ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමිකර දෙමිනුයි.

www.dawnnews.tv/news/1024749

ශාරුක් සිය පෙනුම සම්බන්ධයෙන් දැඩි අවධානයක් දක්වන්නෙක්. වරක් නිෂ්පාදකවරයකු ශාරුක්ගේ පුද්ගලික වේශ නිරූපන ශිල්පියාට ඔහුගේ වේශ නිරූපනය සිදු කිරීමට අකමැත්ත පල කළ අතර ශාරුක් ඊට ප්‍රතිචාර දැක්වූයේ එම සිනමාපටය ප්‍රතික්ෂේප කරමින්.’තරුවක් තනිව බිහිවන්නේ නැහැ.මගේ සාර්ථකත්වයෙන් 80% හිමිවන්නේ මා වටා සිටින කාර්ය මණ්ඩලයටයි’ යනුවෙන් ශාරුක් එහිදී පවසා තිබෙනවා.

මවගේ විශ්වාසය

වරක් ශාරුක්ගෙන් පාසලේ ගුරුතුමිය ඔහුගේ අනාගත බලාපොරොත්තුව සම්බන්ධයෙන් ඇසූ විට ඔහු පවසා ඇත්තේ බොලිවුඩයේ සාර්ථක නළුවකු වීම සිය අරමුණ බවයි. ශාරුක් ට බොලිවුඩයේ කිසිදු හැඳුනුම් කමක් නොමැති නිසා එය යථාර්තයක් නොවන බව පැවසූ ගුරුතුමිය ඒ පිළිබඳව ඔහුගේ මවටද පවසා තිබෙනවා. එවිට මව පවසා ඇත්තේ  ‘ශාරුක් එසේ කීවේ නම් එය නියත වශයෙන්ම සිදුවන බවයි.’ මවගේ එම විශ්වාසය තමා මෙතෙක් දුරක් රැගෙන ආ බව පසු කලෙක ශාරුක් පවසා තිබුනේ කඳුළු පිරි දෙනෙතින්.

www.ntd.tv/

ශාරුක් යනු වෙනත් කිසිදු නිලියක් සමඟ සම්බන්ධයක් පවත්වාගත් බවට කිසිදු කටකතාවක් නොපැතිරුණු නලුවෙක් බව ප්‍රකට කරුණක්. ඒ සම්බන්ධයෙන් වරක් නැගුණු ප්‍රශ්නයකදී ශාරුක් මෙසේ පිළිතුරු දී තිබෙනවා. ‘මමත් පිකාසෝ වගේ මගේ සම්පූර්ණ ලිංගික ශක්තියම යොදන්නේ මගේ නිර්මාණය වෙනුවෙන් නැතිව වෙනත් සම්බන්ධකම් වෙනුවෙන් නෙවෙයි. ඒ තමයි මගේ සාර්ථකත්වය’

ශාරුක් මේ වන විට සිනමාපට 80කත වැඩි ගණනක රංගනයේ දී ඇති අතර ෆිල්ම් ෆෙයාර් සම්මාන 14ක් ඇතුළුව විවිධ සම්මාන 280 ක් පමණ හිමි කරගෙන තිබෙනවා.2008 වසරේදී newsweek සඟරාව විසින් ඔහු ලොව බලවත්ම පුද්ගලයන් 50 දෙනා අතරටත් ඇතුළත් කරනු ලැබුවේ දුක දිනූ  ශාරුක්ගේ සාර්ථකත්වය මනාව පසක් කරමින්.

Cover- awallpapersimages.com

මූලාශ්‍ර

http://www.facts4u.co.in

http://indusladies.com

https://www.cinestaan.com

https://www.dawnnews.tv/news/1024749

Related Articles