Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බුකර් තෑග්ග, ෂෙහාන් සහ ‘සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’

මහා බ්‍රිතාන්‍යය සාහිත්‍ය කෘති වෙනුවෙන් පුදන ඉහළ ම ත්‍යාගය වන ‘බුකර් ත්‍යාගයට 2022 වසරේ හිමිකම් කීමට ශ්‍රී ලාංකික කතුවරයෙක් වන ෂෙහාන් කරුණාතිලක පසුගිය දා සමත් වුණා. ඔහු රචනා කළ ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ නවකතාවට මෙම ත්‍යාගය ලැබී තිබෙනවා. මෙය එදා මෙදා තුර ශ්‍රී ලාංකිකයෙක් සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ලබා ගත් තවත් ඉහළ ම ඇගයීමක් ලෙසත් සැලකෙනවා.

‘The Booker prize’ නැත්නම් ‘The Booker Prize for Fiction’ යනු, ඉංග්‍රීසි භාෂාවෙන් රචනා වුණු, එක්සක් රාජධානියේ හෝ අයර්ලන්තයේ ප්‍රසිද්ධ කළ හොඳ ම නව කතාවට හිමි වන සම්මානය යි. එසේත් නැති නම් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත හොඳ ම නවකතාවට කතාවට හිමි වන සම්මානය යි.

 ෂෙහාන් කරුණාතිලක සහ බුකර් ත්‍යාගය ලැබුණු ඔහුගේ කෘතිය – toppingbooks.co.uk

බුකර් ත්‍යාගය පිළිබඳ ව

මහා බ්‍රිතන්‍යය මඟින් හොඳ ම නවකතා වෙනුවෙන් පිදෙන බුකර් ත්‍යාගය දෙවැදෑරුම් වෙනවා. මෑන් බුකර් ත්‍යාගය හෙවත් ‘බුකර් ත්‍යාගය’ ලෙස වර්තමාන ව්‍යවහාරයේ පවතින ත්‍යාගය පෙර කී පරිදි එංගලන්තය හෝ මහා බ්‍රිතාන්‍යය තුළ ඉංග්‍රීසි භාෂාවෙන් පළ වන ග්‍රන්ථවලට පිදෙන අතර, අන්තර්ජාතික බුකර් ත්‍යාගය පිරිනැමෙන්නේ වෙනත් භාෂාවකින් මුල් කෘතිය පළ වී, එහි ඉංග්‍රීසි පරිවර්තනය මහා බ්‍රිතාන්‍යයේ පළ කළ කෘතිවලට යි. ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ වෙනුවෙන් ෂෙහාන් කරුණාතිලකට ලැබී ඇත්තේ මෙම ත්‍යාගය යි. මෙම වසර සඳහා වූ අන්තර්ජාතික බුකර් ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ ද දකුණු ආසියාතිකයෙක් ම වීම තවත් සුවිශේෂී කරුණක් වෙනවා. ඉන්දීය නවකාතාකාරිණියක වන ගීතාංජලී ශ්‍රී එම ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ ඇගේ ‘රේත් සමාධි’ හෙවත් ‘ද ටූම්බ් ඔඩ් සෑන්ඩ්’ කෘතිය ට යි.

බුකර් ත්‍යාගය ජයග්‍රහණය කරන නවකතාව සඳහා පවුම් 50,000 ක ත්‍යාගයක් ලැබෙන අතර, අවසන් වටයට තේරී පත් වන නවකතා 5 වෙනුවෙන් පවුම් 2500 බැගින් වූ ත්‍යාග ද පිරිනැමෙනවා.

ත්‍යාගය සඳහා කෙටි ලැයිස්තුගත වූ අනෙකුත් කෘති – www.ft.com

බුකර් ත්‍යාගයට 2022 වසරේ හිමිකම් කීම සඳහා කෙටි ලැයිස්තුගත වූ අනෙකුත් කෘති වන්නේ:

Glory – නෝවයලට් බුලවායෝ

The Trees – පර්සිවල් එවරට්

Treacle Walker – ඇලන් ගානර්

Small Things Like These – ක්ලෙයා කීගන්

Oh William! – එළිසබෙත් ස්ට්‍රෞට්

යන ඒවා ය.

‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ නවකතාව පිළිබඳව

‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ නවකතාවට පදනම් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය යි. යුද්ධය හේතුවෙන් මියයන ඡායාරූප ශිල්පියෙක් සතියකට පසුව නැවත සිය මරණයෙන් නැඟිට, සිය මිතුරන් කරා ගොස්, තම ඡායාරූප සොයා ගෙන, යුද්ධයේ කුරිරු බව ලෝකයට හඬ ගා කියන ලෙස පවසන කතාවක් මෙහි තේමාව ලෙස කතුවරයා තෝරා ගෙන ඇත. මෙය හුදු මායා යථාර්ථවාදී ලේඛන ශෛලියකින් ලියැ වී ඇති අතර, කතුවර ෂෙහාන් කරුණාතිලක, ප්‍රවීන ගත්කතුවරයෙක් වන කොලොම්බියානු ජාතික ගබ්‍රියෙල් ගාසියා මාකේස් වැන්නවුන් ගේ ලේඛන ශෛලිය අගය කරන්නෙක් ද වේ. 

 ෂෙහාන් කරුණාතිලක, එක්සත් රාජධානියේ රාජකීය සහකාරිය කැමිලා අතින් ත්‍යාගය ලබා ගත් අවස්ථාව – Toby Melville/Pool/Reuters

ෂෙහාන් කරුණාතිලකට මෙම නවකතාව රචනා කිරීමට සිත් පහළ වී ඇත්තේ 2009 වසර තරම් ඈත් අතීතයක යි. 2009 වසරේදී දශක කිහිපයක් ඇදුණු ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අවසන් වූ අතර, එම සමයේ දී අහිංසක සාමාන්‍ය ජනතාව කොපමණ ප්‍රමාණයක් එයට ගොදුරු වූවා ද යන්න බරපතල ලෙස විවාදයට බඳුන් වන කාරණාවක් වුණා. කෙසේ නමුත් බොහෝ විට, ඔවුන් සතු වූ ‘බලය’ අවම වීම නිසා කිසිදු අවස්ථාවක ඔවුනට සාධාරණයක් ඉටු නොවූ බව විචාරක මතය යි.

මෙම මරණවලට වගකිව යුත්තේ කවුරුන්දැ යි යන්න පිළිබඳ ව විශාල වශයෙන් විවාද සිදුවන විට, ඇත්තෙන් ම මෙලෙස මරණයට පත් වූ අයකුට, මරණයෙන් නැඟිට, තමන්ට සිදුවූයේ කුමක් ද යන්න පැවසීමට මෙන් ම, තම මරණය වෙනුවෙන් සාධාරණය ඉටු කර ගැනීම උදෙසා සටන් වැදීමට හැකිනම් එය කෙසේ වනු ඇති ද යන්න පිළිබඳ ව කතුවරයා ගැඹුරින් සිතා මෙම කෘතියට අදාළ වස්තු බීජය සකසා ගෙන තිබෙනවා.

චයිනමන් (Chainaman – The Legend of Pradeep Mathew) ) කෘතිය, ක්‍රිකට් ක්‍රීඩාව විෂය කර ගනිමින් ලියවුණු දෙවැනි හොඳ ම නවකතාව ලෙස පිළිගැනෙනවා – www.dailyo.in

කතෘ ගේ අදහස්

බුකර් ත්‍යාගය ලබා ගැනීමෙන් අනතුරු ව සිදු කළ කතාවේ දී ෂෙහාන් කරුණාතිලක අදහස් කිහිපයක් ගෙනහැර පා තිබුණා.

“දූෂණය, ජාතිකත්වය ඇමක් ලෙස භාවිත කිරීම සහ කුහකත්වය කිසි දිනෙක සාර්ථක වී නැති බව මෙන් ම අනාගතයේදී ද සාර්ථක නොවන බව ශ්‍රී ලාංකිකයන් වැඩි කල් නොගොස් වටහාගනු ඇතැයි යන්න මගේ පැතුම යි.” ඔහු පවසන්නට යෙදුණා.

“මෙය ලත් අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගන්නා ශ්‍රී ලංකාවක පළ වී තිබෙනු දැකීම මගේ සිහිනය යි. එමෙන් ම මෙය යතාර්ථවාදී දේශපාලනික අන්තර්ගතයක් සහිත කෘතියකට වඩා හුදු මායා අන්තර්ගතයක් සහිත කෘතියක් ලෙස සමහර අය දකින්න්නේ නම් මා සතුටු වෙනවා. පසුගිය දිනෙක සල්මන් රුෂ්ඩි පිහි ප්‍රහාරයකට ලක් වීමත් සමඟ පළ කරන්නට සිටි කෙටි කතා දෙකක් පළ නොකර හරින්නට මා සිතුවා. ‘සැටනික් වර්සස්’ කෘතිය ලිවීම නිසා වසර ගණනාවක් තිස්සේ මරණ තර්ජනවලට ලක්ව සිටින ඔහුට අත් වූ ඉරණම පිළිබඳ ව දැනගන්නා විට කෙටි කතා සංග්‍රහයක් පළ කරන්නට සූදානම් වෙමිනුයි මා සිටියේ. ඇත්තෙන් ම මෙම කෙටි කතා දෙක කිසිදු ආගමකට අපහාස කරන්නේ යැයි මා සිතන්නේ නැහැ. කෙසේ නමුත් අපට දරුවන් දෙදෙනෙක් සිටින බැවින් ඒවා පළ නොකරන ලෙස මගේ බිරිය ඉල්ලා සිටියා” යි ඔහු තව දුරටත් පවසා සිටියා.

 ” අප මොනවා ලියුවත් මතක තබාගත යුතු වන කරුණක් වන්නේ අප මේ කාරණා ලිවීම සිදු කරන්නේ දකුණු ආසියාවේ සිට බව යි. විශේෂයෙන් ආගමික සහ දේශපාලනික කාරණා ලිවීමේ දී එය අනිවාර්යයෙන් ම මතක තබාගත යුතු වෙනවා.”

2012 දකුණු ආසියානු සාහිත්‍යය සඳහා DSC ත්‍යාගය ශ්‍රී ලාංකේය නවකතාකරු ෂෙහාන් කරුණාතිලක ඔහුගේ ‘Chinaman’ කෘතිය වෙනුවෙන් ලබා ගත් අවස්ථාව – PRAKASH SINGH/AFP via Getty Images 

ෂෙහාන් කරුණාතිලකගේ ජයග්‍රහණයේ සුවිශේෂීභාවය

බුකර් ත්‍යාගයට වසර 53 ක ඉතිහාසයක් තිබෙනවා. ෂෙහාන් කරුණාතිලක ඒ ඉතිහාසය තුළ බුකර් ත්‍යාගයෙන් පිදුම් ලැබූ දෙවන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයා යි. මීට පෙර, ශ්‍රී ලංකාවේ උපන් මයිකල් ඔන්ඩච්චිට බුකර් ත්‍යාගය ලැබී තිබෙනවා.

ඒ 1992 වසරේ දී ‘ද ඉංග්ලිෂ් පේෂන්ට්’ කෘතිය වෙනුවෙනු යි. ඉන් අනතුරු ව බුකර් ත්‍යාගයක් ලබා ගන්නට ශ්‍රී ලාංකිකයකුට වසර 30 ක් බලා සිටින්නට සිදු වුණා.

 මයිකල් ඔන්ඩච්චි – Nexttravelsrilanka.com

‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ ෂෙහාන් කරුණාතිලකගේ දෙවන කෘතිය යි. 2011 වසරේ සිය පළමු නවකතාව වන චයිනමන් (Chainaman – The Legend of Pradeep Mathew) හරහා ෂෙහාන් කරුණාතිලක 2011 වසරේ ගෝලීය සාහිත්‍ය වේදිකාවට ගොඩ වූවා. ඔහුගේ පළමු නවකතාව වන චයිනමන් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය සාහිත්‍ය ත්‍යාගය, ඩීඑස්එල් සහ ග්‍රේෂන් ත්‍යාගය ද හිමි වුණා.

චයිනමන් (Chainaman – The Legend of Pradeep Mathew) ) කෘතිය, ක්‍රිකට් ක්‍රීඩාව විෂය කර ගනිමින් ලියවුණු දෙවැනි හොඳ ම නවකතාව ලෙස පිළිගැනෙනවා.

කවරයේ ඡායාරූපය - Kate Green/ Getty Images

මූලාශ්‍ර:

BBC.com

 ft.com

 bbc.com/sinhala

Theguardian.com

Thebookerprizes.com 

Related Articles