Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නාසි සොල්දාදුවන් දඩයම් කළ ප්‍රංශ යෞවනිය

ඒ දෙවන ලෝක යුධ සමය යි. පැරීසිය තිබුණේ ජර්මානුවන් යටතේ ය. සිමෝන් සෙගුයින් නම් තරුණිය ජර්මානු ආක්‍රමණ සැලසුම් කඩාකප්පල් කිරීමටත්, ඇගේ මව් රටේ ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කිරීමටත් නාසින්ට එරෙහිව ගොඩනැගුනු ප්‍රංශ ප්‍රතිරෝධතා සංවිධානයකට සම්බන්ධ වූවා ය. දෙවන ලෝක සංග්‍රාමය මුළුමනින්ම ඒ ඒ රටවල හමුදාවන් විසින් සටන් කෙරුණු බවත්, සිවිල් වැසියන් තම නිවෙස් තුළට වී සිටි බවත් පොදු වැරදි මතයකි. සිමෝන් සෙගුවින්ගේ කතාව අනුව පෙනෙන්නේ සාමාන්‍ය මිනිසුන් නාසින්ගේ කුරිරු ආක්‍රමණයට විරුද්ධ වූ බව යි. 

සිමෝන් සෙගුයින්

සිමෝන් සෙගුවින් යනු ප්‍රංශ ජාතික යෞවනියකි. 1925 දී පැරීසියේ සිට සැතපුම් 55ක් ඈතින් පිහිටි තිවෝර්ස්හි උපත ලැබූ සිමෝන්ට සහෝදරයන් තිදෙනෙකු විය. ඇගේ පළමුවන ලෝක සංග්‍රාමයේ දී සටන්වැද පදක්කම් දිනූ සොල්දාදුවෙකි. ඔහු මේ සමය වෙද්දී ගොවියෙකු වී සිටියේ ය. සෙගුයින් තම සොල්දාදු පියා මහත් සේ අගය කළා ය.

සෙගුයින්, වනාන්තරයේ සැඟවී සිටින නාසීන් 25 දෙනෙකු අල්ලා ගැනීමෙන් ටික කලකට
පසු/allthatsinteresting.com/

ඇඩොල්ෆ් හිට්ලර් 1933 දී බලයට පත්වන විට, සිමෝන් සෙගුයින්ට වයස අවුරුදු අටක් විය. ඇය සෙසු මිතුරියන් මෙන්ම පාසලකට ද ගිය නමුත් 1940 මැයි මාසයේ දී නාසි ජර්මනිය ප්‍රංශය ආක්‍රමණය කළ විට ඔවුන්ගේ පවුලට ගම්බදව තිබූ ගොවිපල වෙත ආපසු යන්නට සිදුවූයෙන්, ඇයට පාසල හැරයාමට සිදුවිය. එවිට සෙගුයින්ට වයස අවුරුදු 14 කි. 

ඇඩොල්ෆ් හිට්ලර් යුරෝපය යටත් කරගැනීමට එරෙහිව සටන් කළ මිත්‍ර හමුදා ගැන බොහෝ දේ ලියා ඇති අතර, සෙගුයින් සහ ඇගේ සගයන් ගැන විස්තර කිසිවක් වාර්තා නොවේ. යුරෝපයේ ෆැසිස්ට්වාදයේ නැගීම හා අස්ථාවර ආර්ථිකයක් සමග සෙගුවින්ට ඇගේ සහෝදරයන් තිදෙනා විසින් තමාගේ ආරක්ෂාව සලසා ගන්නා ආකාරය ඉගැන්වීය. 

ප්‍රංශ ප්‍රතිරෝධතා සංවිධානයට එක්වීම

1943 දී සිමෝන් සෙගුයින්ට, ප්‍රංශ ප්‍රතිරෝධයට නිර්භීත තරුණයින් බඳවාගන්නා හිටපු ඉංජිනේරුවෙකු වන ලුතිනන් රෝලන්ඩ් බෝසියේ හමුවිය. බෝසියේ සතුරාට එරෙහි සටන සඳහා කැපවූ කොමියුනිස්ට් කණ්ඩායමක් වන “Francs-tireurs et Partisans” (එෆ්ටීපී) සමග එක්ව සිටියේ ය. එහි ඉහළ පෙළේ ප්‍රධානියෙකු වූ ඔහු ගම්බද ප්‍රදේශයට පසුබැස සිටි අතර, ඔහුට සෙගුයින් මුණගැසුණේ එහිදී ය. “ඇගේ හැඟීම් මොනාකාරදැ යි වටහාගැනීමට මම ඇයව ටික වේලාවක් අධ්‍යයනය කළෙමි,” බෝසියේ පසුව සඳහන්කොට තිබුනි. ඇයට ප්‍රංශය ගැන අවංක ජාතික හැඟීමක් ඇතිබව දැනගැනීමෙන් පසුව, ඔහු ඇයට සිය සංවිධානය ගැන ටිකෙන් ටික පවසා සිටි බවත්, නාසි සොල්දාදුවන් ඝාතනය කිරීම සතුටක් බවට ඇය ප්‍රකාශ කළ බවත් ඔහු පවසා තිබුණි.

සිමෝන්/Daily Express

 

සෙගුයින්ට පාසැල් අධ්‍යාපනය මඟහැරුණු බව සැබෑ ය. නමුත් මඟහැරුණු පාසැල් අධ්‍යාපනය වෙනුවට වෙනස් ආකාරයේ අධ්‍යාපනයක් සංවිධානයෙන් ඇයට ලැබුනි. සෙගුයින් මැෂින් තුවක්කු භාවිතා කිරීමටත්, දුම්රියක් පීලි පැන්නීමටත්, නාසීන් අල්ලාගෙන ඔවුන් ඝාතනය කිරීමටත් පුහුණුව ලැබුවා ය. 

සෙගුයින්ගේ හපන්කම් 

වර්ෂ 1944 සෙගුයින්ගේ වයස අවුරුදු 18ක් විය. සිමෝන් සෙගුයින් බෝසියේගේ පුහුණුවට ඉතාම හොඳින් කැපවී සිටියා ය. ජර්මානු ෂ්මයිසර් MP40 සබ්-මැෂින් තුවක්කුවක් ක්‍රියාත්මක කරන්නේ කෙසේදැ යි ඔහු ඇයට ඉගැන්වූ අතර, ඇය සංවිධානයට නිල වශයෙන් පිළිගැනීමට පෙර “නිකෝල් මිනේ” නම් ව්‍යාජ අනන්‍යතාවයක් ලබාදෙනු ලැබුණි. මේ ව්‍යාජ නමින් පෙනී සිටිමින්, සිය පවුල නාසින්ට හෙළිදරව් වීමේ හෝ අනතුරක හෙලීමේ අවදානමකින් තොරව ජර්මානුවන් සමග සටන්කිරීමට සෙගුයින්ට හැකිවිය. 

1940 දී ප්‍රංශයට ගිය ජර්මානුවන් වසර හතරක් පුරා පැවති කුරිරු ආක්‍රමණවාදී භීෂණය ආරම්භ කළහ. තම රටට ආදරය කළ පියා කෙරෙහි ඇති ඇල්ම නිසා සිමෝන් ද තුරුණු යෞවනියක් ලෙස වුවත් රට නිදහස්කර ගැනීමට තමාට දායක විය හැකි ක්‍රමයක් සොයා ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටියා ය.

ජෙනරාල් චාල්ස් ඩි ගෝල් 1944 අගෝස්තු 23 වන දින ශාත්‍රහි විමුක්තියෙන් පසු/allthatsinteresting.com/

“නිකෝල් මිනේට” පැවරුන පළමු රාජකාරිය වූයේ ජර්මානු හමුදා පණිවිඩකාරියකගේ බයිසිකලයක් සොරකම් කිරීම යි. එය සාර්ථකව සිදුකළ ඇය බයිසිකලය හඳුනාගැනීම අපහසු වනු පිණිස නැවත පින්තාරු කළා ය. එකල සාමාන්‍ය ජනයාට ප්‍රංශය වටා ගමනාගමනයට වඩාත් පොදු ක්‍රමය වූයේ පාපැදි ය. නාසීන් සියළුම මෝටර් රථ සඳහා හිමිකම් පෑ අතර පොදු ප්‍රවාහනය බොහෝ දුරට වසා දමා තිබුණි. බයිසිකලයක් සමග සෙගුයින්ට නිදහසේ ගමන් කළ හැකි විය. නව ඔත්තු බැලීමේ වාහනය ඇයට නගරය පුරා වූ සංවිධානයේ සැඟවුම් ස්ථාන අතර කාර්යක්ෂමව පණිවිඩ ගෙන යෑමට ද ඉඩ ලබා දුන්නේ ය. 

සෙගුයින් ඔවුන් තිවාර්ස්හි ජර්මානු හමුදාවන්ට එරෙහිව සටන් කරමින් සිටි අවධියේ, මෙහෙයුමේ අණදෙන නිලධාරි වූ රෝලන්ඩ් බෝසියේ සමග ආදරයෙන් බැඳී සිටියාය. ඔහු ජර්මානු සොල්දාදුවන් පිරිසක් ඝාතනය කිරීමෙන් පසු සැඟවී සිටියේ ය. ඔහුට සැඟවී සිටින ස්ථානයෙන් පිටව යා නොහැකි බැවින්, ප්‍රධාන ප්‍රතිරෝධක කණ්ඩායමට ඔහුගේ පණිවිඩ රැගෙනගිය සිමෝන් ඔහුගේ විශ්වාසවන්ත පණිවිඩකාරිය සහ අතරමැදියා බවට පත්විය.  

සෙගුයින් පැරීසියේ සිට දිවෙන ප්‍රධාන දුම්රිය මාර්ගයක පුපුරණ ද්‍රව්‍ය යොදාගෙන සවිකර, දුම්රියක් පීලි පන්නවන්නට සහභාගී වූවා ය. පසුකලෙක සම්මුඛ සාකච්ඡාවක දී ඈ කිසිවෙකු ඝාතනය කර දැත්දැ යි අසන ලදුව ඈ කියා සිටියේ තමා ජර්මානු සොල්දාදුවෙකු ඝාතනය කරන්නට ඇති බව යි. 1944 ජූලි 14 වන දින මාර්ගයක දෙපස වළක කඳවුරු බැඳගෙන සිටි ඇය සහ ඇගේ සගයන් දෙදෙනා නාසි සොල්දාදුවන් දෙදෙනෙකු බයිසිකල්වලින් පැමිණෙනු දැක තිබේ. සෙගුයින් සහ ඇගේ හවුල්කරුවන්ගේ වෙඩි තැබීමෙන් ඔවුන් මියගොස් ඇත. 

2016 සෙගුයින්-වයස අවුරුදු 90 දී/allthatsinteresting.com/

 

ශාත්‍ර නගරය නිදහස්කර ගැනීම 

1944 අගෝස්තු මාසයේ දී ශාත්‍ර නගරය ජර්මානුවන්ගෙන් නිදහස්කර ගැනීමට සිමෝන් සහභාගී වූවා ය. ඉන්පසු නිදහස් සටනේ නායකයෙකු වූ, එහි ජනාධිපති වන්නට නියමිතව සිටි ජෙනරාල් චාල්ස් ඩි ගෝල් නගර චතුරශ්‍රයේ දේශනයක් පැවැත්වීය. සෙගුයින් එහිදී ජෙනරාල් ඩිගෝල්ගේ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කළා ය. ඉන් අනතුරුව ඇය පැරිසිය නිදහස් කරගැනීමේ සටන බලා පිටත්ව ගියා ය. ශාත්‍ර නිදහස් වී දින දෙකකට පසු පැරිසිය නිදහස් කරගැනීමට දායක වන්නට ඇයට හැකි විය. දෙවන ලෝක යුද්ධය අවසන් වූ පසු සිමෝන් ලුතිනන් තනතුරට උසස් කරන ලදී. ඇය නිදහස දිනීම සඳහා සිදුකළ සේවය හේතුවෙන් හමුදා උපහාර පදක්කමකින් ද පිදුම් ලැබුවා ය.

යුද්ධයෙන් පසු

යුද්ධයෙන් පසුකාලීනව සෙගුයින් ළමයින් සඳහා සත්කාර කරන හෙදියක වූවා ය. ඇය බෝසියේ සමග විවාහ නොවූවත් දිගටම ඔහු හා විසූ අතර ඒ යුවල දරුවන් හයදෙනෙකු ලැබීය. අද වන විට 95 හැවිරිදි වියේ පසුවන සෙගුයින්, ඇයට උපහාර පිණිස ඇගේ නම යෙදූ ප්‍රංශ වීථියක වෙසෙයි.

Cover: Rare Historical Photos 

මූලාශ්‍රයයන්: accidentaltalmudist.org

allthatsinteresting.com

 

Related Articles