Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

චීන අන්තර්ජාල පරම්පරාවට ලිංගිකත්වය ඉගැන්වූ ජපාන නිල් චිත්‍රපට නිළිය

ඔබ ඇයව හඳුන්වනු ඇත්තේ වැදගැම්මකට නැති නිල් චිත්‍රපට නිළියක් ලෙස ය. එහෙත් චීනයේ අන්තර්ජාලය භාවිතා කරන තරුණ පරම්පරාවට ඇය දේවතාවියකි.

2018 වසර උදාවත් සමඟම සිය Weibo (චීනය තුල ක්‍රියාත්මක වෙන Twitter වර්ගයේ සමාජජාල අඩවිය) ගිණුමේ සටහනක් තබමින් සොලා අඔයි (Sora Aoi) සිය විවාහ ගිවිස ගැනීමේ ප්‍රීතිමත් පුවත තමන්ගේ රසිකයන්ට දැනුම් දුන්නා ය. පැය 48ක් යන්නට මත්තෙන් එම සටහනට 170,000 කට අධික කමෙන්ටු සංඛ්‍යාවක් ප්‍රතිචාර වශයෙන් ලැබී තිබූ අතර 830,000 ක් පමණ දෙනා එයට තමන්ගේ කැමැත්ත (likes) දක්වා තිබුණි.

“අපි හැදී වැඩුනේ ඔබේ චිත්‍රපටත් සමඟයි. ඔබට හැමදාම අපේ සහය හිමියි.” එක් රසිකයෙකු එසේ කියා තිබූ අතර තවත් වෙයිබෝ පරිශීලකයෙකු “ඔබ හැමදාටම මගේ දේවතාවියයි. ඔබට ජය සහසතුට!” යනුවෙන් අදහස් දක්වා තිබුණි.

සොලා සිය විවාහ ගිවිස ගැනීම පිලිබඳ තබා තිබූ සටහන/Weibo

සොලා අඔයි

වැඩිහිටි විනෝදාශ්වාද ක්ෂේත්‍රය තුල සොලා අඔයි ලෙසින් හැඳින්වුව ද එය ඇගේ උප්පතියේ දී ලද නාමය නොවේ. ඇගේ නියෝජිත ආයතනය ඇයට එම නම ලබාදුන්නේ ඇය අහසට ආදරය කරන නිසාය. ජපන් බසින් “සොලා” යනු අහස වන අතර “අඔයි” යනු නිල පැහැයට කියන පර්යාය පදයකි.

1983 වසරේ ජපානයේ තෝකියෝ නුවර දී උපත ලද සොලා වැඩිහිටි විනෝදාශ්වාද ක්ෂේත්‍රයට පැමිණියේ 2000 දශකයේ මුල භාගයේ දී ය. උසස් අධ්‍යාපනය ලබන අතරතුරදී ප්‍රාථමික ගුරුවරියක් වන්නට අදිටන් කරගෙන සිටි ඇය පීසා වෙළෙඳසැල්, අවන්හල්, සුශි වෙළෙඳසැල් ආදියෙහි අර්ධකාලීන රැකියාවල නියැළුනා ය. කෙසේ හෝ අවසානයේ ඇය වැඩිහිටි වීඩියෝ (Adult Video – AV) නිෂ්පාදන ක්ෂේත්‍රය එක්වීමට තීරණය කළේ එමගින් රුපවාහිනි ක්ෂේත්‍රය සහ එයට සබැඳි විනෝදාස්වාදය ලබාදෙන අනෙකුත් ක්ෂේත්‍ර සමඟ සමීපව කටයුතු කිරීමට හැකියාව ලැබෙන නිසා බව සොලා පවසන්නීය.

සොලා සන්නාම තානාපතිනිය ලෙස පෙනී සිටින නිෂ්පාදනයක්/eBay

2002 වසරේ ජුනි මස ‘බිජිං’ නම් වූ මාසික ජපන් සඟරාවක කවරය සිය රුවින් සැරසූ සොලා එම වසරේම ජුලි මස සිය ප්‍රථම වැඩිහිටි වීඩියෝවට පෙනී සිටියා ය. 2011 වසරේ වැඩිහිටි විනෝදාශ්වාද ක්ෂේත්‍රයෙන් සමුගන්නා තෙක් ඇය වැඩිහිටි චිත්‍රපට 90කට අධික ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබා දී ඇත.

එම කාලය තුලදී තම අපේක්ෂාවන් සඵල කරගනිමින් ප්‍රධාන ධාරාවේ චිත්‍රපට, ටෙලි නාට්‍යය, සංගීත රූප රචනා (music videos) ආදියටත් සිය දායකත්වය ලබා දීමට සොලා ට හැකියාව ලැබුණි.

ඇය 2011 වසරේ වැඩිහිටි විනෝදාශ්වාද ක්ෂේත්‍රයෙන් සමුගත්තේ ප්‍රධාන ධාරාවේ නිර්මාණයන් වෙනුවෙන් වැඩ කිරීම අරමුණු කරගනිමිනි.

චීනය තුල ඇති වූ සොලා අඔයි උන්මාදය

චීනයේ උත්සවයක් සඳහා පැමිණ සිටි සොලා දැක බලා ගැනීමට පැමිණ සිටි රසිකයන් පිරිසක්/CNS

චීනය තුල කාමෝද්දීපන රචනා (pornography) තහනම්ය. නමුත් චීන තරුණයන් සොලා අඔයි කෙරෙහි උමතු වීම නවත්වාලන්නට ඒ නීති රීතිවලට හැකියාවක් ලැබුණේ නැත.

27 හැවිරිදි තරුණයෙකු ඒ පිළිබඳව BBC ලෝක සේවය හා එක්වෙමින් මෙසේ පවසා සිටියේ ය. “චීන පුරුෂයන් තරුණ වියට එළඹෙනවිට ඔවුන්ට  ලිංගික අධ්‍යාපනය ලබාගන්න තියෙන ක්‍රම සහ විධි ඉතාම හිඟයි. සොලා අඔයි ලිංගිකත්වය ගැන පාඩම් කියාදෙන ගුරුවරියක් වෙන්නේ අන්න ඒ පසුබිම තුල.”

චීනය තුල ඇය ජනප්‍රියත්වයේ හිණිපෙතට පැමිණෙන්නේ එරට තුල අන්තර්ජාලය ඉතා සිඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින යුගයකදී ය. නව වෙබ් අඩවි, ඔන්ලයින් සමූහ ආදී දෑ එකක් පසුපස එකක් ලෙසින් බිහිවෙමින් පැවතුන අතර නීතිවිරෝධී කාමෝද්දීපන අඩංගු වෙබ් අඩවි ඇතුළුව තොරතුරු ලබා ගැනීමේ මූලාශ්‍ර සුලබ වීම ඇරඹි තිබුණි.

ඊට පෙර චීනයේ තරුණ පුරුෂයන් කාමෝද්දීපන වීඩියෝපට නැරඹීම සඳහා යොදාගත්තේ MP4 යන්ත්‍ර වන අතර අන්තර්ජාලයට විවෘත වීමත් සමඟ එවන් වීඩියෝ අඩංගු කාමෝද්දීපන වෙබ් අඩවිවලට පිවිසීම ඔවුන්ට පහසු මාර්ගයක් විය. සොලා අඔයි කරලියට පැමිණෙන්නේ ද මේ සමයේදී ය.

හොංකොන් හි චීන සරසවියේ ජපාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වයි මින්ග් පවසම්මේ සොලා චීනය තුල උන්මාදයක් බවට පත්වූවේ නියම වේලාවේදී බවයි. “ඇය චීනය තුල ජනප්‍රියවන විට චීනය විවිධාකාර මාර්ගයන්ගෙන් ලෝකයට විවෘත වෙමින් පැවතුණා. ලිංගිකත්වය සම්බන්ධ දේවල් යනු එයින් එක් අංගයක්,” මහාචාර්ය මින්ග් BBC ලෝක සේවයට පවසා සිටියි.

ලිංගික අධ්‍යාපනය පාසලේදී නිසියාකාරව නොලැබෙන චීන තරුණ පරම්පරාව ඒ සඳහා භාවිත කරනු ලබන ප්‍රධානම මෙවලම වන්නේ වැඩිහිටි වීඩියෝ සහ චිත්‍රපට ය. චීන දෙමාපියෝ ද සිය දරුවන් හා ලිංගිකත්වය පිලිබඳ කාරණා කතා බහ කිරීමට මැලි බවක් දක්වති.

සොලා අඔයි රාත්‍රිය

කාමෝද්දීපන දර්ශන ඇතුලත් වීඩියෝ සහ එවන් දර්ශනවලට පෙනී සිටින නළු නිලියන් සිය ගණනක් අතරින් සොලා අඔයි චීන තරුණයන්ට විශේෂිත වන්නේ ඇයි යන්න විමසා බැලිය යුත්තකි.

ලිංගිකත්වය යනු චීනය ඇතුළු ආසියාතික රටවල ප්‍රසිද්ධියේ කතා බහ කිරීම තහනම් මාතෘකාවකි. නමුත් සොලා කාමෝද්දීපන දර්ශන ඇතුලත් චිත්‍රපටවලට පෙනී සිටියා කියා තමන් අශ්ශීල සහ සමාජයෙන් සැඟවී සිටිය යුතු පුද්ගලයෙකු නොවන බව ඇදහූ අයෙකි. සිය රැකියාව පිලිබඳ විවෘතව කතා බහ කළ අය තමා එම රැකියාව කළේ ආශාවෙන් බවත් පවසා සිටියා ය. එයට ප්‍රධානම හේතුව ලෙස ඇය ගෙන හැර පෑවේ ලෝකයේ නොයෙකුත් රටවල සංචාරය කිරීමට හැකියාව ලැබීම සහ එම සංචාරයන්හිදී සිය රසිකයන් මුණ ගැසීමට අවස්ථාව සැලසීමයි.

ඇතැම් අවස්ථාවල තමන් ඉලක්ක කරගෙන අශෝබන ප්‍රතිචාර ලැබුණ ද ඇය ඒ පුද්ගලයන් සමඟ පවා ඉතා විනීතව අදහස් හුවමාරු කරගත්තා ය. සොලා සතුව තිබූ මෙම විවෘත බව සහ අවංක බව ඇය වෙත තිබූ රසික ආකර්ෂණය දෙගුණ තෙගුණ කරන්නට සමත් විය.

සොලා ට්විටර් ගිණුමක් ආරම්භ කරනු ලැබුවේ 2010 අප්‍රේල් මස 11 වන දින ය. එම පුවත ඇසීමත් සමඟම චීන රසිකයෝ VPN භාවිතය මගින් රජයේ අවහිරකිරීම්වලින් මිදී ට්විටර් අඩවියට පිවිසෙන්නට වූවේ හදිසියේ කඩාවදින ගංවතුරක් පරිද්දෙනි. ‘සොලා අඔයි රාත්‍රිය’ ලෙසා හැඳින්වෙන්නේ එම රැයයි.

ඉන් මාස 07 කට පසු ඇය වෙයිබෝ ගිණුමක් ආරම්භ කළාය. මේ වන විට එම ගිණුම වටා මිලියන 18කට අධික පිරිසක් සිටින අතර එය ටේලර් ස්විෆ්ට් හා ඩේවිඩ් බෙකම්ට සිටින ට්විටර් රසිකයන් ගණනට වඩා වැඩි අගයක් ගනී.

වැඩිහිටි චිත්‍රපට ක්ෂේත්‍රයෙන් ඉවත් වුණ සොලා පසුව තමන්ගේ හඬින් ගීත කිහිපයක් රසිකයන් වෙත තිලිණ කළා ය. ඇගේ මෙම කලා හැකියාවන්ට චීනය යනු ඉතා හොඳ වෙළෙඳපොළක් බවට පත්විය.

මේ නිසාම චීන සංස්කෘතිය හා බද්ධ වීමට සොලා දැඩි උත්සාහයක් දැරූ අතට චීන භාෂාව ප්‍රගුණ කිරීමටත් පියවර ගත්තා ය. අගේ වෙයිබෝ ගිණුමේ තබන සෑම සටහනක්ම ඇය විසින චීන භාෂාවෙන් සටහන් කරන බවයි ඇගේ කළමනාකරු පවසන්නේ.

සොලා ඇය විසින් අඳින ලද චීන චාරුලේඛනයක් සමඟ/Getty Images

භාෂාවට අමතරව චීන චාරුලේඛන (calligraphy) කලාව ද උගැනීමට ඇය පසුබට වුණේ නැත. 2013 දී ඇය විසින් අඳින ලද චාරුලේඛනයක් යුවාන් 600,000 කට අලෙවි විය.

ලිංගිකත්වය පිලිබඳ ඉගැනීමට කාමෝද්දීපන දර්ශන ඇතුලත් වීඩියෝ, චිත්‍රපට නැරඹීම එතරම් සුදුසු දෙයක් නොවන බව විශේෂඥවරු පවසති. එමගින් තරුණ පරම්පරාවට ලිංගිකත්වය පිළිබඳ වැරදි චිත්‍රයන් මවා පෙන්වන බවත් තමන්ගේ සිරුරු එම චිත්‍රපට නළු නිළියන් හා සැසඳීමෙන් තමා පිළිබඳ අවතක්සේරුවක් තරුණ පරපුර තුල ඇතිවිය හැකි බවත් ඔවුන්ගේ මතයයි.

නමුත් චීනයේ තරුණ පරපුරට තවමත් සොලා අඔයි යනු ඔවුන්ට ලිංගිකත්වය පිලිබඳ ඉගැන්වූ දේවතාවිය යි.

Source – BBC

Related Articles