Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අයුක්තිය ඉදිරියේ හිස නොනැමූ ශතවර්ෂයේ ක්‍රීඩකයා

ක්‍රීඩාවේ පුජනීයත්වයට ගරු කරමින් අයුක්තිය, අසාධාරණත්වය, මුදල හා බලය හමුවේ තම හිස නොනැමූ ක්‍රීඩකයන් වේනම් එම ගණන අතලොස්සකි. ඇමරිකා එක්සත් ජනපදයෙන් බිහි වූ ලෝක හේවිවේට් ශූරයා බවට පත් වූ මොහමඩ් අලි ඉන් කෙනෙකි. ඇමරිකා එක්සත් ජනපද ක්‍රීඩක ඩේවිඩ් මෙගසි තවත් කෙනෙකි. ඔහු ඇමරිකාව හා වියට්නාම් යුද්ධයට එරෙහිවද, මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන්ද හඬනැගූ ක්‍රීඩකයෙකි. මීටර් දසදහස ඔලිම්පික් ශූර බිල් මිල්සන්ද ක්‍රීඩාවෙන් සමුගත්තේ වියට්නාමය ආක්‍රමණය කිරීමට ඇමරිකාව ගත් තීරණයට විරුද්ධත්වය පාමින්ය. ඔලිම්පික් පදක්කම්ලාභී ටොම් ස්මිත් හා ජෝන් කර්ලොස්ද එවැනි විරළ ක්‍රීඩකයින් දෙදෙනකි. ඔලිම්පික් බොක්සිං ශූර කියුබානු ජාතික ටියෝෆිලෝ ස්ටිවන්සන්ද ධනයට බලයට ගිජු වී තම ක්‍රීඩා දිවිය පාවා නොදුන්නෙක් ලෙස ඉතිහාස ගත වෙනවා.

සැබෑ ලෙසම මානව හිතවාදීන් වෙමින් මුදලට ගිජු නොවූ යුක්තිය වෙනුවෙන් හඬ නැගූ එවැනි ක්‍රීඩකයින් අතරින් තෝරා ගත් විශිෂ්ටයෙක් ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ. ඒ ඇමරිකානු බොක්සිං ක්‍රීඩක මොහමඩ් අලි නොහොත් කැසියස් ක්ලේ.

ශතවර්ෂයේ ක්‍රීඩකයා – මොහොමඩ් අලි

සනී ලිස්ටන්ට බිම වැටෙන්නට පහරදෙන අලි ( independent.ae)

සනී ලිස්ටන්ට බිම වැටෙන්නට පහරදෙන අලි ( independent.ae)

මොහොමඩ් අලි යන නම ඇසූ පමණින් අපේ සිහියට නැගෙන්නේ ප්‍රතිවාදියා කවරෙකු වූවත් ඔහුට නැගිටින්නට බැරි වන සේ බිම වැටෙන්නට පහර දෙන (knockout) බොක්සිං වළල්ලේ අද්විතීය දස්කම් පෑ ක්‍රීඩකයෙක්ය. ඔහු ඔලිම්පික් ලයිට්වේට් හා හේවිවේට් වැනි බොක්සිං ක්‍රීඩාවේ ඉහළ පදක්කම් දිනා ගත්තේ ප්‍රතිවාදීන්ව තඹයකට මායිම් නොකරමින්. මේ සියළු දේට අමතරව බොහෝ දෙනෙක් ඔහු පිලිබඳව හරිහැටි නොදත් කරුණක් පිළිබඳව අවධානය යොමු කරන්න අද අපි තීරණය කළා. ඒ ඔහු තුළ පැවති අයුක්තිය අසාධාරණයට  හිස නොනැමීමේ උදාර ලක්ෂණයයි.

වහල්භාවය උපතින් ගෙනා කැසියස් ක්ලේ

කුඩා කැසියස් ක්ලේ තම සොහොයුරා සමඟ (Unbelievable Facts)

කුඩා කැසියස් ක්ලේ තම සොහොයුරා සමඟ (Unbelievable Facts)

එකළ ඇමරිකාවේ කළු සුදු වර්ණභේදවාදය තදින් ක්‍රියාත්මක වූ කාලයක්. ඔහු උපන්නේ ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුවීවිල් ප්‍රදේශයේ හරියටම 1942 ජනවාරි 17 වනදා. ලුවිවිල් කියන්නේ කල්ලන්ට අමානුෂික ලෙස සැලකූ ප්‍රදේශයක්. එය කොතරම්ද කියනවානම් අලුත උපදින දරුවන් වහල් හිමිකරුවන්ට අයිති බව හඟවන්නට වහල් හිමියාගේ නම අලුත උපන් ළදරුවන්ගේ නම් වලට පවා ඇතුළත් කරනු ලැබුවා. ඒ අනුව කුඩා මොහොමඩ් අලිගේ මුල් නම වූයේ කැසියස් ක්ලේ යන්නයි. කැසියස් යන නම පියාගේ නම වූ අතර ක්ලේ යනු පියාගේ වහල් හිමියාගේ නම වූවා.

තමන් කළු මිනිසෙකු වූ බැවින් කුඩා කල සිට කල්ලන්ට විදින්නට වන වන සියළු කරදර හිරිහැර නොඅඩුව විදි බවත් තම පියාට හරි හැටි වැටුපක් නොලැබුන බැවින් තමන් කෙදිනකවත් බස් රථයේ නැගී පාසල් නොගිය බවත් ඔහු වරෙක ප්‍රකාශ කරනු ලබන්නේ මේ විදිහටයි.”අපේ තාත්තා පේන්ට් බාස් කෙනෙක්. ඔහුට මල්ලිවයි මමයි පාසල් බසයේ යැවීමට හැකියාවක් තිබුනේ නෑ. ඉතින් මම මල්ලිව බස් එකට ගොඩ කරලා පාසැල දක්වා බස් එක පස්සෙන් දුවන එක තමයි කලේ.”

බොක්සිං වළල්ලේ දුප්පතා

කුඩා කැසියස් ක්ලේ බොක්සිං පිටියට අවතීරණය වෙමින් (www.irishmirror.ie)

කුඩා කැසියස් ක්ලේ බොක්සිං පිටියට අවතීරණය වෙමින් (www.irishmirror.ie)

 පුංචි කැසියස් ක්ලේ බොක්සිං ක්‍රීඩාව සඳහා යොමු වන්නේ අහඹු ලෙස. දවසක් දා ඔහුගේ  කුඩා බයිසිකලය නැති වුණු නිසා පොලිස් නිලධාරියකුට පැමිණිලි ඉදිරිපත් කරන්නට යන ඔහුට පොලිස් නිලධාරියාගෙන් අපූරු යෝජනාවක් එනවා. ඒ බොක්සිං වලට කැමතිනම් තමාගේ බොක්සිං මධ්‍යස්ථානයට එන ලෙසයි.

ජෝ මාටින් නැමති පොලිස් නිලධාරියාගේ උපදේශකත්වය මත දිගින් දිගට පුහුණු වීම් වල නිරත වූ ක්ලේ දක්ෂ බොක්සිං ක්‍රීඩකයකුගේ ලක්ෂණ පෙන්නුම් කරන්නට විය. අඩිය කැඩුණු පාවහන්, ඉරුණු ටී ෂර්ට් හා පරණ කොට කලිසම් වලින් සැරසුණු ක්ලේ දත් ආරක්ෂා කර ගැනීමට භාවිත කළ රබර් ආවරණය පවා අනුන්ගෙන් ඉල්ලාගත් එකක් බව පසුව සදහන් කරනවා. බොක්සිං වලට තිබු අධික ආශාව නිසා ධනවත් බොක්සිං කළමනාකරුවකුගේ නිවසේ මෙහෙකරුවෙක් ලෙස ඔහු කටයුතු කරනවා.

අධිෂ්ටානයෙන් පෙරටම

තරුණ කැසියස් ක්ලේ (www.dailymail.co.uk)

තරුණ කැසියස් ක්ලේ (www.dailymail.co.uk)

කටුක අත්දැකීම් මතින් දැඩි කැපවීමෙන් යුතුව ඉදිරියට ගිය කැසියස් ක්ලේ කෙන්ටකි ගෝල්ඩන් ග්ලව්ස් තරඟ, ජාතික ගෝල්ඩන් ග්ලව්ස් තරඟ වලින් නොනැවතී 1960 රෝමයේ ඔලිම්පික් තරඟයේ ලයිට්, හෙවිවේට් රන් පදක්කම් දක්වා ගමන් කරනවා.

1960 දී එවකට ලෝක ශූර සනි ලිස්ටන් තරඟ 19 කින් පරාජයට පත් කරමින් ලෝක හෙවිවේට් ශූරයා බවට පත් වෙනවා. 1962 අකි මුරෙත් නම් හෙවිවෙට් ශූරයා පරාජයට පත් කරනු ලබනවා. 1965 දීත් සනි ලිස්ටන්ට බිම වැටෙන්නට පහර දෙන 22 හැවිරිදි ක්ලේ නැවතත් හෙවිවේට් ශූරයා බවට පත් වන්නේ බොක්සිං වළල්ල වර්ණවත් කරමින්.

කැසියස් ක්ලේ මොහොමඩ් අලි බවට

පුහුණුවීම් වල නිරත වන අලි (www.theplayerstribune.com)

පුහුණුවීම් වල නිරත වන අලි (www.theplayerstribune.com)

ඉතා දුප්පත් පවුලක ඉපදී බොක්සිං ක්‍රීඩාවේ හිනිපෙත්තටම ගමන් කර මුදල් කෝටි ගණනින් ලබා ගත්තත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් ඒ සියල්ල පසෙකලා ඊට එරෙහිව හඬ නැගීමේ එඩිතර ගතියක් ක්ලේ තුළ උපතින්ම පිහිටා තිබුනා.

තදින් පැවති වර්ණභේදවාදය පිළිකුල් කළ මොහු1964 දී ක්‍රිස්තියානි ධර්මයෙන් ඉවත් වී මුස්ලිම් දහම වැළද ගන්නේ ඒ තුළින් සමාජ සාධාරණත්වය හා සහෝදරත්වය සොයා යාහැකි බව පවසමින්. මේ සමඟම ඔහු එතෙක් භාවිතා කළ කැසියස් ක්ලේ යන නම අතහැර මොහොමඩ් අලි නමින් පෙනී සිටීමට තීරණය කරනවා.

ඔලිම්පික් පදක්කම ගඟට විසිකළ මොහොමඩ් අලි

ඔලිම්පික් රන් පදක්කම ලබා ගන්නා අලි  (Top Bet)

ඔලිම්පික් රන් පදක්කම ලබා ගන්නා අලි  (Top Bet)

ඔලිම්පික් ජයග්‍රහණය පරයා අසාධාරණ ලෙස කල්ලන් පිඩාවට පත් කිරීම වෙනුවෙන් ඉතා ආවේගයෙන් කටයුතු කළ අලිව වරෙක ආපනශාලා හිමිකරුවෙක් තම හෝටලයෙන් පන්නා ගන්නේ එය සුද්දන් වෙනුවෙන් පමණක් (whites only) වෙන් කළ ස්ථානයක් බවට ඔහුට තර්ජනය කරමිනි. මහත් කල කිරීමකට පත් වූ අලි තමන් ලබා ගත් ඔලිම්පික් රන් පදක්කම අසළින් ගලා ගිය ඔහියෝ ගඟේ ගැඹුරුම තැනකට විසි කරන්නේ ඔහුගේ හිත මිත්‍ර රෝනිගේ දෑසට කදුළු එක් කරමින්. අනතුරුව මොහොමඩ් අලි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරනවා.

“මේ රන් පදක්කම ලබා ගන්න මම අවුරුදු හයක් තිස්සේ ලේ, දාඩිය, කඳුළු හෙළුවා. එත් මට දුකක් නෑ. මම තවදුරටත් සුද්දාගේ ඉත්තෙක් වෙලා ඔලිම්පික් මධු සමයක් ගත කරන්නෑ. මම දැන් නිදහස් මිනිහෙක්. මම දැන් අලුත් මිනිහෙක් “ ඒ ඔහුගේ ප්‍රකාශයයි.

වියට්නාමය ආක්‍රමණය කිරීමට විරුද්ධ වූ මානව හිතවාදියා

වියට්නාම් යුද්ධයට එරෙහි වෙමින් (New York Daily News)

වියට්නාම් යුද්ධයට එරෙහි වෙමින් (New York Daily News)

මුදලට ගිජුව හෝ කුමන පාර්ශවයන්ගේ බලපෑම් වලට යටත්ව හෝ කිසිඳු අයුරකින් තම ප්‍රතිපත්ති වෙනස් නොකළ ක්‍රීඩකයෙක් ලෙස මොහොමඩ් අලි ඉතිහාසගත වෙනවා.

1966 වර්ෂයේ ඇමරිකා එක්සත් ජනපදය වියට්නාමය ආක්‍රමණය කිරීමට ගොස් ඉතාමත් අසීරු තත්වයක පසු වුණා. ඒ අනුව රටේ සෑම පිරිමියෙක්ම රජය නියම කරන ඕනෑම වේලාවක යුද්ධය සඳහා යාමට කැමත්ත ප්‍රකාශ කල යුතුයි. මාධ්‍යවේදියෙක් මේ පිළිබඳව අලිගෙන් විමසීමක් කරනවා. එයට නොබියව පිළිතුරු දෙන අලි තමන් වියට්නාම් යුද්ධයට විරුද්ධ බවත් තමා වියට්නාමය සමඟ තරහක් නොමැති බවත් කිසිඳු වියට්නාම් භටයෙක් සමඟ කිසිම ආකාරයක තරහක් නොමැති බැවින් යුද්ධයට නොයන බවත් ප්‍රකාශ කරනවා.

ලැව් ගින්නක් සේ පැතිරී යන මෙම ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නා ලෙස ඇමරිකන් රජය නිවේදනය කලත් තම ප්‍රතිපත්තීන් කිසිඳු විටක පවා නොදෙන අලි එයට පිළිතුරක් ලෙස “රජය විසින්  යුද්ධයට අකමැතිව, එයට නොයන්නන් දේශද්‍රෝහීන් ලෙස සලකනවා නම් ඔවු… මමත් දේශද්‍රෝහියෙක් ”ලෙස ප්‍රකාශ කරනවා.

මෙම ප්‍රකාශයන් වලට එරෙහිව යුධ හමුදා කොමිසම ඉදිරියට පමුණවන අලි එහිදීවත්  මෙම මතය වෙනස් කරන්නේ නෑ. අඩුම තරමේ සමාව ඉල්ලන්නේවත් නෑ. එහිදී ඔහු තමන්ට ගලකින්වත් නොගැසූ මිනිසුන් සමඟ යුද්ධය සඳහා ආසියාවට, අප්‍රිකාවට හෝ වෙනත් රටකට තමාව යැවීමට රජයට ඇති අයිතිය අභියෝගයට ලක් කරනවා.

සියළුම පදක්කම් ඉවත් කර අවුරුදු පහක තරඟ තහනමක්

ඔහුට ලැබුණු දඬුවම එකළ පුවත් පත් වාර්තා කළ අයුරු (Godfather Politics)

ඔහුට ලැබුණු දඬුවම එකළ පුවත් පත් වාර්තා කළ අයුරු (Godfather Politics)

හමුදා කොමිසම හමුවේ තෙවරක්ම යුද්ධයට යාම ප්‍රතික්ෂේප කළ මොහොමඩ් අලිව වසර පහක බොක්සිං තහනමකට ලක් කරනවා. ඒ සමඟ මෙතෙක් දිනා තිබු සියළු පදක්කම් ඉවත් කිරීමක් පවා සිදු කරනු ලබනවා.

තමා තෝරා ගත්තේ හමුදාව වත් සිරගෙදරවත් නොව යුක්තිය බව පවසන අලි රජයේ මෙම තීරණයත් සමඟ වියට්නාම් යුද්ධයට එරෙහිව යුධ විරෝධී රැල්ලක් නිර්මාණය කරන්නට සමත් වෙනවා. විශ්වවිද්‍යාල තරුණ සංගම් හා තවත් සිවිල් සංවිධාන සමඟ එක් වූ අලි වියට්නාම යුද්ධයට එරෙහිව ඇමරිකාව තුළ ආකල්පයක් ඇති කිරීමට සමත් වෙනවා. කෙසේ හෝ සටන් කර තමන්ට උරුමව තිබූ පස් අවුරුදු තරඟ තහනම අවුරුදු තුනක් දක්වා අඩු කරගන්නට අලි සමත් වෙනවා.

අවුරුදු තුනකින් පසු නැවතත් බොක්සිං පිටියට

ඔලිම්පික් ගිනිසිළුව දල්වමින් (www.theplayerstribune.com)

ඔලිම්පික් ගිනිසිළුව දල්වමින් (www.theplayerstribune.com)

වසර තුනකින් අනතුරුව 1970 දී බොක්සිං පිටියට පැමිණෙන අලි 1975 දී ජෝ ප්‍රේසියර් පරදා හෙවිවේට් ශූරයා බවට පත් වෙනවා. 1979දි තුන් වතාවක් හෙවිවේට් බොක්සිං පටිය (Belt) දිනූ ක්‍රීඩකයා බවට පත්වෙමින් වාර්තාවක් පවා පිහිටුවනවා.

1981 දී ක්‍රීඩාවෙන් සමු ගන්නා මේ අසහාය ක්‍රීඩකයා Sports Illustrated විසින් 1999දි ශතවර්ෂයේ ක්‍රීඩකයා ලෙසත් BBC ය මගින් ශතවර්ෂයේ ක්‍රීඩා පෞරුෂය ලෙසත් නම් කරනු ලබනවා. පසුව එක්සත් ජාතීන්ගේ සාම නියෝජිතයෙක් ලෙස කටයුතු කරන අලි 1996 ඔලිම්පික් ගිනි සිළුව දල්වන්නා ලෙසත් 2012 ලන්ඩන් ඔලිම්පික් ආරම්භක දිනයේ ඔලිම්පික් ධජය රැගෙන යන්නා ලෙසත් එක්වෙනවා. දීර්ඝ කාලයක් පාකින්සන්ස් නම් ස්නායු රෝගයට ගොදුරුව සිටි මේ විශිෂ්ටයා මිය යන්නේ 20016 ජූනි 03 වන දිනයි.

 

Related Articles