Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක නායකයින්ගේ විශ්වාසය දිනූ අනාවැකි කියන්නිය – ජීන් ඩික්සන්

නූතන යුගයේ අනාගත වක්තෘවරුන් හෙවත් අනාගතය පිළිබඳ අනාවැකි කියන්නන් අතරින් ජීන් ඩික්සන්ට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ඇයගේ අනාවැකි සමහරක් පුදුමාකාර ලෙස සත්‍ය බවට පත් වූ අතර ඒ ආකාරයෙන්ම ඇගේ බොහෝ අනාවැකි සාවද්‍ය ද වී ඇත. ඇය පනහට පනහේ අනාගත වක්තෘවරිය ලෙස හැඳින්වූයේ එබැවිනි. කෙසේ නමුත් තවමත් ඇය වර්තමාන ලෝකයේත් විශ්වාසනීය ලෙස ජනාදරයට පත්ව සිටින්නී ලොව ප්‍රබල නායකයින් සහ ප්‍රධාන පෙළේ සිදුවීම් පිළිබඳව ඇය පල කළ සුවිශේෂී අනාවැකි නිසාවෙන්.

ජීන් ඩික්සන් (k31.kn3.net)

නිවැරදි වූ අනාවැකි

ජීන් ඩික්සන් නාමය පළමුවරට ප්‍රචලිත වූයේ හිටපු ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් ඩිලානෝ රූස්වෙල්ට් අරභයා ඇය පැවසූ අනාවැකියකට පසුවය. 1944 දී ෆ්රෑන්ක්ලින් රූස්වෙල්ට් ඇය හමුවට පැමිණ කළ කතා බහ කරන අතරවාරයේ ඇගෙන් මෙසේ විමසීය.

මට තව කොපමණ කලක් ජීවත්විය හැකිද?

නිල් පැහැ දෙනෙත් සඟලක් සහිත රූමත් ජීන් ඩික්සන් පැවසුවේ හය මාසයක් හෝ එයටත් අඩුවෙන් යනුවෙනි.1945 අප්‍රේල් දොළොස් වන දින හදිසියේම රූස්වෙල්ට් මියගිය පසු ධවල මන්දිර බලධාරීන් විසින් 1944 දී ජනාධිපතිවරයාගේ ජීන් ඩික්සන් හමුව පිළිබඳ තොරතුරු පුවත්පත්වල පල කරන ලදි. එමඟින් ඇය වහා ප්‍රසිද්ධියට පත්විය. චීනය කොමියුනිස්ට් රාජ්‍යයක් වන බවටද ඇය අනාවැකි පල කළාය.

ජීන් ඩික්සන්ගේ උත්පත්ති නාමය වන්නේ ලීඩියා එමා පින්කර්ට් ය. ජර්මානු රෝමානු කතෝලික සංක්‍රමනිකයන් වන ජර්හාට් සහ එමා පිංකර්ගේ දරුවන් 10 දෙනාගෙන් එක් අයෙකු වන ජීන්

විස්කොන්සින්හි 1918දී මෙද්ෆෝර්ඩ් නගරයේ උපන්නත් ජීවත් වූයේ මිසූරි සහ කැලිෆෝර්නියාවල ය.

කුඩා කලදීම ඇගේ පවුල සමඟ කැලිෆෝනියාවේ වාසය කිරීමට යාමට ඇයට සිදු විය. ඇයට අනාගතය දැකීමේ හැකියාවක් ඇති බව බොහෝ අය දැන ගත්තේ ඇය නව හැවිරිදි වියේදී ය. ජීන්, මේරි ඩ්රෙස්ලර් නමැති නිළියකට රඟපෑමෙන් ඉවත් නොවන ලෙස ඇය අවවාද කළාය. ඒ වන විටත් රංගන ජීවිතය කෙරෙහි කලකිරී සිටි මේරි ඩ්රෙස්ලර් ඉන් ඉවත්ව නේවාසිකාගාරයක් පවත්වාගෙන යාමට තීරණය කර සිටියාය. නමුත් ජීන් ඩික්සන් ගේ අවවාද පිළිගත් ඇය නැවත සුපුරුදු නිළි වෘත්තියෙහි නියැලුණාය. පසුකාලීනව සුපිරි තරුවක් බවට පත් වීමට ඇයට හැකිවිය. ඇමෙරිකානු චිත්‍රපට කර්මාන්තයේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන හොලිවුඩ් චිත්‍රපටවල රඟපෑමටද ඇයට අවස්ථාව සැලසිණ.

blog.genealogybank.com

තුරුණු වියේදී ජීන් ඩික්සන් ව්‍යාපාරික කටයුතුවල නියැලුණාය. ඒ අතර ඇය බොහෝ අනාවැකි ප්‍රකාශයට පත්කොට ඇත. 1945 දී ඇය ඉන්දියානු හමුදා නායකයකු වූ ශීර් අලිට මෙසේ පැවසුවාය. “1947 පෙබරවාරි 20 දින ඉන්දියාව රටවල් දෙකකට බෙදී යාමට පුළුවනි. අද එය කිසිසේත්ම සිදුවිය නොහැකි යැයි ඔබට සිතුනත් එය සත්‍ය බව අනාගතයේදී සනාථ වනු ඇති.”

එම වසරේදී ම (1945) ඇය යුද සමයේ ජනප්‍රිය හා අසාර්ථක අගමැතිතුමා වූ එංගලන්තයේ වින්ස්ටන් චර්චිල්  යුද්ධයෙන් පසු අගමැති ධූරයේ නොසිටිනු ඇතැයි පැවසුවාය. සිනහා පල කළ චර්චිල් එංගලන්තයේ ජනතාව මගේ හැකියාවන් පරීක්ෂා කොට අවසන්. ඒ නිසා එවැන්නක් කිසිසේත්ම විය නොහැකියි යනුවෙන් පවසා ඇත. නමුත් යුද්ධයෙන් පසුව පැවති මැතිවරණයේදී වින්ස්ටන් චර්චිල්ගේ කොන්සර්වේටිව් පක්ෂය පරදවා කම්කරු නායක ක්ලෙමන්ට් ඇට්ලි අගමැති ධූරයට පත්විය.

1948 දී හින්දු අන්තවාදියෙකු අතින් සිදු වූ මහත්මා ගාන්ධිගේ ඝාතනය ඊට වසරකට පෙර ඇය නිවැරදිව පවසා තිබුණි. මෙම අනාවැකිය දත් බොහෝ අය නතුරාම් ගොඩ්සේ අතින් ගාන්ධිතුමා ඝාතනය වූ විට මහත් දුකට පත් වූහ. ඊජිප්තුවේ අන්වර් සදාත්ගේ නැගීමත් කුමන්ත්‍රණකාරී ඝාතනයකට ලක් වීමත් පිළිබඳ නිවැරදි අනාවැකි පළ කිරීමෙන් ඇගේ ජනප්‍රියත්වය තවත් වැඩිවිය.

1956 දී එවකට ඉන්දීය අගමැතිව සිටි ජවහල්ලාල් නේරුතුමා ඔහුගේ මරණයෙන් පසුව අගමැතිකමට පත් වන්නේ කවුරුන් දැයි ජීන් ඩික්සන් ගෙන් විමසූ විට ඇය පැවසුවේ මෙවන් පිළිතුරකි. වාසගම S අකුරින් පටන් ගන්නා තරමක් මිටි තැනැත්තෙක්. නේරු තුමාගේ අභාවයෙන් පසුව අගමැති ධුරයට ලාල් බහදූර් ශාස්ත්‍රි පත් වූ විට ඩික්සන්ගේ තව තවත් ප්‍රසිද්ධ විය. ඇය මේ වන විට විශ්වාසනීය අනාවැකි පවසන්නියක ලෙස පිළිගැනුණි.

ජෝන් එෆ්. කෙනඩි (cdn.images.dailystar.co.uk)

1956 දී මතු එළැඹෙන වසරේ සෝවියට් දේශය විසින් චන්ද්‍රිකාවක් ගුවන්ගත කරන බවත් එය සාර්ථකව කක්ෂගතව පෘථිවිය වටා ගමන් කරන බවත් ඇය පැවසුවා ය. එමෙන්ම එවකට සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ සාමාන්‍ය නායකයකුව සිටි පුරුෂයෝ කිසියම් අවස්ථාවක සෝවියට් දේශයේ බලයට පත්වන බව ද ඇගේ පුරෝකතනය විය. 1961 සැප්තැම්බරයේ ඇය තවත් විශ්මිත අනාවැකි පල කළාය. හොලිවුඩයේ සුපිරි කාමුක නිළියක් සියදිවි නසා ගන්නා බවත් ඇගේ නම සහ වාසගම යන දෙකම M අකුරෙන් පටන් ගන්නා බවත් පැවසුවාය. එවිට මෙම සිදුවීම කෙදින සිදුවේ දැයි ඇගෙන් විමසූ විට හරියටම වසරක් ඇතුළත යන ස්ථිර පිළිතුර ඩික්සන්ගෙන් ලැබුණු අතර මැරලින් මොන්රෝ පෙති අධිකව ගැනීමෙන් සියදිවි නසා ගත්තාය.

1956 දී ප්‍රකට ජාත්‍යන්තර සඟරාවක් වූ පැරේඩ් සමග වූ සංවාදයකදී ජීන් ඩික්සන් මෙසේ සඳහන් කළා ය. උස නිල් ඇස් ඇති ගැඹුරු දුඹුරුවන් හිසකේ සහිත තරුණයකු 1960දී ධවල මන්දිරයේ ජනපති පදවිය ලබා ගනු ඇත. ඔහු මෙතෙක් සිටි ලාබාලම ජනාධිපතිවරයා වන නමුත් තම නිල කාලය තුළ ඝාතනය වනු ඇති.

මැරිලින් මොන්රෝ (citispotter.com)

එවිට ඇය හා සංවාදයේ යෙදී සිටි මාධ්‍යවේදී ජැක් ඇන්ඩර්සන් ඇය මෙම නිගමනයට එළැඹුණේ කෙසේ දැයි විමසීය. ඇය ඊට දුන් පිළිතුර වූයේ වර්ෂාව සහිත දිනයක ශාන්ත මැතිව් දේවස්ථානය යාඥා කරමින් සිටි අවස්ථාවක ඇය මෙම දර්ශනය දුටු බවයි.

ජෝන් එෆ්. කෙනඩි ජනාධිපති ධුරයට තේරී පත්වූ පසු මතු එන විපත පිළිබඳව ඔහුට අනතුරු ඇඟවීමට බොහෝ අවස්ථාවල ජීන් ඩික්සන් උත්සාහ කළ නමුත් ඒ ගැන පහදා දීමට ඇයට නොහැකි විය.

1957දී සෞදි අරාබියේ ෂා ෆයිසර් තුමා දුරකථනයෙන් ඇමතූ ඇය ඔහුව ඝාතනය කිරීමේ සංවිධානාත්මක කුමන්ත්‍රණයක් දැනටමත් ක්‍රියාත්මක වන්නේ යැයි පැවසුවාය. නමුත් මේ ගැන සිතාබලා ආරක්ෂාවක් සලසා ගැනීමට ප්‍රථම ඔහු ඝාතනයට ලක් විය.

අනාවැකි පැවසීමේදී ජීන් අනුගමනය කළේ ගුප්ත පලිඟු ගෝලයක් තුළින් බැලීම ය. සත්‍ය වූ අනාවැකි මෙන්ම ඇගේ අසත්‍ය වූ අනාවැකි ද බොහෝ විය.

ඇමෙරිකානු ජනපතිවරයෙකු වූ රොනල්ඩ් රේගන් සමඟ ජීන් (verybizarrestories.files.wordpress.com)

සාවද්‍ය අනාවැකි

ඇය මාග්‍රට් තැචර් මැතිනිය තවදුරටත් අගමැතිනිය ලෙස වැඩි කලක් නොසිටිනු ඇතැයි ද ඇය පැවසුවාය. නමුත් එය ද සාවද්‍ය විය. 1988 සහ 1994 කාලය තුළ බ්‍රිතාන්‍ය කිරුළ හිමි චාල්ස් කුමරුගෙන් වෙන්ව ඇන්ඩෲ කුමරුට හිමි වන බවත්, ඉරානයේ ෂා රජු වෙනත් රටකට යන බවත් නමුත් නැවත එන බවත් ඇගේ අනාවැකි අතර විය. මෙම සාවද්‍ය අනාවැකිවලට අමතරව 1981 දී ඇය විසින් පල කරන ලද ග්‍රන්ථයක ඉන්දියාව අරභයා බොහෝ වැරදි අනාගත වාක්‍ය තිබුණේය. මෙවැනි සාවද්‍ය අනාවැකි නිසා ඇගේ ජනප්‍රියත්වයට සිදු වූයේ බලවත් හානියකි.

“මා විසින් ඉදිරිපත් කළ ඇතැම් අනාවැකි සාවද්‍ය වූයේ මන්දැයි මම දන්නේ නැහැ. හැමදාම පෙරවරු 3 ට අවදි වී අනාගතය බැලීමට උත්සාහ කරනවා. ඒ වෙලාවේ මට දැනෙන කුමක් හෝ වේවා මම මිනිසුන්ට ඒ දේ කියනවා. මගේ සෑම අනාවැකියක්ම හරියටම හරි යැයි කවදාවත් මා කියා නැහැ.” සාවද්‍ය වූ අනාවැකි ගැන ඇය එසේ පවසා ඇත.

1978 වසරේදී ඇය පැවසූ අනාවැකියකට අනුව 1980 සිට ලොවපුරා යුධමය කාල පරිච්ඡේදයක් උදා වන අතර සාමකාමී වාතාවරණයක් 1999 සිට උදාවන බව දැක්විණි. රුසියාව විසින් ඉරානය සහ පලස්තීනය අත්පත් කර ගන්නා බවද, චීනය සමහර විට ඇමරිකාවට එරෙහිව යුද තත්ත්වයක් ඇතිකර ගත හැකි බවද දක්වා ඇත. එමෙන්ම පිටිසරබද පළාතකින් පහළ වන නායකයකු ඉන්දියාව තුළ බලයට පත්ව අතීතයේ ගාන්ධිතුමාගේ පාලනය සිහි කරමින් නව මාවතක් උදාකරන බව ද ඇය සඳහන් කොට ඇත.

පුවත්පත්වල පල කෙරුණු ජීන්ගේ අනාවැකි (skepdic.com)

ප්‍රසිද්ධ පුද්ගලයන් පිළිබඳව ජීන් ඩික්සන් පල කළ සත්‍ය සහ අසත්‍ය වූ අනාවැකි

නිවැරදි අනාවැකි

  1. කෘෂව්ගේ බලයට පත් වීම.
  2. ලාල් බහදූර් ශාස්ත්‍රි අගමැති ධුරයට පත් වීම.
  3. අන්වර් සදාත්ගේ නැගීම සහ බැසීම.
  4. ෂා ෆයිසාල් තුමාගේ ඝාතනය.

වැරදි අනාවැකි

  1. වේල්සයේ කුමරා ලෙස andrew කුමරු පත්වීම.
  2. ඉරානයේ ෂා තුමාගේ නැවත පැමිණීම.
  3. මාග්‍රට් තැචර් මැතිනිය අගමැති ධූරයේ දිගුකල් නොසිටිනු ඇත.

ජීන් ජැක්සන්ගේ අනාවැකි අපට කියාපාන්නේ අනාගතය හෙළි කිරීමේදී ජීන් සතු ශක්තිය ඇතැම් අවස්ථාවල පමණක් නිවැරදි බවයි. කෙසේ නමුත් ඈ පැවසූ බොහොමයක් සත්‍ය වී ඇති බැවින් ඇය සතු එම ශක්තිය සුළු කොට තැකිය නොහැකිය.

ජීන් ඩික්සන්, 1997 ජනවාරි 25 වන දින වොෂිංටන් ඩී සී හි වොලිහි අනුස්මරණ රෝහලේදී හෘදයාබාධයක් නිසා මිය ගියේ ‘’මම මේ දේ වන බව දැනගෙන සිටියා’’ යන වචන කිහිපය මිමිණීමෙන් අනතුරුවය.

කවරයේ රූපය : legacy.com

Related Articles