Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුඛාන්තය අගය කළ පර්සියානු ශ්‍රේෂ්ඨයා – ඕමාර් ඛයියම්

ලෝකයේ සිටින බොහොමයක් දෙනාට උපතින් පිහිටන්නේ එක් හැකියාවක් පමණි. “ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමථ” වැනි කියමන් තුළින් ඒ බව මනාව පැහැදිලි වේ. නමුත් ඇතැම් පුද්ගලයින් හට උප්පත්තියෙන් විවිධ හැකියාවන් රාශියක් උරුම වී පවතී. ඕමාර් ඛයියම් යනු එක් මිනිසෙකු සමත් එක් දෙයකට යන කියමන සෑම විටම නිවැරදි නොවන බවට තහවුරු කරන එක පුද්ගලයෙකි. සහජ හැකියාවන් රාශියකින් සමන්විත මොහු පර්සියානු ගණිතඥයෙකු, කවියෙකු හා තාරකා විද්‍යාඥයෙකු ලෙස හැඳින්වේ. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ ඕමාර් ඛයියම් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ඒමටයි.

ළමා කාලය

azquotes.com

මොහු වර්ෂ 1048 දී මැයි මාසයේ Nishapur වලදී උපත ලබා ඇත. මොහුගේ පියා වන ඊබ්‍රහිම්, ටෙන්ට් සාදන්නකු වන්නට ඇතැයි පැවසේ. මීට හේතුව වන්නේ “ඛයියම්” ලෙස භාවිතා වන්නේ ටෙන්ට් සාදන්නන්ට වීමයි. දර්ශනය හා ගණිතය පිළිබඳ සම්පූර්ණ අධ්‍යාපනයක් ලැබීමට මොහුට හැකි විය. මොහුගේ ගුරුවරුන් අතරින් අයෙක් වන්නේ Bahmanyar bin Marzban ය. මොහු ඛයියම්ගේ විද්‍යා හා ගණිත ගුරුවරයා විය. ඔහුගේ තවත් ගුරුවරයෙක් ලෙස Iman Mowaffak දැක්විය හැක. තම අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසු ඛ්යියම්ව Nishapur  වල සිට Balkh වලට යවන ලදි. මෙහිදී ඔහු Sheikh Muhammad යටතේ අධ්‍යාපනය හදාරා ඇත. බොහෝ දෙනාගේ මතය වන්නේ ඕමාර් “ඛයියම්” යන නාමය තම නමට එකතු කරගෙන ඇත්තේ පියාට ගරු කිරීමක් ලෙස බවයි.

Samarkand වල සවාරිය

thefamouspeople.com

වයස අවුරුදු  18න් පසු ඛයියම් තවලම් කණ්ඩායමක් සමඟ සම්බන්ධ විය. මේ නිසා ඔහුට Nishapur  සිට Samarkand නගරයට මාස තුනක ගමනක් සඳහා සහභාගී වීමට හැකියාව ලැබිණි. Samarkand නගරය වර්තමානයේ හඳුන්වන්නේ Uzbekistan ලෙසයි. මෙහි යනවිට ඛයියම්ගේ වයස අවුරුදු 20 විය. Samarkand වලදී තම පියාගේ පැරණි මිතුරෙකු වූ Abu Tahir සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමට ඛයියම්ට හැකි විය. මෙම පුද්ගලයා ඒ වන විට Samarkand නගරයේ ආණ්ඩුකාරවරයෙක් හා ප්‍රධාන විනිසුරු වරයෙක් ලෙස කටයුතු කරන කරමින් සිටියේය. ඛයියම්ගේ හැකියාවන් දුටු ඔහු ඛයියම්ට තම කාර්යාලයේ රැකියාවක් ලබා දුන් අතර පසුව ඔහුව රාජ්‍ය භාණ්ඩාගාරයේ රැකියාව සඳහා ද බඳවා ගන්නා ලදී. මේ කාලයේ ඛයියම් වීජ ගණිතයේ පෙරළිකාරයෙකු බවට පත් විය.

විද්‍යාව සඳහා දායකත්වය

thefamouspeople.com

ඛයියම්ගේ ප්‍රධාන විද්‍යා ලිපි එකතුව හැඳින්වෙන්නේ “ Treatise on Demonstration of problems of Algebra” ය. මෙය රචනා කර ඇත්තේ 1070 වසරේදීය. වීජ ගණිත පොත් එකතුව රචනා කරන විට ඛයියම්ගේ වයස අවුරුදු 22ක් පමණි. මෙය ක්‍රම ක්‍රමයෙන් බටහිර ගණිතඥන්ගේ අවධානයට යොමු වූ අතර ඔහු විසින් ඉදිරිපත් කර තිබූ සමීකරණ විසඳුම් ක්‍රම බොහෝ පිරිසක් භාවිතා කරන ලදි. මොහුගේ කැපී පෙනෙන ගණිත හා තාරකා විද්‍යාඥ හැකියාවන් නිසා මුස්ලිම් ජනයාගේ අතීතයේ පැවති දින දර්ශනය පවා වෙනස් විය.

ඔහුගේ රචනා එකතුවේ සාකච්ඡා කර ඇති තවත් දෙයක් වන්නේ පැස්කල්ගේ ත්‍රිකෝණයයි (Pascal’s triangle). ජ්‍යාමිතියේ භාවිතා වන න්‍යායන් රාශියක් සඳහා මොහුගේ දායකත්වය ලැබුණු අතර සමානුපාත පිළිබඳවද සාකච්ඡාවට ලක් කර ඇත. මොහුගේ ග්‍රන්ථ වල පෙන්වා ඇති තවත් කරුණක් වන්නේ සමීකරණයකට විසඳුම් දෙකක් පැවතිය හැකි බවයි.

1077 වසරේදී ඔහු කාණ්ඩ තුනකින් යුතු ග්‍රන්ථයක් රචනා කරන ලදි. එහි නම වන්නේ “explanation of the difficulties in the postulate in Euclid Elements” ය. මීට අමතරව චතුරශ්‍ර පිළිබඳ සලකා බැලූ  මුල්ම ගණිතඥයෙකු ලෙසද මොහු දැක්විය හැක. පර්සියානු ගණිත හා විද්‍යා දර්ශනය සඳහා දායකත්වය සැපයීමටද ඛයියම් අමතක නොකළේය. ගණිතයේ ඇති විවිධ සංකල්ප වන ගණිතමය අනුක්‍රම, ස්වභාවික හා ගණිතමය වස්තූන් අතර වෙනස ආදී සංකල්ප මොහු විසින් සාකච්ඡා කර ඇත.

Rubayiat එකතුව

youtube.com

rubayiat යනු ඛයියම් විසින් රචිත කවිවල එකතුවකි. ඔහුගේ මරණයෙන් පසු මෙම කවි එකතුව ඔහුගේ නමින් මුද්‍රණය විය. මේ කවි පද පේළි 4කින්, අක්ෂර 13කින් හා අවසාන එළිසමය AABA හෝ AAAA ලෙස අවසන් වී ඇත. rubayiat එකතුව පර්සියාවේ 9 වන හා 10 වන සියවස් වල බොහෝ ප්‍රචලිතව පැවතුණි. මෙය සමාජයේ සෑම පන්තියකම මිනිසුන් තමාගේ විවිධ වැදගත් අවස්ථා වලදී ගායනා කරන ලදි. මෙම කවි භාවිතා කරන ලද්දේ ජීවිතයේ සුඛාන්තය අගය කිරීමට හා ගුප්ත අත්දැකීම් පෙන්වීමටයි.

rubayiat එකතුව බටහිර ජාතීන් අතරද ප්‍රසිද්ධියට පත් වූයේ Edward Fitz Gerald විසින් 1859 වසරේදී සිදුකළ වැරදි පරිවර්තනය නිසාවෙනි. මෙම පරිවර්තනය තුළ ඛයියම්ගේ නොවන පද පේළි ගණනාවක් අන්තර්ගත වී ඇත. Edward Fitz විසින් මෙය විරූපී කර ඇත්තේ වික්ටෝරියානු රොමැන්ටික් වාදය සඳහා ගැලපෙන ආකාරයටයි. මෙලෙස කවි පන්ති විකෘති කිරීම හේතුවෙන් බටහිර ජාතීන් අතර ඛයියම් යනු සුෆි භාවයෝගියෙකු යන මතය ඇති විය. මෑතකදී සිදු කළ පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ 13 වන සියවසේ ලියැවුණ rubayiat එවැනි අනෙකුත් රචකයින්ගේ කවි පන්ති වලට සමාන වන බවයි. මේ සියලුම කවිවල හාස්‍ය, බුද්ධිය හා කාව්‍ය කුසලතා, සතුට, සමලිංගික ආදරය වැනි දේවල් ගැබ් වී පවතී.

මරණය

ඕමාර් ඛයියම්ගේ මරණය සිදු වුයේ 1131 වසරේ දෙසැම්බර් මස 4 වන දින දීය. මියයන විට ඔහුගේ වයස අවුරුදු 83 කි. මොහුගේ දේහය වල දමන ලද්දේ ප්‍රසිද්ධ ඛයියම් උද්‍යානය තුළ යි.

කවරයේ පින්තුරය – steemit.com

Related Articles