Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

The Notorious හෙවත් කොනෝර් මැක්ග්‍රෙගර්

Connor McGregor යනු කවුදැ යි විමසුවහොත් කාන්තා පාර්ශ්වයෙන් ලැබෙන ප්‍රතිචාරයට වඩා සාධනීය ප්‍රතිචාරයක් පිරිමි පාර්ශවයෙන් ලැබෙනු ඇත. ඇතැමුන් හට කොනෝර් දක්ෂ සටන්කරුවකු වන අතර තවකෙකු හට ඔහු පරමාදර්ශී චරිතයකි. අද ලිපිය දිග හැරෙනුයේ ඔහු පිළිබඳව ය.

1988 ජුලි වන දින අර්ලන්තයේ ඩබ්ලින්හි දී උපත ලද කොනෝර්, වයස අවුරුදු 12 දී ත්‍රම්ලින්හි පිහිටි බොක්සිං ක්‍රීඩා සමාජයකට එක් වී බොක්සිං ක්‍රීඩාව පුහුණු වූයේ ය.‍ කොනෝර් පවසන්නේ තමන්ගේ අඩිතාලම ගොඩ නැගුණේ එතැනින් බව ය. එහි පුහුණුකරු ෆිල් සුට්ක්ලයිෆ් විසින් සටන් කිරීමෙහි ‘අ‘යනු ‘ආ‘යනු කියා දුන් බවත් එම පාඩම් අදටත් අනුගමනය කරන බවත් ය.

http://your-captain-here.tumblr.com

“ක්‍රම්ලින් බොක්සිං ක්‍රීඩා සමාජය මාව වෙනස් කළා. මම අදටත් විශ්වාස කරන්නේ මාව නිර්මාණය කිරීමේ මූලික ගෞරවය හිමි විය යුත්තේ ෆිල්ට. ඒක හරි ම සුන්දර කාලයක්. එහි සිටි උදවියත් හරි ම සුන්දරයි. මං හිතන්නේ ඉස්සරට වඩා දැන් ඒ ක්‍රීඩා සමාජය දියුණු කරලා තියෙනවා. ගෙදර ගිය දවසට එහි යන්න මම ඉන්නේ නොඉවසිල්ලෙන්..“ යනුවෙන් කෝනර් මාධ්‍යයට පවසා තිබුණා.

MMA හා සම්බන්ධ වීම

http://wallpapercave.com

MMA යනු සෑම සටන් ක්‍රමයක් ම භාවිතා කළ හැකි අතිශය ජනප්‍රිය ක්‍රීඩාවකි (Mixed Martial Arts) කොනෝර් මෙම ක්‍රීඩාව හා සම්බන්ධ වන්නේ 2008 වසරේ දී ය. අඩු බර පන්තියෙන් මුල්වරට ඉදිරිපත් වන කොනෝර් ගේරි මොරිස් යන ක්‍රීඩකයා තාක්ෂණික වශයෙන් තරගයෙන් පරාජය කිරීමට සමත් වන අතර මෙලෙස ආරම්භ කරන තරග ජීවිතය 2011 හා 2012 යන වසරවල දී යන CWFC Featherweight Championship හා Lightweight Championship ශූරතා දෙක ම දිනා ගන්නට සමත් විය.

UFC කතාව

http://www.ufc.com

2013 දී UFC (Ultimate Fight Club) හා ගිවිසුම්ගතව තරග වැදීමට එළැඹෙන්නේ එසේ ගිවිසගත් දෙවන අයර්ලන්ත ජාතිකයා වශයෙනි. UFC Featherweight Championship හා UFC Interim Featherweight Championship ශූරතා දෙක ම දිනා ඇති මොහු මේ වන විට UFC Lightweight Championship ශූරතාව උසුලනු ලබයි.  UFC ඉතිහාසය තුළ ඒ ආකාරයට එවර ශූරතා දෙකක් දිනා ඇති එක ම ක්‍රීඩකයා වන්නේ ද කොනෝර් ය.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ෆෝබ්ස් සගරාව වරක් දක්වා ඇති ආකාරයට මේ වන විට කොනෝර්ගේ සමස්ත දේපළ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 22 ක් පමණ වන බවත්, මේ වන විට UFC මගින් වැඩි ම ගෙවීමක් සිදු කරන ක්‍රීඩකයා ද ඔහු වන බවත් ය.

http://themmacorner.com

කොනෝර් සහ ඇල්ඩෝ අතර පැවති තරග UFC  ඉතිහාසයේ තරගයකින් වාර්තා කළ ඉහළ ම ආදායම වාර්තා කිරීමට සමත් වී ඇති අතර එය ඇමෙරිකානු ඩොලර් මිලියන 7.1 ක් බවට වාර්තා වේ.

සෑම සාර්ථක පිරිමියකු පිටුපස ගැහැණියක සිටී

ඉහත ආප්තෝපදේශය  යථාර්ථයක් බවට පත් වූ අවස්ථාවක් ලෙස කොනෝර්ගේ ගමන් මග දැක්විය හැකි ය. ඒ ඔහුගේ පෙම්වතිය ඩී ඩෙව්ලින් පිළිබදව යි. මෙහි ඇති විශේෂත්වය වන්නේ ඒ බව කොනෝර් විසින් ම පවසා තිබීම යි.

Dee Devlin https://www.thesun.co.uk

“ඇය මා පසුබැසුණු සෑම වෙලාවක ම මා  සමඟ සිටියා. විශේෂයෙන් ම මට කිසිවක් නොමැති කාලයේ දීත් මාව අත් හරින්නේ නැතිව. මාව දිරිමත් කළා. මාව ජිම් එකට ගෙනැවිත් හැරලන තැන ඉඳන්, රැකියාවක් කිරීම දක්වා ඇය මට සහාය දුන්නා. ඇයට හැම වෙලාවේ ම උවමනා වුණේ මගේ හීනය මට දිනාගන්න උදව් කරන්න. ඇත්තට ම ඇය මගේ පෙම්වතිය නෙවෙයි, මගේ ජීවිතය ලබා දුන් තැනැත්තිය.“

සමාජ වෙබ් අඩවි තුළ ඇය පිළිබඳව විශාල කතාබහක් ඇති වූයේ කොනෝර්ගේ ශූරතා ජයග්‍රහණයෙන් පසුව ය.  කොනෝර්ගේ පුහුණුකරු ජෝන් කැවනහ් විසින් ද පුවත්පත් සාකච්ඡාවක දී ඇය පිළිබඳව මෙසේ පවසා තිබුණි.

https://www.thesun.co.uk

“ඇත්තට ම ඇය කොනෝර් වෙනුවෙන් කළ කැප කිරීම විශ්මිත යි. හේතුව, එක කාලයක් තිබුණා කොනෝර්ට විශාල මුදල් හිඟයක් තිබුණා. ඒ තමයි ඔහු ආරම්භ කළ කාලය. එතකොට ඔහු UFC එකට ඇවිත් නැහැ. ගෘහ කටයුතුවල ඉදන් හැම දෙයක් පිළිබඳව බලා කියා ගත්තේ ඇය යි. කොනෝර්ගේ අවධානය තිබුණේ පුහුණුවීම්වලට විතර ම යි“

https://www.thesun.co.uk

කොනෝර් Sunday Independent පුවත්පතට පවසා තිබුණේ ඇය තවදුරටත් රැකියාවක නිරත වන්නේ නැති බවත්, ඒ වෙනුවට ඇය තමාගේ සියලු ම මූල්‍ය කටයුතු පාලනය සිදු කරන බවත් ය. තමා මෙම ක්‍රීඩාවෙහි නිරත වන්නේ තමාගේත් ඇයගේත් අනාගතය සුරක්ෂිත කර ගැනීමට බවත්, එය තහවුරු වූ පසු ජීවිතයේ යම් දිනක ඇය හා ඔහු ලෝකය පුරා ඇවිදිමින්, නිදහසේ වෙරළ තීරයක කාලය ගත කරන බවත්, තම බිරිඳට හා අනාගත දරුවන්ට තමන්ට හැකි උපරිමයෙන් ආදරය සෙනෙහස ලබා දෙන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

කොනෝර්ගේ විවාදාත්මක ප්‍රකාශ

සටන් කිරීමට අමතරව කොනෝර්ගේ වාග් ප්‍රහාර ද අතිප්‍රබල ය. සැබවින් ම ඔහු ඉතා මුඛරි ය. ඇතැම් විට ඔහුගේ ප්‍රකාශ ක්‍රීඩා ලෝකය තුළ අතිශය විවාදාත්මක තත්ත්වයන් නිර්මාණය කරයි.

සටන් ක්‍රීඩාවෙහි නිරත වෙන්නන් / පුහුණුකරුවන් අතර පවත්නා පිළිගත් මතවාදයක් වන්නේ තරගයක් පැවැත්වීමට ආසන්න කාල සීමාවේ දී ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් වැළකී සිටිය යුතු බව යි. එහෙත් මෙම මතවාදය හාස්‍යයට ලක් කරනමින්  කොනෝර් පවසා සිටියේ තරගකයට පෙර හැකි තරම් ලිංගික සම්බන්ධතා පවත්වන ලෙසත්, තමා ද එසේ සිදු කරන බවත් ය. මෙය ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් විය.

http://www.independent.ie

එසේ ම තවත් වරක් ඔහු විසින් සමලිංගික විවාහ සහ ලිංගික සම්බන්ධතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලද්දේ මෙවන් අදහසකි. “සමානාත්මතාව හැමෝට ම හිමි විය යුතු යි. සමලිංගික සම්බන්ධතාවලට අප හැකි තරම් පක්ෂ විය යුතු යි” යනුවෙනි.

පසුවදන

කොනෝර් මැක්ග්‍රෙගර් යනු හුදෙක් සටන්කරුවකු නොවන බවට මේ අනුව ඉතා පැහැදිලි ය. ඔහුගේ ජිවිතයෙන් අපට අගත හැකි දෑ බොහෝ ය. ඔහුගේ සටන් මෙන් ම ජීවිතය ද අතිශය ආකර්ෂණීය ය. එහෙයින් මෙතෙක් ඔබ කොනෝර් ගැන නොදැන සිටියේ අද පටන් ඔහුගේ රසිකයකු වන බවට නොඅනුමාන ය.

Video – The Notorious – කොනෝර් පිළිබඳව තැනූ වාර්තා චිත්‍රපටය

කවරයේ පින්තූරය: youtube.com 1.jpg

මූලාශ්‍ර

  1. www.ufc.com
  2. http://www.irish-boxing.com
  3. http://www.boxingnewsonline.net
  4. www.youtube.com
  5. www.wikipedia.com

Related Articles