Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අඳුරේ හා ආලෝකයේ සිතුවම්කරු – රෙම්බ්‍රාන්ට්

1606 වසරේ ජුලී මස 15 වන දින නෙදර්ලන්තයේ Leiden වල උපත ලැබූ මෙම චිත්‍ර ශිල්පියාගේ සම්පූර්ණ නම Rembrandt Harmenszoonvan Rijn විය. මොහු ලන්දේසි පින්තාරු කරුවෙකු වූ අතර කලාව තම චිත්‍රය තුළින් මනාව පෙන්වීමේ හැකියාව ඔහු සතු විය. මොහු අඳුරේ හා ආලෝකයේ පින්තාරු කරුවෙකු ලෙසද හඳුන්වා ඇත. යම් පුද්ගලයකුව ඔහු සිටිනා මුහුණු ඉරියව්වත් සමඟ පින්තාරු කිරීමේ හැකියාව මොහුට තිබුණි. මොහු චිත්‍ර කලාවේ නියැලුණේ ලන්දේසි ස්වර්ණමය යුගය ලෙස හැඳින්වූ කාලය තුළදී ය. චිත්‍ර කලාවට එවන් සේවයක් කළ රෙම්බ්‍රාන්ට් චිත්‍ර ශිල්පියා පිළිබඳ තොරතුරු ඔබට ගෙන ඒමට මම ලිපිය තුළින් අප බලාපොරොත්තු වේ.

ළමා කාලය

en.wikipedia.org

රෙම්බ්‍රාන්ට් 1612 වසරේ සිට 1616 දක්වා Leiden වල පාසලක තම ප්‍රාථමික අධ්‍යාපන කටයුතු කරගෙන යන ලදි. මෙහිදී ඔහු බයිබලය පිළිබඳ හැදෑරීම සිදු කරන ලදි. පොත්පත් වල සඳහන් වන ආකාරයට මොහුගේ ඉල්ලීම මත මොහුව පාසලෙන් ඉවත් කර ඇත. ඒ පින්තාරුවකු ලෙස තම වැඩිදුර අධ්‍යාපනය කරගෙන යාමටයි. 1620 වසරේ සිට 1625 දක්වා මොහු කලාකරුවකු ලෙස ගුරුවරුන් දෙදෙනෙකු යටතේ පුහුණුව ලබා ඇත.

ඔහුගේ පළමු ගුරුවරයා වූයේ Jacob Van Swanenburgh ය. ඔහු යටතේ රෙම්බ්‍රාන්ට් වසර තුනක කාලයක් පින්තාරුවෙකු ලෙස අධ්‍යාපනය ලැබූ අතර මොහු පින්තාරු කිරීමේ මූලික හැකියාවන් රෙම්බ්‍රාන්ට් හට පුරුදු පුහුණු කරන ලදි. Van Swanenburgh වඩාත් දක්ෂ වූයේ අපාය හා පාතාලය පිළිබඳ දර්ශන චිත්‍රගත කිරීමට යි. මොහු ගිනි දැල් හා ඒ අවට ඇති භාණ්ඩ පින්තාරු කළ ආකාරයේ අභාසය පසු කාලීනව රෙම්බ්‍රාන්ට්ගේ චිත්‍රවලද දක්නට ලැබුණි. මොහුගේ දෙවන ගුරුවරයා වූයේ ඇමස්ටර්ඩෑම්හි pieter lastman ය. මොහු ඉතිහාසයේ සිටි දක්ෂ ගුරුවරයෙකු වූ අතර බයිබලය හා රූපක ආශ්‍රිත දර්ශන පිළිබඳ චිත්‍ර ඇඳීමේ සමතෙක් විය.

Leiden වල  ජීවිතය

en.wikipedia.org

තම අධ්‍යාපනය නිම කිරීමෙන් පසු රෙම්බ්‍රාන්ට් නැවත Leiden බලා පැමිණ ඇති අතර මෙහිදී ඔහු දක්ෂ පින්තාරුවෙකු ලෙස තම කීර්තිය ගොඩනගා ගන්නා ලදි.  1628 වසරේදී ඔහු කළ නිර්මාණ Constantijn Huygens ඇතුළු බොහෝ දෙනාගේ ප්‍රශංසාවට ලක් විය. Huygens රෙම්බ්‍රාන්ට්ගේ නිර්මාණ බොහෝ සේ අගය කිරීම කරන ලද්දේ පියවි පුද්ගලයෙකුගේ දැකිය හැකි ඉරියව් ඒ ආකාරයෙන්ම ඒවා තුළ නිරූපණය කිරීම හේතුවෙනි. වයස අවුරුදු 22 වන විට රෙම්බ්‍රාන්ට් තම මුල්ම ශිෂ්‍යයින් දෙදෙනා බඳවාගෙන ඇත. ඔවුන් Gerard Dou හා Isaac Jouderville විය. Jouderville සිසුවා රෙම්බ්‍රාන්ට්ගෙන් ඉගෙන ගැනීම සඳහා ඔහුට වසරකට ගිල්ඩර (නෙදර්ලන්තයේ මුදල් වර්ගයක්) 100ක් ගෙවා ඇති බව දැක්වේ.

Amsterdam වල ජීවිතය

kulturmafyasi.com

1631 වසරේදී රෙම්බ්‍රාන්ට් Hendrick නමැති ව්‍යාපාරිකයා සමඟ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදි. මෙම ව්‍යාපාරිකයාට ඡායාරූප නිර්මාණය කිරීමේ වෙළඳසැලක් තිබුණු අතර ඒවා වර්ණ ගැන්වීමට රෙම්බ්‍රාන්ට්ට ආරාධනා කරන ලදී. මේ ව්‍යාපාරය නිසා රෙම්බ්‍රාන්ට් Leiden වල  සිට amsterdam වලට සංක්‍රමණය වූයේය. මෙහිදී පින්තූර විශාල ප්‍රමාණයක් පින්තාරු කිරීමේ හැකියාව ඔහුට ලැබුණු අතර අධිකාරී ලත් පිළි රූ කීපයක්ද තවත් අයගේ සහය ඇතිව නිම කරනු ලැබීය. මේ කාලය වන විට amsterdam වල සිටි අනෙකුත් නිර්මාණ කරුවන්ට වඩා ඉදිරියෙන් සිටීමට රෙම්බ්‍රාන්ට්ට හැකි වූයේ ඔහු සතු වූ සුවිශේෂී හැකියාවන් නිසාවෙනි. කෙතරම් ප්‍රශංසා හිමි වුවත් මෙකල රෙම්බ්‍රාන්ට්ට අවමන් සහගත සිදුවීමක්ද සිදු විය. ඒ ලන්දේසි තානාපතිවරයකු, රෙම්බ්‍රාන්ට් විසින් නිම කරන ලද එම තානාපතිවරයාගේ මිතුරෙකුගේ පිළිරුවක් එතරම් සාර්ථක නොවන්නක් ලෙස රෙම්බ්‍රාන්ට්ට අපහාස කිරීම හේතුවෙනි.

චිත්‍රවල තිබූ විශේෂතා

මොහු තමා චිත්‍රයට නැගූ පුද්ගලයාගේ දේහ ලක්ෂණ හා හැඟීම් එලෙසම කැන්වස් රෙද්ද මත නිරූපණය කළේය. ඒවා කෙතරම් තාත්විකද කිවහොත් එම රූප සැබෑ මිනිසුන් ලෙස දර්ශනය විය.  ඇතැම් විට එම පින්තූර දෙස බලා සිටින විට එලෙස බලා සිටින්නාට පින්තූරයේ සිටින පුද්ගලයා තමා දෙස බලා සිටිනවා යන හැඟීම ඇති වේ.

ප්‍රසිද්ධ චිත්‍ර කිහිපයක්

en.wikipedia.org (the night watch picture)

රෙම්බ්‍රාන්ට්ගේ චිත්‍ර අතරින් වඩාත්ම ප්‍රසිද්ධ වූයේ “The night watch” නමැති චිත්‍රයයි. මෙය අඩි 10ක් දිග අඩි 12ක් පමණ උස චිත්‍රයකි. මෙම චිත්‍රයේ දක්වා ඇත්තේ Banning Cocq කපිතාන්වරයා හා ඔහුගේ හමුදා සෙබළුන් 17 දෙනායි. මෙකල සාමාන්‍ය කලාකරුවන් අතින් නිම වූ සමූහ ඡායාරූප වල සියලුම පුද්ගලයින් එකම උසින් යුතු වූ අතර එක සමාන ලෙස පෝලිම් ගත වී සිටින ආකාරය නිරූපණය විය. රෙම්බ්‍රාන්ට්ට මෙම ක්‍රමය එතරම් සාර්ථක නොවීය. ඒ නිසා ඔහු තමාගේ The Night Watch සිතුවමේ සෑම මිනිසෙකුම තමාට ආවේණික වූ විවිධ ක්‍රියාවල නිරත වෙමින් සිටින ආකාරය නිරූපණය කර තිබේ.

සාමාන්‍ය චිත්‍රවලට අමතරව රෙම්බ්‍රාන්ට් වැඩි ප්‍රමාණයක් අඳින ලද්දේ බයිබලයේ දර්ශනයන් හා භූ දර්ශනයන් ය. ඔහු අතින් නිමැවුණු බයිබලයේ දර්ශන අතර The Raising of Lazarus, The Return of the Prodigal Son, The Visitation ආදිය ඇතුළත් වේ. ඔහු පින්තාරු කළ භූ දර්ශන කීපයක් ලෙස ශීත භූ දර්ශනයක්, කුණාටු අවස්ථාවකදී පාලමක්, කුණාටු සහිත කාලගුණ තත්වයක් ආදිය දැක්විය හැක.

පුද්ගලික ජීවිතය

රෙම්බ්‍රාන්ට්ගේ භාර්යාව වූයේ Saskia Van ය. මැයගේ පවුල ඉතා ධනවත් වූ නිසා මැය විවාහ කර ගැනීමෙන් පසු රෙම්බ්‍රාන්ට්ගේ අදායම් තත්වය ඉහළ ගියේය. නමුත් මොහුගේ පවුල් ජීවිතය කරදර රාශියක් මැද ගලා යන්නක් විය. ඔවුන්ගේ දරුවන් හතර දෙනාගෙන් තුන් දෙනෙකුම කුඩා අවධියේ දී මිය ගොස් තිබේ. රෙම්බ්‍රාන්ට්ගේ බිරිඳ වන Saskia විවාහ වී වසර 10 කට පසු මිය ගියාය. මීට වසර කීපයකට පසු රෙම්බ්‍රාන්ට් Hendrickje නමැති කාන්තාව සමඟ ඇසුරක් ඇරඹු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට දුවකු ලැබුණි.

කවරයේ පින්තුරය – metmuseum.org

Related Articles