Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගී ලොව කැලඹූ කැරලි කොණ්ඩකාරිය – ශකීරා

ලොව පුරා රටවලින් විවිධාකාර වූ ගායන ශිල්පීන්, ශිල්පිනියන් කාලෙන් කාලයට නිර්මාණය වෙනවා. නමුත් ඒ හැමදෙනාටම අන්තර්ජාතික තලයේ ජනප්‍රිය නිර්මාණකරුවෙක් වෙන එක එතරම් ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. මේ කියන්න යන්නේ අන්න එහෙම අනතර්ජාතික තලය ජයගත් ශකීරා ගැන යි.

දෙරටකට දාව ඉපදුණු ශකීරා

1977 පෙබරවාරි 22 වෙනි දා ශකීරා ඉසබෙල් මෙබැරක් රිපොල් උපත ලබනවා. ඒ කොලොම්බියාවේ බැරන්කීලාහි දී යි. ශකීරාගේ පියා වූ විලියම් මෙබැරක් ලෙබනන් සම්භවයක් ඇති පුද්ගලයෙකු වුණා. නමුත් නිඩියා මෙබැරක් රිපොල්  වූ ඇයගේ මව නම් උපතින්ම කොලොබියානුවෙක්. මේ හේතුව නිසාම ඇයගේ සංගීතය එම සංස්කෘතීන් දෙකෙන්ම පෝෂණය වුණා.

ශකීරා එතරම් පොහොසත් පවුලක උපත ලැබුවේ නෑ. ඇගේ පියාගේ පෙර විවාහයේ දරු දැරියන් කිහිපදෙනෙකු ද ඔවුන් සමග ජීවත්වුණා. ඇය කුඩාකල විශාල වශයෙන් ඉංග්‍රීසි රොක් & රෝල් ගීත ඇසීමට පුරුදුව සිටි බව කියවෙනවා. එක්තරා සම්මුඛ සාකච්ඡාවක දී ඇය ඇගේ ප්‍රියතම සංගීත කණ්ඩායම් ලෙස Led Zeppelin, the Beatles, the Police, the Cure, සහ  Nirvana යන කණ්ඩායම් නම්කර තිබුණා. කුඩා කාලයේ ඇයගේ ගීත වලින් හා නැටුම් වලින් පාසලේ මිතුරු මිතුරියන් පිනවූ නිසා “බැලේ නැටුම්කාරිය” යන නම් ඇයට පටබැඳුනා.

කුඩා ශකීරා (www.shakiragallery.com)

අවුරුදු 8 දී ලියූ ප්‍රථම ගීතය

ශකීරා තම ප්‍රථම ගීතය ලියන විට ඇයට යාන්තම් අවුරුදු 8ක් පමණයි. වයස අවුරුදු 11ක් පමණ වනවිට ඇය ගීටාර් පුහුණුවීම ද ආරම්භ කර තිබෙනවා. නමුත් ඇගේ ගී ගායනා විලාශය නිසා නිසා ඇයව පාසලේ ගීත කණ්ඩායමෙන් ඉවත් කර තිබුණා. ඇය තම පළමු ගීතය 1990 දී, වයස 13ක්ව සිටියදී පටිගත කරනවා. නිරූපණ ශිල්පිනියක් වීමේ අටියෙන් බොගෝටාවට යන ඇය එහි දී සෝනි කොලොම්බියා සමග අත්සන් කරන ලද ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස 1991 දී ඇයගේ ප්‍රථම ගීත ඇල්බමය ලෙස ‘Magia’ නිකුත්වෙනවා. එයට ඇය විසින් ලියන ලද ප්‍රථම ගීතය ද ඇතුලත් වෙනවා. ඒම ඇල්බමය වාණිජමය වශයෙන් එතරම් සාර්ථක එකක් නොවුණත්, ඇයව සිය රටේ දී ප්‍රසිද්ධ කිරීමට ඉවහල් වෙනවා.

ශකීරා තමන්ගේ දෙවන ඇල්බමය ‘Peligro’ 1993 වසරේ දී නිකුත් කරනවා. කලින් ඇල්බමයට වඩා ජනප්‍රිය වුණත්, එයත් වාණිජමය වශයෙන් අසාර්ථක නිර්මාණයක්. එම ඇල්බමය නිකුත්කිරීමෙන් පසුව ඇය තරමක් නිහඬ වී, තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කාලය වැය කරනවා.

photoonweb.com

අසාර්ථක වූ ඇල්බම් දෙකකට පසු

ශකීරා නැවත පටිගතකිරීම් සඳහා සහභාගී වන්නේ 1995 වසරේ දී යි. නමුත් එවර ඇය කල්පනාකාරීව රොක් & රෝල් ශෛයිලියේ ගීත සඳහා වැඩි නැඹුරුතාවක් දක්වා තිබුණා. එමෙන්ම ලතින් පොප් සංගීතය හා ආරාබි සංගීත ඛණ්ඩයන් ද ඇය අත්හදාබලා තිබුණා. අවසානයේ 1995 ඔක්තෝබර් 6 වෙනි දා ඇය සෝනි ලේබලය යටතේ “Pies Descalzos” ඇල්බමය එළිදැක්වූවා. විනාඩි 41.06ක කාලයක් පුරා දිවයන එයට ඇගේ ගීත 6ක් ඇතුලත් වුණා. Estoy Aqui නම් ගීතය නිසා එය ලතින් ඇමරිකානු රටවල හා ස්පාඤ්ඤයේ ඉතාමත් ජනප්‍රිය ඇල්බමයක් බවට පත්වුණා. එම ඇල්බමය ප්‍රචාරණය වෙනුවෙන් “Tour Pies Descalzos” නම් සංචාරය ද ඇය විසින් කරනු ලැබුවා. 2008 වසර වන විට එම ඇල්බමයේ පිටපත් මිලියන 5ක් විකිණී තිබුණා.

ගීත ලොව කැලඹූ ශකීරා  

ශකීරා ගී ලොව තරුවක් බවට පත්වුණේ ඉන්පසුව යි. ඇගේ ‘Donde Estan los Ladrones?’ ඇල්බමයේ පිටපත් මිලියන 7ක් ලොවපුරා අලෙවි වූ අතර, එය එක්සත් ජනපදය තුළ වැඩිම පිටපත් සංඛ්‍යාවක් අලෙවි වූ ස්පාඤ්ඤ ගීත ඇල්බම් අතර ප්‍රමුඛ තැනක රැඳෙනවා. ලතින් පොප් ගීත රැසකින් එය වර්ණවත් වුණා.

2001 වසරේ දී ඇය තම පළමු ඉංග්‍රීසි ගීත ඇල්බමය එළි දැක්වුවා. ඒ ‘Laundry Service’. එහි තිබූ  ‘Whenever, Wherever’ ගීතය ඇමරිකානු ගීත දර්ශක වල ප්‍රමුඛ තැනක රැඳුනා. මේ වනවිට එහි අලෙවි වී ඇති පිටපත් ගණන මිලියන 20කට ආසන්නයි.

‘Fijacion Oral’ ඇල්බමයේ පළමු කොටස 2005 ජූනි 5 වෙනි දා එළිදැක්වුණා. 2017 මැයි මාසය වන විට ලොව පුරා අලෙවි වූ එහි පිටපත් ගණන මිලියන 5ක්. එම වසරේම නොවැම්බර් මාසයේ එහි දෙවන කොටස නිකුත්කරනු ලැබුවා. එය ඇයගේ 7 වන ඇල්බමය වූ අතර ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කළ දෙවැන්න යි. ඇය “Oral Fixation Tour” සංචාරය හරහා එම ඇල්බමය ජනතාව අතරට රැගෙන ගිය අතර, එක්සත් ජනපදයේ 2007 වන විට එහි පිටපත් මිලියන 1.7ක් අලෙවි වී තිබුණා.

‘Hips Don’s Lie’ ගීතය සැළකෙන්නේ 21 සියවසේ වැඩියෙන්ම අලෙවි වූ ගීතය ලෙස යි. රටවල් 55ක ගීත දර්ශක වල පළමු තැන ලබාගත් එම ගීතය යූටියුබ් නැරඹුම් වාර මිලියන 528 කට අධික ප්‍රමාණයක් වාර්තා කර තිබෙනවා.

ඉන්පසුව ඇය විසින් නිර්මාණය කළ ‘She Wolf’ ගීතය මේ වන විට යූටියුබ් වෙබ් අඩවියේ නැරඹුම් වාර මිලියන 254කට ආසන්න වී තිබෙනවා.

thinkpink.net

ශකීරාව තවත් වෙනස් කළ ‘Waka Waka’

ලොව ජනගහනයෙන් 1/4කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට මෙම ගීතය යූ ටියුබ් ඔස්සේ නරඹා තිබෙනවා. 2010 දකුණු අප්‍රිකාවේ පැවති පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය වූ මෙම ගීතයේ රචනය, සංගීත නිර්මාණය, හා නිෂ්පාදනය ද ඇය විසින් කර තිබූ අතර ජෝන් හිල් ඇයට සහාය වී තිබුණා. ශකීරාට ඇයගේ ස්වාමි පුරුෂයා වූ ජෙරාඩ් පික්ව මුණගැසෙන්නෙත් මේ ගීය නිර්මාණය කරන අතරතුරේ දී යි. 2009 වසරේ සිට ස්පාඤ්ඤ ජාතික පාපන්දු කණ්ඩාම නියෝජනය කරන ඔහු බාසිලෝනා ක්‍රීඩා සමාජයේ ද ක්‍රීඩකයෙකු වෙනවා. ශකීරා දැනට දෙදරු මවක්.

ශකීරගේ පවුල ( www.billboard.com)

ළමුන් වෙනුවෙන් කැපවෙන ශකිරා

justjared.com

ලොව පුරා සිටින දුප්පත් කුඩා දරුවන් වෙනුවෙන් ඇය තම ධනයෙන් විශාල කොටසක් වෙන්කරනවා. 2011 වසරේ ඇමරිකානු ජනපතිව සිටි බරක් ඔබාමා ද ඇයව ඔහුගේ උපදේශකයෙකු ලෙස පත්කර ගනු ලැබුවා. “The Pies Descalzos Foundation” ඇය ආරම්භ කරනු ලැබුවේ ඇයට වයස අවුරුදු 18ක් වන විට යි. ඇයගේ බෙයාර් ෆුට් පදනම මඟින් කොලොබියාවේ පාසල් 5ක දරුවන් 4000කට අධ්‍යාපනය හා ආහාර ලබා දෙනවා.

කවරය – www.billboard.com

මූලාශ්‍රයයන්:

www.shakira.com

www.allmusic.com

www.thefamouspeople.com

www.biography.com

starsunfolded.com

Related Articles