Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුල්වරට ගුවන් යානයක් පියාසර කරවූ රයිට් සහෝදරයෝ

නූතන ප්‍රවාහන මාධ්‍ය අතරින් වඩාත් පහසු ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ගුවන් ප්‍රවාහනය දැක්විය හැක. අතීතයේ රටකින් රටකට ගමන් කිරීම සිදු වූයේ ගොඩබිම හරහා හෝ නැව් මඟින්ය. මේ සඳහා විශාල කාලයක් වැය කිරීමට සිදු විය. නමුත් ගුවනින් පියාසර කිරීම ආරම්භ වීමත් සමඟ රට රටවල් අතර පැවති ගමනාගමනයන් වර්ධනය විය. මීට හේතුව වුයේ කෙටි කලක් තුළ ගමන අවසාන කළ හැකි වීමයි. රට රටවල් අතර පමණක් නොව, ඉන්දියාව, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වැනි විශාල රටවල ප්‍රාන්ත අතර ගමන් කිරීමටද මෙම ගුවන් සේවය යොදා ගන්නේ කාලය හා ශ්‍රමය වැය වීම අඩුවෙන් සිදු වන නිසයි. මෙලෙස ගමනාගමනය පහසු කිරීමට උපකාරී වන ගුවන් යානය නිපදවීමේ ගෞරවය හිමි වන රයිට් සහෝදරයින් පිලිබඳවයි  මෙම  ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ.

කුඩා කාලය

archive.4plebs.org

1867 වසරේ අප්‍රේල් මස 16 වන දින උපත ලද විල්බට් රයිට්, ඔලිවර් රයිට්ගේ වැඩිමල් සහෝදරයා විය. ඔලිවර් රයිට් උපත ලැබුවේ 1871 වසරේ අගෝස්තු 19 වන දිනයි. ඔවුන්ගේ පවුලේ දරුවන් 5 දෙනෙකු සිටි අතර පියා වූ මිල්ටන් රයිට් පල්ලියක බිෂොප් වරයෙක් ලෙස සේවය කරන ලදි. මව වූයේ සුසාන් රයිට් ය.

ඔලිවර් රයිට් ඉතා දඟකාර ළමයෙකු වූ අතර සෑම දෙයකම විස්තර දැන ගැනීමට ඔහුට කුතුහලයක් පැවතුණි. මේ නිසාම ඔහුගේ දෙමාපියන් ඔහුගේ බුද්ධිය වර්ධනය කිරීමේ උත්සහයක යෙදුනි. 1878 වසරේදී මොවුන්ගේ පියා ඔවුන්ට සෙල්ලම් කිරීමට කුඩා සෙල්ලම් හෙලිකොප්ටරයක් ගෙනවිත් දී ඇත. එය කිරල ඇබ, උණ පතුරු හා කඩදාසි වලින් නිර්මාණය කරන ලද්දකි. ඔලිවර් හා ඔහුගේ සහෝදරයා මේ සෙල්ලම් බඩුවට බොහෝ කැමති විය. ඔවුනට ගුවන් යානය නිපදවීමේ අදහස පහළ වීමට මෙම සෙල්ලම් බඩුවද හේතුවක් විය. පාසල් කාලයේ ඔලිවර් ඉතා දක්ෂ සිසුවෙකු නොවීය. ඔහු පන්ති කාමරය ඇතුලත ක්‍රියාකාරකම් වලට වඩා කැමැත්තක් දැක්වූයේ පන්ති කාමරයෙන් පිටත සිදු කරන ක්‍රියාකාරකම් වලටයි. ඔලිවර් ඉහළ පන්තිවල අධ්‍යාපනය නොලබා පසු කලෙක පාසල් යෑම නවතා දමන ලදී.

brewminate.com

විල්බට් රයිට් ඉගෙනීමට උනන්දුවක් දැක්වූ දක්ෂ සිසුවෙක් විය. ඔහු සැලසුම් කරන ලද්දේ තමාගේ උසස් අධ්‍යාපනය සඳහා Yale විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමටයි. නමුත් 1885 – 1886 කාලයේදී ඔහු අයිස් හොකී තරඟාවලියක් අතරතුර හොකී පිත්තක් මුහුණේ වැදී දරුණු ලෙස තුවාල වීමට ලක් විය. මේ නිසා මානසිකව ඇද වැටුණු ඔහු තමාගේ උසස් අධ්‍යාපනයට යොමු වුයේ නැත. 1889 වසරේ විල්බට් හා ඔලිවර් දෙදෙනා පුවත්පතක් ආරම්භ කල අතර එහි කතෘ වුයේ විල්බට්ය. 1892 වසරේදී මොවුන් දෙදෙනා බයිසිකල් අලෙවි සැලක්ද ආරම්භ කරන ලදී.  

ගුවන් යානය නිෂ්පාදනය

wikimedia.org

මොවුන් ගුවන්යානය තැනීම පිලිබඳ අදහස පහළ කරගන්නා විට ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය වී තිබුණි. මොවුන් දෙදෙනා ආරම්භ කළ බයික් අලෙවි සැලේ ඔවුන් නිර්මාණය කළ බයික් මෝස්තර පවා පැවති නිසා වාහන අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය පිලිබඳ ඔවුනට හොඳ දැනුමක් ලැබුණි. පරීක්ෂණ පැවැත් වූ දත්ත ගොණුවක් ඔවුන් සතු විය. මේ කාලයේ අභ්‍යන්තර දහන එන්ජිමද නිපදවූ බැවින් ගුවන් යානය නිර්මාණයට අවශ්‍ය සියලු සම්පත් තිබුණි.

රයිට් සහෝදරයින් ඔවුන් සතුව තිබූ සියලු උපාංග හා දැනුම එක් කොට ඔවුන්ටම ආවේණික විවිධ සැහැල්ලු ගුවන්යානා අනුරූප, එන්ජින් ආදිය නිර්මාණය කරන ලදි. ඔවුන් ළඟ ඇති දත්ත හා පරීක්ෂණ තොරතුරු ප්‍රමාණවත් නොවන බව හෝ වැරදි බව හැඟී ගිය විට තවත් අලුත් පරීක්ෂණ කිරීමට ඔවුන් පෙළඹුණි. රයිට් සහෝදරයන්ට අනුව මීට පෙර විවධ පුද්ගලයින් ගුවන් යානා තැනීමට ගන්නා ලද උත්සාහයන් අසාර්ථක වූයේ ඒවා ගෙන යාමට නියමුවන් අවශ්‍ය වූ නිසාවෙනි. එම නිසා ඔවුන් ගුවන් යානය පියාසර කරවීම එහි තටු ආධාරයෙන් සිදු කිරීමට තීරණය කරන ලදී.

Kitty Hawk ප්‍රදේශයට ගිය මුල්ම සංචාරය

wright-brothers.org

ඒ අනුව මොවූන් තටු දෙකේ සැහැල්ලු ගුවන් යානා ආකෘති නිපදවා ඒවා පියාසර කරවීමේ උත්සහයක යෙදුනි. ඇමරිකානු කාලගුණ විද්‍යා කාර්යාංශයෙන් අවසර ලබාගැනීමෙන් පසු ඔවුන් උතුරු කැරොලිනාවේ Kitty නමැති ප්‍රදේශය ඔවුන්ගේ ගුවන්යානය පියාසර කරවීමට තෝරා ගන්නා ලදී. 1900 වසරේදී ඔවුන් එහි කඳවුරක් පිහිටුවන ලදී. ඔවුන් නිපදවූ පළමු ගුවන්යානා ආකෘතිය අසාර්ථක විය. ඊට හේතු වුයේ එය ඉහළට එසවීමේ තාක්‍ෂණය නිසි ලෙස භාවිතා නොකර තිබීමයි.

Dayton වලට නැවත පැමිණි ඔවුන් සුළන් උමඟක් (Wind tunnel)  නිර්මාණය කරන ලදී. මේ තුල ඔවුන් ගුවන් යානා ආකෘති 200ක් පමණ පරීක්ෂණය කරන ලද්දේ වඩාත් හොඳම ආකෘතිය තෝරා ගැනීමටයි. මේ පරීක්ෂණ සියල්ලම ඔවුන්ගේ දත්ත ගොනු වල සටහන් විය.

ගුවනේ පියාසර කිරීම

nafinet.org

1903 දෙසැම්බර් මස 17 වන දින රයිට් සහෝදරයින් පළමු ඉතිහාසගත ගුවන් සංචාරය සිදු කරන ලදි. මෙහි ගුවන් නියමුවා ලෙස කටයුතු කළේ ඔලිවර් රයිට්ය. විල්බට් ගමන් කළේ පියාපත් කෙළවරයි. රයිට් සහෝදරයින් දෙදෙනා තම යානය අත්හදා බැලීමේදී පළමුවෙන් යානයේ නියමුවා වන පුද්ගලයා තෝරා ගන්නා ලද්දේ කාසියක් උඩ දැමීමෙනි. කාසිය උඩ දමා දිනුම ලබාගත්තේ විල්බට් රයිට් වුවත් ඔහු යානය පියාසර කරවීමට අසමත් විය. මේ හේතුවෙන් දින තුනකට පසු ඔලිවර් යානයේ නියමුවා වී එය සාර්ථකව පැදවූ නිසා යානය පියාසර කරවිමේ නියමුවා ලෙස ඔහු හඳුන්වයි.

ඔවුන්ගේ පළමු සාර්ථක ගුවන් සවාරියේදී එම යානය තත්පර 12ක් තුල අඩි 120ක් ඉහළට එසවෙන ලදී. එහි වේගය පැයට සැතපුම් 6.8 ක් විය. රයිට් සහෝදරයින්ගේ පළමු ගුවන් සංචාරය පුද්ගලයින් 5 දෙනෙකු දැක ඇත. මේ අතර පළමු ගුවන්යානා සංචාරය ඡායාරූපයකට ලබා ගත් ජෝන් ඩැනියල් ද සිටි. ඉදිරි වසර කීපය තුළ ඔවුන් ගුවන් යානය වැඩි දියුණු කිරීමේ කටයුතු වල නිරත විය. මුල් කාලයේ ඔවුන් තම සොයා ගැනීම පිලිබඳ අන් අයට හෙළිදරව් කිරීමට අකමැති වුවත් පසු කලෙකදී ඔවුන් කළ වීවෘත්ත පියාසර කිරීම් නිසා එය ඇමරිකාව තුළ තව දුරටත් රහසක් ලෙස නොපැවතුනි.

කවරයේ පින්තුරය – https://timemilitary.files.wordpress.com

Related Articles