Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

17 වරක් සාම නොබෙල් ත්‍යාගයට යෝජනා වූ ජනපති – ටොමෑස් මසරික්

ලෝකය පුරා ඇති රටවල ජනතා ඡන්දයෙන් පත් වූ සෑම ජනපති කෙනෙකුටම ඔවුනට ආවේණික වූ ලක්ෂණ පවතී. ටොමෑස් මසරික් යනු නිදහස් චෙකොස්ලෝවැකියාවේ රාජ්‍ය නායකයා බවට පත් වූ පළමු පුද්ගලයායි. මොහුගේ සම්පූර්ණ නම Tomas Garrigue Masaryk වේ. ඇතැමුන් මොහු චෙකොස්ලාවැකියාවේ පියා ලෙස හඳුන්වයි. දාර්ශනිකයෙක්, සමාජ විද්‍යාඥයෙක්, මානව වාදියෙක් ද වන හෙතෙම අවුරුදු 17ක කාලයක් එරට ජනාධිපති ධූරය හෙබවූයේය. ටොමෑස් මසරික් 17 වරක්ම සාම නොබෙල් ත්‍යාගය සඳහා නම් කරනු ලැබුවත් එක් වරක්වත් එම සම්මානයෙන් පිදුම් ලබා නොමැත. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ ටොමෑස් මසරික් පිළිබඳ කරුණු ඔබට ගෙන ඒමටයි.

ළමා කාලය හා මුල්කාලීන ජීවිතය

radio.cz

1850 වසරේ මාර්තු මස 07 වන දින උපත ලැබූ මසරික්ගේ පියා ස්ලෝවැකියාවේ පුහුණු කරුවෙකු ලෙස කටයුතු කළේය. කුඩා කල සිටම මැසරික්ව පුහුණු කරන ලද්දේ ගුරුවරයෙකු වීමට යි. නමුත් ඔහු කම්මල් කරුවෙකු  යටතේ තම පුහුණු වීම් සිදු කරන ලදි. පසුව තම ගමේ පිහිටි පාසල් කීපයකින් අධ්‍යාපනය ලැබූ මොහු තම ද්විතියික අධ්‍යාපනය හදාරන ලද්දේ වියානා වලයි. දර්ශනය පිළිබඳ ආචාර්ය පදවියද ලබා ගත්තේ මෙහිදී ය. පසුව Leipzing වල වසරක් ගත කළ මොහු ඇමරිකාවේ විනෝද චාරිකාවක පවා නිරත විය.

නැවත vianna වලට පැමිණ කථිකාචාර්ය වරයෙකු බවට පත් වූ අතර Vianna හා Leipzing වල ගත කළ  කාලයේදී විප්ලවවාදී අදහස් මොහුගේ මනසේ වර්ධනය විය. වියානාවේදී මොහුට ප්ලේටෝගේ ආභාසය ලැබුණි. Leipzing වලදී මොහු රෙපරමාදු ආගම වැළඳගන්නා ගත්තේය. මසරික්ට තම බිරිඳ හමු වී ඇත්තේද  Leipzing වලදීය. නැවත Vianna වට පැමිණීමෙන් පසු මොහුට මහාචාර්ය පදවිය ලැබුණි.

දාර්ශනික හා ලේඛන ජීවිතය

pinterest.com

1880 හා 1890 අතර කාලයේ මසරික් දක්ෂ ලේඛකයෙකු ලෙස කටයුතු කළේය. දිවි නසා ගැනීම පිළිබඳ විශ්ලේෂණාත්මකව සඳහන් කර ඇති ඔහුගේ පොත පොදු ජනතාව අතට පත් වූයේ 1881 වසරේදී ය. රුසියාවේ යම් කාලයක් ගත කිරීමෙන් පසු 1887 හා 1888 වසර වලදී රුසියාවේ ඛේදජනක ජීවිතය පිළිබඳව හා ශාස්ත්‍රීය පල්ලිවල හිඟකම පිළිබඳ විස්තර කරන ලදි. මේ සඳහා ඔහු උදාහරණ රාශියක්ද දක්වා ඇත. මොහු පැරගුවේ ඉගැන්වීම කටයුතු සිදු කරමින් සිටින කාලයේ දී Athenaeum නම් සඟරාව සංස්ථාපනය කළ අතර මේ කාලය තුළදී මුද්‍රණය කළ තවත් පොතක් ලෙස “ our present crisis” දැක්විය හැක.

දාර්ශනිකයෙකු ලෙස මසරික්ව හඳුනා ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 32ක් පමණි. මොහුගේ දර්ශනයට පදනම් වූ දාර්ශනිකයා වන්නේ ප්ලේටෝය. ඔහුගේ මූලික පරමාර්ථය වූයේ “යථාර්ථවාදය හරහා සත්‍ය සෙවීම” යි. මොහු ජෝන් ලොක් හා ඩේවිඩ් හියුම් වැනි බටහිර චින්තකයන් ආකාරයට තම සිතුම් පැතුම් වර්ධනය කර ගත්තේය. දර්ශනය පිළිබඳ රචනා ගණනාවක් පල කළ මොහු චෙස් රාජ්‍යයේ ඉතිහාසමය සංස්කෘතිය පිළිබඳ උනන්දුවක් දැක්වූයේය. මොහු පල කරන ලද “The czech question” නමැති රචනා මාලාවේ මානුෂීය අදහස් බොහොමයක් අන්තර්ගත වී ඇත. දේශපාලන ගැටලු සඳහා පිළියම් සෙවීමට මොහු භාවිතා කරන ලද්දේ නිදහස් හා යථාර්ථවාදී ප්‍රතිපත්තියකි.

විප්ලවවාදී චින්තනයේ ආරම්භය

europecentenary.eu

1914 වසර පමණ වන විට ටොමෑස් මසරික්ගේ චින්තනය වෙනස් වෙමින් පැවතුණි. පසුව 1915 දී ලන්ඩන් වල, 1916 වසරේදී පැරිස් නගරයේ, 1917 දී Petersburg වල පැවති විවිධ විප්ලවයන් සඳහා මසරික් දායකත්වය සැපයුවේය. මේ සියලුම අවස්ථා වලදී මසරික් ඔස්ට්‍රෝ හංගේරියානු රාජ්‍ය පාලනය අවසන් කිරීම සඳහා එම විප්ලව වලට සහභාගී වූ සියලුම තැනැත්තන් කැමති කරවා ගන්නා ලදි.

චෙස් හා ස්ලෝවැකියා රාජ්‍ය නිදහස වෙනුවෙන් කටයුතු කිරීම

1915 වසරේ මුල් කාලයේදී මසරික් බටහිර යුරෝපය සමඟ සම්බන්ධතා ඇති කර ගත් අතර එහිදී ඔහුව හඳුනාගනු ලැබුවේ චෙස් නිදහස් සටනේ නියෝජිතයෙකු ලෙසයි. මෙහිදී ඔහු ඔස්ට්‍රියාව, හංගේරියාව හා ජර්මනියට විරුද්ධව ප්‍රබල ව්‍යාපාරයක් ගෙන ගියේය. මසරික්ගේ බ්‍රිතාන්‍ය හා ප්‍රංශ මිතුරන් එක්සත් නායකයින් සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමට මොහුට උපකාර කර ඇත. මෙම නායකයින්ට මොහු චෙස් රාජ්‍යයේ අරමුණු පැහැදිලි කරන ලද්දේ තම ව්‍යාපාරයට ඔවුන්ගේ උපකාර ලබා ගැනීමේ අරමුණෙනි. ඔහු ඉදිරිපත් කළ අරමුණු අතර Bohemia වේ නිදහස ප්‍රතිසංස්ථාපනය කිරීම, චෙස්- ස්ලෝවැකියා එකමුතුව නිර්මාණය කිරීම, වාර්ගික ප්‍රතිපත්ති අනුව Austria – hungary රටවල් කොටස් වලට වෙන් කිරීම ආදිය පැවතුණි.

livingprague.com

රුසියාව පාලනය කළ ඒකාධිපති පාලනය අවසන් වීමත් සමඟ මසරික් ඔහුගේ කාර්යයන් රුසියාවට පවරා දුන්නේය. මෙලෙස කිරීමට හේතුව වූයේ චෙකොස්ලෝවැකියාව සඳහා අවශ්‍ය හමුදා බට පිරිස් නිර්මාණය කිරීමට යි. Bolshevik විප්ලවයෙන් පසු මසරික් චෙස් හා ස්ලෝවැකියා වල නිදහස ලබා ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ සහය පැතුවේය. මෙහිදී ඔහු ඉදිරිපත් කළ චෙකොස්ලාවැකියාවේ නිදහස පිළිබඳ කොන්දේසි සියල්ල වුඩ්රෝ විල්සන් ජනපති හඳුනා ගත්තේය. මෙහි දේශ සීමා ලකුණු කරන ලද්දේ මසරික්ගේ මායිම් වලට අනුවයි. මසරික් පොරොන්දු වූ ආකාරයටම යටත් විජිත තත්වයෙන් නිදහස් වූ චෙකොස්ලාවැකියාවේ ජීවත් වූ ජර්මන් හා හංගේරියානු සුළු ජාතිකයින්ගේ අයිතිවාසිකම් වලට ගරු කරන ලදි. 1918 වසරේ නොවැම්බර් මස 14 වන දින මුල් වරට ජනපති ලෙස තේරී පත් වූ මසරික් නැවත 1920, 1927 හා 1934 වසරේදීද තේරී පත් වූයේය. මොහු ජනපති බවට පත් වූ පසු දිගින් දිගටම චෙස් හා ස්ලෝවැකියා අතර ඇති වූ ගැටුම් සමථයට පත් කරමින් සුළු ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට කැපවීමෙන් කටයුතු කළේය.

මරණය

1935 වසරේ දෙසැම්බර් මසදී තම ධුරයෙන් ඉල්ලා අස් වූ මොහු ඊට වසර දෙකකට පමණ පසු මරණයට පත් විය.

කවරයේ පින්තුරය – pinterest.com

Related Articles