Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පරමාණු බෝම්බ දෙකකට හසුවී නොමරුණු මිනිසා – සුතෝමු යමගුචි

දෙවන ලෝක යුද්ධය අවසාන කරමින් ජපානය ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර හමුදාවන්ට යටත් වන්නේ හිරෝෂිමා හා නාගසාකි නගරයන්ට ඇමරිකානු ගුවන් හමුදා විසින් එල්ල කරන ලද, ඉතිහාසයේ මිනිසුන් විසින් මිනිසුන්ට එල්ල කල ප්‍රබලතම ප්‍රහාරය වන න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුවයි.

අද ලිපිය ලියවෙන්නේ එවැනි ප්‍රබල විනාශයක් ඇතිකළ පරමාණු බෝම්බ ප්‍රහාරය පිලිබඳව නම් නොවේ. එම ප්‍රහාර දෙකටම මුහුණ දී ප්‍රහාර දෙක හමුවේම දිවි ගලවාගත් පුද්ගලයෙක් පිළිබඳවයි.

හිරෝෂිමාවට පතිත වූ කුඩා කොල්ලා – ” Little Boy “

 

Little Boy (Wikipedia)

1945 ජූලි 26 වන දින ඇමරිකාව හා චීනය විසින් ජපානයට යටත් වෙන ලෙස නියෝග නිකුත් කළත් ජපානය විසින් එයට යහපත් ප්‍රතිචාර දක්වන්නේ නෑ. ඒ හේතුවෙන් ජපානයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට ඇමරිකානු ජනාධිපති Harry S. Truman  හොර රහසේ නියෝග නිකුත් කරනවා.  අගෝස්තු 06 වන දින අළුයම 2.45ට තවත් යානා 05 ක් පෙරටු කරගත් Enola Gay යානය ප්‍රහාරය සඳහා ටිනියන් දිවයිනෙන් පිටත් වෙනවා.

යුරේනියම් වලින් නිෂ්පාදිත බෝම්බයක් මිට පෙර අත්හදා නොතිබූ අතර ලෝක ඉතිහාසයේම පළමු අවස්ථාව මෙය වුණා. අගෝස්තු 6 වනදා උදෑසන 8.15ට හිරෝෂිමාවට ඉහළ අහසේ සිට ගුවන් යානයෙන් අතහරින ලද ටොන් හතරහමාරක් බරැති බෝම්බය තත්පර 43ක පියාසර කාලයකින් අනතුරුව පොලවවේ සිට අඩි 1900ක් ඉහළ අහසේදී පුපුරා යනවා. අධික ආලෝකයෙන් යුක්ත වූ පුපුරා යාමත් සමඟ ඇති වූ අධික උෂ්ණත්වය හේතුවෙන් එයට හසු වූ මිනිසුන් ද්‍රව වී වාෂ්ප වී ගිය බව සදහන් වෙනවා. තවද බෝම්බය වැටීමෙන් සැතපුම් දෙකක දුර ප්‍රමාණයක් සම්පුර්ණයෙන්ම අළු දූවිලි බවට පත්වෙනවා. ඒ හේතුවෙන් දළ වශයෙන් මරණයට හා තුවාල ලැබූ පුද්ගලයන් ගණන 160000ක් ලෙස එදින වාර්තා වෙනවා.

බෝම්බයෙන් බරපතල තුවාල ලබා දිවි ගලවාගත් යමගුචි

සුමොතෝ යමගුචි (KnowledgeNuts)

මෙම ප්‍රහාරය හමුවේ දිවි ගලවාගත් විශේෂ පුද්ගලයෙක් ලෙස සුතෝමු යමගුචි (Tsutomu Yamaguchi) නම් කරන්න පුළුවන්. Mitsubishi Heavy Industries ආයතනයේ සේවය කරන තරුණ ඉංජිනේරුවෙක් වූ ඔහු ආයතනයේ කාර්යයක් සඳහා හිරෝෂිමාවට පැමිණ මාස තුනක තම කාර්ය නිමකර නැවත නාගසාකිහි සිටින තම බිරිඳ හා දරුවා බැලීමට යාමට ඉතුරුව තිබුනේ එකම එක දිනයක් පමණයි.

ඔහු සේවය කරන ස්ථානයේ එළිමහනේ සිටි යමගුචි හදිසියේම ඇමරිකානු ප්‍රහාරක යානාවකින් විශාල බෝම්බයක් අතහරින බව දුටු බවත් ඒ සමඟ විශාල ආලෝකයක් නිකුත් වූ බවත් අනතුරුව තමන්ට කිසිඳු දෙයක් පිළිබඳව මතකයක් නොමැති බවත් පසුව සදහන් කරනවා.

බෝම්බය පතිත වූ ස්ථානයේ සිට කිලෝමීටර් 3ක් පමණ ඇතින් සිටි යමගුචිට ප්‍රහාරයෙන් දිවි බේරා ගැනීමට හැකියාව ලැබුනත් අධික උෂ්ණත්වය හේතුවෙන් සම පිලිස්සී යනවා. තාවකාලිකව ඇස් පෙනීම නැතිවෙන අතර කන් බෙර පවා පැලී යනවා. මේ හේතුවෙන් ඔහුගේ වම් කන සම්පූර්ණයෙන් බිහිරි වූ බව සදහන්.

“එය හරියට චිත්‍රපටයක ඉතා දරුණු අවස්ථාවක් වගේ. මට කිසිදු ශබ්දයක් අසුනේ නෑ. අධික ආලෝකයත් සමඟ අසල කානුවකට විසි වූ මම ඉන් අනතුරුව දුටුවේ ඉතා අදුරු හිරෝෂිමාවක්.” ඔහු තම අදුරු මතක පසුව දිග හරිනු ලබන්නේ ඒ ආකාරයෙන්.

ඔහුගේ තුවාල වලට ප්‍රතිකාර කර වෙළුම්පටි වලින් මුළු ශරීරයම ආවරණය වන සේ වැසීමෙන් අනතුරුව ඔහු තමන්ගේ ස්ථිර පදිංචිය වූ නාගසාකි වලට පිටත්ව යනවා.

හිරෝශිමාවෙන් නොනැවතුණු න්‍යෂ්ටික පුපුරා යාම්

හිරෝශිමා නගරය බෝම්බය පුපුරා යාමෙන් පසුව දිස් වූ අයුරු (ASHARQ AL-AWSAT English Archive)

ප්‍රහාරය හේතුවෙන් 70000කට අධික පිරිසක් මරණයට පත් වූ අතර විකිරණ හා කම්පන තරංග හේතුවෙන් තවත් විශාල ප්‍රමාණයක් සදාකාලික අංගවිකල තත්වයන්ට ගොදුරුවෙනවා. ප්‍රහාරයෙන් පසුව කොන්දේසි විරහිතව යටත් වන ලෙස ඇමරිකා එක්සත් ජනපදය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියත් ජපන් අධිරාජයා මේ සඳහා එකඟ වන්නේ නෑ.

ඒ හේතුවෙන් ඇමරිකා ජනාධිපතිවරයා තවත් පරමාණු බෝම්බයක් කොකුරා හෝ නාගසාකි යන නගර දෙකෙන් එකකට හෙළිය යුතු බව නිර්දේශ කරනවා.

පළමු ප්‍රහාරයෙන් දින දෙකක් ගතවීමෙන් පසුව දෙවන ප්‍රහාරය එල්ල කිරීම සඳහා  09 වන දින අළුයම 03:45 ට Fat Man බෝම්බය රැගත් Bockscar යානය ටිනියන් දිවයිනෙන් අහසට නැගුනේ සුපුරුදු පරිදි අනෙකුත් යානා සමඟයි. කොකුරා නගරවාසීන්ගේ වාසනාවකට මෙන් එදින නගරයට ඉහළ සම්පුර්ණයෙන් පාහේ වලාකුලින් වැසි තිබීම හේතුවෙන් ප්‍රහාර එල්ල නොකිරීමට තීරණය කෙරෙනවා.

ඒ හේතුවත් සමඟ යානය හැරෙන්නේ නාගසාකි දෙසටයි. නාගසාකි වලද කාලගුණය යම් තරමක් අයහපත් වුවත් උදැසන 11. 01 වන විට Fat Man බෝම්බය අතහැරීමට ඇමරිකානු ගුවන් හමුදා සමත්වෙනවා.එම බෝම්බයද තත්පර 43 ක වැටීමකින් පසු පුපුරා යන්නේ හිරෝශීමාවේ සිදූවූ විනාශය නැවතත් ප්‍රතිනිර්මාණය කරමින්. නගරයෙන්  60% පමණ ප්‍රමාණයක් විනාශ කර දමමින් 75000ක් පමණ ක්ෂණිකව මරණයට පත්කිරීමට මෙම න්‍යෂ්ටික බෝම්බයට හැකියාව ලැබෙනවා.

යමගුචිගේ වාසනාව

බෝම්බය පුපුරා යෑමෙන් පසුව නාගසාකි නගරය (The Times in Plain English)

දෙවන පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල කරන විට යමගුචි රැදී සිටින්නේ නාගසාකියේ නගරයේ Mitsubishi Heavy Industries ආයතන පරිශ්‍රය තුලයි. කොතරම් තුවාල ලැබුවත් ආයතනික හේතුන් නිසා ඔහුට සේවයට වාර්තා කිරීමට සිදුවෙනවා. මේ වන විට ඔහු ආයතනය තුල මෙන්ම ඉන් පිටතත් ප්‍රකට​ පුද්ගලයෙක් බවට පත් වී සිටි අතර නාගසාකි නගරයට බෝම්බය හෙලන මොහොතේත් ඔහු තම අත්දැකීම් ආයතනයේ පුද්ගලයෙක් හා විස්තර කරමින් සිටි බව සදහන් වෙනවා.

එකවරම නැවත පිපිරීමක් ඇති වූ අතර ඒ හේතුවෙන් ඔහු වෙලා තිබු වෙළුම් පටි සියල්ල ගැලවී ගොස් ඔහුගේ තුවාල විකිරණ වලට නිරාවරණය වෙනවා. එම විකිරණ පිළිකා කාරක විකිරණ විශේෂයක් වුණා.

බෝම්බයට කිලෝ මීටර් 3ක් පමණ ඈතින් සිටි ඔහු  ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරව වහාම තම නිවස බලා දිවයනවා. නමුත් යමගුචිට දකින්න ලැබෙන්නේ බිමට සමතලා වී ඇති නිවසයි. කෙසේවෙතත් වාසනාවකට මෙන් ඔහුගේ බිරිද හා දරුවා නිවසේ නොසිටීම හේතුවෙන් ඔවුන් දිවිගලවාගෙන තිබෙන බව ඔහුට දැනගැනීමට ලැබෙනවා.

පිළිස්සුම් තුවාල හේතුවෙන් ඔහු දිගෙන් දිගටම රෝගාතුර වන අතර විකිරණ හේතුවෙන් සියලු කෙස් හැලි යනවා. වම් කනේ ශ්‍රවනය සම්පුර්ණයෙන්ම නැවතෙනවා.

මෙම බෝම්බ ප්‍රහාර දෙකටම හසු වී තවත් කිහිපදෙනෙක් දිවි බේරාගෙන තිබෙන බව සඳහන් වෙතත් ජපන් රජය විසින් බෝම්බ දෙකටම හසු වී දිවි බේරා ගත් පුද්ගලයා ලෙස සලකන්නේ යමගුචි පමණයි.

පසුව ක්‍රම ක්‍රමයෙන් සුව අතට හැරෙන ඔහු සුවය ලැබීමෙන් පසුව ජපාන වරායක ඉංජිනේරුවෙක් ලෙස කටයුතු කරනවා.භාෂා පරිවර්තකයෙක් මෙන්ම ගුරුවරයෙක් ලෙසද ඔහු තම සේවය සපයනවා. පසුව තම අත්දැකීම් ආශ්‍රයෙන් පොතක් ලියන ඔහු මෙම ප්‍රහාර පිළිබඳව පසුව නිෂ්පාදනය වූ වාර්තාමය චිත්‍රපටයක් වූ Twice Bombed, Twice Survived) සඳහා පෙනී සිටි අතර මෙම වාර්තා වැඩසටහනේ නගරවල වැටි තිබෙන හා ගංගා වල පාවෙන මලමිනී ඇතුලත් දර්ශන ඔහු විසින් විස්තර කරන්නේ හඩා වැලපෙමින්.

මහළු යමගුචි (www.history.com)

තවද එක්සත් ජාතීන් හරහා න්‍යෂ්ටික අවි අහෝසි කිරීම වෙනුවෙන් මහත් හඬක් නැගූ ඔහු ඒ සඳහා පර්යේෂකයන්ට බලකර සිටියා.” මම දෙවරක්ම න්‍යෂ්ටික ප්‍රහාරයන්ට මුහුණ දුන් කෙනෙක් මම හිතනවා තුන් වෙනියෙක් නැති වේවි කියලා”

පරමාණු බෝම්බ දෙකකින් දිවිගලවාගත් යමගුචි 2009 වසරේදී මරණයට පත්වන්නේ අමාශයේ ඇති වූ පිළිකාවක් හේතුවෙන්.

කවරයේ ජායාරූපය – Timeline

Related Articles