Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ට්‍රම්ප් ගැන නොදත් කතා

බැරක් ඔබාමාගේ ජනාධිපති ධූර කාළයේ අවසානයට ළඟා වනවිට ඇමරිකාවේ සහ ලෝක දේශපාලනයේ ද විවිධ වෙනස්කම් සිදු වන්නට විය​. සැළකිය යුතු ඇමරිකානුවන් පිරිසක් සිය ආධිපත්‍ය ගිලිහී යන බව සිතන්නට වූහ​. මුස්ලිම් අන්තවාදයත්, උද්ගත වූ ආර්ථික අර්බුධයත් හමුවේ ඇමෙරිකානුවෝ බියෙන් ද, වික්ෂිප්තව ද බලා සිටියේ කුමක් කරන්නද යයි නොදැනය. බැරැක් ඔබාමා ජනපති ලෙස පත්කරගනිමින් ලැබ ගැනීමට බලාපොරොත්තු වූ වෙනස ද ලැබ ගැනීමට ඔවුන්ට හැකි වුයේ නැති බව මතයක් විය​.. ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වූයේ මෙවන් පසුබිමකයි.

ට්‍රම්ප් ගේ මූලික පොරොන්දුව වූයේ ඇමෙරිකාව නැවතත් ප්‍රබල තත්ත්වයකට පත් කිරීමයි (“Make America Great Again”). ආර්ථිකය නඟා සිටුවීමත්, ISIS ඇතුළු ත්‍රස්ත කණ්ඩායම් පරාජය කිරීමත් ඔහුගේ අරමුණ විය. ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ඡන්ද ව්‍යාපාරයේ දී පොරොන්දු දුන්නේ රැකියා අවස්ථා උදා කරන බවටයි. නිදහස් වෙළෙඳාම දැඩි ලෙස විවේචනය කල ඔහු පැවසුවේ කැනඩාව, ඇමෙරිකාව සහ මෙක්සිකෝව එකඟතාවට පැමිණි ‍’NAFTA’ ගිවිසුම ඉරා දමන බවයි. රටවල් 12 ක් අත්සන් කර ඇති අන්තර් ශාන්තිකර සහයෝගීතාව​ (Trans Pacific Partnership) ද ධවල මන්දිරයට යන මුල්ම දිනයේම අවලංගු කරන බව ඔහු ප්‍රකාශ කළේය. මෙය ඇමෙරිකානු ජනාධිපතිවරුන් අතර දුර්ලභ ලක්ෂණයක්. 2015 වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ චීන ආයතන සමඟ කටයුතු කිරීමේදී 12% ක ආනයන බද්දක් පනවන බවයි. තවදුරටත් ඔහු කියා සිටියේ  “චීනය අපිව විනාශ කරමින් සිටිනවා. ඇමෙරිකානුවන්ට මේ කොල්ලකෑම එපා වෙලා” යනුවෙන්.

මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් ට්‍රම්ප් ගේ අදහස ද මතභේදාත්මක විය. මුස්ලිම් ජාතිකයන් ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුල් වීම වහාම නතර කල යුතු යයි ඔහුගේ මතය විය. ඔහුගේම එම ප්‍රකාශ සාධාරණීකරණය කරමින් ඔහු පසුව නැවතත් ප්‍රකාශ කලේ මුස්ලිම්වරුන් බොහොමයක් ඇමෙරිකානුවන් හා වෛර බැඳ සිටින බැවින් ඔවුන් රට තුලට ඇතුල් වීම අමෙරිකානුවන්ට තර්ජනයක් නිසා එසේ පැවසූ බවයි.

කෙසේ හෝ හිලරි ක්ලින්ටන් පරාජය කරමින් 2016 ජනාධිපතිවරණය ජයගෙන 2017 ජනවාරි 20 වන දින ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ධවල මන්දිරයට පිවිසි ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන බොහෝ දෙනා බොහෝ කතා කීහ. ඔහු දිවුරුම් දුන්නේ ඇමෙරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙසයි. ඔහුගේ දේශපාලන ජීවිතය ගැන කොපමණ කතා පල වුවත් ඔහු ගැන නොපළ කතා ද බොහෝමයි.

ධනවත් ට්‍රම්ප්

ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝ ප්‍රසිද්ධ ධනවතෙක්. ඇමෙරිකානු ජනාධිපතිවරණයට පෙර ට්‍රම්ප් ඉදිරිපත් කල මුල්‍ය ප්‍රකාශයේ සඳහන් වූ ආකාරයට ට්‍රම්ප්ගේ ධනස්කන්දය 8,737,540,000 ක්. ඒ අනුව ඔහු ඩොලර් බිලියන 9 කට ආසන්න ධනයකට හිමිකම් කියයි.

ඇත්තෙන්ම ඔහු ආඩම්බර විය හැකි ආකාරයේ ධනයක් ඇත්තෙක්. ඉන් වැඩි ප්‍රමාණයක් ඔහුට පරම්පරාවෙන් උරුම වූ ධනයයි.

ට්‍රම්ප්ගේ සියලු ව්‍යාපාර කටයුතු සිදු කරන්නේ ‘ට්‍රම්ප් සංවිධානය’ මඟින්. එහි සභාපතිවරයා වන්නේ ද ඩොනල්ඩ් ට්‍රම්ප්. සුඛෝපභෝගී මහල් නිවාස සහිත කුළුණු, සංචාරක නිකේතන, ගෝල්ෆ් පිටි, ඉඩකඩම් සංවර්ධනය කිරීමේ ව්‍යාපාර ඒ අතර ප්‍රධානයි. විවිධ රට වල ඇති ගොල්ෆ් පිටි 16 කට ඔහු හිමිකම් කියයි. බොක්සින් තරඟ, විශ්ව රූ රැජින තරඟ, කැසිනෝ ව්‍යාපාර ආදිය මඟින් ද ඔහුට ධනය ලැබෙයි.

ලෝ ප්‍රකට “ෆොර්බ්ස්” සඟරාව පවසන අන්දමට, ට්‍රම්ප් ගේ ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7 ක් පමණ වන අතර ඇමෙරිකානු පුවත් ඒජන්සියක් වන “බ්ලුම්ස්බර්ග්” පවසන්නේ ඔහුගේ ධනය ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක් පමණ වන බවයි. කවුරුන් කෙසේ කීවත් ඩොනල්ඩ් ට්‍රම්ප්  ඇමෙරිකානු ඉතිහාසයේ බිහි වුනු ධනවත්ම ජනපති බව නම් පැහැදිලියි.

වයසකම ජනපති

ජනපති ට්‍රම්ප් (Rolling Stone)

ඇමෙරිකානු ජනාධිපති සටනට ඉදිරිපත් වූ වයසකම ජනපති වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඒ වයස අවුරුදු 70 ක් වන අපේක්ෂකයෙක් ලෙසින්. මීට පෙර එම වාර්තාව තබා තිබුනේ රොනල්ඩ් රේගන්. ඔහු ඉදිරිපත් වී තිබුනේ වයස අවුරුදු 69 ක අපේක්ෂකයෙක් ලෙසින්.

ඉපදුනු ප්‍රාන්තයෙන් පරාජය වී ජනපති පුටුවට ආ ට්‍රම්ප්

නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් ජනපති පුටුවට පත් පස් වන ජනපති වන්නේ ට්‍රම්ප්. ජනපතිවරු ලෙස තේරී පත් වුනු වෑන් බ්‍යුරන්, මිලර්ඩ් ෆිල්මෝර්, තියඩෝර් රූස්වෙල්ට්, සහ ‍ෆ්‍රෑන්ක්ලීන් ඩි. රූස්වෙල්ට් ආදීන් ද නිව්යෝර්ක් ප්‍රාන්ත වැසියෝයි.

තමන් උපන් ප්‍රාන්තයෙන් පරාජයට පත් වුවත්, ජනපති සටනින් ජය ලැබූ ජනපතිවරු ද ඇමෙරිකානු ඉතිහාසයෙන් හමු වෙයි. 1844 දී පත් ජේම්ස් කේ. පෝල්ක්ගේත්, 1916 දී පත් වුඩ්රෝ විල්සන්, 1968 දී පත් රිචඩ් නික්සන් ආදීන් ඒ අතර වෙයි. අලුතින් එම ලැයිස්තුවට එකතු වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය.

සුරතල් සතුන් පිළිකුල්

ඇමෙරිකානු ජනාධිපතිවරුන්ගේ සුරතල් සතුන් පිලිබඳ කෞතුකාගාරයෙන් ලැබී ඇති තොරතුරු අනුව ධවල මන්දිරයට පැමිණි සෑම ජනාධිපතිවරයෙක් සමඟම සුරතල් සතුන් ද පැමිණ ඇත. 1923 සිට 1929 දක්වා කාලයේ සිටි කැල්වින් සහ ග්‍රේස් යුවලට සුරතල් සතුන් බොහෝමයක් සිට ඇත. ඒ අතර සුනඛයන්, සිංහ පැටව්, හිපපොටේමසකු, වලසකු, බූරුවකු, ඕස්ට්‍රේලියානු වොලබියෙකු ප්‍රධානයි. ජනපති ජෝන් කෙනඩි ද හාවුන්ගේ සිට කුරුල්ලන් දක්වා සුරතල් සතුන් ඇති කර ඇත.

කෙසේ වුවත් ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කිසිදු සුරතල් සතෙකු මන්දිරයට ගෙන ආවේ නැත. ‘ගෝල්ඩන් ඩුවල්’ වර්ගයේ සුනඛයෙක් රැගෙන ඒමට තිබුණු සැලැස්ම ද ඔහු බිඳ දමා ඇති බව පැවසෙයි.

වෙනස්ම වූ ජනපති ආර්යාවක්

ඇමෙරිකානු ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප් (Wikimedia Commons)

ජනාධිපති ආර්යාව වන මෙලානියා ට්‍රම්ප් සුවිශේෂී වන එක් හේතුවක් වන්නේ ඇයට භාෂා කිහිපයක්ම කතා කළ හැකි වීමයි. ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, සර්බියානු, සහ ස්ලොවීනියානු භාෂාවන් හොඳින් හැසිරවීමට ඇයට හැකියි.

භාෂාවන් 5 ක් හොඳින් හැසිරවුවත්, උපතින්ම ඉංග්‍රීසි බස කතා නොකරන පළමු ජනපති ආර්යාව වන්නේ ඇයයි. පැරණි යුගොස්ලාවියාවේ, ස්ලොවීනියාවෙහි උපන් මෙලනියා ට්‍රම්ප් උපතින් කතා කරන්නේ ස්ලොවීනියානු භාෂාව යි.

තවද ඇමරිකානු ජනාධිපති ආර්යාවන් අතුරින් ඇමරිකාවෙන් පිටතදී උපන් දෙවැනි ආර් යාව වන්නේද මෙලානියා ට්‍රම්ප් ය​. මීට පෙර, 1825-29 සමයේ ඇමරිකානු ජනාධිපතිවරයා වූ ජෝන් ක්වින්සි ඇඩම්ස්ගේ බිරිඳ වූ ලුවිසා ඇඩම්ස්, ලන්ඩනයේදී උපන් කාන්තාවක විය​.

නිරුවත් නිරූපිකාවක් ලෙස කටයුතු කර ඇති එකම ජනපති බිරිය වන්නේ ද මෙලනියා ට්‍රම්ප් ය. ඇය 2000 වසරේ ද සඟරා කිහිපයකම නිරුවතින් පෙනී සිට ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර දෙවතාවක් විවාහ වූ අයෙක් නිසා ධවල මන්දිරයට පැමිණි ප්‍රථම ‘තෙවැනි බිරිය’ වන්නේ ද මෙලනියා ට්‍රම්ප් ය.

කවරයේ ඡායාරූපය​ (Puerto Vallarta News)

Sources

This is How Donald Trump Actually got Rich

Donald Trump’s Top 10 Campaign Promises

Has Trump Kept His Campaign Promises

Melania Trump: 17 things you might not know about the First Lady

Related Articles