Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පිළිකාව පරදා ඉර්ෆාන් ඛාන් ජය ගනියි ද ?

මෑත කාලීන ඉන්දියානු සිනමාවෙන් බිහිවුණු ජාත්‍යන්තර රංගන ශිල්පියා ඔහුයි. ශාරුක් ඛාන්, සල්මන් ඛාන්, සයිෆ් අලි ඛාන් ද ඔහු ගේ රංගන ප්‍රතිභාවය ඉදිරියේ දෙවැනි වන බව සිනමා විචාරක මතයයි. එහෙත් මේ සුපිරි චරිතාංග රංගන ශිල්පියා මේ වන විට පත්ව සිටින්නේ ඉතාම අවදානම් අඩියක වීම ශෝචනීය කරුණයි. තමාට දුලබ ගණයේ පිළිකාවක් වැළඳී අති බව ඉර්ෆාන් ඛාන් සිය ප්‍රේක්ෂකයන්ට හෙළි කළේ මුළු ලොවම කම්පනයට පත් කරමිනුයි.

hindustantimes.com

මේ වන විට 51 හැවිරිදි වියේ පසුවන ඔහු උපත ලැබුවේ සහබ්සාඩ් ඉර්ෆාන් අලි ඛාන් යන නමෙන් යුතුවයි. ඉර්ෆාන් යන කෙටි නමෙන් මුළු ලොවම හඳුනන ඔහු සිනමාවට පා තැබුවේ බොලිවුඩ් රංගන ශිල්පියකු ලෙසටයි. රාජස්ථානයෙන් පැමිණි ඔහු මේ වනවිට හොලිවුඩ් මෙන්ම බ්‍රිතාන්‍ය සිනමාවද දිග්විජය කර අවසන්. 1988 වසරේදී නිර්මාණය කෙරුණු Salaam Bombay! සිනමාපටයෙන් රංගනයට පිවිසුණු ඉර්ෆාන් 2011 වසරේදී  පද්ම ශ්‍රී සම්මානයෙන්ද පිදුම් ලැබුවා. වසර 30ක සිය රංගන ජීවිතය තුළ ඔහු රඟපෑ සිනමාපට ගණන සියයකට අධිකයි.

පසුගියදා පැවැත්වුණු ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේ දී හොඳම නළුවා බවට පත්වුණු ඔහු,2012 වසරේදී ඔහ්දම නළුවාට හිමි ඉන්දියානු ජාතික සිනමා සම්මානයද හිමිකරගැනීමට සමත් වුණා. එසේම 2014 වසරේ පැවති ආසියානු සිනමා සම්මාන උලෙළේ දී ඔහු හොඳම නළුවා සම්මානය දිනා ගැනීමත් විශේෂත්වයක් වුණා. එසේම ඔහු නමට හොඳම සිනමා නළුවා සඳහා වන ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් ද ලියැවී තිබෙනවා.

vosa.tv

මෑත කාලීන ඉන්දියානු සිනමාවේ ගෝලීය නළුවා ඔහු බවට විවාදයක් නැහැ. ඒ ඔහු අවධානය දිනූ  විදෙස් සිනමාපට ගණනකට රංගනයෙන් දායක වීමට වාසනාව හිමි කරගත් බැවිනුයි. Slumdog Millionaire, Life of Pi, New York, I Love You, The Amazing Spider-Man, Jurassic World, සහ  Inferno ඒ අතරින් කිහිපයක්.

ඉර්ෆාන්ගේ පියා ටයර් වෙළෙන්දකු වූ අතර ඉර්ෆාන් ට කුඩා කල සිට අවශ්‍ය වී තිබුණේ රංගන ශිල්පියකු බවට පත් වීමටයි. රංගනයට පැමිණීමට පෙර ඔහු  සිය අධ්‍යාපන කටයුතු ක්‍රමානුකූල ලෙස නිමා කළ අතර ඉර්ෆාන් ට ශාස්ත්‍රපති උපාධියක් ද හිමි බව ප්‍රකට කරුණක්. ඔහු රංගනය සම්බන්ධයෙන් වැඩිදුරටත් හැදෑරුවේ ඉන්දියානු ජාතික රංගන පසලේදි යි.

කලක් තිස්සේ රූපවාහිනී ටෙලි නාට්‍ය රංගන ශිල්පියකු ලෙස කටයුතු කළ නමුත් ඉර්ෆාන්ගේ සිනමා දිවියේ මුල් කාලය ඔහුට එතරම් යහපත් ප්‍රතිපල ගෙන ආවේ නැහැ. ඒ හේතුවෙන්ම ඔහු කලකිරීමට පත්ව සිටි අතර යන්තමින් හෝ ඔහු ගැන අවධානයට ලක් වූ සිනමා නිර්මාණයක් වූයේ 2001 වසරේදී තිරගත වූ The Warrior, සිනමාපටයයි. ඉන්පසු කෙටි චිත්‍රපටවල පවා රංගනයෙන් දායක වූ ඉර්ෆාන් පළමු වරට බොලිවුඩ් සිනමා පටයක ප්‍රධාන චරිතයක් රඟපෑවේ 2005 වසරේ දී තිරගත වූ ROG හිදියි.

pakistantoday.com.pk

ඊට පෙර ඔහු වැඩි වශයෙන් සහය චරිත හෝ දුෂ්ටයාගේ චරිතය නිරූපණය කර තිබූ අතර ඉන් වඩාත්ම සාර්ථක වුණේ දුෂ්ට චරිතයි. ඒ හේතුවෙන්ම 2004 වසරේදී ඉර්ෆාන්ට හොඳම දුෂ්ටයා ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි වූ අතර එම සිනමාපටය වුණේ Haasil.

2007 වසරේදී ඉර්ෆාන් රඟපෑ Metro, සිනමාපටයද සම්මානයට පත්‍ර වූ අතර එය ඔහුට වාසනාව රැගෙන ආවේ හොදම සහය නළුවා සම්මානය ලෙසිනුයි. එහිදී ඉර්ෆාන් සහ කොන්කෝනා සෙන් ගේ රංගනය විචාරක අවධානය පැහැරගත් අතර, ඔවුන් දෙදෙනා පසුකලක පෙම්වතුන් ලෙස සාර්ථක වුණේ  A Mighty Heart  සහ The Darjeeling Limited යන සිනමාපට වලට ද රංගනයෙන් එක් වෙමිනු යි. 2008 වසරේදී නිර්මාණය කෙරුණු Slumdog Millionaire  ඉර්ෆාන් ගේ හැකියාව ජාත්‍යන්තරකරනය කළ අතර එහි අධ්‍යක්ෂක ඩැනී බෝයිල් ඔහුව විශේෂයෙන් ඇගයීමට ලක්කර තිබුණා.

signature-reads.com

The Amazing Spider-Man, Life of Pi. මෙන්ම Jurassic World එහි දිගුවන් වූයේ ඉර්ෆාන්ගේ  සැබෑ රංගන හැකියාව ලොවටම පසක් කරමිනුයි.

කතා කරන දෑසක් හිමි මේ අපුරු නළුවා පසුගිය වසරේදී තිරගත වූ Hindi Medium සිනමාපටයේදී ද සුවිශේෂී රංගනයක නිරත වූ අතර මේ වසරේදී තිරගත වීමට නියමිත එහි දෙවැනි කොටසේද ප්‍රධාන චරිතයට එක්ව සිටිනවා.

1995 වසරේදී සුතාපා සික්දර් සමග විවාහ වූ ඉර්ෆාන්ට බාබිල් සහ අයන් යනුවෙන් පුතුන් දෙදෙනකු සිටිනවා.

‘එයා තරම් කැපවීමක් මම කාගෙන් වත් දැකල නැහැ. එයා එකම අරමුණක ඉන්න කෙනෙක්. ගෙදරදී කරන එකම දේ පොත් කියවන ඒක විතරයි. ඕනෑම චරිතයක් වෙනුවෙන් ඔහු කැප වෙන්නේ මුළු හදවතින්ම. ඔහු හැමදාම පාන්දර 3  වෙනකම් අධ්‍යයන කටයුතු වල නිරත වෙනවා. කොයි තරම් මහන්සි වුණත් එයාට මදි’ ඉර්ෆාන් ගේ බිරිඳ එසේ පවසනවා.

hindustantimes.com

තමාට දුර්ලභ ගණයේ පිළිකාවක් වැළඳී අති බව ඉර්ෆාන් සිය රසිකයන්ට හෙළි කළේ ඔහුගේ  twitter ගිණුමේ සටහනක් ද තබමින්. එය අන්තරාසර්ග කටයුතු සම්බන්ධ ස්නායු සෛල වල පිළිකාවක් ලෙස ඇතැම් මාධ්‍ය පවසන නමුත් ඒ පිළිබඳව තවමත් කිසිවක් තහවුරු වී නැහැ. Neuroendocrine tumors (NETs) ලෙස හැඳින්වෙන එම මාරාන්තික රෝගය හේතුවෙන් ඉර්ෆාන්ගේ ජීවිතය අවධානයට ලක් වී තිබීම බොහෝ දෙනෙකුගේ කනස්සල්ලට හේතු වී තිබෙනවා. කෙසේ වෙතත් ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා විදෙස්ගත වීමට නියමිත බවද පැවසෙනවා.

සිය රංගන ප්‍රතිභාවයෙන් ලොවක් වසඟ කළ මේ සුපිරි තරුවගේ රඟපෑම් නැවත දැක ගැනීමට මුළු ලොවම බලා සිටින්නේ බලාපොරොත්තු දල්වමිනුයි. ඉර්ෆාන් ගේ අරමුණ වන ඔස්කාර් සම්මානය සඳහා ඔහුට යාමට හැකි වනු ඇති බව ඔවුන් සැමගේ පැතුමයි.

Cover- top4themes.com

මූලාශ්‍ර

timesofindia.indiatimes.co

www.bbc.com/

edition.cnn.com

Related Articles