Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව සුපතළ බෙන්ජමින් ෆ්රෑන්ක්ලීන්

1706 වසරේදී බොස්ටන් වල උපත ලද බෙන්ජමින් ෆ්රෑන්ක්ලීන් පවුලේ දසවන දරුවා විය. ඔහුගේ පියා සබන් හා ඉටිපන්දම් නිෂ්පාදකයෙක් විය. වසර 80ක ආයු කාලයක් වැළඳූ මොහු ඇමරිකාවේ සිටි හොඳම ලේඛකයෙක්, නව නිපැයුම්කරුවෙක්, වංශාධිපතිවරයෙක්, විද්‍යාඥයෙක්, රාජ දූතයෙක්, ව්‍යාපාරිකයෙක් හා දේශපාලඥයෙක් ලෙස හැඳින්විය හැක. මොහු ඇමරිකානු විප්ලවය සමයේදී ප්‍රංශය තුල ඇමරිකාව නියෝජනය කළ පුද්ගලයෙකු ලෙසද කටයුතු කරන ලදි. විද්‍යාවේ දියුණුව සඳහා මහත් කැපවීමෙන් කටයුතු කළ මොහු විදුලිය පිළිබඳ බොහෝ අත්හදා බැලීම් සිදු කර ඇත.

ළමා කාලය

wikimedia.org

කෙටි කාලයක් පාසල් අධ්‍යාපනය ලැබීමෙන් පසු ඔහුගේ පාසල් ගමන නතර විය. මොහු අවුරුදු 10 සිට අවුරුදු 12 දක්වා වසර දෙකක කාලයක් තම පියා යටතේ පුහුණු සිසුවෙක් ලෙස කටයුතු කළේය. පසුව මුද්‍රණ කරුවෙකු වූ ඔහුගේ සහෝදරයා ජේම්ස් සමඟ එකට වැඩකිරීමට බෙන්ජමින් පිටත් විය. මොහු නිර්නාමිකව තම සහෝදරයාගේ පුවත්පතට ලිපි පලකරන ලදී. ඔහු ලියු ලිපි ගණන 14කි. 1723දි තම සහෝදරයා සමඟ අමනාපයක් ඇති කර ගත් බෙන්ජමින් ෆිලඩෙල්ෆියාවට පිටත්ව ගියේය.

ෆිලඩෙල්ෆියාවේ ජීවිතය

ෆිලඩෙල්ෆියාවේදී ඔහු මුද්‍රණ කරුවෙකු ලෙස කටයුතු කරන ලදි. ඔහු එහිදී “Pennsylvania Gazette” නමැති පුවත්පත මුද්‍රණය කළේය. මෙය ඇමෙරිකානු යටත් විජිත තුළ ජනප්‍රියතම පුවත්පතක් බවට පත් වී තිබුණි. ප්‍රථම දේශපාලන කාටූනය මුද්‍රණය වුයේද බෙන්ජමින්ගේ පුවත්පතේය.

මිට අමතරව ඔහු 1773 වසරේදී  “Poor Richard Almanack” නමැති තරකා විද්‍යා පුවත්පතද පල කළේය. මෙම පුවත්පතේ වාර්ෂික ලිත, කාලගුණ වාර්තාව, අනාගත අනාවැකි ආදිය ප්‍රකාශයට පත් කරන ලදි. මොහු තම පුවත්පතේ ලිපි පල කරන ලද්දේ Richard Saunders නැමති දුප්පත් මිනිසෙකුගේ මගපෙන්වීම යටතේය. බෙන්ජමින්ගේ “ A penny saved is a penny earned” වැනි කියමන් ප්‍රසිද්ධ වුයේ මෙම පුවත්පත තුළිනි.

ප්‍රජා කටයුතු වල නිරත වීම

fthmb.tqn.com

1720 හා 1730 කාලය අතර මොහු සමාජ කටයුතු සඳහා කැපවීමෙන් කටයුතු කරන ලදී. ඔහු ප්‍රජාව වෙනුවෙන් කැප වී වැඩකරන තරුණ තරුණියන්ගේ කණ්ඩායමක් සකස් කරන ලද්දේ සමාජයේ යහාපත සඳහාය. බෙන්ජමින් ආරම්භ කළ සමාජ කණ්ඩායම හරහා ඔහු විවිධ සමාජ සත්කාර සිදු කළේය. ෆිලඩෙල්ෆියාවේ මාර්ග පිරිසිදුව තබා ගැනීමට හා මාර්ග ආලෝකමත් කිරීමට බෙන්ජමින් ඇතුළු කණ්ඩායම කැපවීමෙන් කටයුතු කරන ලදි.

1730 වසරේ සිට 1740 දක්වා බෙන්ජමින් සිදුකළ වැදගත් සමාජ සත්කාරයක් වුයේ 1731 වසරේදී පුස්තකාල සමාගමක් ආරම්භ කිරීමට උපකාර කිරීමයි. මෙය ආරම්භ කරන කාලයේ පොත් පත් වල මිල ගණන් අධික වූ නිසා බොහෝ දෙනාට පොත් කියවීමේ අවස්ථාව අහිමි වී තිබුණි. පුස්තකාලය ආරම්භ කිරීමත් සමඟ බෙන්ජමින් එංගලන්තයෙන් පොත් ගෙන්වා මිනිසුන්ට කියවීම සඳහා අවස්ථාව සලසා දෙන ලදී. 1743 වසරේදී ඇමරිකානු දර්ශනය පිලිබඳ සංගමය බිහි කිරීමටද බෙන්ජමින් දායකත්වය සපයන ලදි. මීට අමතරව නගරයේ වැසියන් සඳහා බෙහෙත් හේත් කිරීම සඳහා 1751 දී පෙන්සිල්වෙනියානු රෝහල ආරම්භ කළ කණ්ඩායම සඳහාද බෙන්ජමින් උපකාර කරන ලදී.

බෙන්ජමින් ෆ්රෑන්ක්ලීන් හා විදුලිය අතර සම්බන්ධය

qz.com

1748 වර්ෂය වන විට ඔහුගේ ව්‍යාපාර වලින් ඈත් වී නිදහසේ ජීවිකාව ගෙන යාමට තරම් මුදල් ඔහු අතේ ඉතිරි විය. ඔහු මුද්‍රණ කරුවෙකු ලෙස නැවත කටයුතු නොකළේය. ඒ වෙනුවට ඔහු ලාභ අපේක්ෂාවෙන් මුද්‍රණ දෙපාර්තමේන්තුවක කොටස් කරුවෙකු බවට පත් විය. පසුව ඔහු නගරයේ නිස්කලංක ප්‍රදේශයක ඇති නිවසකට තම පදිංචිය මාරු කරන ලදී.

1746 සිට 1747 දක්වා බෙන්ජමින් හා ඔහුගේ මිතුරන් තුන් දෙනෙකු එක්ව විදුලිය පිලිබඳ විමර්ශනය කිරීමට පටන් ගත්හ. මොවුන් කළ පරීක්ෂණ වල වාර්තා හා ඒ පිලිබඳ බෙන්ජමින්ගේ අදහස් ඔහු Peter Collinson නැමති ලන්ඩනයේ සිටි පුද්ගලයාට යවන ලදි. 1751 වසරේදී Peter Collinson විසින් බෙන්ජමින්ගේ වාර්තා එකතු කර පිටු 86ක පොතක් ප්‍රකාශයට පත් කෙරුණු අතර එම පොත නම් කර තිබුණේ “expriments and observations on electricity” ලෙසයි. 18 වන සියවසේදී මෙම පොතේ ඉංග්‍රීසි සංස්කරණ 5ක්, ප්‍රංශ සංස්කරණ 2ක්, ඉතාලියානු හා ජර්මානු සංස්කරණ එක බැඟින් පළ විය.

www.brainyquote.com

බෙන්ජමින්ගේ නව සොයා ගැනීම් වේගයෙන් පැතිර ගියේය. මොහු පරිවාරක හා සන්නායක අතර වෙනස නිර්මාණය කරන ලදී. මිට අමතරව ෆ්රෑන්ක්ලීන් විසින් විදුලි ආරෝපණ ගබඩා කිරීම සඳහා බැටරියක් නිර්මාණය කළේය. වර්තමානයේදී අප භාවිත කරන conductor, charge, discharge, condense වැනි විදුලිය සම්බන්ධ වචන බොහොමයක් නිර්මාණය කරන ලද්දේ බෙන්ජමින් විසිනි. මේ කාලයේදී විදුලිය පිළිබඳව පැවති මතය වන්නේ විදුලිය යනු තරල වර්ග දෙකක එකතුවක් යන්නයි. නමුත් බෙන්ජමින්ට අනුව විදුලිය යනු තරලයක් තුළ තිබෙන ධන හා සෘණ අරෝපනයි.

දේශපාලන ජීවිතය

බෙන්ජමින් ෆ්රෑන්ක්ලීන් දේශපාලඥයකු ලෙසද දැක්විය හැක. ඔහුගේ ව්‍යාපාර, සමාජ සම්බන්ධතා, ආදිය හේතුවෙන් දේශපාලනයේ නිරත වීම එතරම් අපහසු කාර්යයක් වූයේ නැත. වර්ෂ 1757 සිට 1774 දක්වා කාලය තුළ පෙන්සිල්වේනියාව, ජෝර්ජියාව, නිව් ජර්සි ආදියේ යටත් විජිත නියෝජිතයා ලෙස මොහු කටයුතු කරන ලදි. 1776 වසරේදී declaration of independence නමැති ප්‍රඥප්තිය සැකසීමට බෙන්ජමින් දායකත්වය සැපයුවේය. මෙලෙස තම ජිවිත කාලය තුළ විවිධ ක්ෂේත්‍ර වල දක්ෂතා දැක්වූ බෙන්ජමින් ෆ්රෑන්ක්ලීන් වර්ෂ 1790 අප්‍රේල් මස 17 වන දින මෙලොවින් සමු ගත්තේය.

කවරයේ පින්තුරය  – biography.com

Related Articles