Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යළි උපන් අයින්ස්ටයින්: සොබොර්නෝ බාරි

“බුද්ධිය යනු වෙනසට අනුවර්තනය වීමට ඇති හැකියාව යි” කියලා ස්ටීවන් හෝකින්ස්⁣ගේ කියමනක් තියෙනවා. කොරෝනත් එක්ක හැප්පෙන මේ කා⁣ලෙ හරි, ඔළුවට ගන්න පුළුවන් නම් ඔන්න විස්තරේ. එහෙම මිනිස්සුන්ට ඇත්තට ම ජීවිතේ දිනන්න පුළුවන්.

අපේ බහුතරයක් දෙනා හැමදේම සිද්ධ වෙන්නෙ ප්‍රාතිහාර්යයක් විදියට යැයි සලකනවා වුණත්, ප්‍රාතිහාර්යයකට එහා ගිය සහජ හැකියාවන්ගෙන් පරිපූර්ණ මිනිස්සු ලෝකයෙන් බිහිවෙනවා. ‘සොබොර්නෝ බාරි’ කියන්නෙත් එහෙම දරුවෙක්.

 සොබොර්නෝ අයිසැක් බාරි – gcpawards.com

සොබොර්නෝ අයිසැක් බාරි තමයි ලෝකයේ දැනට බිහි වුණු ළා බාලතම මහාචාර්යවරයා. ‘අපේ කාලේ අයින්ස්ටයින්’ විදිහට යි ඔහු මිනිසුන් අතර වැඩිපුර ම ප්‍රසිද්ධ. ඔහු මේ වන විට තවමත් පසු වන්නේ 9 වන වියේ යි. ‘සතුට හා සාමය’ පදනම් කරගෙන ‘The Love” මැයෙන් දැනටමත් ඔහු ග්‍රන්ථයක් ද සම්පාදනය කොට තිබෙනවා. මේ ලිපියෙන් අපි බාරි ගැන ටිකක් සොයා බලමු!

සොබොර්නෝ බාරි උපත ලබන්නේ බංග්ලාදේශයේ දී 2012 වසරේ අප්‍රේල් 9 වනදා යි. බෙංගාලි-අමෙරිකානු මිශ්‍ර සම්භවයක් සහිත සොබොර්නෝගේ මව ශහේදා බාරි වන අතර පියා රශිදුල් බාරි යි. රශිදුල් බාරි ද ගණිතඥයෙක්.

සොබොර්නෝ බාරි, ‘සොබොර්නෝ අයිසැක් බාරි’ වූ හැටි

මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ දී දරුවකු බහ තෝරනවා කියන්නෙ ම එක්තරා අකාරයක අතිශයෝක්තියක් වුව ද, බාරි ඇත්තට ම එවන් අයෙක්. අවුරුදු 2ක් වැනි ඉතාම කුඩා අවධියේ දී ආචාර්ය උපාධි මට්ටමේ ගණිත, භෞතික විද්‍යා හා රසායන විද්‍යා ගැටලු නිරාකරණය කිරීමට ද ඔහුට හැකි බව මව්පියන්ට වැටහෙනවා. එය අදහාගත නොහැකි තැන ඔවුන්, ඔහුගේ මේ දස්කම් වීඩියෝගත කොට සමාජ මාධ්‍යයන්ට මුදාහැරීමත් සමඟ ම නිව් යෝර්ක් හි මාධ්‍ය නාළිකා කිහිපයක ම අවධානය ඒ වෙත යොමු වෙනවා. සුප්‍රසිද්ධ අමෙරිකානු ජාත්‍යන්තර මාධ්‍ය නාළිකාවක් වන ‘වොයිස් ඔෆ් අමෙරිකා’ වෙතින් පුංචි අයිසැක්ට සමීක්ෂණයකට ඇරියුම් ලැබෙන්නේ මේ අතරතුර යි. VOA හෙවත් වොයිස් ඔෆ් ඇමෙරිකා සමඟ මෙවන් සංවාදයක යෙදුණු ළා බාලතම පුද්ගලයා වන්නේ ද ඔහු යි.

 සොබොර්නෝ බාරි තම පියා සමඟ – blogs.timesofisrael.com

ශ්‍රීමත් අයිසැක් නිව්ටන්ට උපහාරයක් වශයෙන් හෝ සොබොර්නෝ බාරිගේ නමට ‘අයිසැක්’ යන්න එක් කරන මෙන් සොබොර්නෝගේ ⁣මව්පියන්ට පසුව, නොයෙක් දෙසින් ඉල්ලීම් ගලා එනවා. මුල් කාලයේ දී මේ පිළිබඳ ඔවුන්ගේ වැඩි තැකීමක් සිදුනොවූ ව ද, තම පුතුගේ මේ සුවිශේෂීත්වය පිළිබඳ සලකා බලා ඔහුගේ නම ‘සොබොර්නෝ අයිසැක් බාරි’ ලෙස වෙනස් කෙරෙනවා.

අයිසැක් බාරි ගෙන් උගත යුතු පාඩම්

ලොව පුරා වෙසෙන සිසුන්ට ගණිතය හා විද්‍යාවේ සිත්ගන්නාසුලු පරිචය අවබෝධ කරගැනිමට අයිසැක් බාරිගේ මේ හැකියා මහෝපකාරී වෙනවා යන්න කීම ප්‍රායෝගික කරුණක් යැයි සිතෙනවා. මෙලොව වෙසෙන සියල්ලන්ට ම ප්‍රේමය පැතිරවීම කෙරෙහි පුංචි අයිසැක් තුළ තිබෙන නොසංසිඳි ආශාව වයස් භේදයකින් තොරව අපට ගත හැකි ආදර්ශයක් නොවේ ද?

 සොබොර්නෝ අයිසැක් බාරි ලියූ කෘතිය – amazon.com

ඕනෑම කෙනකුට නව නිපැයුම්කරුවකු වීමට හැකි බව අයිසැක් බාරිගේ තදබල විශ්වාසය යි. ඊට අවැසි වන්නේ, නොපසුබට උත්සාහය හා වෙහෙස මහන්සි වී වැඩ කිරීම බව ඔහු තවදුරටත් ප්‍රකාශ කරනවා. මේ තරම් කුඩා අවධියේ දී ම දීප්තිමත් සිතිවිලි හා අධිෂ්ඨානය සපිරුණු අදහස් බෙදාගනිමින් මිලියන ගණනක් මිනිසුන්ට මානසික වශයෙන් ශක්තියක් වන්නට ඔහු දැනටමත් ක්‍රියාකරමින් සිටිනවා. එය බොහොම ඉදිරිගාමී කටයුත්තක්.

ඔහුට මේ වන විටත් බංග්ලාදේශය, ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක විශ්වවිද්‍යාලවලින් ආරාධිත දේශන සඳහා ද ආරාධනා ලැබෙමින් පවතිනවා. දැනටමත් එම ආරාධනාවලින් කිහිපයක් ම පිළිගත් ඔහු, විශ්වවිද්‍යාල සිසුන් ආමන්ත්‍රණය කරමින් සිටිනවා. ඒ හා සම්බන්ධ වීඩියෝ ඔබට ඔහුගේ නිල ⁣Youtube නාළිකාව හරහා නැරඹීමට පුළුවන්. ඔහු මේ වන විට සිදුකරමින් සිටින පරීක්ෂණ ඇතුළු අනෙකුත් විෂයානුබද්ධ වැඩ කටයුතු වෙනුවෙන් Bari Science Lab නමින් Youtube නාළිකාවක් ද පවත්වා ගෙන යනවා. ගණිතය, රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට ඒ ඔස්සේ යමක් උපයා, සපයාගත හැකි වේවි.

4 GCP සම්මානය පිරිනැමුණු මොහොත

‘Global Child Prodigy’ සම්මානය බාරිටත් බාර වූ වගයි!

‘Global Child Prodigy’ සම්මානය කියන්නෙ ලොව පුරා වෙසෙන සුවිශේෂී දක්ෂතා පිරුණු දරුවන්ට පිරිනැමෙන ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත එකම සම්මානය යි. GCP Award ලෙස කෙටියෙන් හඳුන්වන මෙය නර්තන, ගායන, සිතුවම්කරණ, ලේඛන, රංගන, නිරූපණ, විද්‍යා, නවෝත්පාදන හා ක්‍රීඩා ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ හඳුනා ගන්නා අතිදක්ෂයන්ට පිරිනැමෙන ඉතා වටිනා සම්මානයක්. ඒ සම්මානය විද්‍යා අංශයෙන් අයිසැක් බාරිටත් පිරිනැමුණා. ඒ 2020 වසරේ දී යි. එපමණක් ද නොවේ, මේ වන විට ඔහුට ⁣ඉන්දියාවෙන් නොබෙල් ත්‍යාගය සඳහා ද නාම යෝජනා ලැබී තිබෙනවා. භෞතික විද්‍යාව ආශ්‍රයෙන් ඔහුට නොබෙල් ත්‍යාගය හිමි වීමට වැඩි ඉඩක් පවතින බවට යි බොහෝ දෙනා මත පළ කර සිටින්නේ. ඇදහිය නොහැකි මට්ටමේ දැනුමකින්, සහජ හැකියාවකින් පරිපූර්ණ ව සිටින මේ පුංචි අයිසැක් පිළිබඳ මේ වන විටත් විශ්ව අවධානය යොමු වෙමින් තිබෙනවා.

උපන්ගෙයි සිට ම මිත්‍යාව වපුරන වැඩිහිටි, පොඩිහිටි උන්දැලා වෙනු⁣වට විද්‍යාව අදහන මේ ⁣වගේ විශිෂ්ටයන් බිහිවන්නේ නම්, එය මුළුමහත් ලෝකයට ම ලැබෙන සම්මානයක් නොවෙද..?

කවරයේ පින්තූරය: සොබොර්නෝ අයිසැක් බාරි - wikilamp.com

මූලාශ්‍ර:
gcpawards.com
latestinbollywood.com
youtube.com/Soborno Isaac Bari

Related Articles