Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තව තවත් පුළුල් වෙන Roar

Roar පටන්ගත් ආකාරයත්, Roar ඇප් එක නිර්මාණය කෙරුණු විධියත් ගැන මීට පෙර ලිපි දෙකකින් අප ඔබට ඉදිරිපත් කළා. නමුත් Roar ඇතුළේ අපේ වැඩ කටයුතු කෙරෙන විධිය ගැන කිසිවක් ඔබට කියන්නට මින් පෙර අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා මේ ලිපියෙන් Roar ඇතුළේ වැඩ කරන හැටිත්, වෙනස් වෙනස් Roar කණ්ඩායම් ගැනත් තොරතුරු ටිකක් පාඨක ඔබට ඉදිරිපත් කෙරෙනවා.

2018 Roar හැලොවීන් පාටිය

පටන්ගත් කාලෙ

Roar ආරම්භ කෙරුණු දවස්වල අපට හිටපු කණ්ඩායම අමාරුවෙන් මරුටියක පටවන්න පුළුවන් තරමට ගණනින් කුඩා යි. මුලින්ම ඇරඹුණු Roar.lk කණ්ඩායමට 4 දෙනෙකුත්, ඉන් වසර දෙකකට පමණ පසු ව ඇරඹුණු Roar සිංහලත්, සහ Roar විඩියෝ කණ්ඩායමත් යන දෙක ම “වන් මෑන් ෂෝ” විදියටත් තමයි ඒ දවස්වල දී තිබුණේ. සම්පූර්ණ කණ්ඩායම ම එක කාමරයකට, හෝ දෙකකට සීමා වුණා.

අද වෙද්දී

වර්තමානය වන විට Roar කණ්ඩායමේ විශාලත්වය බොහොම වැඩි වෙලා තියෙනවා. පළ කරන ලිපිත්, නිර්මාණය කෙරෙන විඩියෝත් ගණනින් වැඩි වෙද්දී, ඒවායේ ප්‍රමාණාත්මක වර්ධනය වගේ ම ගුණාත්මක වටිනාකමත් පවත්වා ගන්නට නම් ඒ හා වැඩෙන කණ්ඩායමකුත් තිබීම අත්‍යාවශ්‍ය යි නේ.

Roar විඩියෝ තනි අංශයක් ලෙස ඇරඹුණත්, අද වන විට එය Roar සිංහල, Roar.lk, සහ Roar Studios අතරේ අවශෝෂණය වී තිබෙනවා.

Roar සිංහල සෙට් එක

බරට ම වැඩ

Roar සිංහල කණ්ඩායමේ පූර්ණ කාලීන සාමාජිකයින් ගණන 10ක්. ඊට අමතර ව නිදහස් රචකයින් වශයෙන් 15 දෙනෙකු පමණ ද මේ කණ්ඩායම හා සම්බන්ධ වී සිටිනවා. Roar සිංහල වෙබ් අඩවියත්, ෆේස්බුක් පි‍ටුවත් හරහා ගෙන එන සෑම නිර්මාණයක් ම පාඨක ඔබ වෙත ගෙන එන්නේ මේ පිරිසේ කණ්ඩායම් ප්‍රයත්නයෙන්. Roar ටෙක් පි‍ටුව හරහා ඉදිරිපත් කෙරෙන අන්තර්ගතයන් නිර්මාණය කරන්නේත් Roar සිංහල කණ්ඩායම ම තමයි.

Roar LKකණ්ඩායම

Roar LK වෙබ් අඩවියත්, ෆේස්බුක් පි‍ටුවත්, Roar LK Tech පි‍ටුවත් හරහා ගෙන එන අන්තර්ගතයන් නිර්මාණය වෙන්නේ මේ කණ්ඩායම අතින්. පූර්ණ කාලීන සාමාජිකයින් 12ක් සහ නිදහස් රචකයින් කීපදෙනෙකුගෙන් Roar LK කණ්ඩායම සෑදෙනවා.

රචනයේ පමණක් නොවෙයි, වෙනත් විවිධ විෂයය ක්ෂේත්‍රයන්වල අධ්‍යාපනය සහ පළපුරුද්ද ලත් පිරිසක් මේ කණ්ඩායම් දෙකේ ම සේවය කරනවා. Roar Media විසින් ඉදිරිපත් කෙරෙන නිර්මාණාත්මක ලිපි, විඩියෝ, සහ වාණිජ්‍යමය නොවන සියලු නිර්මාණයන් බිහි කෙරෙන්නේ මේ කණ්ඩායම් දෙක අතින්. නමුත් Roar කණ්ඩායම හැදෙන්නේ මේ දෙපිරිසෙන් විතරක් නොවෙයි. තවත් දෙකොටසක් එයට අයත්.

Roar Studios

Roar Studios ටීම් එක හැදෙන්නෙ මේ අයගෙන්

Roar වෙතින් පිරිනමන සියලුම වාණිජ්‍යමය සේවාවන් සැලසෙන්නේ Roar Studios වෙතිනුයි. ජාතික සහ ජාත්‍යන්තර තලයේ සුපතල සන්නාමයන් බොහොමයකට Roar Studios සිය සේවාවන් සපයනවා. මේ අතර Roar සිංහල සහ Roar.lk වෙබ් අඩවිවල පළ කෙරෙන අනුග්‍රාහක ලිපි සහ විඩියෝ වගේ ම, අපගේ වෙබ් අඩවිවල පළ නොවෙන ප්‍රචාරක නිර්මාණයන් ද වෙනවා.

අනෙක් කණ්ඩායම් දෙකෙහි වගේ ම, Roar Studios කණ්ඩායම සමගත් විවිධ විෂයයන්වල, විවිධ ක්ෂේත්‍රයන්ගේ පළපුරුද්ද සහිත වෘත්තිකයින් සේවය කරනවා. වර්තමානයේ මේ කණ්ඩායමේ සාමාජික සංඛ්‍යාව 20ක්.

ඉතිරි කවුද?

Roarහි අනන්‍යතාවය ලෝකයට පෙන්වන කණ්ඩායම් තුන ම ඉහළින් සඳහන් කළානේ. නමුත් පිටතට නොපෙනෙන තව කණ්ඩායමක් Roar හා එක් ව සිටිනවා. පෙර කී කණ්ඩායම් තුනට ම තමන්ගේ වැඩ කටයුතු පහසුවෙන් කරගෙන යන්නට සහාය දෙන්නේ ඔවුන්. Roarහි සංවිධානාත්මක කටයුතු, පරිපාලනය, සහ ගණකාධිකරණ කටයුතු සිදුකරන්නේ මේ පිටතට නොපෙනෙන, අන්තිම කණ්ඩායම මඟින්. මේ කණ්ඩායමට 7 දෙනෙකු ඇතුළත්.

Roar “stealth team” එක

තවත් ඉන්නවා!

මින් මාස කීපයකට ප්‍රථම ව Roar කාර්යයාලය නව ගොඩනැඟිල්ලකට ගෙන ගියා. ඒ ගොඩනැඟිල්ලේ සේවයේ නියුතු කණ්ඩායම් සියල්ල ගැන තමයි අපි මෙතෙක් වේලා සටහන් කළේ. නමුත් Roar කණ්ඩායම හැදෙන්නේ ඒ පිරිසෙන් ම පමණක් නොවෙයි. ඉන්දියාවේත්, බංගලාදේශයේත් සිට Roar එක්ක වැඩ කරන තවත් කණ්ඩායම් තුනක් සිටිනවා. Roar Tamil, Roar Hindi, සහ Roar Bangla යන එම කණ්ඩායම් තුනේ සාමාජිකයින් සංඛ්‍යාව 80කට අධික යි.

Roar ඇතුළේ ජීවිතේ

Roar අපි ආයතනය තුළ ජීවිතේ ගෙවන්නේ බොහොම සැහැල්ලුවෙන්. ඕනෙ නම් කැෂුවල් ඇඳුමක් ඇඳගෙන, බාටා දෙකක් දාගෙනත්, නැතිනම් ‘කිට මරලා’ පිළිවෙලට වැඩට එන්න පුළුවන්. මේසෙට පු‍ටුවෙ වාඩිවෙලා වැඩ කළත්, සෝෆාවක හෝ බිම වාඩිවෙලා වැඩ කළත් කාගෙන්වත් බාධාවක් නෑ. වැඩ කරන ගමන් විහිළු තහළු කරන්න, කතා කරන්න නිදහස ඕනෑවටත් වැඩියි. ‍රැකියා ස්ථානයේ නිදහස වැඩි වුණාට ඒක කාර්යයක්ෂමතාවයට බාධාවක් නොවෙන බව Roar විශ්වාසය. අප විසින් නිර්මාණය කෙරෙන අන්තරගතයන්ගේ ඉහළ ගුණාත්මක බවටත්, නිර්මාණාත්මක බවටත් හේතුව එය ම බව Roar විශ්වාස කරනවා.

නිදහසේ වැඩ කරන්න, විනෝද වෙන්න, Roar තමයි තැන!

ඉතින් Team Roar හැදෙන්නේ ඔන්න ඔහොමයි. Roar කණ්ඩායමට එකතු වෙන්න ඔබත් කැමති ද? එහෙනම් [email protected] හරහා අයැදුම් කරන්න. 

Related Articles