Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෙවුණු මාසයේ හොඳම ආරාධිත රචකයින්

Roar සිංහල ආරාධිත රචක කරළිය කියන්නේ, නවක ලියන්නන්ට අන්තර්ජාලයේ සිංහලෙන් කියවන පාඨක ප්‍රජාව සමග තමන්ගේ දැනුම බෙදාගැනීමට සාදා දී ඇති අවකාශයක්. 2019 වසරේ සිට Roar සිංහල හා රැඳීසිටි පාඨකයින්ට, අපගේ ආරාධිත රචක කරළිය ගැන අමුතුවෙන් විස්තර කරන්නට යමක් නැහැ. තමන් උගත් දෙය හෝ කියවා ඇති දෙය ආශ්‍රයෙන් රසවත් ලිපි ලියා, Roar සිංහල කියවනා ප්‍රජාව සමග ඒවා බෙදාගන්නට ප්‍රිය බොහෝ රචකයින් අපගේ ආරාධිත රචක කරළිය වටා එක්රැස්වී සිටිනවා. ඔබ ද, ඔවුන් ලියූ ලිපි බොහොමයක් කියවා ඇති. 

2021 වසරේ දෙවැනි මාසයේ පළමු දිනය අද යි. නව වසරේ මාසයක් ගෙවී ගිය තැන මේ ලිපිය අප අතින් ලියැවෙන්නේ, ගෙවුණු දුරුත්තේ Roar සිංහල ආරාධිත රචක කරළියට ලියා වැඩිම කියවුම් වාර සංඛ්‍යාවක් ලබාගත් ආරාධිත රචකයින් පස්දෙනා වෙනුවෙන්. ඔවුන්ට වඩා වැඩි කියවුම් වාර සංඛ්‍යාවක් ලබා ඇත්තේ කුසුම්සිරි විජේවර්ධන, තඹරු විජේසේකර, මිලාන් පෙරේරා, සහ නදුන් ලියනගෙදර යන අපේ නිදහස් රචකයින් සිවුදෙනා පමණ යි. 

Roar සිංහල ආරාධිත රචක කරළිය 

පළමු ලිපියෙන්ම පළමුවැන්නා වූ උදාර ජයවර්ධන 

උදාර ජයවර්ධන අපගේ ආරාධිත රචක කරළියට පළමු වරට ලියූ රචකයෙක්. ඔහු අප වෙත ලබා දී තිබුණේත් අමුතු මාතෘකාවක් යටතේ ලියැවුණු ලිපියක්. අප සාමාන්‍යයෙන් කියවන්නේ නැති, අප කියවන මාතෘකාවන් අතරට හසුවන්නේ නැති ලිපියක්. 

එංගලන්තයේ පුරාවෘත්තයක් හා බැඳුණු සංචාරක ස්ථානයක් අළලා උදාර විසින් ලියැවුණු “මායාකාරියක් ලෙස විරුදාවලිය ලැබූ, මදර් ෂිප්ටන්” ලිපිය පාඨකයින් 9,800 වාරයකට වඩා කියවා තිබෙනවා. ඔබ තවමත් එම ලිපිය කියවා නැති නම්, මෙතනින් ගොස් කියවිය හැකියි. 

ජනවාරියේ දී අප හා එක්වුණු ගයාන් සමරවීර

ආරාධිත රචකයින් අතරේ පළමු තැනට පැමිණි උදාර වාගේම, ගයාන් සමරවීරත් පසුගිය මාසයේ දී නව රචකයෙකු ලෙස ආරාධිත රචක කරළියට සම්බන්ධ වූ අයෙක්. පසුගිය මාසය තුළ, ඔහු විසින් ලියැවුණු ලිපි තුනක් Roar සිංහල වෙබ් අඩවියේ පළවුනා. ඔහු ලියූ ලිපි අතරින් වැඩිම වාරයක් කියවූ ලිපිය වන්නේ හිටපු අගමැති එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ ඝාතකයා වූ තල්දූවේ සෝමාරාම භික්ෂුව පිළිබඳ ලිපිය යි. ඔබට එය මෙතැනින් කියවිය හැකියි. එය 2,200කට වැඩි වාර ගණනක් කියවා තිබුණා. 

ගයාන් විසින් ලියැවුණු අනෙකුත් ලිපි වන්නේ ප්‍රවීණ සිනමා නිලි අයිරාංගනී සේරසිංහ ගැන ලියැවුණු ලිපියක් සහ හොරගොල්ල වලවුවේ පින්තූර සහ විස්තර සඳහන් ලිපියක්. 

මුල සිටම අප සමග ලියූ දිනේෂ් අසංක

අපගේ පැරණිම ආරාධිත රචකයින් කවුදැ යි ඇසුවොත්, අප මුලින්ම සඳහන් කරනා නම් අතරට දිනේෂ් අසංක ද අයත්. දිනේෂ්, 2019 වසරේ සිටම අප සමග ලියූ ආරාධිත රචකයෙක්. මේ වන විට ඔහුගේ ලිපි 28ක් Roar සිංහල වෙබ් අඩවියේ පළවී තිබෙනවා.  

ගෙවුණු ජනවාරි මාසයේ ඔහු ලියූ “ඇමරිකාවේ ඒකවාර ජනාධිපතිවරු” ලිපිය 3,300කට අධික වාරයක් කියවා තිබුණා. ඒ ඔහු ජනවාරියේ ලියූ දෙවැනි ලිපිය යි. ඔහු ඉන් පෙර ලියා ඇති “ඇමරිකානු සිහිනය මත බිහි වූ භෝපාල් සොහොන” ලිපිය 21,100කට අධික වාර ගණනක්, “විනාඩියෙන් කඩා වැටුනු සිංගප්පුරුවේ හොටෙල් නිව් වර්ල්ඩ් ගොඩනැගිල්ල” ලිපිය 17,400කට අධික වාර ගණනක්, “කාන්තාරයේ කුසුමක සුවඳ” ලිපිය 15,800කට අධික වරක්, “කප්රූන් දුම්රිය ඛේදවාචකය” ලිපිය 11,600කට අධික වරක් Roar පාඨකයින් විසින් කියවා තිබෙනවා. 

ජනවාරියේ සිය මුල්ම ලිපිය ලියූ මලිඳු වීරක්කොඩි

මලිඳු වීරක්කොඩිත් 2021 ජනවාරියේ Roar සිංහල සමග ලිවීම ආරම්භ කළ රචකයෙක්. ඔහුගේ පළමු ලිපිය ඉන්දියාවේ ගෝලීය උපායමාර්ග සම්බන්ධයෙන් ලියැවුණු එකක්. Roar සිංහල පාඨකයින් එම ලිපිය 4,700කට අධික වාර සංඛ්‍යාවක් කියවා තිබුණා. එම ලිපිය ඔබට මෙතැනින් කියවිය හැකියි. 

පුළුල් පරාසයක ලිපි ලියන අමිත් රන්දෙණිය

අමිත්, 2020 දෙසැම්බරයේ සිය පළමු ලිපිය අප වෙත ලබා දුන් රචකයෙක්. ඔහු සිය පළමු ලිපියෙන් ලියා තිබුණේ “No deal Brexit” ගැන යි. පසුගිය මාසයේ “මංකොල්ලකරුට පෙම් බඳින, “ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය”” යන මැයෙන් ඔහු ලබාදුන් ලිපිය 2,500කට අධික වාර ගණනක් කියැවුණු ලිපියක්. 

අමිත් රන්දෙණියගේ හොඳම ලිපිය වන්නේ සාදික්කා වගාවේ ඉතිහාසය ගැන ලියැවුණු, “ලේ වැකුණු ඉතිහාසයක් ඇති සාදික්කා” යි. එය 6,100 වාරයක් කියවා ඇති ජනප්‍රිය ලිපියක්. 

මේ රචකයින් පස්දෙනාට Roar සිංහල බොහොමත්ම ස්තුතිවන්ත වනවා වාගේම, අන්තර්ජාලයේ සිංහලෙන් කියවන පාඨකයින්ට විවිධාකාර මාතෘකා රැසක් ඔස්සේ ලියැවුණු, තොරතුරුවලින් පිරි රසවත් ලිපි බොහෝ ගණනක් ඉදිරිපත් කිරීම අපි අගය කරනවා. ලිවීමට ප්‍රිය, ලිවීමේ දස්කම් දක්වන පාඨක ඔබත් ඔවුන් මෙන්ම අප හා එක්වීමට කැමැති නම්, ඔබට මෙතැනින් ඇරඹිය හැකියි

Related Articles