Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිවස අලංකරණයට තණකොළ පළසක් වවමු

අප සෑම දෙනාම ගෙවතු අලංකරණය සඳහා කැමැත්තක් දක්වයි. ගෙවත්ත අලංකාර කිරීම සඳහා තණකොළ යොදා ගැනීමෙන් ගෙවත්තේ ලස්සන වැඩිවනවාට අමතරව අපගේ සෞඛ්‍ය තත්වය යහපත්ව පවත්වා ගැනීමටද එය උපකාරී වේ. හොඳින් වැඩුණු තණ පලසක් මත පාවහන් රහිතව ඇවිදීම විවිධ ලෙඩ රෝග සඳහා ඔසුවක් ලෙස වර්තමානය වන විට හඳුනාගෙන ඇත.

නමුත් සෑම තණකොළ වර්ගයක්ම එක හා සමාන ලෙස සෑම ප්‍රදේශයකම වැවිය නොහැක්කේ ඒවාට අවශ්‍ය කාලගුණික සාධක විවිධ වීම හේතුවෙනි. මෙම ලිපිය තුලින් අප බලාපොරොත්තු වන්නේ ගෙවතු අලංකරණයට තණකොළ තෝරා ගත යුත්තේ කෙසේද, තණකොළ වැවීම සිදු කළ යුත්තේ ගෙවත්තේ කුමන ප්‍රදේශවලද, තණකොළ වැවීමෙන් ඇති වන වාසි මොනවාද යනාදිය පිළිබඳ ඔබව දැනුවත් කිරීමටයි.

වැවිය යුතු තණකොළ වර්ගය තෝරා ගැනීම

wpzipper.com

ලංකාවේ වැඩිපුරම භාවිත වන තණකොළ වර්ගය වන්නේ “බෆලෝ ග්‍රාස්” යන වර්ගයයි. මීට අමතරව “ඕස්ට්‍රේලියන් වැක්ස්” යන තණකොළ වර්ගයටද ලංකාවේ ඉල්ලුමක් ඇති බව පෙනේ. මීට අමතරව “මැලේසියන් තණකොළ” සඳහාද ඇති ඉල්ලුම ඉහළ යමින් පවතින බව සඳහන් වේ. නමුත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට කාලගුණික තත්වයන් වෙනස් වීම හේතුවෙන් භුමියේ අලංකරණය සඳහා වැවිය හැකි තණකොළ ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්වේ. ඒවා නම්

ශිත සෘතු තණකොළ (cool season grasses)
උෂ්ණ සෘතු තණකොළ (warm season grasses).
මිට අමතරව සංක්‍රාන්ති කලාපයේ වැවීමට ශිත සෘතු තණකොළ හා උෂ්ණ සෘතු තණකොළවල මිශ්‍රණයක් අවශ්‍ය වේ. නමුත් මෙම ප්‍රදේශ වල වැඩිපුරම සාර්ථක වන්නේ ශිත සෘතු තණකොළ වර්ගයි.
ඔබ ජීවත් වන ප්‍රදේශයේ කාලගුණය අනුව තණකොළ වර්ග තෝරා ගැනීමෙන් ඒවා හොඳින් ව්‍යාප්ත කර ගැනීමේ හැකියාවක් පවතී.

තම ගෙවත්තේ තත්වය පිළිබඳව සැළකිලිමත් වීම

7desainminimalis.com

යෝග්‍ය තණකොළ වර්ගයක් තෝරා ගත් පසු තමාගේ ගෙවත්තේ තත්වයන් පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ඔබගේ ගෙවත්ත සාමාන්‍ය තත්වයේ පවතී නම් තමා ජීවත් වන ප්‍රදේශයට ගැලපෙන තණකොළ වර්ග වැවීමෙන් හොඳ ප්‍රතිපල ලබා ගත හැක. නමුත් ඔබගේ ගෙවත්ත හිරු එළිය නොවැටෙන සේ අධික සෙවනක් පැවතීම, ජලය හිඟ වීම, ලවණ සහිත පසක් පැවතීම වැනි සාධකවලින් යුතු නම් එම තත්වයන්වලට යෝග්‍ය තණකොළ වර්ග තෝරා ගත යුතු වේ.

උදාහරණයක් ලෙස ජලය හා පොහොර අඩු භුමි ප්‍රදේශයක් නම් “බෆලෝ ග්‍රාස්” වැනි තණකොළ වර්ගයක් තෝරා ගත හැක. සෙවන බහුල ප්‍රදේශයන් සඳහා “fine-leaf fescues” තණකොළ වර්ගය වඩාත් උචිත වේ. “seashore paspalum” වැනි තණකොළ ලවණමය පසක් සහිත ප්‍රදේශ වල හොඳින් වර්ධනය වීම දැකිය හැක.

පස පරීක්ෂා කිරීම හා පස සැකසීම

consumerreports.org

තණපලස නිර්මාණය කිරීමට පෙර ගෙවත්තේ පස පරීක්ෂා කළ යුතු වේ. මෙමගින් පසට අලුතෙන් පොහොර එක් කළ යුතුද, කොපමණ පොහොර ප්‍රමාණයක් එක් කළ යුතුද ආදිය පිළිබඳව මනා අවබෝධයක් ලැබේ. ඔබ තණ පලසක් නිර්මාණය කළ පසු එහි ඇති පස වෙනස් කිරීම අපහසු කාර්යකි. පසට පොහොර යෙදීමේ අවශ්‍යතාවයක් පවතී නම් එය පසේ මුල් අඟල් 4 -6 ත් අතර සිදු කිරීම වඩා යෝග්‍ය වේ. තණපළසක් සඳහා පස සකස් කිරීමේදී එහි පහත ලක්ෂණ තිබිය යුතුය.

තණකොළ හොඳින් වැඩීමට පස බුරුල් තත්වයේ පැවතිය යුතුය
පස කාබනික ද්‍රව්‍යවලින් සාරවත් විය යුතුය
හොඳ ජල බැස්මක් හා තෙතමය රඳවා ගැනීමේ හැකියාව පැවතිය යුතුය.

artificialturfscotland.co.uk

පස සකස් කිරීමේදී මුලින්ම පසේ ඇති වල් පැළෑටි, විශාල ගල් කැබලි, ඉතිරි වූ ශාක මුල් කොටස් ඉවත් කිරීම සිදු කළ යුතුය. වල් පැළෑටි ඉවත් කිරීමේදී ඒවාගේ මුල් ඉතිරි නොවන සේ ඉවත් කිරීම සිදු කළ යුතු වේ. රසායනික වල් නාශයක් භාවිත කිරීමෙන් මෙය වඩාත් සාර්ථකව සිදු කර ගත හැකි වේ. මේ සියල්ලෙන් පසුව ඔබගේ බිම රේක්කයක් ආධාරයෙන් සමතලා කරගත යුතුය. පස් අඩු ස්ථානවලට පස් දැමීම හා එක් ස්ථානයකට ගොඩ ගැසී ඇති පස් විසිරුවා හැරීම මෙහිදී සිදු කළ යුතුය. පසුව ඔබගේ තණකොළ බීජ ඉසීම සිදු කළ හැක. වර්තමානයේදී බොහෝ දෙනෙක් බීජ මඟින් තණ පළසක් නිර්මාණය කිරීමට වඩා වැවු තණකොළ පිඩලි ඇල්ලීම මඟින් තණ පලසක් නිර්මාණය කර ගනී. මීට හේතුව පිඩලි ක්‍රමය වඩාත් කාර්යක්ෂම වීමයි.

අව්වේ හා සෙවනේ ඇති තණකොළවල විවිධ අවශ්‍යතා

angieslist.com

හොඳින් සූර්යාලෝකය ලැබෙන තණ පළසක හා සෙවනේ ඇති තණ පළසක අවශ්‍යතාවයන් විවිධ වේ. සෙවන සහිත ප්‍රදේශයක ඇති තණකොළ සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය සුර්යාලෝකය හොඳින් ලැබෙන තණ පළසකට අවශ්‍ය පොහොර ප්‍රමාණයට වඩා අඩුය. මීට හේතුව සෙවන සහිත ප්‍රදේශවල තණකොළ අඩු ක්‍රියාකාරිත්වයක් දැක්වීමයි. සෙවන ප්‍රදේශයක තණකොළ සඳහා සුර්යාලෝකය සහිත තණපළසකට මෙන් ජලය අවශ්‍ය වන්නේ නැත. මෙයට හේතුව වාෂ්පීකරණය අඩු තත්වයක පැවතීමයි.

තණකොළ වැවීමේ වාසි

නිවසක තණකොළ වවා එම තණපළස මත ඇවිදීමෙන් බොහෝ සෞඛ්‍ය වාසි අත් වේ. ඉන් කීපයක් පහත දැක්වේ.

පළමු වැන්න වන්නේ සිරුරේ විවිධ කොටස් උත්තේජනය හා ඇස් පෙනීම වර්ධනය වීමයි. අපගේ සිරුරේ ප්‍රතීක ක්‍රියා සමඟ සම්බන්ධ වන කලාපයන් බොහොමයක් යටි පතුලේ පිහිටා ඇත. තණපළස මත ඇවිදීමෙන් එම ක්‍රියා සම්බන්ධ කලාප උත්තේජනය වී ඒවාට සම්බන්ධ අවයවවල ක්‍රියාකාරිත්වය යහපත් වේ.

මානසික ආතතිය අඩු වීමද තවත් වාසියකි. හිමිදිරියේ තණපළසක් මත ඇවිදීමේදී ඔබ උදෑසන හිරු එළිය, නැවුම් වාතය, නිස්කලංක වටපිටාව යන දේවලට නිරාවරණය වේ. මේ හේතුවෙන් මනස යහපත් වී මානසික ආතතිය අඩු වේ.

දෙපා නිරෝගී වීමද මෙමගින් ලැබෙන තවත් වාසියකි. පාවහන් රහිතව තණපළසක් මත ඇවිදීමේදී දෙපාවලට හොඳ ව්‍යායාමයක් ලැබේ. මින් ඔබේ දෙපා නිරෝගී වේ.

කවරයේ රූපය : pennington.com

Related Articles