Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සාම්ප්‍රදායික අලෙවිකරණය වෙනුවට තාරුණ්‍යය දිනාගත හැකි Content Marketing ක්‍රමය

සාම්ප්‍රදායික වෙළඳ දැන්වීම්කරණයේදී (Traditional marketing) සිදුවන්නේ අසන්නාට/බලන්නාට බාධා කරමින් බලහත්කාරයෙන් වෙළඳ දැන්වීම් පෙන්වීමයි. එහිදී වෙළඳ ආයතනවලට රිසි වේලාවක රිසි ආකාරයෙන් පාරිභෝගිකයන්ට දැන්වීම් ප්‍රචාරය කිරීම සිදු වෙනවා. මෙය පුවත්පත් දැන්වීම්, සඟරා දැන්වීම්, මහමඟ සවිකළ විශාල පුවරු හරහා මෙන්ම ඍජුව නිවසට තැපැල් කිරීමෙන් සාම්ප්‍රදායික වෙළඳ දැන්වීම්කරණය සිදු වෙනවා. මෙහිදී එම වෙළඳ පණිවුඩ ඉතා විශාල පිරිසකට ඔවුන්ගේ අවශ්‍යතාවයන්, කැමැත්ත පිළිබඳව සැලකිල්ලට නොගෙනම පෙන්වනු ලබනවා.

2019 ජනවාරි වන විට ලංකාවේ අන්තර්ජාල සංඛ්‍යාන දත්ත (slidesharecdn.com)

අන්තර්ගත දැන්වීම්කරණයේදී (Content marketing) සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස්, නිර්බාධක දැන්වීම් පළ කිරීමක්. එහිදී වැදගත් නිර්මාණයන් සමාජයට ලබාදෙමින් ඔවුන්ගේ අධ්‍යාපනය දියුණු කිරීම හෝ වින්දනයට යමක් ලබා දෙමින් අවශ්‍යතාවයන්ගෙන් යුතු පිරිසක් ඇඳ බැඳ ගැනීමෙන් ඔවුන්ට දැන්වීම් පෙන්වීම හෝ නිෂ්පාදනයක් පිළිබඳව දැනුවත් කිරීම සිදු කරනවා. මෙය විවිධ ආකාරයන්ගෙන් සිදු වෙනවා. ආකෘති පත්‍ර, ලිපි, බ්ලොග්, ඊමේල්, ප්‍රශ්නාවලි, ඡායාරූපමය සැකසුම්, වීඩියෝ සහ පොඩ්කාස්ට් ලෙස මේවා සමාජය වෙතට යනවා. මෙමගින් නිෂ්පාදනයට වඩාත් ගැලපෙන පාරිභෝගික පිරිසක් වෙතට පණිඩිඩය ගෙන යන්නට හැකි වන අතර, ඉන් දැන්වීම්කරණයට යොදන මුදලට සාධාරණ, සාර්ථක ආදායමක් ලබන්නට හැකි වෙනවා. නිවැරදි සන්නිවේදනය නිසා විශ්වාසදායී, නොබි‍‍ඳ‍ෙන පාරිභෝගික පිරිසක් ගොඩනැගුනු විට‍ නිෂ්පාදනය වඩාත් හොඳින් වර්ධනය කරන්නට හැකි වෙනවා.

මුදල් නෝට්ටු සමග ඔට්ටු වෙනවාට වඩා අන්තර්ජාල ගෙවීම් ඉතා පහසු යි

නූතනයේ මෙය පහසුවෙන්ම දැකිය හැකි ක්‍රමයක් වන්නේ YouTube වීඩියෝ නැරඹීමයි. රූපවාහිනිය නරඹද්දී ඔවුන්ට අවශ්‍ය වැඩසටහන් සහ වෙළඳ දැන්වීම් දවස පුරා ධාවනය වුවත්, අපි YouTube හි නරඹන්නේ අපි තෝරාගන්නා ලද වීඩියෝ පමණයි. Facebook වෙළඳ දැන්වීම්, Google සෙවුම් අතරට පැමිණෙන දැන්වීම් ආදිය පමණක් නොව, Instagram ද දැන් දැන්වීම් පළ කිරීමේ ජනප්‍රිය ක්‍රමවේදයන් බවට පත්ව තිබෙනවා. නිරන්තරයෙන් භාවිතයට ගැනෙන Chat සේවාවන් වන Viber, IMO ආදියෙහිත් දැන්වීම් ඕනෑ තරම් දකින්නට තිබෙනවා. ‍

මෙය පරිගණකය තුළට පමණක්ම සීමා වන්නේ නැහැ. පිරිස් අතර අවධානය යොමු කරගැනීම සහ ඔවුන් ද දැන්වීම්කරණයට සහභාගී කරගැනීමෙන් නවමු මානයක සාර්ථකත්වයක් ලබා ගන්නට පුළුවන්. පාරිභෝගිකයන් සමඟ Interactions හෙවත් ඔවුන්ගේ ස්වේච්ඡා සහභාගීත්වය ලබා ගැනීමෙන් ප්‍රචාරණය කරන නිෂ්පාදිතය වෙත ඔවුන්ව පහසුවෙන්ම ඇද බැඳ තබා ගන්නට හැකි වෙනවා. ඔවුන් ඊට යොමුවන විට ඔවුන්ගේ ඥාති, මිත්‍රාදීන්ගේ අවධානය ද යොමු වීමෙන් ඔවුන් ද ඒ වෙත ආකර්ෂණය වෙනවා. මෙවන් නවමු ආකාරයේ Viral content marketing වැඩසටහනක් වීඩියෝ තරගයක ස්වරූපයෙන් ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ දී CDB මූල්‍ය ආයතනය විසින් සිදු කළා. එහිදී සිසුන්ට කරන්නට තිබුණේ තමන්ගේ නිර්මාණශීලී හැකියාව උපයෝගී කරගනිමින් වීඩියෝවක් තරගයට ඉදිරිපත් කිරීම යි.

සහභාගී වූ සිසුවෙක් අදහස් දක්වමින්

ඔවුන් තනි තනිව සහ කණ්ඩායම් වශයෙන් වීඩියෝ රැසක් සකසා සමාජ ජාලවලට මුදා හැර තිබුණු අතර Facebook හා Instagramවල පළ කළ postවලට ලැබුණු ප්‍රතිචාර, reactions, shares ආදිය අනුව පමණක් නොව, නිර්මාණශීලී බව ද සැලකිල්ලට ගනිමින් ජයග්‍රාහකයින්ව තෝරා ගනිමින් ඔවුන්ට මුදල් ත්‍යාග ලබා දුන්නා.‍ මෙම වැඩසටහන CDBiTransfer සේවාව මූලික කරගෙන ක්‍රියාත්මක කෙරුණා. එම සේවාව හරහා ඕනෑම කෙනෙක්ට කිසිදු බැංකු ගිණුම් විස්තරයක් නොමැතිව ඕනෑම සමාජ ජාලයක් (Facebook, WhatsApp, Viber, Email සහ SMS) උපයෝගී කරගෙන Link එකක් හරහා මුදල් යවන්නට පහසුකම් සලසා තිබෙනවා. මෙම වේගවත් ගනුදෙනු ක්‍රමය අරභයා සිදු කෙරුණු මෙම තරගාවලිය අන්තර්ජාලයේ කතාබහට ලක් වූ අතර, සහභාගීවූවන්ට මහත් විනෝදයක් මෙන්ම Content marketing පිළිබඳව දැනුමක් ගෙන දුන්නා. Content සැකසීම තුළින් ලාංකේය අන්තර්ජාල පසුබිමට දිය හැකි බලපෑම පිළිබඳව මනා උදාහරණයක් මේ වැඩසටහන හරහා CDB ආයතනය ලබා දුන්නා.

CDB iTransfer සේවාව පිළිබඳ පුවරු

තම ගනුදෙනුකරුවන්ට වඩාත් උසස් සේවාවක් ලබා දීමට නව තාක්ෂණය උපයෝගී කරගනිමින් හඳුන්වා දී ඇති මෙම මූල්‍ය සේවාවන් විවිධ සමාජ ජාල භාවිතා කරමින් තව තවත් ඔවුන් වෙත සමීප කිරීමට CDB ආයතනය සමත්වී සිටිනවා.

කවරය: geomarketing.com

Related Articles