Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉගෙන ගන්න යන්න හොඳම රටවල් 5ක්

අධ්‍යාපනය සඳහා විදෙස්ගත වන්නට අදහස් කරන ඔබ වෙනුවෙන් ඉහළ අධ්‍යාපන මට්ටමක් ලබන්නට මෙන්ම, ඒ අතරතුර නවමු අත්දැකීම් ලබා ගන්නට ද හැකිවන ආකාරයට සිසුන්ගෙන් ලබාගත් සමීක්ෂණ වාර්තා අනුව educations වෙබ් අඩවියේ ශ්‍රේණිගත කිරීම් සහ QS විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව වඩාත් හොඳම රටවල් 5ක් ‍අප මෙලෙස තෝරාගත්තා.

 5. ඕස්ට්‍රේලියාව

සිඩ්නි ඔපෙරා හවුස් (wikimedia.org)

ලතින් බසින් Terra Australis හෙවත් දකුණු දිග භූමිය යන්නෙන් සැකසුනු ‘ඕස්ට්‍රේලියාව’ ඕස්ට්‍රේලියානු ජාතික සරසවිය, මෙල්බර්න්, සිඩ්නි සහ නව සවුත්වේල්ස් හි සරසවිය ඇතුළු ලොව ඉහළ තලයේ සිටින උසස් අධ්‍යාපන ආයතන රැසක් ඕස්ට්‍රේලියාව සතුව තිබෙනවා. කැන්බෙරා, ගෝල්ඩ් කෝස්ට්, බ්‍රිස්බේන් මෙන්ම මෙල්බර්න් නගර ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා දැරිය හැකි මිලකට විසිය හැකි නගර වන අතර ශ්‍රී ලංකාවේ පරිදිම වම් පසින් රිය ධාවනය කරන නිසා පදිකයකු ‍ලෙස මාර්ගය අවබෝධ කරගැනීම මෙන්ම රිය පැදවීම ද පහසුයි.

 විදේශීය සිසුන් සඳහා ඉහළ ඉංග්‍රීසි භාෂා පාඨමාලා (ELICOS), ප්‍රාථමික හෝ ද්විතීයික පාසල්, ද්විතීයික පාසල් හුවමාරු වැඩසටහන, වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (VET) පාඨමාලා, උසස් අධ්‍යාපන පාඨමාලා, පශ්චාත් පර්යේෂණ උපාධි ආදිය සඳහා ශිෂ්‍ය වීසා ඉල්ලුම් කළ හැකියි. ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව 24වන ස්ථානයේත්, ඕස්ට්‍රේලියාවේ ප්‍රථම ස්ථානයේත් රැ‍ඳ‍ෙන ඕස්ට්‍රේලියානු ජාතික සරසවිය සඳහා IELTS ලකුණු අපේක්ෂාව 6 ක් වෙනවා.

 4. නෙදර්ලන්තය

දිය අගල්වලට හිමිකම් කියන එරට සුන්දරත්වයෙන් අනූනයි (praxisifm.com)

 ඉහළ ශ්‍රේණිගත වෛද්‍ය, ඉංජිනේරු, නීති, ව්‍යාපාර වැනි අධ්‍යයන ආයතනයන්ට සහ 2019 ටයිම්ස් විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල මුල් 100 තුළ ස්ථාන 7කට හිමිකම් කියන්නට නෙදර්ලන්තය සමත්ව තිබෙනවා. දැවමුවා සපත්තු, චීස්, ටියුලිප් මල්, දර්ශනීය දිය අගල් ආදියට හිමිකම් කියන එරට සුන්දරත්වයෙන් අනූනයි. ලයිඩන් (Leiden), ග්‍රොනින්ගන්, ඈම්ස්ටර්ඩෑම්, රොටර්ඩෑම් වැනි නගර සිසුන් සඳහා වඩාත් උචිත වෙනවා.

පිළිගත් විශ්ව විද්‍යාලයක් හෝ ව්‍යවහාරික විද්‍යා විශ්ව විද්‍යාලයක, පූර්ණකාලීනව පිළිගත් වැඩසටහනකට ශිෂ්‍යයෙකු ලෙස ඔබට (තාවකාලිකව)  ශිෂ්‍ය වීසා ලබා ගත හැකියි. ඔබට ස්වාධීන, ප්‍රමාණවත් සහ තිරසාර ආදායමක් ඇති බව සනාථ කළ යුතු අතර, සෑම අධ්‍යයන වර්ෂයකදීම (අධ්‍යයන ප්‍රගති අධීක්ෂණය අනුව) අවම වශයෙන් 50%ක ලකුණු  ලබා ගත යුතු වෙනවා.

ශිෂ්‍ය වීසා ලබා ගැනීමට IELTS අනිවාර්ය යි. ඔබ ලකුණු 6ක් ලබා ඇත්නම් ක්ෂණිකවම ඔබ තෝරාගත් අධ්‍යයන පාඨමාලාවට යොමුවිය හැකි අතර, ලකුණු 5ක් හෝ 5.5ක් ඇත්නම් පිළිවෙලින් මාස 12 සහ 6කින් පසුව අධ්‍යයනයන් ඇරඹිය හැකියි.

 3. කැනඩාව

නයගරා දිය ඇල්ල (timeout.com)

විචිත්‍රවත් සංස්කෘතියක්, සිත් ඇදගන්නාසුළු ස්වාභාවික පරිසරයක් සහ පුළුල් කලාපීය වෙනස්කම් ඇති කැනඩාව ජාත්‍යන්තර මට්ටමේ විශ්ව විද්‍යාල කිහිපයකට අමතරව, සංචාරයට ප්‍රිය කරන සිසුන් සඳහා ගවේෂණය කිරීමට බොහෝ දේ සපයනවා. නයගරා දිය ඇල්ල සහ අයිස් හොකී සඳහා කැනඩාව නම් දරනවා. ටොරොන්ටෝ, ඔටාවා වැනි නගර සිසුන් සඳහා වඩාත් සුදුසු වෙනවා. එරට අධ්‍යාපන ආයතනවල IELTS සීමාවන් 5-7 දක්වා දිවෙනවා.

කැනඩාවේ අධ්‍යාපනය ලැබීමට අවසර ලබා ගත හැකි ආකාර තුනක් තිබෙනවා. කැනේඩියානු අධ්‍යයන බලපත්‍රය (Study Permit) – වීසා බලපත්‍රයක් නොවන, එය කැනඩාවේ ඉගෙනීමට ඔබට අවසර දෙන අවසර පත්‍රයකි. මෙය ලබාගත් විට පාඨමාලාව සම්පූර්ණ කිරීමේදී ඉහළ ප්‍රගතියක් ලැබිය යුතුයි. දෙවැන්න, ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පත්‍රය (eTA) යි. මෙය වීසා බලපත්‍ර වලින් නිදහස් ක්‍රමයක් වන අතර වසර පහක් හෝ ඔබේ විදේශ ගමන් බලපත්‍රය කල් ඉකුත්වන තුරු භාවිතා කළ හැකියි. තෙවැන්න, තාවකාලික නේවාසික වීසා (TRV) හෙවත් නම් කරන ලද අධ්‍යාපනික ආයතනයකින් පිළිගත්, eTA සඳහා අයදුම් කිරීමට නොහැකි වූ සිසුන් සඳහා යි.

2. නවසීලන්තය

ගවේෂණයට ස්ථාන රැසක් (tripsavvy.com)

නවසීලන්තය ඕක්ලන්ඩ්, ඔටාගෝ, වික්ටෝරියා වැනි ඉහළ පෙර සරසවි වලින් යුක්තයි. ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව 85වන ස්ථානයේත්, එරට ප්‍රථම ස්ථානයේත් පසුවන ඕක්ලන්ඩ් සරසවිය සඳහා ඇතුලත් වීමට IELTS 5ක ලකුණු ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. හොඳ අධ්‍යාපනයක් මෙන්ම රැකියා අවස්ථාවන්, සංචාරය සඳහා ස්ථාන, හරිතවත් බව සමඟ ඉහළ අත්දැකීමක් එරට දී ලැබිය හැකි අතර සුප්‍රසිද්ධ Lord of The Rings සහ The Hobbit චිත්‍රපට මාලාවන්හි හොබිට්වරුන් වෙසෙන ප්‍රදේශය ලෙස රූගත කළ ස්ථානය මෙහිදී දැකගත හැකි වෙනවා. කිවි පලතුර, රග්බි පමණක් නොව ක්‍රිකට් සඳහා ද නවසීලන්තය ප්‍රසිද්ධ නිසා ඉතාම පහසුවෙන් එරටින් මිතුරන් ඇති කරගන්නට අවස්ථාව තිබෙනවා.

ශිෂ්‍ය වීසා ඉල්ලුම් කිරීමේදී ඔබට ඩිප්ලෝමා, උපාධි හෝ සහතික වැනි අධ්‍යාපන සහතික, ශිෂ්‍ය වීසා බලපත්‍ර අයදුම්පත, වීසා බලපත්‍ර අයදුම්පත් ගාස්තුව, තෝරාගත් අධ්‍යාපන ආයතනය වෙත ගෙවීම් කළ කුවිතාන්සිය සූදානම් කරගත යුතු වෙනවා. වසරක් සඳහා නවසීලන්ත ඩොලර් 15,000ක හෝ මසකට නවසීලන්ත ‍ඩොලර් 1250ක වත්කම් පෙන්වීම සඳහා බැංකු ප්‍රකාශනයන් සහ අවශ්‍යතාව පරිදි පොලිස් වාර්තා, ගත කරන කාලය මාස 6 ඉක්මවන්නේ නම් ක්ෂය රෝගය නොමැති බවට තහවුරු කරන පපුවේ X කිරණ ඡායාරූපයක් ආදිය අවශ්‍ය වෙනවා.

1. එංගලන්තය

බිග්බෙන් ඔරලෝසුව සහ පාර්ලිමේන්තුව (indietravelpodcast.com)

කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ් ආදී ඉහළ පෙළ විශ්ව විද්‍යාලවලට හිමිකම් කියන එංගලන්තය මෙරට සිසුන්ට ජීවත් වීමට ඉතා පහසු රටක්. තේ පානය කිරීම හැරුණු කොට යටත් විජිත සමය නිසා එරට නීතිරිති, සංස්කෘතික අංග, මාර්ග නීති ආදිය ඉතා පහසුවෙන් අවබෝධ කරගත හැකි බව නිසාත්, වම් පසින් රිය ධාවනය කරන නිසාත් ශ්‍රී ලාංකිකයන්ට එරට වඩාත් උචිත වෙනවා. QS ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරිම්වල මුල් 20 තුළ ස්ථාන 5කට හිමිකම් කියන්නට එරට සරසවි සමත්ව සිටිනවා.

ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කිරීමේදී ඔ‍බේ පාඨමාලාව ඇරඹෙන දිනට මාස තුනකට පෙර සිදුකළ යුතු යි. අන්තර්ජාලය හරහා ම gov.uk වෙබ් අඩවිය තුළින් වීසා අයදුම් කළ හැකි අතර, අයදුම්පත් දිනය ලෙස සටහන් වන්නේ ඔබේ අයදුම්පත් ගාස්තුව ගෙවන දිනයයි. ඉංග්‍රීසියෙන් කියවීම, ලිවීම, සවන්දීම සහ කථා කිරීම ඔබට හැකි බවට සනාථ කරන IELTS තහවුරු කිරීමක් (ලකුණු 4-7 අතර) අනිවාර්ය වන අතර වීසා අයැදුම් කිරීමේදී වීසා නිලධාරියා විසින් කථන හැකියාවන් පරීක්ෂා කරනු ලබනවා.

උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන්නට සැරසෙන ඔබට IELTS සඳහා සූදානම් වීමට උපදෙස් සහ සහාය ලබාගන්නට, පරිගණක හරහා IELTS පරීක්ෂණයකට මුහුණ දී අත්දැකීම් ලබන්නට කොළඹ British Council පරිශ්‍රයේ 2019 සැප්තැම්බර් 22, 23 දෙදින උදේ 10:00 සිට සවස 6:00 දක්වා පැවැත්වෙන IELTS Open Day 2019 හි දී අවස්ථාව තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර සඳහා British Council – IELTS Open Day 2019 වෙබ් පිටුවට පිවිසෙන්න.

කවරය: kinja-img.com

Related Articles