Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණයන් කීපයක්

ලෙස්ටර් ජේම්ස් පීරිස් සිංහල සිනමාවේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨයෙක් ලෙස දැක්වීම වරදක් නොවේ. සිංහල සිනමාවේ විශිෂ්ඨ නිර්මාණයන් වන රේඛාව, සංදේශය, දෙලොවක් අතර, රන්සළු වැනි චිත්‍රපට ඔහු අතින් නිර්මාණය විය. ඔහුගේ ජනතා ප්‍රසාදයට ලක්වූ තවත් සිනමා නිර්මාණ කීපයක් පහතින් දැක්වේ.

01. ගම්පෙරළිය

lankadeepa.lk

1962 වසරේදී නිර්මාණය වූ ගම්පෙරළිය තුළින් වැඩවසම් ක්‍රමයේ බිඳ වැටීම හා මධ්‍යම පන්තියේ පිබිදීම මතු කිරීම සිදු කර ඇත. 1963 වසරේදී මෙය ඉන්දියාවේ රජිත මයුර සම්මානයෙන් පවා පිදුම් ලබා ඇත. නන්දා හා පියල් යනු මෙහි ප්‍රධාන චරිත දෙකකි. හෙන්රි ජයසේන, ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ, පුන්‍යා හීන්දෙණිය වැනි රංගන ශිල්පීන් මෙයට රංගන දායකත්වය සපයා ඇත.

02. කලියුගය

fragmenteyes.blogspot.com

1983 වසරේ දී තිරගත වූ කලියුගය ප්‍රේක්ෂක ජනතාව අතර තවමත් ප්‍රසිද්ධ චිත්‍රපටයකි. ගම්පෙරළිය ච්ත්‍රපටය තුළින් ගොඩ නැගු කතිකාවත ඉදිරියට ගෙන යාම සිදු කරන්නේ කලියුගය හරහාය. පුද්ගලයින් සමාජයේ මුහුණ දෙන විවධ ගැටළු, ඉහළට යාමේදී මුහුණ දීමට සිදුවන බාධක මේ හරහා සමාජයට ගෙන ඒමට උත්සහ දරා ඇත. ග්‍රාමීය පරිසරයෙන් මිදී නාගරික පරිසයට ගොස් ජීවත්වන පවුලක ගැටළු මෙමඟින් හොඳින් නිරුපණය කරයි. මෙය සඳහා හෙන්රි ජයසේන, සනත් ගුණතිලක, වික්‍රම බෝගොඩ වැනි රංගන ශිල්පීන්ගේ රංගන දායකත්වය ලැබී ඇත.

03. යුගාන්තය

dailymirror.lk

1985දි තිරගත වූ යුගාන්තය ච්ත්‍රපටය මාර්ටින් වික්‍රමසිංහය විසින් රචිත යුගාන්තය නවකතාව ආශ්‍රයෙන් සකසන ලදී.  මෙම නිර්මාණය සඳහා ලෙස්ටර් ජේම්ස් පීරිස් ජනාධිපති සම්මානයෙන් පවා පිඳුම් ලැබීය. සුවිනීතා වීරසිංහ, රිචඩ් ද සොයිසා, ගාමිණී ෆොන්සේකා වැනි ප්‍රසිද්ධ නළු නිළියන් මෙම ච්ත්‍රපටය සඳහා රංගන දායකත්වය සපයන ලදී.

04. බැද්දේගම

mdgunasena.com

A.J ගුණවර්ධන හා ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් රචිත බැද්දේගම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ලෙස්ටර් ජේම්ස් පීරිස් විසිනි. 1980 දී තිරගත වූ මෙය යටත් විජිත යුගයේ බැද්දේගම නැමති ගම්මානයේ ජනතාව වටා ගෙතී ඇත. දුප්පත්කමින් පිඩා විඳින බැද්දේගම ජනතාවට මුහුණ දීමට සිදුවන අභියෝග, දුක් කම්කටොලු මෙහි හොඳින් නිරුපණය කර ඇත. ජෝ අබේවික්‍රම, ඩේවිඩ් ධර්මකීර්ති වැනි නළුවන්ට අමතරව ආතර් සි. ක්ලාක් ද මෙයට රංගන දායකත්වය සපයයි.

05. අක්කර පහ

fragmenteyes.blogspot.com

1970 වසරේදී තිරගත වූ මෙම චිත්‍රපටය මඩවල එස්. රත්නායක විසින් රචිත අක්කර පහ නම් නවකතාව පාදක කරගනිමින් නිර්මාණය වී ඇත. ග්‍රාමීය පරිසරයක තරුණයෙක් තම අධ්‍යාපන කටයුතු සඳහා නගරයට සංක්‍රමණය වීම වටා කතාව නිර්මාණය වී ඇත.

06. මඩොල්දූව

aniwa.lk

යෞවනයන් උදෙසා නිර්මාණය කළ හොඳම චිත්‍රපටයක් ලෙස මෙය සැලකේ. 1976 වසරේ දී නිර්මාණය වූ මෙය මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මඩොල්දූව නවකතාව ඇසුරින් නිර්මාණය කර ඇත. ඇතැමුන්ගේ මතය අනුව මෙම ච්ත්‍රපටය නිර්මාණය කර ඇත්තේ ළමුන් උදෙසාය. නමුත් මෙය අධ්‍යයනය කිරීමේදී වැඩි කොටම තරුණ පරපුරට අදාල බව පෙනේ. ජෝ අබේවික්‍රම, ධර්මසේන අතුකෝරාල, ඩේවිඩ් ධර්මකීර්ති මේ සඳහා රංගන දායකත්වය සපයයි.

කවරයේ පින්තුරය – dbsjeyaraj.com

Related Articles