Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජපානය ගැන අපූරු තොරතුරු 5ක්

01. අමු අශ්ව මස් ජපානය තුල ජනප්‍රිය ආහාරයක්

අශ්ව මස් (cdn.modernfarmer.com)

ජපානය තුල මේවා හඳුන්වනු ලබන්නේ සකුරා, එහෙම නැත්නම්, සකුරානිකු යන නමින්. මෙය ජපානයට අලුත් අත්දැකීමක් නොවන අතර එහි ඉතිහාසය ක්‍රි.ව.1500 ජපානය මුහුණ දුන් ආහාර අර්බුධය තෙක් ඈතට දිව යනවා. අශ්වමස් අනුභවය නැවත ජනප්‍රිය වීම ආරම්භ වී ඇත්තේ වර්ෂ 1960දී පමණයි.  ප්‍රවාහන සහ ගොවිතැන් ක්‍රම වල දියුණුවත් සමඟම ඒ සඳහා භාවිතා කළ අශ්වයන් ප්‍රයෝජන රහිත වුණා. එයට පිලියමක් ලෙස අශ්ව මස් අනුභවය නැවත හඳුන්වා දුන් අතර එය මේවන විට ඉතා ජනප්‍රිය ජපන් ආහාරයක්. ඉතා ප්‍රියමනාප රෝස පැහැයකින් යුතු වන මෙම අශ්ව මස් අඹරන ලද ඉඟුරු, ළූණු, සෝයා සෝස් සමඟ ආහාරයට ගැනීමට ඔවුන් දැඩි රුචිකත්වයක් දක්වනු ලබනවා.

02. ජපානයේ භූමියෙන් 70% ක් කඳු වන අතර ගිනි කඳු 200 ක් පමණ පිහිටා තිබෙනවා

ෆුජි ගිනි කන්ද (Reddit)

ජපානය සෑදී අත්තේ දූපත් 6,852 ක එකතුවෙන් වෙනවා. නමුත් රටේ ප්‍රධාන භූමියෙන් 97%ක් දුපත් හතරක් මගීන් ආවරණය වන අතර ඒවා හොන්ශු, කියුශු, ශිකොකු, හා හොකයිඩෝ වෙනවා. රටෙන් 4/5 කඳු, වනාන්තර, හෝ වාසයට නුසුදුසු භූමි වන අතර එම නිසා රට ජනාවාස කිරීම තරමක් සංකීර්ණ කටයුත්තක් වී තිබෙනවා. තවද රටෙන් 70%ක් කඳු වෙනවා. ගිනි කඳු 200ක් ඒ අතර පවතිනවා. සක්‍රිය ගිනි කන්දක් වන ෆුජි ගිනි කන්ද උසින් මීටර 3,776ක් වෙනවා. රටේ දිගම ගඟ ශිනානෝ වන අතර එය කිලෝමීටර 367ක දිගින් යුතු වෙනවා. නැවුම්  ජලය සහිත විශාලම වැව බිවා වන අතර ඒ වර්ග කිලෝමීටර 670ක් පුරා පැතිර තිබෙනවා.

03. සියදිවි නසාගැනීම් අතින් ඉහලින්ම සිටින රටක්

සියදිවි නසා ගැනීමට ප්‍රසිද්ධ ජපානයේ වනාන්තරය (Aokigahara – ytimg.com)

ජපානය සලකණු ලබන්නේ ඉතාමත් ධනවත් රටක් ලෙසයි. නමුත් ලෝකයේ සියදිවි නසාගැනීමේ අගය ඉහළින්ම පවතින් රටක් ලෙසත් ජපානය සැලකෙනවා. වසරකට 30,000කට ආසන්න ප්‍රමාණයක් මෙසේ සියදිවි නසා ගන්නවා. එම අගය  ජපනුන් 100,000කට 24.4 ක් පමණ වනවා. මෙය ජපානයේ පවතින ප්‍රබලතම ගැටළු වලින් එකක්. මෙයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ වයස අවුරුදු 15 -34 කාන්තාවන් හා වයස අවුරුදු 20 – 44 වයස් වලට පිරිමින්. මෙයට හේතු ලෙස හඳුනාගෙන ඇත්තේ රැකියා විරහිත භාවයයි. ඊට අමතර හේතූන් ලෙස විෂාදය, හා ආර්ථික ගැටලු නම් කෙරෙනවා. නමුත් මෙසේ රැකියා ගැටළු නිසා මියයන බොහෝ දෙනෙකු උපාධිධාරීන් ද වෙනවා.

04. නම් නැති විදී ඇති රටක්

ජපානයේ බ්ලොක් ක්‍රමයට සැකසු සිතියමක් (TopTenz)

ජපානයේ පවතින බොහෝ විදී හා මාර්ගයන්ට නම් නැහැ. ඔවුන් තමන්ගේ ලිපිනය පැවසීමට ඔවුන්ටම විශේෂිත වූ මාර්ග පැවසීමේ ක්‍රමයක් භාවිතා කරනු ලබනවා.ඒ “බ්ලොක් අංක” මගින් තමන් සිටින ස්ථානය දැන්වීමයි. ජපානයේ පවතින ගොඩනැගිලි බ්ලොක් වලට එයටම අදාළ වූ අංකයක් පවතින අතර මේවා ලිපිනය ලෙස ඔවුන් භාවිතා කරනවා. ඔබ ජපන් ජාතිකයෙකුගෙන් මාර්ගය ඇසූ විට ඔහු වීදියක නමක් වෙනුවට ඔබට දෙනු ඇත්තේ බ්ලොක් අංකයක්. මෙය තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් ලෙසයි විදේශිකයින් සලකන්නේ. නමුත් ජපනුන් පවසන්නේ එමගින් ඉතා ඉක්මනින් පුද්ගලයෙකු සිටින තැන හඳුනාගත හැකි බවයි. මෙහි ඇති තවත් පහසුවක් වන්නේ ඔබ නමක් වෙනුවට මතක තබා ගත යුතු වන්නේ අංකයක් පමණක් වීමයි.

05. රථ වාහන නිර්මාණයේ ස්වර්ණමය නාමයක්

www.autonews.com

ජපානය ලොව දැනට විශාලත්වයෙන් තුන්වන තැන ගන්නා වාහන නිෂ්පාදකයා වෙනවා. එමෙන්ම ලොව ඇති විශාලතම වාහන නිෂ්පාදන සමාගම් 10 න් 6ක්ම ජපානයේ පිහිටා තිබෙනවා. ලොව පිළිගත් වාහන සන්නාමයන් වන Toyota, Honda, Nissan, Suzuki, Mitsubishi, Mazda, Lexus, Infiniti, Acura, Datsun, Hino, Daihatsu, Isuzu, සහ Subaru වැනි වාහන උපත ලබන්නේ ජපානයේයි. පසුගිය වසර 100 තුල ජපාන රථ වාහන නිර්මාණ සමාගම් පවතින තාක්ෂනය යටතේ නිර්මාණය කළ හැකි සුපිරිතම වාහන රැසක් නිර්මාණය කර තිබෙනවා. රොබෝ තාක්ෂනය රථ වාහන නිපදවීම වෙනුවෙන් මුලින්ම යොදාගත් රට ලෙස සලකණු ලබන්නේ ජපානයයි. ඒවාගේම හයිබ්‍රිඩ් හා ඉලෙක්ට්‍රොනික වාහන නිර්මාණයේ පුරෝගාමියෙකු ලෙසත් ජපානය සලකණු ලබනවා. ඉහළ තාක්ෂණයකින් යුතුව ඉතා විශ්වාසවන්තව අඩු පිරිවැයකින් රථ වාහන නිර්මාණය කරන රටක් ලෙසත් ජපානයට ඇත්තේ විශාල පිළිගැනීමක්.

කවරය – .squarespace.com

Related Articles