Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව දිගම ගංගා 5ක්

01. නයිල් ගඟ

media0.trover.com

ලොව දිගම ගඟ ලෙස සලකනු ලබන්නේ නයිල් ගඟයි. “අප්‍රිකානු ගංඟා වල පියා” යන අන්වර්ත නාමයෙන්ද නයිල් ගඟ හදුන්වනු ලබනවා. එය ඊසාන දිග අප්‍රිකාව හරහා ගලා ගොස්  මධ්‍යධරණී මුහුද හා සම්බන්ධ වෙනවා. නයිල් නදිය දිගින් සැතපුම් 4,132ක් හෙවත් කිලෝමීටර 6,650ක දිගකින් යුතු වෙනවා. එයට වර්ග කිලෝමීටර් 3,349,000ක පමණ ජල පෝෂක කලාපයක් ද අයත්. ටැන්සානියාව, කොන්ගෝ රාජ්‍යය, කෙන්යාව, උගන්ඩාව, ඉතියෝපියාව, සුඩානය, හා ඊජිප්තුව හරහා නයිල් නදිය ගලා බසිනවා. වර්ෂය පුරාම ජලයෙන් පිරි ගඟක් වන නිසා ඉහළ උෂ්ණත්වයක් සහිත ප්‍රදේශ වල පවා කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් නයිල් නදිය භාවිතයට ගන්නවා. නයිල් නදිය ජල ප්‍රවාහන මාර්ගයක් ලෙසත් ප්‍රචලිතව පවතිනවා.

02. ඇමසන් ගඟ

wordpress.com

ලොව දෙවන දිගකින් යුතු ගඟ වුවත් ඇමසන් ගඟ හඳුන්වනු ලබන්නේ ලොව වැඩිම ජල ඝනත්වයක් ඇති ගඟ ලෙසයි. ඇමසන් ගඟ දිගින් සැතපුම් 4,000ක් හෙවත් කිලෝමීටර 6,400ක දිගකින් යුක්ත වෙනවා. ඇමසන් නදිය ගලා යන්නේ අත්ලාන්තික් සාගරයට වන අතර ඒ බ්‍රසීලයෙන් ඊසාන දිගින් සාගරය හා සම්බන්ධ වෙනවා.ඇමසන් නදිය සැලකෙන්නේ ලොව ජලයෙන් 1/5 දරාගෙන සිටින ගඟ ලෙසයි. එය මුලින්ම යුරෝපියානු ජාතිකයෙකු විසින් සොයා ගෙන තිබෙන්නේ වර්ෂ 1541 දී වන අතර ඔහු ස්පාඤ්ඤ ජාතික සොල්දාදුවෙකු වන ෆ්‍රැන්සිස්කෝ ඩී ඔරෙලානා යි. ඇමසන් නදිය අතු ගංගා 1,100 කින් සමන්විත වෙනවා.

03. යැංසි නදිය

wikimedia.org

චෑන් ජියැන්ග් යන නමින්ද හඳුන්වන යැංසි නදිය සැතපුම් 3,964 හෙවත් කිලෝමීටර 6,380ක දිගකින් යුතුයි. ආසියාවේ දිගම ගඟ වන මෙය ලොව තෙවැනි දිගම නදිය වෙනවා. යැංසි නදිය ගලා බසින්නේ චීනය හරහායි. බටහිර චීනයේ ටන්ගුලා කඳු පන්තියෙන් මෙය උපත ලබන අතර චීනයේ පළාත් නවයක් පසු කරමින් ගලා බසිනවා. එය ශැන්ග්-හයි ප්‍රදේශයෙන් නැගෙනහිර චීන මුහුද හා සම්බන්ධ වෙනවා. මෙය සැලකෙන්නේ චීනයේ පවතින විශාලතම වාරිමාර්ග පද්ධතිය ලෙසයි. ලොව විශාලතම ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය හා ලොව විශාලතම වේල්ල වන තුන් දුර්ග වේල්ල හා සම්බන්ධ වන්නේද මෙම නදියයි. එමෙන්ම මෙය චීනයට ඉතිහාසිකව,ආර්ථිකව හා කෘෂිකාර්මිකව ඉතා වැදගත් නදියක් වෙනවා.

04. මිසිසිපී ගඟ

travelandleisure.com

දිගින් උතුරු ඇමරිකාවේ දෙවන දිගම නදිය ලෙස මිසිසිපී ගඟ සලකනවා. මිසිසිපිහි අතු ගංගාවක් වන මිසුරි, මිසිසිපියට වඩා දිගින් වැඩි නිසයි ඒ. මෙය දිගින්  සැතපුම් 2,350ක් වෙනවා. ඉටාස්කා විලෙන් ආරම්භ වෙන මෙය මෙක්සිකෝ බොක්කෙන් සාගරයට සම්බන්ධ වෙනවා. මෙම ගඟේ ජලය ගලා යන්නේ පැයට සැතපුම් 1.2ක පමණ වේගයකිනුයි.  ඇමරිකාව මෙම නදිය වසර 200ක පමණ සිට කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් භාවිතා කරනවා. තවද එක්සත් ජනපදයේ ධාන්‍ය අස්වැන්නෙන් 6%ක් පමණ ප්‍රවාහනය වන්නේ මිසිසිපී නදිය හරහායි. එමෙන්ම මිසිසිපී නදිය තුල මත්ස්‍ය වර්ග 260ක් පමණ ජිවත් වෙනවා. උතුරු ඇමරිකාවේ පක්ෂි ගහනයෙන් 60% ක් පමණ මිසිසිපී ගංගා ද්‍රෝණිය හරහා සංක්‍රමණය වන බව සොයාගෙන තිබෙනවා. තවද මිසිසිපී නදියෙන් ඉහළ කොටස ක්ෂීරපායින් වර්ග 50කට පමණ නිවහන වෙනවා. උරගයන් හා උභය ජීවින් වර්ග 145ක් පමණ මිසිසිපී නදිය ඉහළ ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

05. යෙනිසි ගඟ

geliovostok.ru

යෙනිසි ගඟ සලකණු ලබන්නේ ආර්ටික් සාගරයට ගලා බසින විශාලතම ගඟ ලෙසයි. මෙය ආරම්භ වන්නේ මොන්ගෝලියාවෙනුයි. සයිබීරියාවේ විශාල ප්‍රදේශයකට ජල පෝෂකයක් ලෙස ක්‍රියාකර පසුව යෙනිසි බොක්ක හරහා ආර්ටික් මුහුදට මේ ගඟ ගලා බසිනවා. මෙය දිගින් කිලෝමීටර 3,487ක් වෙනවා. ගඟේ සාමාන්‍ය ගැඹුර දැක්වෙන්නේ අඩි 45ක් ලෙසයි. එමෙන්ම එය වර්ග කිලෝමීටර 2,580,000 ප්‍රමාණයක් තම ජලයෙන් පෝෂණය කරනු ලබනවා. මෙම නදිය රුසියානු ජනතාවගේ ජිවනාලිය බඳු වෙනවා. මෙම ගංගාවේ හා එහි අතු ගංගා ආශ්‍රිතව නිර්මාණය කර ඇති ජල විදුලි බලාගාර වලින් ජනනය කරනු ලබන විදුලිබල ප්‍රමාණය කිලෝවොට් මිලියන 25ක් වෙනවා. මෙම නදිය ආශ්‍රිතව එයටම ආවේනික මත්ස්‍ය විශේෂ 55ක් ජිවත් වෙනවා.

කවරය – picdn.net

Related Articles