Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩුබායි ගැන කෙටියෙන්

01. විවාහයට පෙර ලිංගික සම්බන්ධතා තහනම් නගරයක්

412teens.org

ඩුබායි හිදී ඔබට විවාහයට පෙර ලිංගික සම්බන්ධතාවල නිරත වීමේ හැකියාවක් කිසිසේත් ම නෑ. එසේ කළහොත් ඔබව නීතියට අනුව බන්ධනාගාර ගත කිරීමට හෝ රටින් පිටුවහල් කළ හැකියි. එමෙන් ම ප්‍රසිද්ධියේ ආදරය පෙන්වීමත් ඔවුන් පිළිකුල් කොට සලකනවා. මුස්ලිම් බහුතරය වසන ඩුබායිහි දී ප්‍රසිද්ධියේ සිප වැලඳ ගැනීම හෝ තම පෙම්වතියගේ අතින් අල්ලාගෙන යාම හෝ ප්‍රවේසමෙන් කළ යුතුයි. නමුත් ඔබ පෞද්ගලික ස්ථාන තුළදී සිදු කරන කිසිවක් ඔවුන් සොයා බලන්නේ නෑ. එසේම පුරුෂාධිපත්‍යය ඉහළින්ම පවතින නගරයක් ලෙසත් ඩුබායි සැළකෙනවා.

02. විශාලම හා හොඳම දේ වෙනුවෙන් වෙහෙසෙන නගරයක්

බුරාජ් අල් – අරාබ් හෝටලය (t.wallpaperweb.org)

ලොව ඕනෑම හෝටලයක් හා තරඟ කිරීමේ හැකියාව ඇති ඩුබායි හී හෝටල් ලොව සුඛෝපභෝගීම හෝටල් ලෙස සැලකෙනවා. එමෙන්ම ලොව හොදම හෝටලය වන බුරාජ් අල් – අරාබ් හෝටලය ද ඔවුන් සතුයි. මෙම හෝටල් ගොඩනැගිල්ලේ උස අඩි 1000ක්. එසේම මෙය සැලකෙන්නේ ලොව එකම  තරු හතේ හෝටලය ලෙසයි.  බුරාජ් අල් – අරාබ් ගොඩනගා තිබෙන්නේ කෘතීම දුපතකයි. එය කාමර 202කින් යුතුයි. තවද ලොව උසම ගොඩනැගිල්ල වන බුරාජ් කලීෆා (Burj Khalifa) ගොඩනැගිල්ල ද ඔවුන් සතු වෙනවා. අඩි 2,716.5 කින් යුතු එය තට්ටු 160කින් සමන්විතයි. මේ අනුව ලොව විශාලම සාප්පු සංකීරණය, ලොව දෙවැනි විශාලම මින් මැදුරට හා ලොව එකම තරු හතේ හෝටලයට ද හිමිකම් කියන්නේ ඩුබායි නගරයයි.

03. ස්ථිර ලිපිනයන් නොමැති නගරයක්

s-ec.bstatic.com

ඩුබායි යනු ඉතාමත් වේගයෙන් සංවර්ධනය වන නගරයක්. එම හේතුව නිසා ඔවුන් සතුව පිළිගත් ලිපිනයන් ක්‍රමවේදයක් නැහැ. ඔවුන් ලිපිනයක් වෙනුවට ලියුම් කවරය මත ඔවුන් වෙනස් දෙයක් කරනවා. ඒ එම ස්ථානයට යන මාර්ගය සිතියමක් ලෙස ඒ මත ඇදීම, හෝ අත්‍යවශ්‍ය තොරතුරු එහි සඳහන් කිරීමයි. උදාහරණයක් ලෙස “සුදු පැහැති මුස්ලිම් දේවස්ථානයට පසුව, පළමු හරස් මාර්ගය, රත්රන් පැහැති ගේට්ටුව” ලෙස සටහන් කිරීම පෙන්වා දිය හැකියි. ඔබ පැමිණෙන්නේ නගරයේ සුපිරි හෝටලයකට නොවේ නම් විදේශයන් හි සිට පැමිණෙන අයටත් ඔවුන් මෙලෙස සිතියමක් සමඟ පැමිණෙන ලෙස උපදෙස් ලබාදෙනවා.

04. මිහිපිට වේගයෙන්ම සංවර්ධනය වන නගරයයි

thefirstgroupblog.ru

ලොව පුරා සිදුවන දොඹකර මෙහෙයුම් කටයුතු වලින් 20% ක්ම සිදුවන්නේ ඩුබායි නගරයේයි. ඩුබායි නගරයේ උමං රේල් පද්ධතිය 2009 වසරේදී ගොඩ නංවා අවසන් කෙරුනා. එය දුම්රිය ස්ථාන 42කින් යුතු වෙනවා.එමෙන්ම ඔවුන් නිමා කළේ මාස 18ක් ඇතුළතයි. “ඩුබායිලෑන්ඩ්”නම් උද්‍යානයක් ද මේ වනවිට එහි ඉදිකෙරෙමින් පවතිනවා. ඩිස්නිලන්තය මෙන් දෙගුණයක් විශාල මෙය ඉදිවූ පසු ලොව දැවැන්තම ජනතාකර්ශනයක් ඇති ස්ථානය වනු ඇතැයි විශ්වාස කෙරෙනවා. එහි දෛනික ජන අපේක්ෂාව ලක්ෂ 2ක්. මිනිසා විසින් නිර්මිත දූපත් රැසකින්ද සමන්විත මෙහි විශාලම දූපත වැලි ඝන මීටර මිලියන 94ක් පුරවා සෑදූ පාම් ජුමයිරා (Palm Jumeirah) වෙනවා.

05. නගරයේ ජනගහනයෙන් 83% ක් විදේශිකයන්

cloudfront.net

ඩුබායි නගරයේ අහස උසට තිබෙන ගොඩනැගිලි බොහෝමයක සේවය කරන්නේ විදේශිකයනුයි. ඔවුන් අතර වැඩිපුරම සිටින්නේ ඉන්දියාව, පකිස්ථානය හා බංගලාදේශයේ සිට සංක්‍රමණය වූවන්. මේ පිරිස නගරයේ ජනගහනයෙන් 50% ක් පමණ වෙනවා. 17%ක් නගරවාසීන් වන අතර ඉතිරිය වෙනත් රටවල විදේශිකයන් වෙනවා. පන්ති පරතරය මෙම රට තුළ විශාල ලෙස දකින්නට පුළුවන්. විදේශ ශ්‍රමිකයන් ඉතා අඩු සෞඛ්‍ය, ජීවන, හා අධ්‍යාපන පහසුකම් යටතේ ජීවත් වෙද්දී  ඉහළ පන්තියේ ශ්‍රමිකයන්ට ඉහළ වැටුපුත්, ස්වදේශිකයින්ට වෙනත් විවිධාකාර පහසුකමුත් ඩුබායි නගරය විසින් සපයනු ලබනවා. මෙම ක්‍රමය මානව හිමිකම් සංවිධාන වලින් විශාල වශයෙන් විවේචනය වන්නක්. පහළ පන්තියේ ශ්‍රමිකයන්ගේ ගමන් බලපත්‍රය බොහෝවිට ඔවුන් එරටට පැමිණි විගස හාම්පුතුන් විසින් තම බාරයට ගනු ලබනවා. එය නැවත හිමි වෙන්නේ තමන්ගේ ගුවන් ටිකට් පතට අදාළ මුදල නැවත තම හාම්පුතාට ගෙවීමෙන් පසුවයි.

06. අපරාධ 0%

4.bp.blogspot.com

ඩුබායි නගරය මුස්ලිම් නීතිය දැඩිව ක්‍රියාත්මක වෙන නගරයක්. එමෙන්ම ලොව ආරක්ෂාකාරීම නගරයක් ලෙසත් ඩුබායි නගරය සැලකෙනවා. මෙය පාලනය වන්නේ ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් (Sheikh Mohammed bin Rashid Al Maktoum) යටතේයි. ඔහු යටතේ ඩුබායි පොලීසිය හා ආරක්ෂක අංශ මනාවට සංවිධානය කර තිබෙනවා. ලොව මිල අධිකම පොලිස් කාර් රථ ඩුබායි පොලිසිය සතුයි. ඒවා අතර ඇමරිකානු ඩොලර් 500,000 පමණ වටිනා ෆෙරාරි රථ, ඇමරිකානු ඩොලර් 400,000 පමණ වටිනා ලැම්බෝගිනි රථ හා ඇමරිකානු ඩොලර් මිලියන 1.79 පමණ වටිනා ඇස්ටන් මාටින් රථද අයත් වෙනවා.

කවරය – .widewallpapers.net

Related Articles