Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එතෙක් මෙතෙක් හොදම සජීවීකරණ සිනමාපට 5

ඇනිමේෂන්, එහෙම නැත්නම් සජීවිකරණ, සිනමාපට කියන්නේ ලොකු කුඩා කොයිකවුරුත් ඉතාමත් ආසාවෙන් නරඹන සිනමාපට වර්ගයක්. මේ කියන්න යන්නේ rottentomatoes වෙබ් අඩවිය විසින් 2018 වසරේ නම් කරපු එතෙක් මෙතෙක් හොදම ඇනිමේෂන් සිනමාපට 5 ගැනයි.

01. Inside Out

මෙම සිනමාපටය නිකුත් වුනේ 2015 වසරේදී යි. විනෝදකාමී සිනමාපටයක් වන මෙය Pixar Animation Studios විසින් නිර්මාණය කර තිබුණා. එය බෙදාහැරියේ Walt Disney සමාගම යි. මෙයට කතා තේමාව වී ඇත්තේ  හැඟීම් පහකින් (සතුට, භය, කේන්තිය, අරුචිය, දුක) මිනිසෙකුව පාලනය කරන අයුරු යි. Riley නම් චරිතය වටා මෙය ගොඩ නැගී තිබෙනවා. මෙම සිනමාපටය මිනිත්තු 94ක කාලයක් පුරා දිව යනවා. ඇමරිකානු ඩොලර් මිලියන 175ක වියදමින් තැනුන මෙම සිනමාපටය බොක්ස් ඔෆිස් ආදායම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 857.6ක් උපයා තිබුණා. පීට් ඩොක්ටර් සහ රොනී ඩෙල් කාමෙන් යන අධ්‍යක්ෂවරුන් මෙය අධ්‍යක්ෂණය කළ අතර 2016 හොදම සජීවිකරණ සිනමාපටයට හිමි සම්මානය ද මෙම සිනමාපටය විසින් හිමිකර ගෙන තිබුණා.

02. Snow White and the Seven Dwarfs

1937 වසරේ මෙම සිනමාපටය නිර්මාණය වුණා. එය ලොව ප්‍රථම වර්ණ හා ශබ්ද සහිත වෘත්තාන්ත සජීවිකරණ සිනමාපටය ලෙස සැලකෙනවා. මෙම සිනමාපටය වෙනුවෙන් මුදල් ආයෝජනය වන්නේ ඩිස්නි සමාගමේ කලින් සිනමා නිර්මාණයක් වූ The Three Little Pigs (1933) නම් සිනමාපටය සාර්ථක වීමත් සමඟයි. මෙයට කතා තේමාව වී තිබුණේ ග්‍රීම් සහෝදරයගේ Snow White නම් කතාව යි. වාණිජමය අතින් සාර්ථක වූ ප්‍රථම සජීවිකරණ සිනමාපටයත් මෙය වෙනවා. මිනිත්තු 83ක ධාවන කාලයක් පුරා දිවයන මෙම සිනමා නිර්මාණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.49ක් වැය වී තිබුණා. එමෙන්ම එය වාර්තා කළ බොක්ස් ඔෆිස් ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 418ක්.

03. Paddington 2

මෙය නම් එතරම්ම පැරණි සිනමාපටයක් නොවෙයි. 2017 වසරේ මෙම සිනමාපටය නිර්මාණය වුණේ අර්ධ සජීවිකරණ සිනමාපටයක් ලෙසයි. මෙම කතාව නිර්මාණය වන්නේ මයිකල් බොන්ඩ් විසින් නිර්මාණය කරන ලද Paddington Bear නම් චරිතය පදනම් කර ගැනයි. මෙම සිනමාපටයේ පළමු කොටස 2014 වසරේ දී නිර්මාණය වුණා. මිනිත්තු 103ක් පුරාවට මෙම සිනමාපටය ධාවනය වෙනවා. එමෙන්ම දැනටමත් මෙම සිනමාපටය ලොව පුරා සම්මාන උළෙල ගණනාවක සම්මාන වෙනුවෙන් නිර්දේශ වෙලා තියෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 50ක වියදමින් තැනුණු මෙය 2018 ජනවාරි 14 වෙනිදා වන විට ලොව පුරා ආදායම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 150.4ක් වාර්තා කොට තිබුණා.

04. Zootopia

Zootopia යන කල්පිත නගරය වටා මෙම සජීවිකරණ සිනමාපටය ගොඩනැගී තිබෙනවා. එම නගරයේ විශේෂයත්වය වන්නේ සෑම වර්ගයකටම අයත් සතුන් එහි සාමයෙන් ජිවත් වීමයි. ඩිස්නි සමාගම විසින් නිර්මාණය කළ මේ සිනමාපටය ප්‍රහසනයක්. ඩිස්නි ඉදිරිපත් කළ 55වන සජීවිකරණ සිනමාපටය වන මෙය මිනිත්තු 108ක් පුරාවට ධාවනය වෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 150ක් වියදම් කර තැනූ මෙය ඇමරිකානු ඩොලර් බිලියන 1.024ක අති දැවැන්ත ආදායමක් උපයා තිබුණා.

05. Toy Story 3

Pixar Animation Studios ආයතනය විසින් වෝල්ට් ඩිස්නි සමාගම වෙනුවෙන් මෙය නිර්මාණය කර තිබුණා. Toy Story කතා මාලාවේ තුන්වන කොටස ලෙස මෙම සිනමාපටය නිපද වුණු අතර සෙල්ලම් බඩු රැසක් වටා දිවෙන ඉතා හාස්‍යජනක කතාවක් මෙයට පදනම් වී තිබෙනවා. 2010 වසරේ තිරගත වුණු මෙම සිනමාපටයේ ධාවන කාලය මිනිත්තු 103ක් වන අතර එයට වියදම් වූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 200ක්. එය ඇමරිකානු ඩොලර් බිලියන 1.067ක ආදායමක් මෙය වාර්තා කර තිබුණා. 37වන People’s Choice සිනමා උළෙලේ ජනප්‍රියම පවුලේ සිනමාපටයට හිමි සම්මානය ද, 2011 Grammy සම්මාන උළෙලේ දී හොඳම සිනමා නාද පථයට (Sound Track) හිමි සම්මානය ද මෙම සිනමාපටය දිනාගනු ලැබුවා.

මූලාශ්‍ර:

rogerebert.com

disney.in

rottentomatoes.com

කවරය – ytimg.com

Related Articles