Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එතෙක් මෙතෙක් හොඳම රැප් ගායකයන් කිහිපදෙනෙක්

ලෝකයේ විවිධ වර්ගයේ වර්ගීකරණයන් අපි ඔබට විටින් විට ගෙන ආවා. අපි අද ඔබට අද තොරතුරු කියන්න හදන්නේ ලෝකේ හොඳම රැප් ගායකයන් කිහිප දෙනෙක් පිලිබඳවයි. බලන්න ඔබ දන්න රැප් ගායකනුත් ඒ අතර ඉන්නවා ද කියලා.

01. Jay-Z

squarespace.com

රැපර් කෙනෙක් ලෙස පමණක් නොව මොහුව තවත් ප්‍රසිද්ධ වීමට හේතුවක් වුණේ ඔහුගේ සාර්ථක ව්‍යාපාරික දිවිය නිසයි. එමෙන්ම ඔහුව දැනට ලෝකයේ සිටින සාර්ථකම පුද්ගලයෙක් ලෙසටද වර්ග කෙරෙනවා. Jay-Z උපත ලබන්නේ 1969 දෙසැම්බර් 4 වෙනිදායි. ඒ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරයි. ෂෝන් කොරේ කාටර් (Shawn Corey Carter) ඔහුගේ උපන් නමයි. කුඩාකාලයේ ඔහුගේ පියා ඔවුන්ව අතහැර ගොස් අැති අතර තමන්ගේ මව වූ ග්ලෝරියා කාටර් සමඟයි ඔහු හැදී වැඩි තිබුණේ. ඔහු උපත ලබා තිබුණේ එතරම් හොඳ වටපිටාවක නොවූ අතර එම වටපිටාව මත්ද්‍රව්‍යවලින් පිරී තිබුණා. ඔහු රැප් තරුවක් ලෙස වඩාත් ජනප්‍රිය වූයේ 1989 වසරේදී Yo! MTV Raps නම් රූපවාහිනී වැඩසටහනට පෙනී සිටීමත් සමඟයි. “Reasonable Doubt” (1996) ඔහුගේ පළමු ඇල්බමය වුණා. මේ වන විට ඇල්බම් මිලියන 18කට අධික ප්‍රමාණයක් අලෙවි කර ඇති ඔහු ජනප්‍රිය ගායිකාවක වන බියොන්ස් (Beyoncé) සමඟ විවහා වී සිටිනවා.

02. Eminem

medium.com

නම් කියූ සැනින් ලොවම දන්නා මාර්ෂල් මැතර්ස් හෙවත් එමිනෙම් උපත ලබන්නේ 1972 ඔක්තෝම්බර් 17 වෙනිදා ඇමරිකාවේදීයි. ඔහුත් කුඩා කාලයේදීම ඔහුගේ පියා අත්හැර යන අතර තමන්ගේ මව සමඟ ජීවත් වෙන්නේ බොහෝමයක් කම්කටලු විඳ ගනිමිනුයි. ඔහු හා මව අතරත් එතරම් හොඳ සම්බන්ධතාවයක් පැවතුණේ නෑ. කෙසේ නමුත් කුඩා කාලයේ පාසලෙන් පවා අසමත් වෙන එමිනෙම් පසුව ඔහුගේ මිතුරන් සමඟ එකතුව රැප් කලාව ආරම්භ කරන්නේ ඔහුට වයස අවුරුදු 14ක් තරම් වූ කුඩා කාලයේදීයි. තවද ලොව වැඩිම වචන ප්‍රමාණයක් සහිත ගීතය වන “Rap God” ද එමිනෙම් ගේ නිර්මාණයක් වන අතර එහි ඇති වචන ප්‍රමාණය 1560ක්. ග්‍රැමි සම්මාන 15කට හිමිකම් කියන ඔහු ඇකඩමි සම්මානයක් ලැබූ ප්‍රථම රැප් ගායකයා ද වෙනවා.

03. Tupac

dubcnn.com

ටුපැක් ශකුර් හෙවත් “2Pac”ද සැලකෙන්නේ ඇමරිකානු රැප් ගායකයෙකු ලෙසයි. ඔහු ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර උපත ලැබුවේ 1971 ජූනි 16 වෙනිදායි. එතෙක් මෙතෙක් වැඩිම ඇල්බම් ප්‍රමාණයක් අලෙවි කර ඇති ගායකයන් අතරද ඉදිරියෙන් සිටින මොහුගේ අලෙවි වී ඇති ඇල්බම් ප්‍රමාණය මිලියන 75කට ආසන්නයි. එමෙන්ම මොහු නළුවෙක්ද වෙනවා. 1996 වසරේ සැප්තැම්බර් 7 වෙනිදා වෙඩි ප්‍රහාරයකට ලක්ව ඔහු ඊට දින 6කට පසුව මරණයට පත් වුණා. නමුත් බොහෝ දෙනා විශ්වාස කරන්නේ ඔහු සත්‍ය වශයෙන්ම මරණයට පත් නොවූ බවත්, ඔහු තවමත් ජිවතුන් අතර සිටිය හැකි බවත්. 2017 වසර වන විටත් ඔහුගේ නමට අැති වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 40ක් පමණ වුණා.

04. The Notorious B.I.G හෙවත් Biggie Smalls

thedailybeast.com

වයස අවුරුදු 25ක තරම් ඉතා අඩු ආයු කාලයක් දිවි ගෙවූ මොහු මිය ගියේ සාහසික වෙඩි පහරක් නිසාවෙනුයි. නමුත් අදටත් ක්‍රිස්ටෝපර් ජෝර්ජ් හෙවත් The Notorious B.I.G ගේ ඝාතකයා නම් හඳුනාගෙන නෑ. මොහු 1972 මැයි 21 වෙනිදා උපත ලැබුවේ ඇමරිකාවේ නිව්යෝක් නුවර වන අතර 1997 මාර්තු 9 වෙනිදා කැලිෆෝනියාවේදී ඝාතනය වුනා. ඔහු නිකුත් කරන ලද ඇල්බම් 4න් අලෙවි වී තිබූ පිටපත් ප්‍රාමාණය මිලියන 17කට ආසන්නයි. එමෙන්ම බොහොමයක් ඇමරිකානු ගීත දර්ශකවල ඉහලම ස්ථානවල මොහුගේ ගීත රැඳී තිබුණා. මොහුගේ මව හා පියා දෙදෙනාම ජැමයිකානු ජාතිකයන් වූ අතර ඔහුගේ පියා ඔහු කුඩා කල අතහැර ගොස් තිබූ නිසා ඔහුගේ මව විසින් ඔහුව පෝෂණය කර තිබුණා.

05. Snoop Dogg

රියලැටි තරුවක්, රංගන ශිල්පියෙක් ද වන Snoop Dogg 1971 ඔක්තෝම්බර් 20 වෙනිදා කැලිෆෝනියාවේදී උපත ලැබුවා. ඔහුට අනුවර්ථ නාමය ඔහුගේ මව විසින් නිර්මාණය කර තිබුණේ ඔහු ස්නුපි නම් කාටුන් චරිතයේ හැඩ රූ දැක්වූ නිසයි. ඔහු රැප් ගායනය ආරම්භ කිරීමට පෙර දේවස්ථානයේ ගීතිකා කණ්ඩායමේද ගීතිකා ගායනා කර තිබූ අතර පසුව පාසල ගමන නිමා කළ පසු මත්ද්‍රව්‍ය භාවිතයේ ගැටළු නිසා කිහිප විටක්ම බන්ධනාගාර ගත වීමට ද සිදු වුණා. ඔහු සංගීත භාවිතය ආරම්භ කරනු ලැබුවේ මේ ගැටළුවලින් ගැලවීමේ පියවරක් ලෙසයි. ඔහුගේ පළමු ඇල්බමය Doggystyle වූ අතර එය 1993 වසරේ නිකුත් වුනා. 2017 වසර අවසාන වනවිට ඔහු සතු වූ වත්කම්වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 143ක්.

billboard.com

කවරයේ රූපය : ytimg.com

මූලාශ්‍ර :

www.thetoptens.com

www.biography.com

www.aceshowbiz.com

Related Articles